Thursday, April 30, 2015

කලින් ලිපිය


හොඳයි! ඊළඟට බලමු අර දැනගන්න තියන කරුණු ටික.

මුලින්ම තියෙන්නෙ 'අවබෝධය' / 'අවබෝධ කරනවා' / 'අවබෝධ කරගන්නවා' කිය කියා තියන, මේ ධර්ම මාතෘකාවෙ තියන කැතම කැත වචන set එක!!! ඒ කෙහෙල්මල් වචන ටික කොච්චර කැතද කියනවා නම්, 'අවබෝධ කරගන්න'.. 'අවබෝධ කරගනින්'.. 'අවබෝධ කරපිය'.. ගගා කොච්චර කිව්වත්, මොකෙකුටවත් තේරෙන්නෙ නෑ, ඒ මොකද්ද කරන්න කියන්නෙ?? මොකද්ද කරගන්න තියෙන්නෙ?? කියලා. හැබැයි ඒ අවබෝධ කරගන්නවා / අවබෝධ වෙනවා කියන්නෙ, එච්චර ගණන් ගන්න තරම් මහා ලොකු... මහා බරපතල... අද්භූත... දෙයකුත් නෙවෙයි!!! !!! !!! මෙන්න මේකයි වැඩේ.

සත්වයෙකුට, රූප (පාට - හැඩය) / ශබ්ද / ගඳ සුවඳ / රස / ස්පර්ශ (උෂ්ණත්වය - සීතල - පීඩනය වගේ දේවල්) / අරමුණු (ආසාව - කේන්තිය - බය - ලැජ්ජාව වගේ දේවල්) දැනගන්න, අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙ වෙන්නේ නෑ!!! රූපයක් නම් ඇහැට පෙනිච්ච සැණින්.. සද්දයක් නම් කණට ඇහිච්ච සැණින්.. ගඳක් සුවඳක් / රසක් / පහසක් නම් නහයට / දිවට / කයට දැනිච්ච සැණින්.. අරමුණක් නම් සිහිවෙච්ච සැණින්.. සත්වයාට ඒ දේවල් දැනගන්න පුළුවන් වෙනවා!!! !!! !!! හැබැයි මේ ධර්ම කතාවෙදි කියවෙන සිත / විඥාණය / භවය / කර්ම / පංච උපාදානස්කන්ධය / සක්ඛාය දිට්ඨිය කිය කියා තියන මොන කෙහෙල්මලක් වත්, කිසිම සත්වයෙකුට ඇහෙන් බලල.. කණෙන් අහල.. ඉඹල / ලෙවකාල / අල්ලල අතපත ගාලා.. දැනගන්න පුළුවන් දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් තමන්වහන්සේගේ විශිෂ්ඨ ඥාණයෙන් දැනගෙන / තේරුම් අරගෙන.. ඒ අදාළ කාලයේ මනුස්සයන් අතරේ අදහස් හුවමාරු කරගන්න / communicate කරන්න යොදාගන්න භාශාවක් උපයෝගී කරගෙන.. ඒ දේවල් ගැන අනික් අයට කියල දුන්නාම, දෙවි - මිනිස් සත්වයෝ ඕනෙම කෙනෙකුට ඒ කියන දේවල් හරියටම දැනගන්න / තේරුම් ගන්න පුළුවන් වෙන්නේ, ටිකක් කල්පණා කර කර බලල... 'හිතල'... එහෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ විදියට හිතල / කල්පණා කර කර බලලා දැනගන්න එක.. නැත්නම්, 'නුවණින් විමසලා' දැනගන්න එක.. හඳුන්වන්න, අපි 'අවබෝධ කරගන්නවා' නැත්නම්, 'අවබෝධ කරනවා' කියල 'නමක්' පාවිච්චි කරනවා!!! !!! !!! හරිය?? Just a NAME !!! !!! !!! Okay?? එච්චරයි.

