Wednesday, September 9, 2015

කලින් ලිපිය


දැන් ඔය බෞද්ධ කස්ටිය අහල / කියවල තියෙන්නෙ... හිතාගෙන ඉන්නෙ... විශේෂයෙන්ම මේ ඇත්ත කතන්දරය නොදන්න / පිළිනොගන්න / විශ්වාස නොකරන ගොං බෞද්ධ පිරිස කොහොමත් හිතාගෙන ඉන්නෙ... ඔය උදවිය ඇවිල්ලා, ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ල තියන සංසාර ගමනෙදි මහ හුඟාක් පිං කුසල් රැස්කොරගෙන ඇවිල්ල තියන උදවිය!! 'පුබ්බේත කත පුඥ්ඥතා' (පෙර කළ පින් තියන) කට්ටිය!! දැන් මේ ජීවිතේදිත් පන්සිල් රකින.. මල් පාන් පූජ කොරන.. බණ අහන.. දාන මාන දෙන.. පින්වත් කට්ටිය!! ඔය උදවියට කිසිම අවුළක් නෑ!! ඔය උදවිය මැරිච්ච ගමන් මීටත් වඩා හොඳ සැපවත් මනුස්ස ජීවිත ලබල ඉපදෙනවා!! අර.. 'අට මහ කුසල්' කියන එව්වත් කොළාම, කෙලින්ම දිව්‍යලෝකෙම යන්න හම්බවෙනවා!! දිව්‍ය සැප සම්පත් විඳින්න හම්බවෙනවා!! සංසාරෙ 'මාර ආතල්!!' කියල නෙව?? නේද??? අනික බුදුහාමුදුරුවොම කියල තියනවා නේ, "ත්‍රිවිධ දුස්චරිතයෙන් වැළකිලා ත්‍රිවිධ සුචරිතයේ යෙදෙන අය දිව්‍ය ලෝකෙ යනවා!!"... තව, "යේකේචි බුද්ධං සරණං ගතාසේ, නතේ ගමිස්සන්ති අපායං" (යමෙක් බුදුන් සරණ ගියොත්, එයා ආයෙ කීයටවත් අපායෙ යැවෙන්නේ නෑ!!)... කියල එහෙමත් නෙව?? නේද??? එතකොට ඔය බෞද්ධ නොවන අනික් කස්ටිය??? ??? ??? ඔය උදවියත් ඔය මොන මොනවා හරි හිතං ඉන්නව ඇති නෙව?? නැද්ද??? අනේ මන්ද!!! අපි බලමුකො මොකෝ වෙන්නෙ කියල. හැබැයි දැන් වැඩේ තියෙන්නෙ, කිසිම ජාති / ආගම් බේධයක් නැතුව මේ ලියන දේවල් කියවලා තේරුම්ගන්න තරමට වත් මොළයක් තියන නිහතමානී අහිංසක මනුස්සයො හැම කෙනෙක්ම සංසාර දුකෙන් නිදහස් කරන්න / කරගන්න කියල කරන මේ වැඩේ, බාගෙට කරල හරියන්නෙ නෑ!!! එහෙං (ගොං)බෞද්ධ උඹල මේ 'සංසාර කතාව' ගැන හරියට දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට, (ගොං)බෞද්ධ උඹල 'සංසාර කතාව' ගැන අහල / කියවල තියන තරම්වත් දෙයක්, අනික් ජාති / ආගම්වල උදවියට දැනගන්න ලැබිලත් නෑ!!! !!! !!! අන්න ඒ හන්දා, ඉස්සෙල්ල ඔය උදවිය හැමෝම මේ 'ඇත්ත සංසාර කතාව' ගැන... 'හරි සංසාර කතාව' නැත්නම්, 'සංසාර කතාවෙ හරි එක' ගැන... එකම මට්ටමකට පැහැදිළිව දැනගෙන ඉන්න ඕනෙ!!! !!! !!! නැත්නම් උඹලට මේ සංසාර පැවැත්මෙ භයානක කම ගැන.. දැන් මනුස්ස ජීවිත ලබල ඉපදිල ඉන්න උඹලට ඊළඟට වෙන්නෙ මොකද්ද?? කියන එක ගැන.. කොච්චර කිව්වත් තේරෙණ එකක් නෑ!!! !!! !!! ඉතිං, බෞද්ධ / අබෞද්ධ උඹල හැමෝම ඉස්සෙල්ලම මෙන්න මේ කරුණු ටික හොඳට බලාගෙන ඉඳහල්ලකෝ.

අපි මේ කතාකරන මාතෘකාව.. මේ 'සංසාර කතාව' / 'සංසාරගත සත්ව ජීවිත වල කතාව'.. නැත්නම්, මේ 'අපි හැමෝගෙම ජීවිත වල කතාව'.. කියන්නේ, 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා' කියල හඳුන්වන සුවිශේෂී මනුෂ්‍යයන් පිරිසකට විතරක් විෂය වෙන, (සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරක් හොයාගන්න / අල්ලගන්න / බලාගන්න / දැනගන්න පුළුවන්, ඒත් වෙන කාටවත්ම බැරි) ස්වභාවධර්මයේ කතන්දරයකට / ස්වභාවික සිදුවීම් මාලාවකට තමයි!!! !!! !!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ වදාළේ, "බුද්ධ විෂයෝ අචින්තියෝ!!" (මේ කතාව, සාමාන්‍ය මනුස්සයන්ට.. උඹල අපි වගේ අයට.. තම තමන්ගෙ හැකියාවල් වලින් try කරලා නම් හිතාගන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි) කියලයි!!! !!! !!! එතකොට, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරක් එහෙම වෙන කාටවත්ම බැරි ලොකු ලොකු වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ / වෙන්නේ, උන්වහන්සේලාට පමණක් උරුමවෙන, තමන් වහන්සේගේත් වෙන ඕනෑම සත්වයෙකුගේත් හිත්වල ඇති ඕනෑම දෙයක් බලාගැනීමේ හැකියාව... ඕනෑම දුරක තියන දෙයක් දැකීමේ - ඕනෑම දුරක ඇතිවන සද්දයක් ඇසීමේ හැකියාව... ඉර්දි බලයෙන් විශ්වයේ ඕනෑම තැනකට ගමන් කිරීමේ හැකියාව... විශ්වයේ සිද්ධවෙන ඕනෑම දෙයක් සිද්ධවෙන ආකාරය දැකීමේ හැකියාව... වගේ, සුවිශේෂී හැකියාවල් ගොඩාක් නිසයි!!! !!! !!! ඉතිං, අපි කාටවත් තම තමන්ගේ හැකියාවල් වලින් නම් කවදාවත් හොයල බලල දැනගන්න බැරි මේ අපේ ජීවිතවල සත්‍යය කතාව අපිට දැනගන්නවා නම් දැනගන්න වෙන්නේ, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් (කෙනෙක්) විශ්වාසයෙන් පිළි අරගෙන... උන්වහන්සේගේ අවබෝධය අදහාගෙන... උන්වහන්සේ කියල දීල තියන දේවල් අහල / කියවලා දැනගැනීමෙන් විතරයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, අපි අපිට පියවි ඇහින් බලාගන්න බැරි තරම් දුරින් තියන දේවල් බලාගන්න දුරේක්ෂයක් (telescope) උපකාර කරගන්නවා වගේ... පියවි ඇහින් බලාගන්න බැරි තරම් සියුම් දේවල් බලාගන්න අන්වීක්ෂයක් (microscope) උපකාර කරගන්නවා වගේ... අපිට කොහොමටවත් බලාගන්න - අහගන්න - දැනගන්න බැරි මේ සංසාර කතන්දරේ ගැන දැනගන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකගේ අවබෝධය උපකාර කරගැනීමෙන් තමයි!!! !!! !!! හරිය???

