Saturday, September 19, 2015

කලින් ලිපිය


අන්න එහෙම දුකෙන් නිදහස්වෙන්න විදියක් හොයාගන්නයි කියල මුළු විශ්වයම පීර පීර බලපු බුදුරජාණන්වහන්සේට, මුළු විශ්වයේම තියෙන්නේ සත්වයන් කර්මානුරූපව ඒ ඒ ලෝක වල උපදින.. විඳවන.. මැරෙන.. ආයෙ ආයෙත් උපදින.. කතන්දරයක් නේද?? කොයි ලෝකෙ කොයි විදියට ඉපදුණත් කන්න වෙන්නෙ එකම පරිප්පුවක් නේද?? මෙහෙම ජීවිත ලබල ඉපදෙන එකම මහා දුකක් නේද?? ඉපදෙනකොටම දුක උරුමවෙන හන්දා, ඉපදිල ඉවරවෙලා ඒ දුකෙන් ගැළවෙන්න හදන එකත් මහා විහිළුවක් නේද?? {ජාති පච්චයා ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසා සම්භවන්ති!! (සත්වයෙක් හැටියට ඉපදෙනකොටම, ජරා - මරණ - ශෝක - පරිදේව - දුක් - දොම්නස් - සෝසුසුම් ඔක්කොම උරුම වෙනවා!!)} දුකෙන් නිදහස්වෙන්න නම් කරන්න පුළුවන් එකම දේ, ඉපදීම නැතිකරලා දාන එක විතරයි නේද?? {ජාති නිරෝධා, ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසා නිරුජ්ජන්ති!! (ඉපදීමක් නැත්නම්, ජරා - මරණ - ශෝක - පරිදේව - දුක් - දොම්නස් - සෝසුසුම් ඔක්කොම නැතිවෙනවා!!)} කියළා, සහසුද්දෙන්ම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවබෝධ වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උන්වහන්සේ, මොකද්ද මේ ඉපදීම?? කොහොමද මේ ඉපදීම (උපත) සිද්ධවෙන්නෙ?? මේ ඉපදීම නවත්තගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?? කියලා හොයන්න, මේ සංසාරගත සත්ව ජීවිත ගැන ගැඹුරු අධ්‍යයනයක්... 'Deep Scan එකක්'... කළා!!! !!! !!!


අන්න එහෙම මේ සංසාරගත සත්ව ජීවිත ගැන හොයන්න පටන්ගත්තු භාග්‍යවතුන් වහන්සේට, "මේ ඇඟවල් වල සිද්ධවෙවී තියෙන්නෙ නිකම්ම නිකම් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් විතරයි නේද?? ඒ ඇරෙන්න මේ ඇඟවල් වල වෙන මොකක්වත් නෑ නේද??" කියන බව මුලින්ම පැහැදිළි උනා!!! !!! !!! ඒ විතරක් නෙවෙයි, මීට කල්ප 91කට කලින් සම්මාසම්බුද්ධත්වයට පත්වෙච්ච විපස්සී බුදුරජාණන්වහන්සේත් ඒකම අවබෝධ කරගත්තු හැටි පවා උන්වහන්සේ දැක්කා!!! !!! !!! ** Note-1 [මෙතන මේ, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියන්නේ, 'සජීවී සෛල වලින් හැදිච්ච සංවෘත පරිපථයක සිද්ධවෙන විද්‍යුත් ක්‍රියාවලියක් හා එම විද්‍යුත් ක්‍රියාවලියෙන්ම ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක් එකිනෙකේ උපකාරයෙන් දිගින් දිගට පවතින සිදුවීමකට' තමයි!!! !!! !!! මං ඒ 'සීන්කෝන්' ඔක්කොම එකක් නෑර අල්ලගෙන, ලෝකෙටම publish කරලත් ඉවරයි!!! ඒ විතරක් නෙවෙයි, තව ඔය මහා විද්‍යාඥයෝ මහා පුකවල් ඉරාගෙන අදටත් හොය හොයා ඉන්න සමහරක් දේවලුත් මං මේ වෙනකොට ලියල publish කරල ඉවරයි!!! Main thread එකේ ඒ විස්තර ඔක්කොම ඇති. ] ඉතිං, ඊළඟට උන්වහන්සේ මෙහෙම උපතක් සිද්ධවෙන්නේ කොහොමද??.. ඒ කියන්නේ, 'ජාති'යක් හටගන්නේ කොහොමද??.. නැත්නම්, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං කතන්දරයක්' ආරම්භ වෙන්නේ / පටන්ගන්නේ කොහොමද??.. කියලා හොයාගන්න, මේ සත්ව ජීවිත තව තවත් පරීක්ෂා කර කර (පීර පීර ) බැලුවා!!!

