Thursday, May 19, 2016

කලින් ලිපිය


ඊළඟට තව ශෝක් seen එකක් තියනවා. දැන් ඔය මොනව හරි අලුත් දෙයක් මිනිස්සුන්ට හඳුන්වලා දෙනකොට... මිනිස්සුන්ට අලුතෙන් යමක් ඉදිරිපත් කරනකොට... ඉස්සෙල්ලම ඒක ගැන.. ඒකෙ විශේෂාංග ගැන.. ඒක තෝරාගැනීමෙන් තම තමන්ට ලැබෙන වාසි ප්‍රයෝජන වගේ දේවල් ගැන.. මිනිස්සුන්ට කියල දීල ඉන්න එපාය??? නැත්නම්, ඒ ඒ දේවල් වල ලක්ෂණ (features) / ගුණ අගුණ (pros & cons) මේ මේවයි කියලා, මිනිස්සුන්ට අඳුන්වල දෙන්න එපාය??? ??? බුදුහාමුදුරුවොත් ඕකම කළා!!! !!! !!!
උන්වහන්සේ ඉස්සෙල්ලම තමන් ගැන ලෝකයාට අඳුන්වලා දුන්නා!!!
'අරහං' - චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ කෙනෙක්!!! 'සම්මා සම්බුද්ධ' - වෙන කාගෙන්වත් අහගෙන / බලාගෙන නෙවෙයි, තමන් විසින්ම සොයා දැනගෙන අවබෝධ කරගත් කෙනෙක්!!! 'විජ්ජා චරණ සම්පන්න' - සුවිශේෂී හැකියාවල් තියන කෙනෙක්!!! 'ලෝක විදූ' - සියලු ලෝක අවබෝධ කල කෙනෙක්!!! 'සත්ථා දේව මනුස්සානං' - සියලු දෙවි මිනිසුන්ට පාර පෙන්වන කෙනෙක්!!! කිය කියා, තමන්වහන්සේ කවුද කියල කිව්වා!!! !!! !!!
ඊළඟට උන්වහන්සේ තමන් දේශණා කළ ධර්මයත් ලෝකයාට හඳුන්වලා දුන්නා!!!
'සංදිට්ඨික' - මේ ජීවිත කාලය තුළදීම අවබෝධ කරගන්න පුළුවන් දෙයක්!!! 'අකාලික' - ජීවමාණ බුදුකෙනෙක් හිටියත් නැත්තත් අවබෝධ කරගන්න පුළුවන් දෙයක්!!! 'ඒහි පස්සිකෝ' - 'ඇවිල්ල බලපං යකෝ!!' කියල, ඕනෙම ලොක්කෙකුට බය නැතුව කියන්න පුළුවන් දෙයක්!!! *{'ධර්මය' කියන්නෙ කාගෙවත් දර්ශණයක්.. හිතල / ගොතල කියපු කෙහෙල්මලක්.. නෙවෙයි!!! !!! !!! සියලු ලෝක සත්වයන්ට පොදු ධර්මතාවයක්!!! !!! !!! තනිකරම ස්වභාවධර්මයේ කතන්දරයක්!!! !!! !!! ඉතින් කාට උනත් "ධර්මය ඇත්තද බොරුද කියල උඹම ඇවිත් බලාගනින්!!" කියන්න, බයවෙන්න ඕනෙ නෑ!!! !!! !!! } 'ඕපනයිකෝ' - ඇවිත් බලපිය කිව්වාම, ගිහිං වට පිට බල බල ඉන්න.. වෙන එවුන්ගෙන් අහ අහ ඉන්න.. උවමණා නෑ!!! තමන් දිහා බැලුවම (අවධාණය යොමු කළාම) බලාගන්න පුළුවන්!!! මොකද, තමන්ගෙ ඇඟේ වෙන්නෙත් ඒ 'ධර්ම කතාවෙ' කියවෙන දේවල්ම.. ඒ විදියටම.. තමයි!!! 'පච්ච්ත්තන් වේදිතබ්බෝ විඥ්ඥුහි' - තම තමන්ගෙ අවබෝධ කරගැනීමේ හැකියාව (ප්‍රඥාව) අනුව, කාලය අරගෙන අවබෝධ කරගන්න... අවබෝධය සම්පූර්ණ කරගන්න... තියන දෙයක්!!! *{'හොඳම මීටර්' මේ කියනකොට මේ අවබෝධ කරගන අරහත්වයට පත්වෙනවා!!! 'එච්චරම හොඳ නැති මීටර්' දවසෙන් දෙකෙන්.. සුමානෙන් දෙකෙන්.. අවබෝධය සම්පූර්ණ කරගන රහත්වෙනවා!!! 'ටිකක් සවුත්තු මීටර්' මාසෙන් දෙකෙන්.. අවුරුද්දෙන් දෙකෙන්.. අවබෝධය සම්පූර්ණ කරගන්නවා!!! රහත්වෙනවා!!! 'අන්තිම සවුත්තු මීටරයක්' උනත් අවංක උවමනාවකින් try කළොත්, අවුරුදු 7ක් ඇතුළත අවබෝධය සම්පූර්ණ කරගන්නවා!!! රහත්වෙනවා!!! } කියලා, ධර්මය ගැනත් කිව්වා!!! !!! !!!
ඊළඟට උන්වහන්සේ ආර්ය මහා සංඝරත්නයත් ඒ විදියටම හඳුන්වලා දුන්නා!!!
'සුපටිපන්න' - රහත්වෙන්න / නිවන් දකින්න.. නැත්නම්, සංසාරෙන් එතෙරවෙන්න.. උවමණාවටම මහණවෙච්ච උදවිය!!! *{පන්සල් - දේවාල හදන්න.. ගස්වලට වැටවල් ගහන්න.. තොරන් ගහන්න.. මිනිස්සු සංසාරෙ යවන්න.. මහණවෙච්ච එවුන් නෙවෙයි!!! !!! !!! } 'උජුපටිපන්න' - රහත්වෙන්න / නිවන් දකින්නම කාලය කැපකරන උදවිය!!! *{Business කරන.. දේශපාලනය කරන.. මහා ගොං කම් - පෙරහැරවල් කරවන.. union lead කරන.. ගොං බණ කිය කියා ගම කන.. එවුන් නෙවෙයි!!! !!! !!! } 'ආහුනේයිය' 'පාහුනේයිය' - තමන්ගෙ අය වෙනුවෙන් සකස්කළ.. පිටතින් එන අය වෙනුවෙන් සකස්කළ.. අහාර පාන පිළිගැන්වීමටත් සුදුසුයි!!! *{තමන්ගෙ හෝ පිටතින් එන එවුන් වෙනුවෙන් සකස්කරපු කෑම බීම වෙන කාටහරි දුන්නොත් උන් upset වෙන නිසා, එතනදි තමන්ට පොඩි පාඩුවක් / damage එකක් / පවක් සිද්ධවෙනවා!!! !!! !!! ඒත් උන් හුඟදෙනෙක් ගොං මිනිස්සු නිසා, ඒ සිද්ධවෙන damage එක පොඩියි!!! !!! !!! 'සත' ගාණයි කියමු. ඒත් ආර්ය මහා සංඝරත්නය මාර්ගඵල ලාභීන් නිසා, ඒ උදවියට දීමෙන් තමන්ට ලැබෙන ලාභය / පිණ මහා විසාලයි!!! !!! !!! 'රුපියල් කෝටි - ප්‍රකෝටි වළින්'ය කියමු. අන්න ඒ නිසා, තමන්ගෙ හෝ පිටතින් එන එවුන් වෙනුවෙන් හදාපු ආහාර පාන උනත් කමක් නෑ, ආර්ය සංඝයාවහන්සේලාට දීම සුදුසුයි!!! !!! !!! } කියලා, ආර්ය සඟ පිරිස ගැනත් කියා දුන්නා!!! !!! !!!
මේ.. මං ඔය තැන් තැන්වලින් ගත්තු කාරණා කිහිපයක් විතරක් ලිව්වේ, ගොඩ දෙනෙක් එව්වයි හරි තේරුමවත් දන්නෙ නැති නිසයි!!! !!! !!! කොහොම හරි, "ඉතිපි සෝ භගවා ~" "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ~" "සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ~" හැටියට තියන ඒ කරුණු කාරණාවල් සේරම කියලා, භාග්‍යවතුන්වහන්සේ කෙරුවේ 'බුද්ධ' 'ධම්ම' 'සංඝ' කියන රත්නත්‍රය (රත්න 3 / මැණික් 3) සියලු දෙවි මිනිසුන්ට හඳුන්වාදුන්න එක තමයි!!! !!! !!!

