Wednesday, May 13, 2015

කලින් ලිපිය


හ්ම්ම්.. ඉතිං තේරුණා නේද වැඩේ??? ඕං ඔහොමයි වෙනවයි කියන්නෙ!!! !!! !!! තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතන්දරේ නොදැන.. සංසාර පැවැත්ම කියල සිද්ධවෙන දේත් නොදැන.. 'මේ ඇඟවල් අස්සෙ හැමදාම ඉන්න පුළුවන් මොකෙක් හරි ඉන්නවය!!! නැත්නම්, සදහටම පවතින්න පුළුවන් මොකක් හරි මේ ඇඟවල් වල තියනවය!!! එයා / ඒක භවයෙන් භවයට.. ආත්මයෙන් ආත්මයට.. නැත්නම්, ජීවිතයකින් තව ජීවිතයකට.. යනවය!!!' කියලා, උඹල හිතාගෙන ඉන්න ඉඳිල්ල... උඹල රැවටිලා තියන රැවටිල්ල... උඹල මුළාවෙලා තියන මුළාව... නැත්නම්, උඹලගෙ අවිද්‍යාව... තමයි සේරටම මුල!!! !!! !!! හැබැයි දැන් ඉතිං බොලාට සංසාරෙ යන්න දුන්නෙ නැතෙයි කියල මාත් එක්ක තරහ වෙන්න එහෙම එපා!!! ලොහ්.. ලොහ්.. කොච්චර භයානක මකර කටකින්ද උඹල ඔය බේරුණේ කියල තව ඉස්සරහට යනකොට තේරෙයි.

හරි! දැන් ඊළඟට වැඩේ තියෙන්නෙ, 'සංසාර පැවැත්ම' කියන්නෙ කෙනෙක් සෝවාන් / සෝතාපන්න වෙච්ච පළියට 'දඩස් ගාල' නවතින උලව්වකුත් නෙවෙයි!!! !!! !!! ඒ කිව්වෙ, කෙනෙක් අහල / කියවලා 'ඇත්ත' දැනගත්ත පමණින් සංසාර පැවැත්මක් නතරවෙන්නේ නෑ!!! !!! !!! සංසාර පැවැත්ම නතරවෙන්නේ, යම් කෙනෙකුට අහල / කියවලා දැනගන්න ලැබිච්ච 'ඇත්ත' එයාටම ප්‍රත්‍යක්ෂ වෙච්චහම... සහසුද්දෙන්ම තේරිච්චහම... නැත්නම්, එයා රහත් වෙච්චහම / අරහත්වයට පත්වෙච්චහම... තමයි!!! !!! !!! හැබැයි, කෙනෙක් ඔය ඇත්ත කතන්දරය අහල / කියවලා දැනගත්තට පස්සෙ වැඩසටහන සිද්ධවෙන විදිය... කෙනෙක් සෝතාපන්න වෙච්ච තැන ඉඳලා එයා අරහත්වයට පත්වෙනකම් කොටස... හරියටම කිව්වොත්, සත්‍යාවබෝධය සම්පූර්ණ වෙලා 'පූර්ණ උපේක්ෂාවට' පත්වෙනකම් / completely locked down වෙනකම් කොටස... හැම සත්වයෙක් සම්බන්ධයෙන්ම එක විදියට සිද්ධවෙන දේකුත් නෙවෙයි!!! !!! !!! කොහොමත් 'සත්‍ය' / 'ඇත්ත' දැනගත්ත කෙනෙක් ආයෙ උවමණාවෙන් සංසාරෙ යන.. යන්න හදන.. කතාවක් නෑ!!! !!! !!! තමන්ටම වැඩේ තේරුණාට පස්සෙ තවත් 'ගොං වැඩ' / 'ගොංකං' කරන්න බැහැ නේ??? [ම්ම්.. ආයෙත් 'පොඩි case එකක්' නේ. බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කිව්වා, "ධර්මය අවබෝධ කරගත්ත ආර්ය ශ්‍රාවකයෙක් / ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්, සංසාරය වර්ණනා කරනවා නම්... සංසාරෙ හොඳයි කියනවා නම්... ඒක කීයටවත් වෙන්න බැරි වැඩක්!! නේතං ඨානං විජ්ජති!!" කියලා!!! !!! !!! ඒ කියන්නෙ, 'ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් සංසාරෙ හොඳයි කියන්නෙ වත්.. සංසාරෙ යන්න කතාකරන්නෙ වත්.. සංසාරෙ යන්න හදන්නෙ වත්.. නෑ!!' කියලයි!!! !!! !!! මොකද, ඒ අය දන්නවා නේ, කාටවත් 'සංසාරෙ යන්න' බෑ!!! වෙන්නෙ වෙනින් කෙහෙල්මලක්!!! ඔක්කොටම වඩා, ඒක හෙණ පරිප්පුවක්!!! කියලා!!! !!! !!! එතකොට, ඒකෙම අනික් පැත්ත, කවුරුහරි එකෙක් සංසාරෙ හොඳයි කියනවා නම්... පිං කොර කොර හරි කමක් නෑ, තව තව සංසාරෙ යමං කියනවා නම්... ඌ ධර්මය මොන මලහත්ඉලව්වක් වත් තේරිච්ච එකෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහ අමුම අමු ගොං හරකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, පොඩ්ඩක් බලහල්ලකො, සිවුරු ඇඳගෙන හරි.. නැතුව හරි.. දැන් ඔය බොලාටත් ධර්මය කියන්න ඇවිල්ල ඉන්න එවුන් මොක්කුද කියලා??? ලොහ්.. ලොහ්.. ලොහ්.. ]

ආයි බහිමු වැඩේට. කෙනෙක් සෝවාන් / සෝතාපන්න උනාට පස්සෙ ඇත්තටම වෙන්නේ, 'ලෑල්ලට පාගලා' එලවගෙන (drive කරගෙන) ආව වාහනයක accelerator එකෙන් කකුල අහකට ගත්තා වගේ වැඩක් තමයි!!! !!! !!! තව දුරටත් වාහනේ උවමණාවෙන් ඉස්සරහට අරගෙන යන / drive කරගෙන යන කතාවක් නෑ!!! ඒත් ඒක එලවගෙන ආව වේගෙ අනුව.. ඒකෙ බර අනුව.. තව ඉස්සරහට ඇදිල ඇදිලා යනවා!!! !!! !!! ඒ කියන්නෙ, කෙනෙක් මුල්ම වතාවට තමුන් තාවකාලික / අනිත්‍ය කෙනෙක්ය කියලා අහල / කියවලා දැනගත්ත තැන ඉඳලා, "අඩේ.. ඇත්ත නේන්නම්!! මං තාවකාලිකයි නෙව!!" කියල තමන්ටම තේරිලා, අවබෝධය සම්පූර්ණ වෙන්න / අරහත්වයට පත්වෙන්න ගතවෙන කාලය, තමුන් සැපට ඉඳල පුරුදුවෙච්ච කෙනෙක්ද?? යන්තං සන්තං තිබ්බත් ඇති කෙනෙක්ද?? (අල්පේච්ඡ බව / සුභර ගුණය ) කියන එක... හැමතිස්සෙම යාළුවෝ මාළුවෝ පිරිවරාගෙන ඉන්න කෙනෙක්ද?? තනියෙන් හුදකළාව ඉන්න කෙනෙක්ද?? (බද්ධ ඒක රත්ත ගතිය ) කියන එක... හැමතිස්සෙම parties වලට / lunches වලට / dinner dances වලට යන්න වගේ 'වැදගත් වැඩ රාජකාරි' බහුල කෙනෙක්ද?? යන්තම් එදාවේල හොයාගෙන කාල, shape එකේ තමන්ගෙ පාඩුවේ ඉන්න කෙනෙක්ද?? කියන එක... වගේ දේවල් අනුව අඩු වැඩි වෙනවා!!! !!! !!! ඉතින්, ධර්ම කතන්දරේට හොඳටම ගැළපෙන / tally වෙන අය 'හුටුස් ගාල' රහත් වෙද්දී, සමහරුන්ට ඒකට හිතාගන්නවත් බැරි තරම් දිග කාලයක් ගතවෙනවා!!! !!! !!! අන්න ඒ නිසා, වාහනේ ඉක්මණට නවත්තගන්න නම්, break ගහන්නම වෙනවා!!! !!! !!! මේ ජීවිතෙන්ම ඔය කෙහෙල්මල් සංසාර කතන්දරේ නවත්තල දාල ඉවරයක් දකින්න නම්, තේරුමක් නැති කාලෙ කන වැඩ සේරම නවත්තලා වෙලාව හදාගෙන.. ආනාපානසති භාවනාවෙන් තරමකට හරි හිතේ සමාධියත් ගොඩනගාගෙන.. හැබෑවටම තමං තාවකාළිකයිද?? නැද්ද?? කියල ප්‍රත්‍යක්‍ෂ කරගන්න... 