එතකොට, ඔය සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ පහළවීම හරිම දුර්ලභයි!!! !!! !!! ඒ උන්වහන්සේලාත් මනුෂ්‍යයන්ම උනාට, උන්වහන්සේලාට උරුමවෙන සුවිශේෂී හැකියාවන් සේරම ලැබෙන විදිය පින්වත් මනුෂ්‍ය ජීවිතයක් හැදෙන එක, බොහෝම දුෂ්කර... මහා කාලයක් ගතවෙන... ක්‍රියාවලියක් නිසයි!!! !!! !!! ඊළඟට, ඒ ගතවෙන අති දීර්ඝ කාල ප්‍රමාණයන් ගණන් බැලෙන්නෙත්.. මේ සංසාර කතාවෙ තියන තරමක් ඒ විදිය අති දීර්ඝ කාලසීමාවන් ඔක්කොම වගේ සඳහන් වෙන්නෙත්.. 'කල්පය' කියන මිම්මෙනුයි!!! නැත්නම්, කල්ප වලිනුයි!!! හැබැයි ඒ 'කල්පය' කියන ප්‍රමාණය ඇවිල්ලා, '0' දාල.. දාල.. නැත්නම්, 10 බල හැටියට දක්වලා.. කියන්න / පෙන්නන්න පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ "කල්පය මෙන්න මේ වගෙයි!!" කියල හඳුන්වල දීල තියෙන්නෙත්, උදාහරණ වලින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "යොදුන් (හැතැම්ම) 7ක් දිග.. යොදුන් 7ක් පළල.. යොදුන් 7ක් උස.. පෙට්ටියකට අබ ඇට පුරවලා අවුරුදු 100කට පාරක් එක අබ ඇටයක් ගානෙ අස්කලොත්, දවසක ඒ පෙට්ටිය හිස්වෙනවා!! හැබැයි කල්පය එච්චර ඉක්මණට ඉවරවෙන්නේ නෑ!!".. ආයෙ, "යොදුන් 7ක් දිග.. යොදුන් 7ක් පළල.. යොදුන් 7ක් උස.. මහා ගල් පරුවතයක් අවුරුදු 100කට සැරයක් සිනිඳු සළුවකින් පිහිදැම්මොත්, දවසක ඒ ගල් පරුවතය ගෙවිල ඉවරවෙනවා!! ඒත් කල්පය එච්චර ඉක්මනට ඉවරවෙන්නේ නෑ!!".. කියල උන්වහන්සේ දේශණා කරලා තියෙන්නේ, එහෙම උදාහරණ දෙකක් තමයි!!! !!! !!! එතකොට, ඒ විදිය කල්ප වලිනුත් ලක්ෂ අසංඛ්‍ය ගණනක් කාලය අරං ලෝකයට පහළවෙන සෑම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම කරන්නේ, තමන්වහන්සේලා විසින් මේ 'සංසාර පැවැත්ම' කියන ස්වභාවධර්මයේ වැඩපිළිවෙල සොයා දැනගෙන අවබෝධ කරගෙන, සියලු දෙවි මිනිසුන් හට කියාදෙන එක තමයි!!! !!! !!! හැබැයි උන්වහන්සේලා ඒ හෙළිදරව් කරලා දෙන සත්‍ය කතන්දරය... 'පටිච්චසමුප්පාදය' නැත්නම් 'ධර්මය'... මනුස්සයන්ට දැනගන්න පුළුවන් වෙන්න ඒ විදියටම ලෝකයේ රඳා පවතින්නේ, බොහොම සුළු කාලයකට විතරයි!!! !!! !!! එක එක එවුන් කූරුගාල කූරුගාල කුරෝලු වෙලා... තව එවුන් කාබාසිනියා කරල දාලා... බොහෝම ඉක්මනට ඒ ධර්මය ලෝකයෙන් අතුරුදහන්වෙලා යනවා!!! !!! !!! අන්තිමට, සංසාරගත සත්වයන් කියන එවුන්ට (උඹල අපි හැමෝටම) සංසාර පැවැත්මෙන් ගැළවෙනවා නම් ගැළවෙන්න පුළුවන් වෙන්නේ... සංසාර දුකෙන් නිදහස්වෙනවා නම් නිදහස්වෙන්න පුළුවන් වෙන්නේ... සත්‍ය ශ්‍රී සද්ධර්මය ඒ විදියටම අහල කියවලා දැනගන්න පුළුවන් වෙන විදියට ලෝකයේ පවතින කාලයකදී, (බුද්ධ සාසනයක් ලෝකයේ පවතින කාලයකදී) මෙහෙම මනුස්ස ජීවිතයක් හරි.. දිව්‍ය ජීවිතයක් හරි.. හැදුණොතින් විතරයි!!! !!! !!! එහෙම නැතුව, සංසාර දුකෙන් නිදහස් වෙනවයි.. සංසාර පැවැත්මෙන් මිදෙනවයි.. කියන එක, හැමදාම කොරන්න පුළුවන් මංගල්ලයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හොඳයි! ඉතිං, ඔන්න ඔය කියපු විදියටම සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තරම් මහා දිග කාලයක් තිස්සෙ සිද්ධවෙච්ච වැඩපිළිවෙලකින් පස්සේ, මේ අපි ඉපදිලා ඉන්න ගෞතම බුද්ධ සාසනයේ නිර්මාතෘ (හිමිකරු) භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේත්, මීට අවුරුදු 2600කට විතර කලින් 'මනුස්ස පැටියෙක්' හැටියට මේ ලෝකෙ ඉපදුණා!!! හැබැයි ඒ 'බුදු පැටිය'... නැත්නම්, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පුංචි ළමයෙක් හැටියට හිටපු කාලේ... උන්වහන්සේත් මේ ලොකු ලොකු කතන්දර මොකුත් දැනගෙන හිටියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙනකොට සිද්ධවෙලා තිබුණේ, සංසාර පැවැත්මෙන් (background එකෙන් / තිරය පිටිපස්සෙන් ) සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්න අවශ්‍ය සියළුම දේවල් සිද්ධවෙලා / සම්පූර්ණ වෙලා, යන්න පුළුවන් දුරට සීමාවක් නැති... කරන්න පුළුවන් දේවල් වලට සීමාවක් නැති... හැකියාවල් වලට සීමාවක් නැති... මහා පින්වත් සුවිශේෂී ජීවිතයක් උන්වහන්සේට උරුමවෙලා තිබිච්ච එක විතරයි!!! !!! !!! එතකොට, එයාගෙ අම්මල තාත්තල පොඩි කාලෙ එයාව හැදුවෙත් 'දුක' කියන්නෙ මොකද්ද කියලවත් දැනගන්න ඉඩක් නොලැබෙන විදියට තමයි. (දුගී දුප්පත් එවුන් - නාකි වෙච්ච එවුන් - ලෙඩ වෙච්ච එවුන් - ආබාධිත එවුන් ඔක්කොම පන්නලා, 'ආශික් city එකක්' හදල තිබුණ. ) එයා සාමාන්‍ය ළමයි වගේම කෑවා. නෑවා. සෙල්ලම් කළා. ඉගෙන ගත්තා. නොකළේ, ඔය අනික් උන්දලා කොරන වසල වැඩ / නරුම වැඩ / කුපාඩි වැඩ / තුප්පහි වැඩ / බලු වැඩ / පීචං වැඩ විතරයි!!! !!! !!! කොහොම කොහොම හරි අන්තිමට කසාදත් බැඳල ළමයෙකුත් හම්බවුණා. ඔය සේරම සිද්ධවෙන අතරේ, 'වැඩේට බැහැල හිටිය' (උන්වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වෙනකම් බලං හිටිය) මහා දෙවි පිරිසකුත් පිටිපස්සෙන් හිටියා!!! !!! !!! ඒ අය කල්යල් බලල