ඉතිං එතකොට, මේ ධර්ම කතාවෙදි උඹල හැමෝටම 'අවබෝධ කරගන්න'.. 'අවබෝධ කරගනින්'.. 'අවබෝධ කරපිය'.. කිය කියා කියන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාදීපු දේ හරියටම තේරුම් ගන්න!!! හොඳටම දැනගන්න!!! කියන එක තමයි!!! !!! !!! ආයෙ, කෙනෙක් ඒ ධර්මය 'අවබෝධ කරගන්නවා' / 'අවබෝධ කරනවා' කියන්නෙත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දුන්නු දේ.. නැත්නම් 'ධර්මයෙන්' කියවෙන දේ.. තම තමන් හරියටම දැනගන්නවා!!! තේරුම් ගන්නවා!!! කියන එකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ වගේම, මේ ධර්ම කතන්දරේදී භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දුන්නෙත්.. ධර්මයෙන් කියවෙන්නෙත්.. 'මේ සත්වයෝ කියන එවුන් ඔක්කොම සංකතයි!!! තාවකාලිකයි!!! අනිත්‍යයි!!! උන් මීට කලින් ඉපදිලා ඉඳල තියන එවුන් වත්.. ආයි ආයි උපදින්න පුළුවන් එවුන් වත්.. නෙවෙයි!!! මේ සත්වයන්ගේ එකෙක් මැරෙණකොට තා එකෙක් උපදින.. ඌ මැරෙණකොට තා එකෙක් උපදින.. ඌ මැරෙණකොට තවත් එකෙක් උපදින.. කෙළවරක් නැති ඉපදීමට හේතුවෙලා තියෙන්නෙත්, ඒ ඉපදෙන කිසිම සත්වයෙක් තමන් අනිත්‍යයි / තාවකාලිකයි කියන බව 'නොදන්නකම'ම...'අවිද්‍යාව'ම... තමයි!!!' කියලයි!!! !!! !!! අන්න ඒ නිසා, යම් කෙනෙකුට ඒ කියාපු දෙය අවබෝධ උනා!!! යම් කෙනෙක් ධර්මය අවබෝධ කරගත්තා!!! කියන්නේ, එයා / ඒ කෙනා, 'තමන්' තාවකාලික / අනිත්‍ය කෙනෙක්ය කියන බව දැනගත්තා!!! තේරුම් ගත්තා!!! කියන එකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ.. අනික් එක, කෙනෙක් එහෙම ලබාගත්තු අවබෝධයක්.. 'මාර්ගඵලයක්'.. ගැන, "මට තේරුණා!! මං දැනගත්තා!!" කියල තව කාටවත් කිව්වයි කියල, ඒ දැනගත්තු දේ ආයෙ නැතිවෙන්නෙ / අමතක වෙන්නෙ ('ඵලේ' හැලෙන්නෙ ) එහෙම නම් නෑ!!! !!! !!! ඒ වගේම, උඹල කාටහරි ධර්මය අවබෝධ උනයි කියල... නොදැන හිටිය දෙයක් දැනගත්තයි කියල... උඹලගෙ තියන අවයව මොකක්වත් වැඩකරන්නෙ නැතුව යන්නෙ.. උඹලව පාවෙන්න ගන්නෙ.. කෑම දිරවන්නෙ නැතුව යන්නෙ.. ගෙවල්වල ඉන්න බැරුව යන්නෙ.. දවස් 7න් මැරෙන්නෙ.. ඒ ඒ එහෙම අබල් බබල් මොකුත්ම වෙන්නෙත් නෑ!!! !!! !!! ඒ උඹල අහල / කියවලා තියන තරමක් කුණුහරුප කතන්දර සේරම ඇවිල්ලා, සිවුරු දාගෙන හරි නැතුව හරි 'බණ' කියනවයි කිය කියා පයිත්තියන් දොඩවපු, උද්ධච්ච බකපණ්ඩිත කාලකණ්නි මොට්ට බූරුවන්ගේ ගොං කතා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හරි! ඊළඟට ඔය උදවිය දැනගන්න ඕනෙ කරන්නේ, මොකද්ද අපි දෙයක් 'දන්නව'යි කියන්නෙ?? නැත්නම්, කොහොමද අපි දෙයක් 'දන්නවා' වෙන්නෙ?? කියන එක තමයි.

යං කො 'අ' යනු 'ආ' යනු කියලා.. නැත්නම් 'A B C D' මොන මොනවා හරි කියලා.. ජීවිතේ පටන්ගත්ත තැනටම. මුළින් මොකුත්ම දන්නෙ නෑ!!! අම්ම / තාත්ත කවුරුහරි කෙනෙක් "මෙන්න පුතේ / දුවේ / බබෝ / යකෝ 'අ' යන්න!!" කියලා, අකුරේ හැඩය ඇඳල පෙන්නන ගමන් කියවෙන විදියත් සද්ද කරලා පෙන්නනවා. අන්න එතකොට ඒ බබා, අකුරෙ හැඩෙයි ඒක කියවෙන සද්දෙයි දෙක දැනගන්නවා!!! ඒ දැනගන්න ඒවා එහෙම්මම මතක හිටිනවා!!! ඊට පස්සෙ ඉතිං, සද්දෙ ඇහෙනකොට හැඩේ මතක්වෙනවා.. හැඩේ දැක්කම සද්දෙ මතක්වෙනවා.. ඕනෙ තැනකදි අඳුනගන්න පුළුවන්!!! !!! !!! ඉතිං හරි!!! එයා 'අ' යන්න දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට එයාට 'ල' යන්නත් කියල දීලා... 'අල' කියල ලියල / කියල පෙන්නන ගමන්, තම්බපු අල ගෙඩියකුත් පෙන්නලා... කෑල්ලක් කන්නත් දුන්න නම්, 'අල' කියන අකුරු රටාවෙ හැඩයයි.. ඒ හැඩය සද්ද වෙන විදියයි.. පෙන්නපු අල ගෙඩියෙ හැඩයයි.. එයින් කෑල්ලක් කෑවම දැනෙන රසයයි.. සේරම එයා එකසැරේ දැනගන්නවා!!! ඒ දැනගන්න ටික එහෙම්මම මතක හිටිනවා!!! ඒ පාර ඒකා 'අල' පිලිබඳ විසේසඥයෙක් වෙනවා!!! !!! !!! අල ගැන හොඳට දන්න එකෙක් වෙනවා!!! !!! !!! හැබැයි මොකද්ද එතනදි ඒ වෙන්නෙ?? යම් දෙයකට අදාළව ඇහෙන් / කණෙන් / නහයෙන් / දිවෙන් / කයෙන් / මනසින් සේරගෙන්ම දැනිච්ච දේවල් ගොඩක්, එක සංයුක්ත මතකයක් (data set එකක් / දත්ත කට්ටලයක්) හැටියට මතක හිටිනවා!!! ඊටපස්සෙ ආයි පාරකට ඒ දැනිච්ච එක දෙයක් හරි දැනිච්ච ගමන්, අර කලින් මතක හිටපු (ගබඩා වෙච්ච / store වෙච්ච) data set එකම මතක්වෙනවා!!! !!! !!! Refresh වෙනවා!!! !!! !!! ඇස්දෙක පියාගන්න කියල අල කෑල්ලක් කන්න දුන්නත් "ආ.. මේ අල නේ!!" කියල අඳුනගන්නවා!!! කොහෙදි දැක්කත් "ආ.. අන්න අලයක්!!" කියල අඳුනගන්නවා!!! මොකද, එවෙලෙ දැනගන්නෙ එක දෙයක් උනාට, ඒ දැනගන්න දේටම අදාළ තව data set එකක්ම මතකයේ තියනවා!!! !!! !!! හරිය??

