Thursday, October 1, 2015

කලින් ලිපිය


Note-4: එතකොට, මේ ධර්ම කතන්දරේදි කවුරුහරි කෙනෙක් කරුණු අහල / කියවලා දැනගෙන, නුවණින් කල්පණා කර කර බලල ප්‍රත්‍යක්ෂ කරගන, 'ප්‍රඥා විමුක්ත' රහතන්වහන්සේ නමක් / 'ප්‍රඥා විමුක්ත' අරහත්වයට පත්වෙච්ච කෙනෙක් බවට පත්වුණත්... කල්පණා කරල තේරුම්ගන්න තරම් හැකියාවක් නැති (මොළේ නැති ) කෙනෙක් නම්, ප්‍රායෝගිකව ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරලම දැනගෙන, 'උභතෝ භාග විමුක්ත' රහතන්වහන්සේ නමක් / 'උභතෝ භාග විමුක්ත' අරහත්වයට පත්වෙච්ච කෙනෙක් බවට පත්වුණත්... එයාට අන්තිමට වෙන්නේ, 'සබ්බේ සංඛාරා අනිච්චාතී' බව... 'හැදිච්ච දේවල් සේරම තාවකාලිකයි!! අන්තිමට කැඩිල බිඳිල විනාශ වෙනවා!!' කියන බව... තමන්ටම ප්‍රත්‍යක්ෂවෙන එක තමයි!!! !!! !!! * {අර මං උඹලට තනි තනියෙන් කරගන්නය කියල ඉතුරු කරපු කොටස. } සරළවම කිව්වොත්, "මං (තමන්) අනිත්‍යයි!! තාවකාලිකයි!! මට (තමන්ට) මේ දැනෙන දේවල් සේරම... ඇහෙන - පේන - විඳින්න වෙන - හිතෙන - මතක්වෙන සේරම... තියෙන්නේ, මේ ඇඟේ පණ තියනකම් විතරයි!! ඇඟ බිඳිල මං මරණයට පත්වෙනකොට, ඒ සේරමත් නැතුව යනවාම තමයි!!" කියලා, තමන්ටම තේරෙණ / confirm වෙන එක තමයි!!! !!! !!! එහෙම තේරුණ කෙනෙකුට ආයෙ එයාගෙ ජීවිතය සම්බන්ධයෙන් 'මනස්ගාත' මොකක්වත් හිතෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි ආයි උපදින්න... පිං කොරල හොඳ හොඳ ජීවිත ලබන්න... 'නිවන්පුරේ'ට ගිහිල්ල සදාකල් එහෙ ඉන්න... දෙයිය ගාවට / සුවර්ගෙට යන්න... එක එකාගෙන් පළිගන්න බලාගෙන සසර සැරිසර සර උන්ගෙ පස්සෙන් යන්න... 'ඔයා මගේම වෙලා - මම ඔයාගෙම වෙලා' උපදින්න... වගේ කුණුහරුප කතන්දර මොකුත්ම හිතෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සංස්ඛාර ඇතිවෙන්නෙ නෑ!!'.. 'උපාදාන නෑ!!'.. කියන්නේ ඒකට තමයි!!! !!! !!! කෙනෙක් එහෙම මනස්ගාත හිතන්නෙ නැතුව.. පිස්සු කෙළින්නෙ නැතුව.. ජීවිතේ ගැන නිවැරදි අවබෝධයකින් යුතුව ('යථාභූත ඥාණයෙන්' යුතුව / 'ඇත්ත ඇති සැටියෙන්ම' තේරුම් අරගෙන) ජීවත් වෙනකොට භවය / විඥාණය ඉබේම නිරුද්ධ වෙන නිසා, එයා මැරුණට තවත් සත්ව උපතක් සිද්ධවෙන්නෙත් නෑ!!! ඉතිං ආයෙ ජරා - මරණ - සෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාස මොකුත් ඇතිවෙන්න විදියකුත් නෑ!!! 'ඇත්ත සංසාර කතන්දරේ' එතනින් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි. හරි සරලයි.


