Sunday, March 20, 2016

කලින් ලිපිය


හැබැයි ඉතිං වැඩේ කියන්නෙ, උඹ බුදුහාමුදුරුවෝ කියාපු විදියටම වැඩ කටයුතු කරන කෙනෙක්ය කියලත්... උඹ සියලු පව්කම් වලින් වැළකිලා 'පුක විකාගෙන' සීලයෙන් සංවර වෙලා ඉන්න කෙනෙක්ය කියලත්... ඒ කිව්වෙ, උඹ කිසිම පව් වැඩක් නොකරන සීලයෙන් full සංවර වෙලා.. තව ටිකක් සංවර වෙලා.. ඉන්න කෙනෙක්ය කියලත්... උඹට මේ ලෝකෙ ඇතුලෙදි නම් කොහොමටවත් උඹගෙ භවය ලොකුවෙන්න නොදී පරිස්සම් කරගන තියාගන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! අර මහා බරපතල 'බාහිර විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර වල බලපෑම' නිසා, උඹගෙ භවය උඹටවත් නොදැනී දවස ගානේ, ටිකෙන් ටික.. ටිකෙන් ටික.. ටිකෙන් ටික.. ලොකු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නේ, උඹ කොච්චර සිල්වත්.. සද්ගුණවත්.. ගුණයහපත්.. එකෙක් උනත් කරන්න දෙයක් නෑ, උඹව දවස ගානේ ටිකෙන් ටික හතර අපාය දිහාවටම ඇදිලා.. ඇදිලා.. ඇදිලා.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ලෝකය හීන ධාතුවේ ලෝකයක් බව පැහැදිළිවම ප්‍රකාශ කළා!!! !!! !!! උඹට ඒක තේරුණේ නැතෙයි කියල.. උඹට ඒක දැනගන්න ලැබුණේ නැතෙයි කියල.. එහෙමත් නැත්නම්, උඹට ඒක දැනගන්න ලැබුණත් උඹ ඒක පිළිගත්තේ / පිළිගන්නේ නැතෙයි කියල.. මේ ලෝකයේ තත්වය / ස්වභාවය චුට්ටක්වත් වෙනස් වෙන්නේ නෑ!!! !!! !!! මේ හීන ධාතුවේ ලෝකවල ඉපදිච්ච එවුන්ට ලේසියෙන් හතර අපායෙන් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ඉපදිලා ඉන්න හැම සත්වයෙක්ගෙම 'භව' චුම්බක ශක්තියෙන් (magnetically) එකිනෙකට සම්බන්ධවෙලා / couple වෙලා තියන නිසා, එක සත්වයෙක් හරි දුකට / පීඩාවට පත්වුණත්... එක සත්වයෙක්ගෙ භවයක් හරි චුට්ටක් ඇනුනත් (ලොකු වුණත් / විශාල වුණත්)... ඒකෙන් අනික් සත්වයන්ගේ භවයනුත් අංශුමාත්‍ර වශයෙන් හරි ඇනෙනවා (ලොකු වෙනවා / විශාල වෙනවා)!!! !!! !!!