බැලින්නම්, මේ ඉපදිලා ඉන්න හැම සත්වයෙක්ගෙන්ම 'භවයක්' කියල දෙයක් හැදෙනවා!!! උන් මැරෙනකොටම තව තව එවුන් උපදින එක සිද්ධවෙන්නේ ඒ භවය හන්ද තමයි!!! කියන බව උන්වහන්සේට පැහැදිළි වුණා!!! !!! !!! {'භව පච්චයා ජාති' (භවය නිසා ජාතිය ඇතිවේ) කියන බව පැහැදිළි වුණා!!!}. ඒ පාර උන්වහන්සේ, ඇයි එහෙම භවයක් හැදෙන්නේ?? කියලා බැලුවා!!! එතෙන්දි උන්වහන්සේට, මේ සත්වයෝ කියන එවුන් සංස්ඛාර කරන එකෙන්... (චේතනා පහළ කර කර කටයුතු කරන එකෙන්) වැඩියත්ම, දිගින් දිගට හිතන්න තියාගන්න එකෙන්... (පැල්බැඳගෙන හිතන්න තියාගන්න එකෙන් ) හරියටම කිව්වොත්, සත්වයන් උන්ම උවමණාවෙන් නැවත නැවතත් හිතන එකටත් වඩා, උන් නොදැණුවත්වම (unintentionally) උන්ගෙ හිත් එක එක අරමුණු වල බැහැගන්න එකෙන්... (හිත අරමුණු වල හිරවෙන එකෙන් / loop වෙන එකෙන්) තමයි එහෙම භවයක් හැදෙන්නේ!!! කියන බව දකින්න ලැබුණා!!! !!! !!! {'සංඛාර පච්චයා විඥාණං' (සංස්ඛාර නිසා විඥාණය ඇතිවේ) කියන බව දැක්කා!!!} ** Note-2 ['භවයක්' හැදෙන හැටි බලන්න ගිහිං 'විඥාණයක්' හැදෙන හැටි දැක්කයි කිව්වම ටිකක් upset upset වගේ තමයි. ඒත් මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි 'විඥාණය' 'භවය' 'කර්ම ශක්තිය' කියන වචන ඔක්කොගෙන්ම හැඳින්වෙන්නේ, එකම දෙයක් ගැන... එකම විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයක් / එකම electromagnetic field එකක් ගැන... නිසා, මෙතනදි 'භවයක්' හැදෙනව කිව්වත්.. 'විඥාණයක්' හැදෙනව කිව්වත්.. ඒ දෙකම එකයි!!! !!! !!! හරිය?? ] ඊළඟට උන්වහන්සේ, ඇයි මේ සත්වයන්ට එහෙම දිගින් දිගට හිතෙන්න ගන්නේ?? ඇයි මේ සත්වයන්ගෙ හිත් එහෙම එක එක අරමුණු වල බැහැගන්නේ?? ඇයි උන්ගෙ හිත් loop වෙන්නේ?? කියල හොයල බැලුවා!!! අන්න එතනදි, ඒ දිගින් දිගට හිතෙන්න (හිත් loop වෙන්න) එහෙම්පිටින්ම හේතුවෙන්නේ මේ සත්වයෝ උන්ගෙ ජීවිත ගැනම නොදන්නා කම... මේ ජීවිතවල ස්වභාවය ගැන / මේ ජීවිත වල සිද්ධවෙන දේ ගැන උන්ගෙ නොදැණුවත් කම... උන්ගෙ 'අවිද්‍යාව'... තමයි!!! කියන බව, උන්වහන්සේ පැහැදිළිවම දැක්කා!!! !!! !!! {'අවිද්‍යා පච්චයා සංඛාරා' (අවිද්‍යාව නිසා සංස්ඛාර ඇතිවේ) කියන බව පැහැදිළි උනා!!!}.