ඉතීන්, ඔන්න ඔහොම බලවත් පරිශ්‍රමයක් දරලා මේ සංසාරගත සත්ව ජීවිත වල සැබෑ තත්වය එහෙම්පිටින්ම අවබෝධ කරගත්ත භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට හොඳටම තේරුණා, "මේ සිද්ධවෙලා තියන / සිද්ධවෙන දේ නම් හරිම සරලයි!! සංසාර පැවැත්මෙන් ගැළවෙන එකත් හරිම ලේසියි!! හැබැයි මේක තව කෙනෙකුට කියල තේරුම් කරල දෙන එක නම් අන්තිම අමාරුයි!! කොච්චර උත්සාහ කරල තේරුම්කරල දෙන්න හැදුවත් / දුන්නත් ඇත්ත කතාව හරියටම අල්ලගන්න පුළුවන් වෙන්නෙ, කියන වචන ටික බදාගන්නෙ නැතුව ඒ වචන වලින් කියන්නෙ මොකද්ද කියන එක කල්පණා කර කර බලල තේරුම්ගන්න පුළුවන් බොහෝම සීමිත පිරිසකට විතරයි!!" කියන බව!!! !!! !!! ඉතින් උන්වහන්සේ, "ධර්මය (පටිච්චසමුප්පාදය) හරිම ගැඹුරුයි!!"... "ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි!!"... "ධර්මය සර්පයෙක් වගෙයි!! වැරදි තැනකින් ඇල්ලුවොත් විනාසයි!! දෂ්ඨ කරනවාම තමයි!!" සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ 'පංච උපාදානස්කන්ධය' නැත්නම්, 'මතකය' විතරයි!!! තමුන් සංසාරෙ ඇවිල්ලයි කියල ගත්තොත් 'හුටා!' තමයි!!! විනාසයි!!!... කිය කියා අනන්තවත් කිව්වා!!! !!! !!! කිව්වත් වගේම, මෙන්න බොලේ අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ පැනපු ගමන් ධර්මය නැට්ටෙන් අල්ලගෙන, ගොං බෞද්ධයන්ට දිගට හරහට දෂ්ඨ කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගොං බෞද්ධයෝ හැඳිගෑවිලාම යන්න, 'ධර්මයෙන්' දෂ්ඨ කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අතීතයේ හිටිය ගොං බෞද්ධයොයි.. දැන් ඉන්න ගොං බෞද්ධයොයි.. අනාගතයෙදි පහළවෙන ගොං බෞද්ධයොයි.. හත්මුතු පරම්පරාවම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ෆ්ලැටේ ෆ්ලැට්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ආයෙ මළාට සංසාර දුකෙන් නිදහස් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


එච්චරම ගැලපීමක් නැතිවුණත් පොඩි 'ගොනා මොඩල්' උදාහරණෙකින් කිව්වොත්, ගහක අත්තක් කපන්න නම් ගහට නැගල අත්තෙ මුල පැත්තෙ.. ගහ පැත්තෙ.. ඉඳගන එපාය අත්ත කපන්න?? ඒ වෙණුවට ගහට නැගල කපන්න තියන අත්ත උඩින්ම හරිබරි ගැහිල වාඩිවෙලා, ඒක කපන්න බැහැ නෙව?? කැපුවොත් අත්තත් එක්ක තමුනුත් බිම වැටෙනව නෙව?? අන්න ඒ වගේ, 'තමුන් සංකතයක්ය.. තමුන් තාවකාලික (අනිත්‍ය) එකෙක්ය.. සංසාරෙ ආව - යන එකෙක් නෙවෙයිය..' කියන බව තේරුම් අරං ඉවරයක් කරගන්න තිබ්බ කතන්දරේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා එහෙම්පිටින්ම අනාගෙන, 'තමුන් සංසාරෙ ආව එකෙක්ය... සංසාරෙන් එතෙරවෙන එක (නිවන් දැකිල්ල) පිං කර කර.. පෙරුම් පුර පුර.. සංසාරෙ ගොහිල්ලම කොරගන්න තියන එකක්ය...' කියලා ගත්තාම, 'හුටා!'ම තමයි!!! !!! !!! ගොං බණ අහල / කියවලා හොඳටෝම නන්නත්තාර වෙලා ඉන්න මේ ගොං බෞද්ධයෝ දාන මාන දිදී.. පිං කොර කොර.. මෙලොව සාර්ථක කරගෙන පරලොව වාසනාවන්ත කරගෙන නිවන් දකින්න ගියාම, තව ගොං රැළක් හැදෙනවා!!! !!! !!! ඒ පාර උන්ට ඒක මෙළොව වෙනවා!!! !!! !!! උනුත් මෙලොව සාර්ථක කරගෙන පරලොව වාසනාවන්ත කරගෙන නිවන් දකින්න ගියාම, තවත් ගොං රැළක් හැදෙනවා!!! !!! !!! උන්ට ඒක මෙළොව වෙනවා!!! !!! !!! ඒ පාර උනුත් මෙලොව සාර්ථක කරගෙන පරලොව වාසනාවන්ත කරගෙන නිවන් දකින්න ගියාම, තවත් ගොං රැළක් හැදෙනවා!!! !!! !!! උන්ට ඒක මෙළොව වෙනවා!!! !!! !!! ඒ පාර උනුත් මෙලොව සාර්ථක කරගෙන පරලොව වාසනාවන්ත කරගෙන... ... ... ඔය වැඩේ කවදාවත් කෙළවරක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අර.. electrical motors දිගටම කැරකෙන theory එක!!! !!! !!! ඉතිං, තව කල්ප කල්පයකින් බැලුවත් උන් "අපි මේ 'සංසාර සාගරයෙන් ' එතෙරවෙන්න යනවා!! අපි මේ 'භව කතරින් ' එතෙරවෙන්න යනවා!! අපි මේ නිවන් දකින්න යනවා!!" කිය කියා, සංසාරෙම සැරිසර සර ඉඳී!!! !!! !!! එකම upset එක, උන්ට එහෙම සැරිසරන්න වෙන්නේ පෙරේතයෝ-තියෝ.. තිරිසන් සත්තු.. නිරිසත්තු.. හැටියට වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ජීවමාණ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නෑ නේ?? එහෙම කාලෙට මැරෙන මැරෙන එවුන්ගෙන් හැදෙන්නේ පෙරේතයෝ-තියෝ.. තිරිසන් සත්තු.. නිරිසත්තු.. තමයි!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මනුස්ස ජීවිතයක් ලබන එක හරීම දුර්ලභයි කියල කියන්නෙත් අන්න ඒ නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඉතින්, දැන්වත් ඒ සංසාරෙ යන්න බලාගෙන ඉන්න මොට්ට මෝල් ගොං හරක් 'සත්‍ය' (ඇත්ත කතාව) තේරුම් නොගත්තොත්, උන් සේරටම වෙන්නෙ අනාගත පෙරේතයෝ / පෙරේතියෝ... අනාගත තිරිසන් සත්තු... අනාගත නිරිසත්තු... වෙන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් උඹල දන්නවනේ එතනදි සිද්ධවෙන වැඩේ?? මොකෙක් උනත් කරන්න දෙයක් නෑ. අඩුම ගානේ අනාගාමී වත් නොවී මැරුණොත්, ඌ මැරෙනවත් එක්කම වෙන කොහේ හරි තූත්තුකුඩියක තව පෙරේත / තිරිසන් / නිරිසත් ඇඟක් හැදිල වැඩකරන්න පටන්ගන්නවා!!! !!! !!! පෙරේත / නිරිසත් ඒවා හැදුණොත් ආයෙ කතාකරන්න දෙයක් ඉතුරුවෙන්නෙම නෑ!!! !!! !!! ඒ මැරිච්ච එකාම පෙරේතයෙක් / පෙරේතියෙක් උනා... අපාගතවුණා... වගේ දැනෙන්න ගන්නවා!!! !!! !!! තිරිසන් එකක් හැදුණොත් විතරක්, කාලයක් ගතවුණාට පස්සේ... හරියට 'නිදාගෙන ඉඳල නැගිටලා බලනකොට තමන් සතෙක් වෙලා!!' වගේ... දැනෙන්න ගන්නවා!!! !!! !!! ගැළවෙන්න විදියක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, කලින් හිටිය යාලුවො / හිත මිත්‍රයො / නෑදෑයො මොකෙක්වත් එතකොට ඇත්තෙත් නෑ!!! !!! !!! 'පරිප්පු කන්න' වෙන්නේ, තනි තනියම තමයි!!! !!! !!! පැහැදිළියි නේ?? ඒ වගේම, ඒ විදියට මේ ලැබිච්ච බොහෝම දුර්ලභ වාසනාවන්ත අවස්ථාව මගහැරගෙන සංසාරෙටම බහින්න බලාගෙන ඉන්න ගොන්නුන්ට ඉදිරියෙදි ගතකරන්න තියෙන්නෙත්, බොලා කාටවත්ම මෙච්චර කාලෙකට අහන්න / කියවන්න / දැනගන්න නොලැබිච්ච මහා අවාසනාවන්ත කාල පරිච්චේදයක් තමයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "මේක තමයි අවස්ථාව!! මේක මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්න එපා!!" කියලයි!!! !!! !!! * {සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කළේ, ධර්මය අනලා.. අනලා.. මේ අවස්ථාව අනිවාර්යයෙන්ම / definitly මගහැරෙන විදියට පාර හදපු එක තමයි!!! !!! !!! } මොකද, තව කල්ප බර ගාණක් යනකම්... අනිවාර්යයෙන් තව කල්ප 90 - 100කට එහා පැත්තෙ යනකම්... ආයෙ මේ ලෝකෙ සම්මාසම්බුදු බුදුවරු පහළවීමක් නෑ!!! !!! !!! ඒ හන්ද දැන් පල්ලම් බහින එවුන්ට ආයෙ උඩ එන්න ක්‍රමයකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට සිද්ධවෙන්නෙ ආයෙ බුදු කෙනෙක් පහළවෙනකම් (තව කල්ප දහස්.. දස දහස්.. ගාණකින් වෙන්න පුලුවන්!!! ) හතර අපායෙන් එකක පදිංචිවෙලාම ඉන්න තමයි!!! !!! !!! (ඒ විස්තර සේරම Main Thread එකෙන් ඉදිරියෙදි දැනගන්න ලැබෙයි). හැබැයි අන්‍යාගමික උඹලට නම් එහෙම වෙන එකක් නෑ!!! !!! !!! උඹල සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ දෂ්ඨනයට ලක්වුණේ නැහැ නෙව?? ඒ හන්ද උඹලට නම් ඉක්මනටම වැඩේ ඉවරයක් කරගන්න පුළුවන් වෙයි!!! !!! !!!