ඉතින් එතකොට, බලාගෙන ගියාම මොකද්ද අපි යමක් දන්නවයි කියන්නෙ?? අපි යමක් / දෙයක් දන්නවයි කියන්නෙ, කලින් අවස්ථාවක දැනගත්තු දේවල් වල මතකයක් අපිට තියනවයි කියන එකට තමයි!!! !!! !!! කොහොමත් සත්වයෝ කියන එවුන්ට තියෙන්නේ, 'මතකයකුයි' (පංච උපාදානස්කන්ධයකුයි).. හිතල / කල්පණා කරල තව තව දේවල් කියන්න / කරන්න / හිතන්න හැකියාවකුයි.. විතරයි නෙව??? ඉතින්, උන්ගෙ ඕනෙම 'රෙද්දකට' සම්බන්ධ වෙන්නේ (අදාළ වෙන්නේ / බලපාන්නේ) උන්ගෙ පංච උපාදානස්කන්ධයන්ම (මතකයන්ම) තමයි!!! !!! !!!


හොඳයි! දැන් අන්තිමට ඔය උදවිය හරියටම දැනගන්න ඕනෙ කරන්නේ, එතකොට ඔය එක සත්වයෙකුට.. යම් කෙනෙකුට.. මතක හිටපු එයා දැනගත්තු දෙයක් / දැනගත්තු දේවල්, සංසාර පැවැත්ම නිසා අලුතෙන්ම හැදෙන / ඉපදෙන වෙනින් සත්වයෙකුට ලැබුණාම, මොකද්ද වෙන්නේ??? ??? කියන එක තමයි!!! වෙන මොකුත් වෙන්නෙ නෑ, ඒ අලුතෙන්ම ඉපදිච්ච සත්වයා එයාට ලැබිච්ච මතකයේ තියන දේවල් සම්බන්ධයෙන්, 'උප්පත්තියෙන්ම දන්න පොරක්' වෙනවා!!! !!! !!! අන්න එතකොට, මේ 'සංසාර පැවැත්ම' ගැන ඇත්ත කතන්දරේ නොදන්න ගොං මිනිස්සුන්ට / ගොං විද්‍යාඥයන්ට කටවල් ඇරගෙන.. පුකවල් ලොකු කරගෙන.. බලාගන ඉන්න, ලොකු ලොකු දේවල් කියන... ලොකු වැඩ කරන... හරි පුදුමාකාර 'අරුම පුදුම' පොඩි ළමයි / තිරිසන් සත්තු හැදෙනවා!!! !!! !!! ඒ වගේම, මේ ඉපදිලා ඉන්න මොළේ කඳුලක් හරි තියන ඕනෙම මනුස්සයෙක් / ගෑනියෙක් දැන් 'තමන් සංසාරෙ ආව / සංසාරෙ යන්න පුළුවන් කෙනෙක් නෙවෙයි!! හැබැයි සංසාර පැවැත්ම නිසා තඩි අතීත මතකයක් නම් තමන්ට ලැබිලා / copy වෙලා තියනවා!! ඒක තමුන්ගෙ නෙවෙයි!!' කියල දැනගෙන මළාම, එයාගෙන් ඊළඟට හැදෙන තරමක් එවුන් ඒ 'ඇත්ත කතන්දරේ' උපතින්ම දන්න එවුන් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය???