Monday, December 7, 2015

කලින් ලිපිය


ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය එකම Electromagnetic field එක, 'විඥාණය' හා 'භවය' කියලා නම් දෙකකින් හඳුන්වලා දුන්න කාරණාව මෙන්න මේකයි.

දැන් ඔය එක එක දේවල් දැනගන්න ගියාම, ඇස්වලින් / කන්වලින් / නහයෙන් / දිවෙන් / ඇඟෙන් එන signals.. යම් යම් දේවල් හිතෙන / මතක්වෙන කොට හැදෙන signals.. වෙන වෙනම අඳුනගන්න ගියාම, electromagnetic field එකේ වෙනස්වීමෙන් ඒක දැනගන්නවා කියන්නෙ, එතනදි බැලෙන්නෙ වෙන වෙනම විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර ගැන... හරියටම කිව්වොත්, එක් එක් විද්‍යුත්චුම්බක තරංග ගැන වෙන වෙනම... නෙව?? ඇයි, මුළින් තිබ්බ විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයෙයි.. තව මොකක්හරි අලුත් විද්‍යුත්චුම්බක තරංගයක් එකතුවෙලා වෙනස්වෙච්ච විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයෙයි.. වෙනස කියන්නෙ, අලුතෙන් එකතුවෙච්ච විද්‍යුත්චුම්බක තරංගය නෙව??? *{මුළින් අතේ තිබිච්ච ගාන - දැන් අතේ තියන ගාන = හම්බ කරපු හරි නාස්ති කරපු හරි ප්‍රමාණය } අන්න ඒ නිසා, 'දැනගන්නවා කියන අර්ථයෙන් විඥාණය කියල කිව්වාම' ඇත්තටම ඒ කියල තියෙන්නේ, වෙන වෙනම විද්‍යුත්චුම්බක තරංග ගැන තමයි!!! !!! !!! පැහැදිලියි නේ??
'විඥාණය' = විද්‍යුත්චුම්බක තරංග වෙන් වෙන් වශයෙන්.. නැත්නම්, 'මතකයේ තියන දේවල්' හැටියට.. එහෙමත් නැත්නම්, 'දත්ත' හැටියට.. ගත්තාම හඳුන්වන නම!!! !!! !!! (Electromagnetic Field - Data wise!!!).