'යංකින්චි සමුදය දම්මං සබ්බත්තං නිරෝධ දම්මං'මද?? නැද්ද?? (හැදිච්ච දෙයක්ය කිව්වාම, කැඩුණම ඉවරද?? නැත්නම් වෙන කොහෙට වත් යනවද?? ) කියල තමුන්ටම බලාගන්න... සරළව කිව්වොත්, තමන් හැබැවටම අනිත්‍ය සත්වයෙක් නම්, මොකද්ද මේකෙ අවසානය කියලා තමන්ටම බලාගන්න... නැත්නම්, අර මහා භයානක වචන වලින් කිව්වොත්, රහත් වෙණ්ඩ.. අරහත්වයට පත්වෙණ්ඩ.. එහෙමත් නැත්නම් 'නිවණ' දකින්න.. TRY කරන්නම වෙනවා!!! !!! !!! බුදුහාමුදුරුවෝ තොපිට කිව්වෙත්, ඒ විදියට කටයුතු කරලා ඉක්මණට රහත්වෙලා හිටපිය කියන එකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒ විදියට කටයුතු කරලා, තමන් තාවකාලිකයි (අනිත්‍යයි) කියල තමන්ම දැනගත්තයින් පස්සෙ... 'ඛීණා ජාති - වුසිතන් බ්‍රහ්ම චරියං - කතං කරණීයං - නාපරං ඉත්තත්ථායාති පජානාති" (ඔක්කොම හරි!! වැඩේ complete!! තව කරන්න මොකවත් නෑ!!) කියල තමන්ම දැනගත්තයින් පස්සෙ... කාටවත් තමන්ගෙ ජීවිතය ගැන ආයෙ එක එකාගෙන් අහන්න දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! මොන ගොං පකයෙක්ගෙන් වත් certify කරවගන්න / certificate ගන්න දෙයකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උදවිය 'රහත්' නැත්නම්, තම තමන්ගෙම ජීවිත ගැන සහසුද්දෙන්ම දන්න / දැනගත්තු උදවිය බවට පත්වෙනවා!!! !!! !!! අන්න එහෙම තමන්ගෙ ජීවිතය ගැන පරිපූර්ණ අවබෝධයක් ලබාපු අයට, තමන් මැරෙණවයි.. තමන්ව නැතිවෙනවයි.. කියන එකේ කිසි 'ගේමක්' නෑ!!! !!! !!! ගණන්ගන්න වත් දෙයක් නෑ!!! !!! !!! ඉතින්, අනික් මෝඩ ගොං සත්වයෝ හැම එකෙක්ම, බය භිරාන්ත වෙලා.. නස්පුක් වෙලා.. දෙයියන්ට බුදුන්ට කිය කියා.. හිත හිතා පත පතා.. ලතවෙවී.. මැරෙද්දි, රහත් වෙච්ච අයට කිසිම බයක්.. චකිතයක්.. කුතුහලයක්.. කලබලයක්.. මොකුත් නැතුව, 'බටර් පාන් කාල සැපට නිදාගන්නවා වගේ ' නිවිසැනසිල්ලේ මැරෙන්න පුළුවන් වෙනවා!!! !!! !!! එතකොට, යම් කෙනෙක් අන්න ඒ විදියට කිසිම බයක්.. චකිතයක්.. කුතුහලයක්.. කලබලයක්.. මොකුත් නැතුව මැරුණොත්.. නිවිසැනසිල්ලේ මැරුණොත්.. 'නිවිල' මැරුණොත්.. නැවත ඉපදීමක් නෑ!!! පිරිණිවන් පනවා!!! කියන බව, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියනවා!!! !!! !!! ඇයි, අහල / කියවලා නැද්ද 'රතන සුත්‍රයෙදි' උන්වහන්සේ, "ඛීණංපුරාණං.. නවං නත්ථි සම්භවං.. විරත්තචිත්තා ආයතිකෙ භවස්මිං.. තෙ ඛීණබීජා.. අවිරුල්හිච්ඡන්දා.. නිබ්බන්ති ධීරා යථායං පදීපෝ.." {පෙර කරුම වලින් ගැලවිච්ච... තමනුත් පව් කරල නැති... තේරුමක් නැති බව දන්න නිසා දැන් විඳින්න වෙන දේවලුත් (ඇහෙන / පේන / දැනෙන / හිතෙන සේරම) care කරන්නෙ නැති... ඇත්ත දන්න නිසා දිගටම ඉන්න / ආයි උපදින්න කිසිම interest එකකුත් නැති... උදවිය මැරුණාම, පහණක් නිවිල යනව වගේ නිවෙනවා!! පිරිණිවන් පානවා!!