උඹට කිසිම සම්බන්ධයක් නැතත් උඹට කිට්ටුවෙන්ම (close proximity) ඉන්න සත්වයන් කවුරු උනත් බයවෙලා.. කළබල වෙලා.. දුකට / පීඩාවට පත්වෙලා.. උන්ගෙ භව ඇනෙනකොට, ඒ භව වල බලපෑමෙන් උඹගෙ භවයත් නිකම්ම ඇනෙනවා!!! !!! !!! *{ඒ විදියටම උන්ගෙ දුක් කරදර සංසිඳිලා උන්ට සැනසීමට පත්වෙන්න අවස්ථාවක් ලැබුණොත් නම් උන්ගෙ භව තැන්පත් වෙලා (කුඩා වෙලා / settle වෙලා) ඒ භව වලින් උඹගෙ භවයට තිබුණු බලපෑම අඩුවෙන නිසා, උඹගෙ භවයටත් පොඩ්ඩක් හරි තැන්පත් වෙන්න (කුඩා වෙන්න / settle වෙන්න) ඉඩක් ලැබෙනවා!!! !!! !!! හැබැයි එහෙම අවස්ථා හරි අඩුයි!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!!! } ඒ වගේම උඹට සම්බන්ධ එකෙක් / කෙනෙක් බයවෙලා.. කළබල වෙලා.. දුකට / පීඩාවට පත්වෙලා.. ඒකගෙ භවය ඇනෙනකොට, භාග්‍යවතුන් වහන්සේ 'ධාතු ස්වභාවය' / 'ධාතු නානත්වය' හැටියට දක්වපු ගතිය / ස්වභාවය (Technically resonate වීම / properties match වීම) නිසා, ඒ භවය සක්වළේ කොයි අස්සක මුල්ලක තිබුණත් ඒකෙ බලපෑම තමන්ගෙ ලඟම (close proximity) තියන ඒත් match නොවෙන භව වලින් ඇතිකරන බලපෑමටත් වඩා තදින් උඹගෙ භවයට බලපාලා, උඹගෙ භවය හොඳටම ඇනෙනවා!!! !!! !!! එතකොට, උඹ නිසා (උඹ හන්ද) දුකට / පීඩාවට පත්වෙච්ච කෙනෙක් / එකෙක් හෝ පිරිසක් විස්සෝප වෙනකොට දෙස් දෙවුල් තියනකොට නම් ඒකගෙ / එවුන්ගෙ භව වලින් ඇතිකරන බලපෑම තෝ කොහේ හිටියත් තොට 'පොල්ලෙන් ගැහුව වගේ' වගේ දරුණුවටම බලපාලා, තොගේ භවය එහෙම්පිටින්ම ඇනිලා.. ඇනිලා.. ඇනිලා.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{සියලු බුදුවරු 'සබ්බ පාපස්ස අකරනං' කියන්නේ ඒකයි!!! !!! !!! 'පව් වැඩක්'.. තව සත්වයෙකුට දුකක් / පීඩාවක් / නරකක් / නපුරක් / අවැඩක් / අකටයුත්තක් වෙන දෙයක්.. කළොත්, ඉල්ලගෙනම කන්න වෙනවා!!! !!! !!! } උඹට ඒ බලපෑම් වලින් බේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


** ඔහෙලට එක එක ඝණකම් තියන coil කම්බි වලින්.. එක එක පොටවල් ගණන්.. එක එක වටප්‍රමාණ.. හිටින විදියට coils දෙතුන් දාහක් හදලා... තව ඒ coils වලින් අහඹු ලෙස තෝරගත්ත coils 50 - 60 කට විතර පොටවල් ගණනින්.. වට ප්‍රමාණ වලින්.. හා ඝනකම් වලින්.. සර්ව සම වෙන විදියට තව coils කිහිපයක් බැගිනුත් හදලා... ඒවා කාමරයක එක එක අතට හිටින විදියට රඳවලා, ඊළඟට ඒ හැම coil එකකටම ගැල්වනෝ මීටර් එකක් ගානෙත් set කරලා... ඊටත් පස්සෙ ඒවායින් අතරින් පතර අහඹු ලෙස තෝරාගන්න coils වලට current එක දිදී... බැටරියක් අල්ල අල්ල බලනවා කියන්නකො, අන්න එතකොට අනික් coil වල electricity induce වෙන හැටි බලන්න පුළුවන් නම්, මේ සත්ව ලෝකෙදි එක සත්වයෙක්ගෙ භවයක් අනික් සත්වයන්ගේ භව වලට ඇතිකරන බලපෑම කොයිවගේද කියලා, ලස්සනට තේරෙයි!!! සංසාර කතාවෙදි සත්වයෙක්ගෙ භවයකින් තව සත්වයෙක්ගෙ භවයකට ඇතිකරන බලපෑම තීරණය වෙන්නෙත්, coil වලදි electromagnetic field strengths, resonance & polarities අනුව induce වෙන වෝල්ටීයතාවය අඩු වැඩි වෙන විදියටම, සත්වයන්ගේ 'කර්ම ශක්තීන්' හෝ එක් එක් සත්වයන්ගේ 'මාර්ගඵල මට්ටම්' අනුවයි... උන් උන් අතරෙ තියන සම්බන්ධකම් අනුවයි... තමයි!!! !!! !!! සම්බන්ධකම් කිව්වාම, 'මෛත්‍රී ප්‍රතිපදාව' (මිතුරු / එකට යන / in-phase / same polarity) අඩු වැඩි වීම අනුව එක විදියක්!!! 'වෛරී ප්‍රතිපදාව' (හතුරු / ඇරගන්න / crash වෙන / out-of-phase / opposite polarity) අඩු වැඩි වීම අනුව තව විදියක්!!! මෛත්‍රී වෛර දෙකම නැතුව මධ්‍යස්ථ නම් තව විදියක්!!! තේරෙණවා නේ??
මාර්ගඵල මට්ටමින් වැඩිවෙන්න වැඩිවෙන්න... කිසිම මාර්ගඵලයක් ලබල නැති කෙනෙක්ගෙ නම්, පින් මට්ටම වැඩිවෙන්න වැඩිවෙන්න... භවයක ප්‍රමාණය size එකෙන් පොඩියි!!! !!! !!! හැලහැප්පීම් වලට ඔරොත්තු දීමේ ශක්තිය අතින් (field strength) වැඩියි!!! !!! !!! ඒ නිසා ඒවා ලේසියෙන් ලොකු වෙන්නෙ.. හෙල්ලිල හෙල්ලිලා යන්නෙ.. නෑ!!! !!! !!! හැබැයි ලොකූ බලපෑමකට subject උනොත් නම්... සත්වයෝ ලක්ෂ - දසලක්ෂ ගණනකගෙ භව වල බලපෑමට අහුවුණොත් නම්... ඕනෙම ශක්තිමත් භවයක්, රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච අයගේ හැරෙන්න, ලොකු වෙනවම.. හෙල්ලිල හෙල්ලිලා යනවම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
පින් අඩුවෙන්න අඩුවෙන්න භව size එකෙන් නම් ලොකුයි!!! !!! !!! හැබැයි හැලහැප්පීම් වලට ඔරොත්තු දීමේ ශක්තියෙන් (field strength) අඩුයි!!! !!! !!! ඒ භවයක් පොඩි බලපෑමකින්.. පොඩි පවකින්.. පවා, ලොකුවෙන / හෙල්ලෙන ප්‍රමාණය ගොඩාක් වැඩියි!!! !!! !!! මාර්ගඵල ලාභියෙක් ගෙන්.. පින් වැඩි කෙනෙක් / එකෙක් ගෙන්.. 'කෑවොත්' එහෙම, 'භවේ කුඩු' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ... ... *{මාත් එක්ක ඉන්න.. අපේ හාමුදුරුවොන්ට ආදරය කරන.. උඹලා, පින් ඇත්තෙම නැතිවුණත් බයවෙන්න එපා!!! 'සංසාර අණතුරට' බම්බු ගහගන්නෙයි කියලා, උඹල ඉක්මණට රහත්වෙන්න try කරපල්ලා!!! !!! !!! }
ඔන්න ඔය භව භව අතරේ සිද්ධවෙන කතන්දරේ නිසා, මේ සංසාරගත සත්ව ජීවිත වල කතාව ඇවිල්ලා, අමුම අමු වහක්... ලෝක ලෙඩක්... මාර තුවාලයක්... තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මම ඇසිපිය හෙළන මොහොතකට වත් මේ සංසාර පැවැත්ම නම් වර්ණනා කරන්නේ නෑ!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා, පැහැදිළිවම කිව්වේ ඒකයි!!! !!! !!!