ඊළඟට උන්වහන්සේ ඒ සිද්ධවෙලා තියන / සිද්ධවෙන කතන්දරය තමන්ට.. තමන්ගෙ ජීවිතයට.. බලපාල තියන / බලපාන විදිය ගැනත් හොයල බැලුවා!!! බැලින්නම්, තමන්ට කළින් ජීවත්වෙච්ච අවිද්‍යාවෙන් මුළාවෙලා හිටිය සත්වයෙකුට... මීට කලින් හිටපු තමන්ගෙ ජීවිතය ගැන / තමන්ගෙ ජීවිතයේ ස්වභාවය ගැන නොදැන හිටිය සත්වයෙකුට... ඇතිවෙච්ච සංස්ඛාර නිසා, විඥාණයක් ඇතිවෙලා!!! 'අවිද්‍යා පච්චයා සංඛාරා - සංඛාර පච්ච්ච්යා විඥාණං' වෙලා!!! !!! !!! ඒ විඥාණය (භවය) නිසා දැන් 'තමන්ව' ඉපදිලා!!! නැත්නම්, මේ දැන් තියන 'ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6' හැදිලා!!! !!! !!! 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා සලායතනං' වෙලා!!! !!! !!! දැන් ඉතිං නොයෙකුත් නොයෙකුත් දේවල් අහන්න - දකින්න - විඳින්න - හඳුනගන්න - දැනගන්න ලැබෙනවා!!! 'සලායතන පච්චයා පස්සෝ - පස්ස පච්චයා වේදනා' තියනවා!!! ඒ අහන්න - දකින්න - විඳින්න - හඳුනගන්න - දැනගන්න ලැබෙන දේවල් වලට ඇලෙන - ගැටෙන - මුළාවෙන ගතියකුත් තියනවා!!! 'වේදනා පච්චයා තණ්හා'ත් තියනවා!!! ඒ මායාවට මුළා වෙලා (මේ දැන් සිද්ධවෙවී තියන කතන්දරේට රැවටිලා) මනස්ගාත හිතන්න තියාගත්තොත්... ඒ කියන්නෙ, උපාදාන වලට අහුවුණොත්... තමන්ගෙනුත් භවයක් හැදෙනවා!!! 'තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ' වෙනවා!!! එහෙම උනොත් තව සත්වයෙකුට ඉපදිලා විඳවන්නම වෙනවා!!! 'භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්තී' වෙනවා!!! !!! !!! හැබැයි, මේ සිද්ධවෙලා තියන / සිද්ධවෙන 'ඇත්ත කතන්දරේ' හරියට දැනගෙන රැවටිල්ලෙන් / මුළාවෙන් මිදිලා මැරුණොත්... ඒ කියන්නෙ, අවිද්‍යාවෙන් මිදිලා මනස්ගාත හිතෙන එක නැතිකරගෙන මැරුණොත් / සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතිකරගෙන මැරුණොත්... ඒත් නැත්නම්, උපාදාන නැතුව මැරුණොත්... තව එක සත්වයෙක් වත් හැදෙන්නේ නෑ!!! 'උපාදාන නිරෝධා භව නිරෝධෝ - භව නිරෝධා ජාති නිරෝධෝ' වෙනවා!!! එතකොට මේ විඳින්න වෙලා තියන දුක් කරදර වද වේදනා සියල්ලත් මෙතනින්ම අහවර වෙනවා!!! 'ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ජන්තී' වෙනවා!!! නේද?? කියලා, උන්වහන්සේ පැහැදිළිවම දැක්කා!!! !!! !!!