} කියලා, පැහැදිළිවම දේශණා කරල තියනවා??? මොකද, එහෙම 'නිවිල' (fully settle වෙලා / completely neutral වෙලා ) මැරෙණ සත්වයෙක්ගෙ මනසේ / 'මනස' කියන ආයතනයේ, තවත් සත්ව ඇඟක් සජීවී කිරීමට / තව සත්වයෙකුට 'ජීවය' දීමට හේතුවෙන ශක්තියක්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'කර්ම ශක්තිය' නැත්නම් 'භවය' කියල හඳුන්වපු electromagnetic field එකක්... හැදෙන්නේ (ගොඩනැගෙන්නේ / build-up වෙන්නේ) නෑ!!! !!! !!! අන්න ඒක නිසා, තියන ඇඟ චකබ්ලාස් වෙනකොට (මැරෙණ කොට / dead වෙනකොට) තව ඇඟක් හැදෙන්න විදියකුත් නෑ!!! !!! !!! එතකොට වෙන දේ මතක නේ?? විඥාණයට අල්ලගන්න ඇඟක් නැතුව යනවා!!! !!! !!! අර.. පෙට්ටියෙන් පෙට්ටියට යන්න පාරක් නැති කෝච්චියක දොරවල් වල එල්ලිලා පෙට්ටියෙන් පෙට්ටියට මාරුවෙනකොට, පෙට්ටි දෙකම අතහැරුණා වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විඥාණය 'ඥොකොස්' වෙනවා!!! !!! !!! විඥාණය නිරුද්ධ වෙනවා!!! !!! !!! නැත්නම්, දැනෙන ගතිය... දැනි දැනී තියන දේවල් සේරම... එහෙම්පිටින් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනින් සංසාර කතන්දරේ ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි. හොඳට මතක තියාගන්න, ඔතනදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'විඥාණය' කියල අදහස් කළේ, දැනගන්න ස්වභාවය... නැත්නම්, දැනෙන ගතිය... කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැතුව, එහෙ මෙහෙ යන බම්බුවක් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

යාලුලා, ඕනෙම කෙනෙකුට තමන් අහන / බලන / රසවිඳින / දැනගන්න / ඉගෙනගන්න සේරම, මහා වටිනා දේවල්.. හරි වැදගත් දේවල්.. මහා සාරභාර දේවල්.. කියලා හිතෙනවා තමයි. ඒත් ඇත්ත ඒක නෙවෙයි!!! !!! !!! ඔහෙල / ඔය උදවිය මෙච්චර කාලෙකට බෙල්ල කඩාගෙන දඟලලා දඟලලා අහපු / බලපු / රසවිඳපු / දැනගත්තු / ඉගෙනගත්තු හැම දේකින්ම උනේ, මතකයන් ගොඩක් ලැබිච්ච එක විතරයි!!! !!! !!! තව කොච්චර ඇහුවත් / බැලුවත් / රසවින්දත් / දැනගත්තත් / ඉගෙනගත්තත් ඒත් එච්චරම තමයි!!! !!! !!! වෙන්නෙ මතකයන් තොගයක් එකතුවෙන එක විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් අන්තිමට තමන් මරණයට පත්වෙලා ඒ මුළු මතකයම තමන් එක්කම විනාශවෙලා ගියාම, 'නටපු තොවිලෙකුත් නෑ!! බෙරේ පලුවකුත් නෑ!!' වගේම තමයි!!! !!! !!! කිසිම තේරුමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ බව හොඳින්ම දන්නා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මේ සංසාරගත සත්ව ජීවිත සේරම හැඳින්වුයේ "කෙහෙල් ගාලකට වැදිලා අරටුවක් තියන ගහක් හොය හොයා කෙහෙල්ගස් කප කපා බලනවා වගේ වැඩක්!!" කියලයි!!! !!! !!! කෙහෙල්ගස් වල 'අරටු' නෑ වගේම, මේ අපේ ජීවිත වලත් කිසිම තේරුමක්.. ගන්න දෙයක්.. මොකුත්ම නෑ!!! !!! !!! අන්න ඒ කිසිම තේරුමක් නැති.. කිසිම වැදගැම්මකට නැති.. මේ තාවකාලික සත්ව ජීවිත වලදී කරන්න පුළුවන් එකම තේරුමක් ඇති වැදගත් වැඩේ, මේ ජීවිත වල කිසිම තේරුමක් නැති බව තේරුම් ගැනීමයි... ඒ ඇත්ත තේරුම් අරගෙන, අහන්න - දකින්න - විඳින්න - දැනගන්න වෙන දේවල් කිසිම එකකින් කලබල නොවී / 'අටලෝදහමින්' කම්පා නොවී ඉන්න එකයි... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ඉගෙන ගන්නා දේවල් අතරින් වඩාත්ම වැදගත් ඉගෙනගැනීම තමන් ගැන ඉගෙන ගැනීමයි!!" කියලා පැහැදිළිවම දේශණා කලේ අන්න ඒකයි!!! !!! !!! උන්වහන්සේ කිව්වෙම, තම තමන්ගෙ තාවකාලික ජීවිත ගැන ඇත්ත දැනගෙන, නිවිච්ච සැනසිච්ච කෙනෙක්.. කිසිම දේකින් කලබල නොවෙන නොසැලෙන කෙනක්.. බවට පත්වෙන්න!!! (සංසාරෙ යන්න ගිහිං අර හොඳට තියන එක සවුත්තු කරගන්නෙ නැතුව.. 'පු' ඉරාගන්නෙ නැතුව.. ) නිවණ අවබෝධ කරගෙන, මෙතනින්ම ඉවරයක් දකින්න!!! කියල තමයි!!! !!! !!! හැබැයි ඒ වුනාට, "සත්‍යය අවබෝධ කරගෙන ඉවරනම් තෝ දැන් මැරියන්!!" කියලා, උන්වහන්සේ කොහෙදිවත් කියලා නෑ!!! !!! !!! මොකද, මේ කිසිම වැඩකට නැති.. කිසිම කමකට නැති.. තාවකාලික මනුස්ස ජීවිත වලට නියම වටිනාකමක් ලැබෙන්නේ, අන්න ඒ විදියට කටයුතු කිරීමෙන්.. සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන අරහත්වයට පත්වීමෙන්.. තමයි!!! !!! !!! ඒ වගේම, අනික් මනුස්සයන්ට ඇත්ත පහදල දීලා ඒ අයවත් දුකෙන් නිදහස් කරන්න... අවංකව බොක්කෙන්ම සියලු ලෝක සත්වයන් වෙනුවෙන් / උන්ගෙ යහපත වෙනුවෙන් කටයුතු කරන්න... පුළුවන් වෙන්නෙත්, අන්න ඒ රහත් වෙච්ච / සත්‍යාවබෝධය සම්පූර්ණ කරගත්තු නැත්නම්, මුලින් තමන් ගොඩට ගියපු උදවියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එහෙනම් හරි නේ?? දැන් උඹලට ඉතුරුවෙලා තියෙන්නෙ ඔය උඹල හැමෝම තනි තනියෙන් කරන්න ඕනෙ / කරගන්න ඕනෙ කොටස, අහල / කියවලා දැනගත්තු 'ධර්මය'... 