** මේ විශේෂ නිවේදනය / අනතුරු ඇඟවීම ඇවිල්ලා, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොන්ටයි මටයි බැන බැන.. 'බුද්ධං සරණං ගච්චාමි' කිය කිය.. සංසාරෙන් එතෙරවෙන්න / නිවන් යන්න හදන සියළුම කාලකණ්නි ගොං සංඝයන්ට හා ගොං බෞද්ධයන්ටයි. සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් විසින් එහෙම්පිටින්ම වළඳා තිබුණු ගෞතම බුද්ධ සාසනය නැවතත් ගොඩගන්න අපේ යුගයේ පහළවෙච්ච පින්වත් උත්තමයා, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ තමයි!!! ඒ ඇවිල්ලා තොපි අර 'බුද්ධං සරණං ගච්චාමි' කියන එක්කෙනාගේම කෙනෙක්.. භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේම දරුවෙක්.. තමයි!!! එතකොට, මාත් එයින් එකෙක්ම තමයි. අන්න ඒ නිසා තොපි අපට බැන බැන 'බුද්ධං සරණං ගච්චාමි' කියන්න එපා!!! !!! !!! ඒකෙන් වෙන්නෙ තොපේ නිවං යාම කෙසේ වෙතත්, තොපිව මේ ජීවිතයෙන් පස්සෙ ලෝකාන්ත නිරයේ park වෙන කාලසීමාව දික්වෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඉතින්, බෞද්ධ - අබෞද්ධ උඹල හැමෝම එකම විදියට පැහැදිළිව දැනගතයුතු / දැනගෙන සිටිය යුතු ඇත්ත සංසාර කතාව ඔන්න ඕක තමයි!!! !!! !!! දැන් හොඳටම පැහැදිළි ඇති නේ?? ඔය සත්‍ය කතාව ඇවිල්ලා ස්වභාවධර්මයේ දෙයක්.. ස්වභාවික සිදුවීම් මාලාවක්.. මිසක්, එක එක්කෙනාට හිතෙන හිතෙන විදියට වෙනස් වෙන.. එක එක්කෙනාට ඕනෙ ඕනෙ විදියට වෙනස් කරන්න පුළුවන්.. කතන්දරයකුත් නෙවෙයි!!! !!! !!! ඒක හරිම බරපතළයි!!! !!! !!! හරි භයානකයි!!! !!! !!! හැබැයි ඒ කතන්දර ඔක්කෝම තියෙන්නේ, සත්වයෙක් අවිද්‍යාවෙන් වැහිලා... අවිද්‍යාවෙන් අන්ධ වෙලා... අවිද්‍යාවෙන් මුළාවෙලා... ඉන්නකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරතං." කියලා, සංසාර කතාව පටන්ගත්තු තැන බුදු නෙතට වත් පෙන්නේ නෑ කිව්වේ, අවිද්‍යාවෙන් වැහිච්ච එවුන්ගෙයි!!! !!! !!! අවිද්‍යාවෙන් මිදිච්ච එවුන්ගේ නෙවෙයි!!! !!! !!! අවිද්‍යාවෙන් මිදිච්ච / අවිද්‍යාව දුරුවෙච්ච සත්වයන්ගේ 'සංසාර' එහෙම දිගට දිගට යන එව්වා නෙවෙයි!!! !!! !!! එව්ව උන් ඉපදිච්ච දවසෙන් (අම්මගේ බඩට සෙට්වෙච්ච තැනින්) පටන් අරං, උන් මැරෙන (පිරිණිවන් පාන) තැනින් අවසන් වුණාම, කතන්දරේ ඉවරයි!!! !!! !!!
* එතකොට, කරුම කතන්දරය (පින්/පව්) තියෙන්නෙත් අවිද්‍යාවෙන් වැහිච්ච.. අවිද්‍යාවෙන් අන්ධවෙච්ච.. එවුන්ට විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "අවිජ්ජාගතෝ යං පුරිස පුග්ගලෝ පුඤ්ඤං චේ සංඛාරං අභිසංඛරෝති පුඤ්ඤූුපගං හෝති විඥාණං" ... "අවිජ්ජාගතෝ යං පුරිස පුග්ගලෝ අපුඤ්ඤං චේ සංඛාරං අභිසංඛරෝති අපුඤ්ඤූුපගං හෝති විඥාණං" ... "අවිජ්ජාගතෝ යං පුරිස පුග්ගලෝ අනේඤ්ජං චේ සංඛාරං අභිසංඛරෝති අනේඤ්ජූපගං හෝති විඥාණං" කිය කියා, තම තමන් හිතන විදියට අනුව විඥාණය සකස්වෙනවා!!! කර්ම රැස්වෙනවා!!! කීවෙත්, අවිද්‍යාවෙන් අන්ධවෙලා / මුළාවෙලා ඉන්න එවුන්ගේ තමයි!!! !!! !!! අවිද්‍යාවෙන් මිදුනම ඒ 'කරුම' ඔක්කොමත් එතනින්ම ඉවරයි!!! !!! !!!