අන්න ඒ දකිනවත් එක්කම, "මෙතන මේ සිද්ධවෙන්නේ 'යම් දෙයක් හන්දා තව දෙයක් හැදෙන කතාවක්'... 'හේතු - ඵල ධර්මතාවයක්'... මිසක් සත්වයෝ සංසාරෙ සැරිසරන කතාවක් නෙවෙයි නේද?? මංම සංසාරෙ සැරිසරාගෙන.. සැරිසරාගෙන.. ආවයි කියල හිතං හිටියට ඇත්තටම නම් මං සංසාරෙ ඇවිල්ල වත්.. මට සංසාරෙ යන්න පුළුවන් කමක් ඇත්තෙවත්.. නෑ නේද?? මං තාවකාලික සත්වයෙක්.. අනිත්‍ය කෙනෙක්.. සංකතයක්.. නේද??" කියන එක, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට හොඳටම (සක් සුදක් සේ ) පැහැදිළි වුණා!!! !!! !!! උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා සිදුකරපු පළවෙනි ධර්ම දේශණාවෙදිම, "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි.. ඥාණං උදපාදි.. ප්‍රඥා උදපාදි.." (කලින් නොපෙනිච්ච දෙයක් දැක්කා!! කලින් නොදැන හිටි දෙයක් දැනගත්තා!! කලින් නොතේරිච්ච දෙයක් තේරුම් ගත්තා!!) කිය කියා, ශ්‍රාවක පිරිසට ඒ බව කිව්වත් එක්ක!!! ඒ ඇත්ත සිද්ධිය පැහැදිළිවෙනවත් එක්කම ඒ වෙනකම්ම අවිද්‍යාවෙන් වැහිල තිබිච්ච උන්වහන්සේගෙ හිතේ අවිද්‍යාව එහෙම්පිටින් අතුරුදහන් වෙලා, උන්වහන්සේගෙ හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැත්තටම නැතුව ගියා!!! !!! !!! සංසාරය / සංසාර පැවැත්ම ගැන තිබිච්ච වැරදි කල්පණාවල්... නැවත නැවතත් ඉපදෙන්න / හැමදාම ඉන්න තිබුණු ආසාවල් - උවමණාවල් - බලාපොරොත්තු - ප්‍රාර්ථනා ඔක්කොම... එහෙම්පිටින් නැතිවෙලා ගියා!!! !!! !!! උන්වහන්සේට "අනේක ජාති සංසාරං.. ~ 'විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛය මජ්ජගා' (හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතිවුණා!! තණ්හා ක්‍ෂය වුණා!!)" කියලා, උදානයක් පහළවුනෙත් (ඉබේම කියවුනෙත්) ඒකයි!!! !!! !!! උන්වහන්සේ සදහටම සංසාර දුකින් / සංසාර පැවැත්මෙන් නිදහස් උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ අරහත්වයට පත්වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත් උන්වහන්සේට 'චතුරාර්ය සත්‍යය' අවබෝධ වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* 'දුක' අවබෝධ වුණා - 'ඉපදීම' නැත්නම් මේ 'හැදිල තියන ඇඟ' තමයි දුක කියල අවබෝධ වුණා!!! මොකද, මේ ඇඟ තමයි තමන්ගෙ ලෝකය!!! මේ ඇඟ හන්ද තමයි තමන් දැන් විඳින තරමක් දුක් කරදර - වද වේදනාවල් සේරම!!! අන්න ඒ බව උන්වහන්සේට තේරුණා!!! !!! !!!
* 'දුකට හේතුව' අවබෝධ වුණා - දුකට හේතුව.. මේ ඇඟ හැදෙන්න හේතුව.. භවයයි කියල අවබෝධ වුණා!!! !!! !!! 'භව පච්චයා ජාති' බව තේරුණා!!! !!! !!!