මේ මනුස්ස ලෝකෙ ඇතුලෙ ඉපදිලා ඉන්න තරමක් දුප්පත් අසරණ අහිංසක මිනිස්සු ගොඩ දෙනෙක් ඉන්නේ, කන්න අඳින්න නැතුව.. ඉන්න හිටින්න තැනක් නැතුව.. දරිද්‍රතාවයෙන් මිරිකිලා... වෙන වෙන 'ලොකු ලොකු එවුන්ගෙ' / 'හයි කාරයන්ගෙ' / බලවත්තුන්ගෙ අයුක්තියට අසාධාරණයට යටවෙලා.. පීඩාවට පත්වෙලා.. හොඳටම හෙම්බත්වෙලා... තමයි!!! !!! !!! තව ඔය නොයෙකුත් නොයෙකුත් ආබාධිත තත්වයන් ඇතුව ඉපදිච්ච එවුන්ගෙන් වැඩිදෙනෙක් ඉන්නෙත් උන්ගෙ ඒ අබාධ හන්දම දුකට පීඩාවට පත්වෙලා තමයි!!! !!! !!! ඒ උන්දලගෙ හිත්වල සතුට සැනසීම නෑ!!! !!! !!! ඉතින්?? මේ ලෝකෙ ඇතුලේ හැමතිස්සෙම ඇනි ඇනී තියන.. 'පත්තුවෙවී තියන'.. භව අම්බානයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, පාර තොටේ යද්දී... යාන වාහන වල යද්දී... උඹ එහෙම අය කොච්චර නම් දැකල ඇත්ද??? ඒ කියන්නෙ, එහෙම ඇනි ඇනී තියන භව කොච්චරක් නම් උඹට ඇහැට පේන තරමටම ලංවෙලා තියනවද??? ඊළඟට එහෙම ඇත්තටම දුප්පත්.. ඇත්තටම අසරණ.. අය කීදෙනෙක් නම් උඹ ලඟට අතපාගෙන ඇවිල්ල තියනවද?? එනවද?? ඒ කියන්නෙ, ඇනි ඇනී තියන භව කීයක් නම් උඹගෙ භවයට හේත්තුවෙන ගාණටම ලංවෙලා තියනවද??? ලංවෙනවද??? ඔක්කොටම වඩා, එහෙම අතපාගෙන.. උපකාර ඉල්ලගෙන.. උඹගෙ ලඟට ආව / එන හැමෝටම උඹ සැළකුවද / සළකනවද??? මොකද, උඹ සැළකුවේ නැත්නම් ඒ 'භව' උඹට 'සළකනවා'!!! බැරිවෙලා වත් උඹ සත 50ක් රුපියලක් දික්කලොත් එහෙම, වැඩිපුරත් සළකනවා!!! ඉතිං, උඹල හාංකවිසියක් වත් නොදන්නවා උණාට, අන්න ඒ බාහිර බලපෑම් වලින් උඹල හැම එකෙක්ගෙම භව නොසෑහෙණ්ඩ ඇනෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


එතකොට තිරිසන් ජීවිත ලබල ඉපදිච්ච එවුන්ගෙන් වැඩිහරියක් එවුන් ඉපදිච්ච තැන ඉඳලා මැරෙනකම්ම ඉන්නේ, කුසගින්නෙන් පිපාසයෙන් හෙම්බත්වෙලා.. කොයිවෙලේ මොකෙක් තමන්ව මරාගෙන කයිද?? කොයිවෙලේ හපාකයිද?? මොන කරදරයක් වෙයිද?? කියලා බයේ වෙවුල වෙවුලා.. තැතිගත්තු ගමන්මයි!!! !!! !!! උන්ගෙ හිත්වලත් සතුට සැනසීම ඇත්තෙම නෑ!!! !!! !!! එහෙම අහිංසක අසරණ සත්තු කොච්චරක් මේ ලෝකය ඇතුලේ ඉන්නවද?? උඹ ලඟම කී දෙනෙක් කියල ඉන්නවද?? කී දෙනෙක් උඹට ලංවෙලා තියනවද?? අන්න