* අන්තිමට උන්වහන්සේ, "අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීන ධාතුයා විඥාණං පතිට්ඨිතං.. පත්තනා පතිට්ඨිතං.. චේතනා පතිට්ඨිතං.. ඒවං ඛෝ ආයතිං පුනබ්බවාභි නිබ්බත්ති හෝති" ... "අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං මජ්ජිම ධාතුයා විඥාණං පතිට්ඨිතං.. පත්තනා පතිට්ඨිතං.. චේතනා පතිට්ඨිතං.. ඒවං ඛෝ ආයතිං පුනබ්බවාභි නිබ්බත්ති හෝති" ... "අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං ප්‍රණීත ධාතුයා විඥාණං පතිට්ඨිතං.. පත්තනා පතිට්ඨිතං.. චේතනා පතිට්ඨිතං.. ඒවං ඛෝ ආයතිං පුනබ්බවාභි නිබ්බත්ති හෝති" කිය කියා 'භවයක්' හැදෙනවයි කිව්වෙත්, අවිද්‍යාවෙන් වැහිච්ච / අන්ධ වෙච්ච එවුන්ගේ තමයි!!! !!! !!! අවිද්‍යාව නැතිවුණාම ඒ 'භවෙත්' ඉවරයි!!! !!! !!!
අන්න ඒ නිසා, සත්වයන්ට පුනරුප්පත්තියක් කියල එකක් තියෙන්නේ, උන් ඇත්ත සංසාර කතන්දරේ ගැන නොදැන ඉන්නා තාක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්ත කතන්දරය / 'සත්‍යය' දැනගත්ත සැණින්, ඒ සංසාර කතා.. පුනරුප්පත්ති කතා.. සේරම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??


හරි! ඔන්න දැන් නම් ඉතිං උඹලට දැනගන්න ඉතුරුවෙලා තියෙන්නේ සංසාර කතන්දරේ ඉවරයක් කරගන්න කම්... සංසාර පැවැත්මෙන් මිදෙනකම්... සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සංසාරගත සත්වයන්ට (උඹල හැමෝටම) වෙන්නෙ මොකද්ද?? අර සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දෂ්ඨ කරලා.. full නන්නත්තාර වෙලා.. දැන් ඉල්ලගෙනම කන්න යන කාලකණ්නි ගොං සංඝයන්ට / ගොං බෞද්ධයන්ට වෙනවයි කිව්ව සන්තෑසිය වෙන්නෙ කොහොමද?? කියන කරුණු කාරණාවල් ටික තමයි. ඒ ටික හරිම බරපතළයි. නොසෑහෙන්න රෙවෙයි. මට ඒකට කරන්න දෙයක් නෑ!!! අර මං කියපු 'කලමණා'ත් ලං කරගෙන, ලෑස්තිවෙලා ඉඳහල්ල. හැබැයි අමතක කරන්න එපා, මං මේ වෙනකොට උඹලට මේ භයානක සංසාර අනතුරින් ගැලවෙන්න කරන්න තියන දේ... කරන්න ඕනේ විදිය... ඔක්කොම කියල දීල ඉවරයි!!! !!! !!!
* {හැබැයි එහෙම උනේ දෙවි පිරිස හන්ද තමයි!!! නැත්නම් මං ලෑස්ති වුණේ ඉස්සෙල්ල කස්ටියට රෙවෙන්නම දීල ඉන්නයි!!! !!! !!! } මීට කලින් හිටපු මොකෙකුටවත් මෙහෙම chance එකක් හම්බවුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට "අඩේ.. කෙළවුනා නේද??" කියල දැනගන්න ලැබුණෙත් කෙළවුනාට පස්සෙ තමයි!!! !!! !!!