එතකොට, මේ මනස කියන ආයතනවල සිද්ධවෙවී තියන යාන්ත්‍රණයේ ස්වභාවය, ඒකට එකතුවෙන එකතුවෙන තරමක් විද්‍යුත් තරංග සේරම ඒකෙ එහෙම්මම ගබඩාවෙන එක තමයි!!! !!! !!! ඔය උදවිය හැමෝටම කළින් අහපු / දැකපු / ගඳ-සුවඳ-රස-පහස විඳපු / දැනගත්තු / හඳුනගත්තු / කරපු-කියපු-හිතපු දේවල් මතක හිටල තියෙන්නෙ... සංසාරගත සත්වයන්ට කෙළවරක් හොයාගන්න බැරි තරම් දිග අතීත මතකයකුත් ලැබිල තියෙන්නෙ... අන්න ඒ අසීමිත මතක ධාරිතාවය (infinite storage capacity එක) නිසා තමයි!!! !!! !!!
ඒ වගේම ඒ යාන්ත්‍රණයේ තියන භයානකම ලක්ෂණය, එතනදි 'හිතනවා - හිතෙනවා'.. නැත්නම් 'මතක් කරනවා - මතක්වෙනවා'.. කියල සිද්ධවෙන්නේ 'විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය' දෙකේ ක්‍රියාකාරීත්වයක් නිසා, repeat වෙන්න ගත්තොත්.. සත්වයා දිගින් දිගට (පැල් බැඳගෙන ) හිතන්න තියාගත්තොත්.. repeat වෙන වාරයක් වාරයක් පාසා ඒ හිතන / මෙනෙහි කරන කාරණාවට අදාළ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වල විස්ථාරයන් (amplitudes) දෙගුණ.. දෙගුණ.. දෙගුණ.. වෙවී වැඩිවෙලා, මහා ශක්තියක් ගොඩනැගෙන / build-up වෙන එකයි... පස්සෙදි සත්වයා ඒ හිතාපු දේ අමතක කරල / අතහැරල දැම්මයි කියලත් ඒ හිතපු දේට අදාළ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වල වැඩිවෙච්ච විස්ථාරයන් එකපාරටම අඩු නොවී, ඒවා මුළින් තිබුණු මට්ටමටම අඩුවෙන්න මහා කාලයක් ගතවෙන එකයි... තමයි!!! !!! !!! අන්න ඒ 'සුටුස් ගාල වැඩිවෙන.. අඩුවෙන්න බර කාලයක් ගතවෙන..' භයානක ලක්ෂණය නිසා... නැත්නම්, 'ක්ෂණිකව / සැණින් කලත්තලා දාන්න පුළුවන්.. ඒත් වතුර පෑදෙන්න දවස් ගාණක් යන.. මඩ වතුර භාජනයක් වගේ' ගතිය නිසා... හරියටම කිව්වොත්, 'Flywheel action එක' නිසා... මේ සංසාරගත සත්වයන් ලවක් දෙවක් නැතුව නානාප්‍රකාර මනස්ගාත හිතන්න තියාගත්තාම.. නැත්නම්, 'උපාදාන' වලට අහුවුනාම.. එහෙමත් නැත්නම්, 'සංස්ඛාර' කරන්න තියාගත්තාම.. *{'මනස්ගාත' 'උපාදාන' 'සංස්ඛාර' have Different Meanings. but they all produce Same Results!!! } යම් හිතපු කාරණාවකට අදාළ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වල ශක්තියයි.. තව හිතපු කාරණාවකට අදාළ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වල ශක්තියයි.. තවත් හිතපු කාරණාවකට අදාළ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වල ශක්තියයි.. තව හිතාපු තරමක් කාරණාවල් වලට අදාළ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වල ශක්තීනුයි.. ඔක්කොම එක්කහුවෙලා, ඒ පාර එතන මහ විශාල ශක්තියක් ගොඩනැගෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
නිකම් හිතන්නකො, එක දිගටම ඇහෙන සියුම් සද්ද.. මහා සද්ද.. ඉමිහිරි සද්ද.. සුමිහිරි සද්ද.. ගැඹුරු සද්ද.. ටකරං සද්ද.. ගොඩක් එක්කහු උනාම, එතන මහා ඝෝෂාවක් නෙව?? මේ මනස කියන ආයතන අස්සෙත් එහෙම්මම තමයි!!! !!! !!! එකතුවෙන එකතුවෙන විද්‍යුත්චුම්බක තරංග වල ශක්තීන් ඔක්කොම එකට එක්කහු වෙලා, තඩී විද්‍යුත්චුම්බක ශක්තියක් හැදෙනවා!!! !!! !!! *{යාලුලා, මං මේ කතන්දරේට අදාළ තව ගොඩක් දේවල් මීට කලින් Main Thread එකට ලියල publish කළා!!! ඒකෙ ඔය memory හිටින mechanism එක... එතනදි සිද්ධවෙන කතන්දර... අන්තිමට සත්වයා මැරෙනකොට ඒ තියන මුළු content එකම අලුත් ඇඟට copy වෙන හැටි... සේරම කිව්‍වා!!! කතන්දරේ තේරුම්ගන්න පහසු වෙන්න graphical representations පවා ඇඳල දැම්මා!!! වැඩි විස්තර දැනගන්න ඒකත් බලන්න. } දැන් වැඩේ තියෙන්නෙ, මොකද්ද ඒ පාර ඒ විද්‍යුත්චුම්බක තරංග සේරම එකට එකතුවෙලා හැදෙන එකට... සම්ප්‍රයුක්ත විද්‍යුත්චුම්බක ශක්තියට... කියන්නෙ??? ??? ???
හොඳට දැනගන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'භවය' නැත්නම් 'කර්ම ශක්තිය' කියලා කිව්වේ, අන්න ඒකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළියි නේ??
'භවය' = විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල සම්ප්‍රයුක්තයට.. විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම එකට එක්කහු උනාම හැදෙන ශක්තියට.. කියන නම!!! !!! !!! (Electromagnetic Field - Energy wise!!!).