එවුන්ගෙ භව හන්දත් උඹගෙ භවය කලින් අවස්ථාවෙදි වගේම ඇනෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි තව, උඹගෙ 'පොට්ට ඇස් වලට' නොපෙනුණාට පෙරේත ජීවිත ලබල ඉපදිලා අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්න සත්වයෝ... භූත / පෙරේත / පිසාච / කුම්භාණ්ඩ කිය කියා ඉන්න තරමක් සත්වයෝ... කොච්චරක් මේ ලෝකෙ ඉන්නවද??? උඹගෙ වටපිටාවෙම කොච්චරක් නම් ඉන්නවද??? උන් සතුට සැනසීම ගැන දන්නවද දන්නෙත් නෑ!!! !!! !!! විඳවන්නම ඉපදිලා ඉන්න ඒ සත්වයන්ගේ භව හන්දත් උඹගෙ භවය නොසෑහෙණ්ඩ ඇනෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඒ ඔක්කොටමත් වඩා, ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ල තියන සංසාර ගමනෙදි කොයි කාලෙ.. කොයි විදියකින් හරි.. උඹට නෑදෑයෝ / යාළුවෝ / අසල්වැසියෝ වෙලා ඉඳල තියන... ඒත් මේ වෙනකොට පෙරේත / තිරිසන් ජීවිත වලට සෙට්වෙලා එහෙම්පිටින්ම කෙළවිලා ඉන්න... උන්දලා, කොච්චරක් නම් මේ මනුස්ස ලෝකෙ අස්සෙ ඉන්නවද??? ප්‍රමාණයක් හිතාගන්න වත් බෑ!!! !!! !!! අනන්ත වාරයක් 'උඹට' අම්ම - තාත්ත - සහෝදර සහෝදරියෝ - ඥාතීන් වෙච්ච සත්වයෝ අනන්ත අප්‍රමාණ පිරිසක්, කට්ටියක් පෙරේත / තිරිසන් ජීවිත ලබල ඉපදිලා මේ ලෝකෙ ඇතුලෙම චාටර් වෙවී ඉන්න අතරේ තව මහා පිරිසක් අපාය ලෝක වල නිරිසත්වයන් හැටියට ඉපදිලා, මේ මොහොතෙත් full චාටර් වෙවී ඉන්නවා!!! !!! !!! *{මේ.. මේ ටික විශේෂයෙන් ලියන්නේ, උන්ම සංසාරෙ ඇවිල්ල තියනවයි කියල හිතාගෙන ඉන්න.. සංසාරෙ යන්නත් බලාගෙන ඉන්න.. ගොං සංඝයන්ට / ගොං බෞද්ධයන්ට නිසා මෙහෙම කිව්වට, ඇත්තටම නම් වෙලා තියෙන්නෙත් / වෙන්නෙත්, පටන්ගත්තු තැන ඉඳලම update වෙවී තිබිච්ච / තියන පංච උපාදානස්කන්ධ (data banks කියමුකො. ) ටිකක් අරගන බැලුවාම, කාලෙන් කාලෙට ඒ ඒ 'data banks' ඇතුව උපදින සත්වයෝ තොගයක් කාලෙකදි එක්කහු වෙච්ච / වෙන... කාලෙකදි උන් උන්ව කාපු / කන... තව කාලෙකදි උන් උන් මරාගත්තු / මරාගන්න... තව කාලෙකදි ඈත්වෙච්ච / ඈත්වෙන... තව කාලෙකදී ආයෙ එක්කහුවෙච්ච / එක්කහුවෙන... මහ පිස්සු case එකක්.. random case එකක්.. තමයි!!! !!! !!! ඒ නැතුව එකම සත්තු set