උන්වහන්සේට 'වැඩේ' මතක්කලා!!! මහල්ලෙක් - ලෙඩෙක් - මළකඳක් - පැවිදි කෙනෙක් මවලා, උන්වහන්සේට දකින්න සැලැස්සුවා. ඒ වෙනකොට භාග්‍යවතුන්වහන්සේ තනිවම තීන්දු තීරණ ගන්න.. තනිවම කටයුතු කරන්න.. පුළුවන්, මොළේ උපරිමයෙන්ම තිබුණු තරුණයෙක්. ඉතිං අර 'සතර පෙර නිමිති' දැක්ක ගමන්, "මොන මොන සෙල්ලම් දදා.. කොච්චර ලොකු වැඩ කර කර.. කොයි තරම් ලොක්කො හැටියට ජීවත් උනත්... ලෝකෙ හොල්ලං හිටියත්... අන්තිමට හැම කෙනෙක්ම මැරෙනවා නේද?? ජීවත් වෙනකනුත් දාහකුත් එකක් ප්‍රශ්ණ - දුක් කරදර - වද වේදනා තොගයකට මුහුණදෙන්න සිද්ධවෙනවා නේද?? මේ ජීවිතේ තේරුමක් තියනවද?? මේක මහා දුකක් විතරයි නේද??" කියලා, උන්වහන්සේට කල්පණා උනා. අන්න එතන ඉඳල උන්වහන්සේ, මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයන්න පටන්ගත්තා!!! මුලින්ම උන්වහන්සේ ඒ වෙනකොටත් දුකට පුං ගහ ගහ හිටිය.. නෑ නෑ ඒ වෙනකොටත් දුකෙන් නිදහස්වෙන්න කියල නානාප්‍රකාර දේවල් කර කර හිටිය.. ගුරු උන්දලා පස්සෙ ගෙහුං, උන්දලා කියන කියන දේවල් කර කර බැලුවා. හරි ගියේ නෑ!!! අවුරුදු 6ක් තිස්සෙ නොකා නොබී මාර කට්ටක් කෑවා. ඒත් හරිගියේ නෑ!!! අන්තිමට කටු කාල.. කටු කාල.. 'මේව්ව කොරල හරියන්නෙ නෑ!!' කියල තේරුම් ගත්තු උන්වහන්සේ, ඒ සේරම අල්ලල දාල 'තමන්ම විසඳුමක් හොයාගන්න ඕනේ!!' කියල වැඩේට බැස්සා. හැබැයි, මොකක් කරන්නද?? කොහොම කරන්නද?? මොකුත් දැනගෙන හිටියෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් හොඳ වෙලාවට, කළින් ජීවිතයේ මතකයකට / පුහුණුවකට අනුව පුංචිම පුංචි කාලෙ 'ආනාපානසති භාවනාව' කරපු එකක් මතක් වෙලා, ඒ විදියට කරන්න ගත්තා. [
ඒ වෙලාවෙ කෙනෙක් එතනට ඇවිත් යකා නටන්නත් ගත්තලු. ඒ තමයි 'විපක්ෂ නායක තුමා' නැත්නම්, 'මාරයා'!!! මොකද, එයා කවුරුවත් මේ සංසාර දුකෙන් නිදහස් වෙනවට... සංසාර පැවැත්මෙන් මිදෙනවට... කැමති නෑ!!! ලු. එයා සුපිරිම සුපිරි ලොක්කෙක්!!! එයා second වෙන්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට විතරයි!!! ඒත් second උනයි කියල නිකම් ඉඳලත් නෑ. ඒකා බුදුරජාණන්වහන්සේ ඉන්නකම්ම බාල්දි පෙරලුවලු. හැබැයි දැන් නම් එයා එහෙම බාල්දි පෙරළන්නෙ නෑ!!! !!! !!! එයා අනික් පැත්තට පැන්නා!!! පක්ෂෙ මාරුකළා!!! !!! !!! ] භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ ඇත්තටම වැඩ පටන් ගත්තේ, අන්න ඒ ආනාපානසති භාවනාවට බැහැපු තැන ඉඳල තමයි!!! !!! !!!