ඊළඟට, දැන් මේ 'භවය' / 'electromagnetic field එක' හැදෙන්න බලපාන්නේ, මනස කියන ආයතන හැදිල තියන 'පටලැවිච්ච වයර් ගොඩක් වගේ' කිසි චාරයක් නැතුව එහාට.. මෙහාට.. අරහෙට.. මෙහෙට.. හැම අතටම පිහිටලා තියන, සජීවී සෛල වලින් හැදිච්ච සංවෘත්ත පරිපථ තොගයක ගමන්කරන, එක එක ප්‍රමාණවල... (various amplitudes) නොයෙකුත් නොයෙකුත් ආකාර වල... (various wave patterns of different frequencies) විද්‍යුත් ධාරාවන් තොගයක් තමයි!!! !!! !!! අන්න ඒ නිසා, 'විඥාණය' / 'භවය' කිය කියා හඳුන්වන ඔය විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයේ ඇත්තටම තියෙන්නේ, සිරස් තලය (vertical plane) තිරස් තලය (horizontal plane) කියල එහෙම හඳුන්වන 'තල' (planes) වලින්, හිතාගන්න වත් බැරි තරම් 'තල' තොගයක් ඔස්සේ ක්‍රියාත්මක වෙවී තියන... මුළු ත්‍රිමාණ අවකාශයේම (3D space) ක්‍රියාත්මක වෙවී තියන... (හැම අතටම විහිදිලා තියන) විවිධ සංඛ්‍යාත වල.. විවිධ රටා වල.. විවිධ විස්ථාර වල.. විද්‍යුත්චුම්බක තරංග තොගයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා, 'භවය' හරියට නිකම් 'ගිණි බෝලයක්' ('bomb blast' එකක්) වගෙයි!!! !!! !!!


ඕං Internet එකෙන් හොයාගත්තු image එකකින්, පොඩි idea එකක් (අදහසක්) ගන්න උදාහරණයකුත් හැදුවා.