හු.. හු.. හුටා! ගොං සංඝ / ගොං බෞද්ධ උඹලට නම් තඩි ප්‍රශ්ණයක් නේද?? නැද්ද??? බොලා හැමෝම හිතන් හිටියේ / හිතන් ඉන්නේ, රස රස කෑම බීම වලට - ලස්සන රූප වලට - මිහිරි සද්දවලට - ඉමිහිරි සුවඳවල් වලට - සුමිහිරි පහසවල් වලට තියන තණ්හාව... මගේ ගෑණි - මගේ මිනිහ - මගේ ළමයි කිය කියා තියන තණ්හාව... ගෙවල් දොරවල් වලට - වතු පිටි වලට - යාන වාහන වලට තියන තන්හාව... වගේ 'බම්බු තණ්හාවල් ' තමයි මේ සංසාර කතන්දරේට හේතුව කියල නෙව?? නේද??? සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තොපිට කියල දීල තියෙන්නෙ එහෙම නෙව?? නේද??? ඒ වුණාට, ඒක එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් මේ නැවත නැවත ඉපදීමට හේතුව හැටියට තණ්හාව දැක්වුවා... 'යායං තණ්හා, පොණෝ භවිකා!!' කියල කිව්වා... තමයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ ඒ කිව්වේ, ඇහැ - කණ - නහය - දිව - කය කියන ආයතන 5න් එන විඳීම් දිගටම විඳ විඳ ඉන්න තියන උවමණාව, 'කාම තණ්හාව'... දැන් තියන ආයතන set එක විනාශ වෙනකොට තව අලුත් set එකක් ලබාගන්න (ආයි උපදින්න) තියන උවමණාව, 'භව තණ්හාව'... හා ඉපදීම දුකක් හන්ද / ඉපදුණොත් පරිප්පු කන්න වෙන බව දන්න හන්ද ඉපදෙන්නෙ නැතුව සදාකල් ඉන්න තියන උවමණාව, 'විභව තණ්හාව'... කියන තණ්හා 3 ගැන.. 'ත්‍රිවිධ තණ්හාවල්' ගැන.. මිසක්, 'බම්බු තණ්හාවල් ' ගැන නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ තියෙන්නෙ, ඒ බුදුරජාණන්වහන්සේ කියාපු ත්‍රිවිධ තණ්හාවල් සේරම තියෙන්නේ, සත්වයෙක් අවිද්‍යාවෙන් අන්ධවෙලා (වැහිලා / මුළාවෙලා) ඉන්නකම්... සත්වයා 'ගොනෙක් වගේ' ඉන්නකම්... විතරයි!!! !!! !!! ඒකා 'තමන්' සංසාරෙ සැරිසර සර සදහටම ඉන්න පුළුවන් එකෙක්ය කියල හිතං ඉන්නකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයාගේ 'ගොං කම'.. 'අවිද්‍යාව'.. නැතිවෙච්ච ගමන් ඒ තණ්හා සේරම ඉවරයි!!! !!! !!! සත්වයා 'තමන්' තාවකාලික (අනිත්‍ය) කෙනෙක්ය කියන බව තේරුම්ගත්ත සැණින්, ත්‍රිවිධ තණ්හාවල් කුඩේ කුඩු තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ හන්දා, තණ්හාවල් ආසාවල් කියන්නෙ මේ මාතෘකාවෙදි ගණන් ගන්න දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට දැනගන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ නැවත නැවතත් ඉපදීමට / පුනරුප්පත්තියට හේතුව හැටියට ත්‍රිවිධ තණ්හාවල් දැක්වුවේ... 'යායං තණ්හා පොණෝ භාවිකා' කියල කිව්වේ... උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙ මේ ඇත්තම ඇත්ත 'Technical කතාව' ශ්‍රාවක පිරිසට තෝරලා දෙන්න විදියක් තිබුණේ නැති නිසා, පුනරුප්පත්තියට හේතුව සරළව දක්වන්න විකල්පයක් හැටියටයි!!! !!! !!! ඒත් ඇත්තටම 'දුක'ට හේතුව.. මේ 'අනිත්‍ය ඇඟවල්' හැදෙන්න හේතුව.. භවයයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය???

* 'දුක නැතිකිරීම' අවබෝධ වුණා - දුක නැත්නම් මේ ඇඟවල් හැදෙන එක නැතිකරන්න නම් කරන්න තියෙන්නේ, භවය නැතිකරල දාන එකයි කියලා උන්වහන්සේට තේරුණා!!! !!! !!! 'භව නිරෝධා ජාති නිරෝධෝ' කියල තේරුණා!!! !!! !!!