භාවනාවට සමවැදිච්ච (භාවනා කරන්න පටන්ගත්ත) උන්වහන්සේ, පළවෙනි ධ්‍යාන.. දෙවැනි ධ්‍යාන.. තුන්වැනි ධ්‍යාන.. හතරවැනි ධ්‍යාන.. කියල තියන ධ්‍යාන මට්ටම් පට් පට් ගාල pass කරගෙන ගිහිං, 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' (කළින් ඉපදිලා හිටිය ජීවිත ගැන බලන්න පුළුවන් හැකියාව) උපද්දවා ගත්තා!!! [
මේ.. හලෝල, මෙව්වා මේ ඔය එක එක ආගම්වල තියන "අහවලා මෙහෙම ඇහුවා!! අහවලා මෙහෙම කිව්වා!! අහවලා මෙහෙම මෙහෙම කොලා!!" කිය කියා තියන කුණුහරුප කතන්දර වගේ නෙවෙයි!!! !!! !!! මේ සේරම ඇවිල්ලා, 'ඒහි පස්සිකෝ' නැත්නම් 'කරල බලපං යකෝ!!' කතන්දර තමයි!!! !!! !!! උඹල ඕනෙම කෙනෙක් අවංකව උත්සාහ කළොත්, සුමානෙන් දෙකෙන්.. මාසෙන් දෙකෙන්.. ඒත් නැත්නම්, අවුරුද්දෙන් දෙකෙන්.. උඹලටම results බලාගන්න පුළුවන්, ඇත්තම ඇත්ත කතන්දර තමයි!!! !!! !!! ] උන්වහන්සේ තමන්ගේම ජීවිතය ගැන බැලුවා. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. .. .. ඉපදිලා මැරිලා.. ඉපදිලා මැරිලා.. එක එක විදියට ඉපදිලා, එක එක දේවල් කර කර ඉඳලා, මැරිලා.. ආයෙ ඉපදිලා!!! හැබැයි මොකුත් හම්බවෙච්ච දෙයක් නම් නෑ කිව්වා!!! !!! !!! ඒ වෙණුවට, ඒ ඉපදිච්ච එක එක ජීවිත වලදි 'දුකෙන් නිදහස් වෙන්න' කිය කියා කරල තියන දේවල් වල නම් කෙළවරකුත් නෑ කිව්වා!!! !!! !!! "මම තියල තියන පුද පූජාවල්.. මම කරල තියන යාග හෝම.. වල හැටියට, මාව බේරගන්න පුළුවන් සර්වබලධාරී දෙවි කෙනෙක් හිටියා නම්, මං මෙහෙම ආයි ආයි ඉපදෙන්න විදියක් නෑ!!" කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට උන්වහන්සේ, 'චුතූපපාත ඥාණය' (මැරෙන මැරෙන සත්වයන් කර්මානුරූපව උපදින හැටි දකින හැකියාව)... 'දිබ්බචක්ඛු ඥාණය' (දුර තියන දේවල් දැකීමේ හැකියාව)... 'දිබ්බසෝත ඥාණය' (දුරින් ඇති සද්ද අහීමේ හැකියාව)... 'පරචිත්ත විජානන ඥාණය' (අනුන්ගේ සිත්වල තියන දේවල් දැකීමේ හැකියාව)... කිය කියා තියන, තව තවත් හැකියාවල් උපද්දවා ගත්තා!!! !!! !!! ලෝකයේ අනික් සත්වයන් දිහා බැලුවා. උනුත් එහෙමම තමයි!!! මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. .. ඉපදිලා මැරිලා.. ඉපදිලා මැරිලා.. ඉපදිලා මැරිලා.. ඉපදිලා මැරිලා.. .. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා.. මැරිල ඉපදිලා!!! !!! !!! උන්වහන්සේ සක්වල දිහාව බැලුවා!!! මේ විදියටම සංසාරගත සත්වයෝ ඉපදිලා ඉන්න / ඉපදෙන ලෝක 31ක්ම තියන බව දැක්කා!!! !!! !!! ඒවයින් ලෝක 4ක්ම.. 