ඉතිං, ඔහොම 'ගිනි බෝලයක්' ඔලුගෙඩිය මැදිකරගෙන ගොඩනැගුනාම, හරියට නිකම් ඔලුගෙඩියෙන් ගිනි පිටවෙනවා වගෙයි!!! !!! !!! නෑ.. නෑ.. ඔළුවෙන් 'රැස් විහිදෙනවා' වගෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ හිසෙනුත් 'සවණක් ඝන රශ්මී මාළාවක්' හැටියට විහිදිලා තිබුණේ, ආන්න ඒ electromagnetic field එක තමයි!!! !!! !!! එතකොට ඔය මහා විද්‍යාඥයෝ / scientistsලා ('හොයාගෙන!' පූඃ ) 'Aura' කියල අඳුන්වලා තියෙන්නෙත්, අන්න ඒ electromagnetic field එකම තමයි!!! !!! !!! *{හැබැයි ඔතනදි භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගෙන් නිකුත්වන 'රශ්මී මාළාව' අනික් සාමාන්‍ය සංසාරගත සත්වයන්ගෙන් හැදෙන fields වලට වඩා එහෙම්පිටින්ම වෙනස් එකක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපි ඒ.. ඒ.. එව්ව ගැන පස්සෙ බලමු. } ඉතිං ඔන්න ඔය 'භවය' කියන ගිණි බෝලේ, සත්වයා රාග - ද්වේශ - මෝහ කියන ඒවායින් කුලප්පුවෙලා... එක්කෝ මළ පැනලා... නැත්නම්, පෙරේතකම ඉහවහා ගිහිල්ලා... ඒත් නැත්නම්, අම්බානට බයවෙලා... ලවක් දෙවක් නැතුව හිතාගෙන.. හිතාගෙන.. හිතාගෙන.. හිතාගෙන.. යනකොට, සීමාවක් නැතුව / unlimited ලොකූ වෙනවා!!! !!! !!! මඩ වතුර භාජනය කියල ගත්තොත්, ඒක එහෙම්පිටින්ම කැලැත්තුනා වගේ වෙනවා!!! !!! !!! මං භවය ඇනෙනවා!!! වණවෙනවා!!! නැත්නම්, චොරවෙනවා!!! කිය කියා කිව්වෙ ඒ state එක තමයි. ඊළඟට, සත්වයා මොන කෙහෙල්මලක්වත් හිතන්න යන්නෙ නැතුව නිකම් ඉන්නකොට, දැක්කොත් දැක්ක විතරයි... ඇහුණොත් ඇහුණ විතරයි... ගඳ - සුවඳ / රස / පහස වින්දොත් වින්ද විතරයි... හිතුණොත් / මතක්වුනොත් ඒත් එච්චරයි... ලෙසට ඉන්නකොට, ඒ 'ගිණි බෝලෙ' ටිකෙන් ටික.. ටිකෙන් ටික.. කුඩාවේගන කුඩාවේගන යනවා!!! !!! !!! සත්වයා දිගටම සමාධියෙන්ම හිටියොත්.. 'නිරෝධ සමාපත්තිය' දක්වාම සමාධිය දියුණු කරගත්තොත්.. භවය පෙනෙන නොපෙනෙන ගාණටම... විද්‍යාමාන නොවන ගාණටම... කුඩා වෙනවා!!! !!! !!! මඩ වතුර භාජනය නම්, මඩ සේරම යට තැන්පත් වෙලා වතුර පැහැදිළිවුනා වගේ වෙනවා!!! !!! !!! මං භවය settle වෙනවා කිව්වෙ ඒ state එකට තමයි. හරිය??


අන්තිමට, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි සත්වයෙකුට ඉපදෙන්න නම් ඔහොම භවයක්ම උවමණා වෙන්නේ... ('ජාති' සඳහා 'භව' උවමණා වෙන්නේ) තව විදියකට කිව්වොත්, හතරමහා ධාතු වලින් හැදෙන කළලයක් සජීවී වෙන්න / කළලයකට පණ එන්න විඥාණයක්ම උවමණා වෙන්නේ... ('රූප' 'නාමරූප' වෙන්න විඥාණයක්ම ඕනෙ වෙන්නේ) මෙන්න මේකයි!!!

මේ සංසාරගත සත්වයන් ඕනෙම එකෙක්ගෙ ඇඟවල් වල ක්‍රියාත්මක වෙවී තියෙන්නේ, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' නැත්නම් 'විද්‍යුත්චුම්බකත්වයෙන් විද්‍යුතය - විද්‍යුතයෙන් විද්‍යුත්චුම්බකත්වය' කතන්දරයක් උනාට, අණ්ඩජ / ජලාබුජ / සංසේදජ / ඕපපාතික කියන ක්‍රම 4න් කොයි ක්‍රමයට හැදෙන සත්ව ඇඟක වත්, විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙක ඉබේ හැදෙන්නේ නෑ!!! !!! !!! ඒ 'විද්‍යුත්චුම්බකත්වයෙන් විද්‍යුතය - විද්‍යුතයෙන් විද්‍යුත්චුම්බකත්වය' ('විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං') කතන්දරයෙදි වෙන්නේ, මොකක්හරි ක්‍රමයකින් ඒ දෙකෙන් එකක් අංශුමාත්‍ර වශයෙන් හරි හැදුණොත් / හදල දුන්නොත්, අන්න එතන ඉඳලා ඒ දෙක 'ඒකෙ උපකාරයෙන් මේක - මේකෙ උපකාරයෙන් ඒක' වෙවී තියෙන්න පුළුවන් තාක් කල්, දිගින් දිගටම පවතින සිදුවීමක් තමයි!!! !!! !!! හරියට Engine එකක වගේමයි!!! !!! !!! නිකම් හිතන්නකො, Fuel system.. Ignition system.. Cooling system.. Lubricant system.. Intake - Exhaust system ඔක්කොම දාල Engine එකක් හැදුවයි කියල, ඒක ඉබේ කැරකෙන්න ගන්නෙ නැහැ නෙව??? මුලින් ඒක මොකක්හරි ක්‍රමේකින් කරකවල Start කරන්න එපාය??? ඊට පස්සෙ ඉතිං ඉන්ධන / තෙල් / වතුර හරියට බලනවා නම්, මොකක් හරි ආබාධයක් වෙනකම්.. ගෙවිල කැඩිල බිඳිල යනකම්.. ඒක දිගටම දුවනවා!!! !!! !!! මේ ඇඟවලුත් එහෙම්මම තමයි!!! !!! !!! මෙව්වටත් මුලින් අංශුමාත්‍රයක හරි විද්‍යුත් ශක්තියක් එළියෙන් / බාහිරින් සපයන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒක සත්වයා ඉපදුණාට පස්සෙ උගේ පුකට batteryයක් දාල.. නැත්නම් 'උගේ plug එක' ඇදල අරං 230වලට ගහල.. ඒ..ඒ.. එහෙම කොරන්න බෑ!!! !!! !!! මොකද, කළලය වර්ධනය වෙලා සත්වයව හැදෙන්න පටන්ගන්නෙත්, කළලය energize උනාම... කළලයට විද්‍යුත් ශක්තිය ලැබුණාම / 'පණ' ආවාම... තමයි!!! !!! !!! අන්න එතනදි, මේ ස්වභාවධර්මයේදී බාහිර පරිසරයට විද්‍යුත් සන්නායක මගින් කිසිම සම්බන්ධයක් නැති සංවෘත්ත පරිපථයකට (isolated closed circuit එකකට) විද්‍යුතය ඇතුලත් කරවන්න පුළුවන්.. electricity introduce කරන්න පුළුවන්.. එකම ක්‍රමය, බාහිරින් ඇතිවන / ඇතිකරන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයක් මගින් විද්‍යුතය ප්‍රේරණය වීමට (induce වීමට) සැලැස්වීම තමයි!!! !!! !!! ආන්න ඒ නිසා, අණ්ඩජ / ජලාබුජ / සංසේදජ / ඕපපාතික කියන ක්‍රම 4න් මොකක් හරි ක්‍රමයකට හැදෙන සත්ව ඇඟකට වැඩ පටන්ගන්න (කළලයකට සජීවී වෙන්න / පණ එන්න) අවශ්‍ය මූලක විද්‍යුත් ශක්තිය සපයන්න පුළුවන්, තවත් ජීවත්ව ඉඳල මැරෙන සත්වයෙක්ගෙන් හැදිච්ච 'භවයකට'.. 'විඥාණයකට'.. නැත්නම් තව 'සත්ව ශරීරයකින් ගොඩනැගිච්ච විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයකටම'.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි "විඥාණ පච්චයා නාමරූපං"... (විඥාණයක් හන්ද රූප නාමරූප වෙනවා!!! නැත්නම්, විඥාණය නිසා හතරමහා ධාතු වලින් හැදිච්ච කළලය සජීවී වෙනවා!!!) "භව පච්චයා ජාති"... (භවය නිසා උපදිනවා!!!) වෙන්නේ, අන්න එහෙමයි!!! !!! !!! හරිය??


ඉතිං තේරුණා නේ, මේ අපේ සංසාර කතාවට බලපාල තියන 'හේතු - ඵල ධර්මතාවයේදී' ජීවත්ව සිටින සත්වයෙක්ගෙන් භවයක් හැදෙන්නේ... ඊළඟට ඒකෙන් තව සත්වයෙක් හැදෙන්නේ... ඔන්න ඔය ආකාරයෙන් තමයි!!! !!! !!! එතකොට, ඒ හැදෙන හැදිල්ලේදී සිද්ධවෙන ලොකුම අවුළ.. ලොකුම upset case එක.. 'භවය' (field එක) මගින් අලුත් සත්ව කය සජීවී වෙනවත් එක්කම, ඒ භවය මාර්ගයෙන්ම, කළින් සත්වයාගේ මතකයේ තිබුණු කුණු කන්දල් සේරම අලුත් සත්වයාගේ ඇඟේ සකස්වෙන 'මතක ගබඩාවට' පිටපත්වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙන ලොකුම හේතුව, "ඒ copy වෙන හද්ද පරණ මතකයේ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒ copy වෙන හද්ද පරණ මතකයේ තියන දේවල් කිය කිය - හිත හිත - කර කර... ඒ copy වෙන හද්ද පරණ මතකයේ තියන දේවල් වලට මුහුණ දිදී... තමන්ම සංසාරෙ ඇවිල්ලය!! තමන් 'නිත්‍ය' 'ස්ථිර' නැත්නම් 'හැමදාම සංසාරෙ සැරිසර සර ඉන්න පුළුවන්' කෙනෙක්ය!!" කියලා, උන් එහෙම්පිටින්ම රැවටෙන.. මුළාවෙන.. ගොනාට ඇඳගන්න.. එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අර.. අර.. "හිස ගිනිගත්ත කෙනක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!! " ආයෙ "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!! " කිය කියා සිය ශ්‍රාවකයන් හැමෝටම.. උඹල අපි හැමෝටම.. කිව්වේ, අන්න ඒ සංසාර මතකයන්ට මුළා වෙලා තම තමන් සංසාරෙ ආව.. දිගටම සංසාරෙ යන.. හැමදාම ඉන්න.. එවුන්ය කියලා, රැවටිලා ඉන්න රැවටිල්ලෙන් ඉක්මනට නිදහස්වෙන්න!!! !!! !!! මුළාවෙලා ඉන්න මුළාවෙන් ඉක්මණට මිදෙන්න!!! !!! !!! කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මාත් මේ blog එකේදි මුලින්ම කලේ, ආන්න ඒ භාග්‍යවතුන්වහන්සේ මුලින්ම කරන්නය කියපු දේ මුලින්ම කරලා, උඹලව රැවටිල්ලෙන් / මුළාවෙන් නිදහස් කරන එක... උඹල කාට කාටත් 'තමං' තාවකාලික.. අනිත්‍ය.. සත්වයෙක්ය කියන බව තේරුම් ගන්න අවශ්‍යවෙන මූලික පියවර සම්පූර්ණ කරලා දෙන එක... තමයි!!! !!! !!! දැන් ඉතිං මාත් එක්ක ආව උඹල අතරේ, තවමත් උඹලම සංසාරෙ ආවයි.. ඉදිරියටත් සංසාරෙ යනවයි.. කියල හිතන, ගොං වස්සො - වැස්සියො / ගොං නාම්බො - නෑම්බියො / මැදිවියේ ගොන්නු - එළදෙන්නු / නාකි ගොන්නු - එළදෙන්නු මොකෙක්වත් නැතුව ඇති නෙව?? නේද??? ??? ???



2 comments:

  1. Replies
    1. නියමයි කියල හරියන්නෙ නෑ. අඩුම ගානේ තමන්ගෙ නෑදෑයෝ.. යාලුවෝ.. අසල්වැසියෝ.. ටිකටවත් කියන්න!!! !!! !!!

      Delete

Note: Only a member of this blog may post a comment.