'සංසාරගත සත්ව ජීවිතවල ඇත්ත කතාව'... නැත්නම්, 'උඹ අනිත්‍යයි කියන බව'... ප්‍රත්‍යක්ෂ කරගන්න එක තමයි!!! !!! !!! ඇත්තටම ඒක මහා කාලයක් ගතවෙන දේකුත් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'කෙනෙක් චතුරංග සමන්නාගත වීර්යයෙන්ම ඒ වැඩේට බැස්සොත්, කොච්චර මැට්ටෙක් උනත්... පල්ම පල් මෝඩයෙක් උනත්... එයාට උපරිම වශයෙන් ගතවෙන්නේ අවුරුදු 7යි. අවුරුදු 7ක් යන්න කලින් අරහත්වයට පත්වෙනවා!!!' කියලයි!!! !!! !!! හැබැයි එච්චර කාලයක් යනවයි කිව්වෙත්, ශ්‍රී සද්ධර්මය අහල / කියවලා දැනගෙන කල්පණා කර කර බලලා කතන්දරේ අල්ලගන්න එකයි... සමාධිය දියුණු කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න එකයි... දෙකම, තම තමන් විසින්ම කරගන්න වෙලා තිබිච්ච නිසයි!!! !!! !!! ඒත් දැන් කතන්දරේ අල්ලගන්න කියල උඹලට අමුතුවෙන් කල්පණා කර කර බලන්න මොකවත් ඉතුරුවෙලා නෑ!!! !!! !!! 'ධර්මය' අවබෝධ කරගන්න මේ විදිය support එකක් මීට කලින් හිටිය කාටවත් හම්බවෙලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපිට හම්බවුණෙත් නෑ!!! !!! !!! අපිට තිබුණේ 'අපේ හාමුදුරුවෝ ' [කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ ] ඇල්වතුරත් නිවපු ගානට සරල සිංහලෙන් තේරුම් කරලා දුන්නු පිරිසුදු බුද්ධ දේශණා විතරයි!!! !!! !!! ඒවයින් සංසාර කතන්දරෙත් අල්ලගෙන... job එකයි යුතුකම් වගකීමුයි සේරමත් කරගෙන... වැඩේ complete කරගන්න මට නම් ගියේ අවුරුදු 2½ - 3ක් විතර තමයි!!! !!! !!! එහෙව් එකේ, මෙච්චර support එකක් හම්බවෙච්ච උඹල දැන් අවංකව වැඩේට බැහැල තමන් අනිත්‍ය බව ප්‍රත්‍යක්ෂ කරගන්න ටිකට පොඩි try එකක් දුන්නොත්, රහත්වෙච්ච එවුන් (සිවුරු සහිත හා සිවුරු රහිත both ) දහස්.. දස දහස්.. ගණනින් බිහිවෙන්න, මාස 2½ - 3ක් හොඳටෝම ඇතිවෙයි!!! !!! !!! අනික, දැන් සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප අහල / කියවලා 'මඤ්ඤං ඵල සමාපත්තිය' සාක්ෂාත් කරගෙන ඉන්න ගොං සංඝයන්ට / උන්ගෙ අනුගාමිකයන්ට, ආයෙ කීයටවත් උඹලව මුළා කරන්න.. ගොනාට අන්දවන්න.. හම්බවෙන්නේ නෑ!!! !!! !!! ඔක්කොටම වඩා, කලින් මේ වැඩේට 'හෝයියා කියල' බාධා කරපු ගොයිය දැන් එව්ව කොරන්නෙත් නෑ!!! !!! !!! අන්න ඒ නිසා, 'නිවනේ ගේට්ටුව ගාවටම ගෙනත් ඇරලවපු' තොපිට දැන් තියෙන්නේ, ගේට්ටුව ඇරන් ඇතුලට යන්න විතරයි!!! ඉතින්... ... බැහැපියව් වැඩේට!!! ගිහිං රහත්වෙලා වර!!! !!! !!!

ඒකටත් මහ දෙයක් කරන්න නෑ!!! උඹ දැන් දන්නවා නේ, ඔය උඹගෙ ඇඟ අස්සෙ අමුතු අද්භූත මොකක්වත්.. මොකෙක්වත්.. නෑ!!! 'උඹ' ඇවිල්ලා, ඔය ඇඟේ ක්‍රියාකාරීත්වය නිසා... හරියටම කිව්වොත්, 'ඇහැ / කණ / නහය / දිව / කය / මනස' කියන ආයතන වල ක්‍රියාකාරීත්වය නිසා... හැදිල තියන ලොකු 'මායාවක්'!!! Illusion එකක්!!! 'තොරණක්'!!! නැත්නම්, TV / Computer වල සිද්ධවෙන විදියම කතන්දරයක්!!! කියන බව?? ඉතින්, දැන් එහෙමනම් ඔය උඹට ලැබිල තියන ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ආයතන 6ම 'චකබ්ලාස්' උනොත්.. නැතිවුණොත්.. මොකද්ද වෙන්න ඕනෙ?? කොහොමද වෙන්න ඕනෙ?? උඹට කොහොමද දැනෙන්න ඕනෙ?? කිය කියා, ඉඩ තියන හැම වෙලේම හිත හිතා බලපන්!!! හරි නම් 'පොතේ හැටියට' / theoretically, ඇස් නැත්නම් ඝණ අන්ධකාරයක් විතරයි!!! තිත්ත කළුවරයි!!! කන් නැත්නම් ගැඹුරු නිහඬතාවයක් තමයි!!! නහය නැත්නම් ගඳ-සුවඳ.. දිව නැත්නම් රස.. මොකුත් නෑ!!! ඇඟ නැත්නම් සීතල-රස්නෙ.. හන්දිපත් රුදා.. බඩ රිදෙන ඒවා.. පුක කසන ඒවා.. මොකුත් නෑ!!! මනස නැත්නම් මොකුත් හිතෙන්නෙ / මතක්වෙන්නෙත් නෑ!!! අන්න එතකොට තමන්ට දැනෙන්න ඕනෙ කොහොමද?? කොයි වගේද?? කිය කියා හිතහන්!!! දිගටම එහෙම හිත හිතා ඉන්නවත් නෙවෙයි!!! සෑහෙන වෙලාවක් තිස්සෙ ඒ දේවල් ගැන හිතලා, ඊළඟට පුළුවාන් තරම් වෙලාවක් කිසිම දෙයක් හිතන්න / කල්පණා කරන්න යන්නෙත් නැතුව.. ඇහෙන / පේන / දැනෙන දේවල් මොකක්වත් care කරන්නෙ / ගණන්ගන්නෙත් නැතුව.. නිකම්ම නිකම් ඉඳහන්!!! ඒ කියන්නෙ 'සමාධියෙන්' ඉඳහන්!!! දවසෙ එක නිශ්චිත වෙලාවක් හදාගෙන ඔය විදියට කරන්න පුළුවන් නම් 'එළ'ම තමයි!!! මාත් කලේ එහෙමයි. උඹ එහෙම කරගෙන කරගෙන යනකොට, සිද්ධවෙන්න ඕනෙ දේ සිද්ධවෙන වෙලාවක ඉබේම සිද්ධවෙයි!!! හදිස්සිවෙන්න / කළබලවෙන්න / බයවෙන්න මොකුත් එපා!!! හරිය??