'අපාය ලෝක' කියල තියන ලෝක 4ම.. full චාටර්!!! එව්වයි ඉපදිලා ඉන්න එවුන් full නන්නත්තාරයි!!! බව දැක්කා!!! !!! !!! උනුත් ඉපදිලා මැරිලා.. ඉපදිලා මැරිලා.. ඉපදිලා මැරිලා.. .. දැනුත් ඉපදෙනවා මැරෙනවා.. ඉපදෙනවා මැරෙනවා.. .. හෙටත් ඉපදෙනවා මැරෙනවා.. ඉපදෙනවා මැරෙනවා.. එච්චරම තමයි!!! !!! !!! ඊළඟට මේ මනුස්ස ලෝකෙ. මේක චුට්ටක් shape බව දැක්කා!!! මේකෙ දුක සැප දෙකම එකවගේ තියනවයි කිව්වා!!! ඊළඟට මීට වඩා හොඳ දිව්‍ය ලෝක 6ක්ම තියනවත් දැක්කා!!! එව්වයි නම් 'දුක' නෑ 'සැප' විතරයි කිව්වා!!! ඒත් හැබැයි ඉපදෙනවා මැරෙනවා.. ඉපදෙනවා මැරෙනවා.. ඉපදෙනවා මැරෙනවා.. අදත් ඉපදෙනවා මැරෙනවා.. හෙටත් ඉපදෙනවා මැරෙනවා.. එච්චරම තමයි!!! !!! !!! ඒ වගේම උන්වහන්සේ, ඒ ලෝක කිසිම එකක සත්වයන්ට නිවිසැනසිල්ලේ.. නිදහසේ.. වසන්න බෑ!!! ගහගෙන යනවා!!! පහළට ඇදිල යනවා!!! !!! !!! කියන බව දැකලා, අපාය 4යි.. මනුස්ස එකයි.. දිව්‍යලෝක 6යි.. ඔක්කොම ටික, 'හීන ධාතුව' කියල නම් කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට උන්වහන්සේ මේ සක්වලේ ඈතට වෙන්න වෙන්න බ්‍රහ්ම ලෝක 20ක්ම තියන බවත් දැක්කා!!! බැලුවාම ඒවයින් ඈතින්ම තියන 4රේ නම් ගහගෙන නොගිහින් නිදහසේ.. සැනසිල්ලේ.. ඉන්න පුළුවන් බව දැක්කා!!! ඒවයි ඉන්න එවුනුත් ඉපදෙනවා මැරෙනවා.. ඉපදෙනවා මැරෙනවා.. ඉපදෙනවා මැරෙනවා.. ම තමයි!!! !!! !!! ඒත් ඉතිං ගහගෙන යාමක් නැති නිසා, 'ප්‍රණීත ධාතුව' කියල කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතුරු 16ම මධ්‍යස්ථයි. ගහගෙන යන්නෙත් නෑ.. නොයන්නෙත් නෑ.. වගෙයි!!! !!! !!! අන්න ඒ නිසා, ඒ ලෝක 16 'මජ්ජිම ධාතුව' හැටියට නම් කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට උන්වහන්සේ විශ්වය දිහා බැලුවා. ' බුදු අම්මෝ!!' මේ වගේම සක්වළවල් අනන්ත.. අප්‍රමාණ.. තියන බව දැක්කා!!! !!! !!! තවත් නම් හොයන්න දෙයක් ඉතුරුවුනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පැය කිහිපයක් ඇතුලත මුළු විශ්වයම පීර පීර බලලා, සියලුම ලෝක වල තත්වය එහෙම්පිටින්ම අවබෝධ කරගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම ඒ සිද්ධවෙච්ච වැඩේ.. 'සම්මාසම්බුද්ධත්වයට පත්වීම'.. උදාහරණෙකින් දැක්වුවොත්, බිම නවත්තලා තිබිච්ච rocket එකක් lift කරල.. පැය ගාණක් ඇතුලත 'nano second එකකට light years අනන්තයක' විතර වේගයෙන් මුළු විශ්වයේම කරක් ගගහ සේරම investigate කරල.. ආයෙ තිබ්බ තැනටම land කළා වගේ වැඩක් තමයි!!! ආයෙ පස්සෙ investigate කරන්න මොකුත් ඉතුරුකරල ආවේ නෑ!!! !!! !!!


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.