* 'දුක නැතිකිරීමේ මාර්ගය' අවබෝධ වුණා - භවය නිරුද්ධ කරගන්න කරන්න තියෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම බව උන්වහන්සේට තේරුණා!!! !!! !!! ඒ කියන්නේ, භවය නැතිකරන්න / නිරුද්ධ කරන්න නම්, භවය හැදෙන්න.. ඒක ලොකු වෙන්න / බලවත් වෙන්න.. බලපාන සියලුම දෙයින් වැළකිලා, ඒක කුඩා වෙලා කුඩා වෙලා.. නැතිවෙලාම යන විදියට කටයුතු කරන්න ඕනෙයි කියන බව, උන්වහන්සේට තේරුණා!!! !!! !!! ඒ වෙනුවෙන්, 'සම්මා දිට්ඨි' - 'සම්මා සංකප්ප' - 'සම්මා වාචා' - 'සම්මා කම්මන්ත' - 'සම්මා ආජීව' - 'සම්මා වායාම' - 'සම්මා සති' - 'සම්මා සමාධි' කියන පියවරවල් අනුපිළිවෙලින් අනුගමණය කළයුතුයි කියන බව, උන්වහන්සේට අවබෝධ වුණා!!! !!! !!! හරියටම කිව්වොත්, ටිකෙන් ටික හිතේ සැලෙන ස්වභාවය අඩුකරගෙන.. අඩුකරගෙන.. ගිහින්, අන්තිමට නොසැළෙන තත්වයටම පත්කරගන්න ඕනෙ... සමාධිගත කරගන්න ඕනෙ... කියල තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොහොම හරි, "භවයක් හැදෙන එක (electromagnetic field එකක් build-up වෙන එක) තමයි මේ සංසාර පැවැත්ම දිගින් දිගට ඇදි ඇදී යන්න හේතුව!! මැරෙන්න කලින් භවයක් නොහැදෙන්න (field එකක් build-up නොවෙන්න) හදාගෙන මැරෙන එක විතරයි මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න පුළුවන් එකම ක්‍රමය!!" කියන බව, උන්වහන්සේට පැහැදිළි වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Note-3: මේ.. මං ඔය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැනත්, ආයෙ මොකෙකුටවත් ගොං කතා කියන්න බැරිවෙන්න... බොරු කියල / බයිල ගහල / බක පණ්ඩිත කතා කියල ආයෙ කිසි කෙනෙක්ව කැලේ යවන්න බැරිවෙන්න... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වෙ කොහොමද?? උන්වහන්සේ අදහස් කළේ මොකද්ද?? ඒ උන්වහන්සේ කිව්ව විදියට කටයුතු කරනකොට වෙන්නෙ මොකද්ද?? එහෙම නොකළොත් වෙන්නෙ මොනවද?? කියන සේරම... Real Technical Operation එක එහෙම්පිටින්ම... තව ටික කාලෙකින් Main Thread එකට ලියල publish කරනවා!!! !!! !!! හෙණ 'ලොකු කතන්දරයක්'!!! !!! !!! ඒකෙදි, භවය / කර්ම - කර්ම විපාක / සංසාර අනතුර (ගහගෙන යන එක) කියන දේවල් එහෙම්පිටින්ම එළිදරව් වෙනවා!!! !!! !!! සංසාර පැවැත්මේ බරපතල කම.. භයානක කම.. මුළු ලෝකෙම එවුන්ට බොක්කටම වදින්න දැනගන්න ලැබෙන්නෙ... කෙළවගත්ත / non complied එවුන්ට රෙවෙන්න ගන්නෙ... ඒ හරිය එළිදරව් වුණාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම Main Thread එක ටික කාලෙකට නවත්තලා මේක කරන්න ගත්තෙත්, ඒ 'හොඳ හරිය' එළිදරව් කරන්න කලින් තව පුළුවන් තරම් පිරිසක් ගොඩ දාල ඉන්න.. සංසාර අනතුරෙන් බේරලා ඉන්න.. සෝවාන් කරල ඉන්න.. උවමණාවටයි!!! !!! !!! දැන් ඒකත් හරි. තව ඉතුරුවෙලා තියෙන්නෙ, භවය ගැන ලාවට ලාවට කියල දීල... ඇයි උඹල අර මං කලින් සඳහන් කරපු සියලුම ආකාරයේ පූජාවල් - වන්දනාවල් - යාඥා කිරිලි - ජප කිරිලි සේරම නවත්තන්න ඕනේ?? ඇයි උඹල ඒ කුණුහරුප වැඩවලින්.. සීලබ්බත පරාමාස වලින්.. එහෙම්පිටින්ම වැළකෙන්න ඕනේ?? කියන බව කියල දීල... මේ blog එක ඉවරයක් කරන්න තමයි.