එකක් සංසාරෙ යනවා එහෙම නෙවෙයි!!! !!! !!! උන් අතරෙ තියන එකම විශේෂත්වය, පංච උපාදානස්කන්ධ (data banks ) ඇතුලෙ තියන දේවල් වල සමානත්වය ('ධාතු ස්වභාවය' / properties match වීම) නිසා, හැදෙන හැදෙන සත්වයන්ගේ භව අතර සම්බන්ධයක් ඉබේම ගොඩනැගෙන එක විතරයි!!! !!! !!! } අන්න ඒ සත්වයන්ගෙයි උඹගෙයි භව වල තියන සම්බන්ධය නිසා, උන් කොයි තූත්තුකුඩියක හිටියත් උන්ගෙ භව හන්දත් උඹගෙ භවය සැපට ඇනෙනවා!!! !!! !!! කොහොමටවත් නවත්තන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


අන්තිමට ඒ ඔක්කෝටමත් අමතරව, මේ ලෝකයේ උඹට හොඳ මුණ පෙන්නගෙන උඹත් එක්ක ඉන්න මනුස්ස ජාතියේ සත්තුම උඹට ඉරිසියා කරනකොට / හූල්ලනකොට / සාප කරනකොට, උන්ගෙ භව නිසත් උඹගෙ භවය ඇනෙනවා!!! !!! !!! ඉතිං උඹව තවත් ඥංපචං වෙනවා!!! !!! !!! උන් උඹට අණවින - කොඩිවින කළොත් ඒ පාර යක්ෂ / භූත උන්දලත් seen එකට enter වෙන නිසා, උඹගෙ භවය තවත් ඇනෙනවා!!! !!! !!! උඹව නස්පුක් වෙලාම යනවා!!! !!! !!! තව ඔය ග්‍රහයො (ග්‍රහලෝක / ග්‍රහ වස්තු) එහෙ කැරකෙන කොට උඹලට මෙහෙ 'කැරකෙන්න වෙන' case එකකුත් තියනවා!!! !!! !!! (අපි ඒ ග්‍රහයන්ගෙ ගැන පස්සෙ වෙනමම බලමු. ) සත්වයෙක් හැටියට ඉපදුණාට පස්සේ, උඹට මොනව කරලවත් එව්වයින් ගැලවෙන්න / බේරෙන්න බෑ!!! !!! !!! ඉතිං... අන්තිමට උඹව නිකම්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ නිකම්ම හිටියත් උඹව අපායටම ගසාගෙන.. ගසාගෙන.. ගසාගෙන.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ 'සංසාර විලේ'.. නැත්නම් 'සසර swimming pool එකේ'.. දියබුං ගගහ පීන පීන ඉන්න උඹට, හොඳ ආතල් එකක් ගන්න ලැබිච්ච අවස්ථාවක්!! හොඳට life එක enjoy කරහන්!! පිරිතක් කියලා... දානයක් මානයක් දීලා... මලක් පහණක් පූජ කොරලා... පිං ටිකකුත් රැස්කොරගෙන, දිගටම ඔහොම පීන පීන හිටහං!!" නොකිය, "මේ උඹව මහා භයානක සසර සැඩපහරට අහුවෙලා ගහගෙන යමින් ඉන්න අතරවාරේ, ගැළවෙන්න ඉඩක් හම්බවෙච්ච හරිම දුර්ලභ අවස්ථාවක්!! ඉක්මණට ගොඩට පීනපන්!! ඉක්මණට ගැලවියන්!!" කිව්වේ, අන්න ඒකයි!!! !!! !!!



1 comment:

Note: Only a member of this blog may post a comment.