** 'රත්න' නැත්නම් 'මැණික්' කියල අඳුන්වල තියෙන්නේ, 'බුද්ධ' 'ධම්ම' 'සංඝ' වල 'අගුණ' (cons) මොකුත් නැති නිසයි!!! බුදු අගුණ - දහම් අගුණ - ආර්ය සඟ අගුණ කියලා නෑ නේ?? එව්වයි තියෙන්නෙ 'ගුණ' (pros) විතරයි!!! බුදු ගුණ - දහම් ගුණ - ආර්ය සඟ ගුණ කියල විතරයි!!! ඒකයි!!! !!! !!!


එතකොට, ඒ 'තුණුරුවන්' හඳුන්වාදුන්න එක හරියට,
* 'ලොකු color display එකක් තියනවා!! Selfie camera එකකුත් තියනවා!! Internet යන්නත් පුළුවන්!! MP3 - video හිටං තියනවා!! බැටරියත් ගොඩක් දවස් තියනවා!! හරිම හුරුබුහුටියි!!' කියලා, PHONE එකක් හඳුන්වලා දෙනවා වගේ...
* 'රෝස් කරන්න - bake කරන්න - grill කරන්න ඔක්කොම පුළුවන්!! හොඳට ඉඩකඩ තියනවා!! Current එක ගොඩක් පිච්චෙන්නෙත් නෑ!! වැඩි ගාණක් වෙන්නෙත් නෑ!! අවුරුදු 40ක වගකීමක් තියනවා!!' කියලා, OWEN එකක් හඳුන්වලා දෙනවා වගේ...
* 'අහවල් cooling තාක්‍ෂණය තියනවා!! එළවලු පළතුරු නැවුම්ව තියනවා!! Ice බැඳෙන්නෙත් නෑ!! පරිසර හිතකාමියි!! ඕනෙ පාටකින් ගන්නත් පුළුවන්!!' කියලා, FRIDGE එකක් හඳුන්වල දෙනවා වගේ...
නිකම්ම නිකම් හඳුන්වා දීමක්  විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මෙන්න බොලේ මේ කාලකණ්නි ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ, phone එක owen එක ඇතුලට දාල... owen එක fridge එක ඇතුලට දාල... fridge එක ඉස්සරහින් මල් - පහන් - හඳුන්කූරු - දැහැත් - බෙහෙත් - ගිලන්පස - සිවුරු - පිරිකර ගොඩගහල... සුදුපාට රෙදි ඇඳගෙන.. හතරගාතෙ දාගෙන.. බිම ලැගගෙන.. "නමෝතස්ස.. moreතස්ස.. moreතස්ස.. සාදු!! සාදු!! සාදු!! ලොකු color display එකක් තියනවා.. selfie camera එකකුත් තියනවා.. internet යන්නත් පුළුවන්.. mp3 - video හිටං තියනවා.. බැටරියත් ගොඩක් දවස් තියනවා.. හරිම හුරුබුහුටියි.. සාදු!! සාදු!! සාදු!! රෝස් කරන්න - bake කරන්න - grill කරන්න ඔක්කොම පුළුවන්.. හොඳට ඉඩකඩ තියනවා.. current එක ගොඩක් පිච්චෙන්නෙත් නෑ.. වැඩි ගාණක් වෙන්නෙත් නෑ.. අවුරුදු 40ක වගකීමක් තියනවා.. සාදු!! සාදු!! සාදු!! අහවල් cooling තාක්‍ෂණය තියනවා.. එළවලු පළතුරු නැවුම්ව තියනවා.. ice බැඳෙන්නෙත් නෑ.. පරිසර හිතකාමියි.. ඕනෙ පාටකින් ගන්නත් පුළුවන්.. සාදු!! සාදු!! සාදු!!" කිය කියා, වන්දනා කොරන්න තියාගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. හරියට, 'බෞද්ධයො' කියන්නෙ මොළේ හොඳ නැති එවුන් ජාතියක් වගේ!!! !!! !!!

හොඳට දැනගනිල්ලා, තොපිලගෙ ඔය මහා ලොකු 'තෙරුවන් වන්දනාව' ඇවිල්ලා, අන්න ඒ ජාතියේ කිසිම තේරුමක් නැති... සත පහකවත් පිණක් හම්බවෙන්නෙත් නැති... සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ හදාපු, තවත් එක් අමුම අමු තිත්ත කුණුහරුප වැඩපිළිවෙලක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඉතීන්.. තොපිට දැන්වත් තේරුණයි?? පිළිම / රූප වල හැඩේ මොකක් උනත්... size එක මොකක් උනත්... තොපි එව්ව ඉස්සරහ මොන මොන දේවල් ලස්සනට ගොඩගැහුවත්... ගල් - ගඩොල් - මැටි - සිමෙන්ති - PoP - කඩදහි - කාඩ්බෝඩ් - රෙදි කෑලි වලට වැන්දයි කියලා, 'බුද්ධ' 'ධම්ම' 'සංඝ' වල features / pros & cons කියව කියව හිටියයි කියලා, තොපිට පින් කඳුළක්වත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පොඩි සරල උදාහරණයක් කිව්වොත්, උඹ පිළිමෙකට - රූපෙකට වැඳලා.. තුණුරුවන්ගෙ features / pros & cons කියලා.. පින් බලාපොරොත්තු වෙනවයි කියන්නේ, අයිතිකාරයො කවුරුවත් නැති පාලුවට ගියපු වත්තක් උදලු ගාලා.. අතුපතුගාල සුද්ද කරලා.. සල්ලි බලාපොරොත්තු වෙනවා වගෙයි!!! උඹට සල්ලි හම්බවෙන්නේ නෑ!!! !!! !!! සල්ලි දෙන්න කවුරුවත් නෑ නේ???


හැබැයි ඔය පිළිම / රූප වන්දනාවෙන් බොලාට පින් ලැබෙනවා වෙණුවට, වෙනින් ලස්සන වැඩක් නම් සිද්ධවෙනවා!!! !!! !!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ... සැරියුත් - මුගලන් - ආනන්ද - මහා කාශ්‍යප - අනුරුද්ධ - කොට්ටිත - සීවලී ආදී මහරහතන් වහන්සේලා... මීට කලින් හිටපු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා... කවුරුවත්, දැන් මේ විශ්වයේ කොහේවත් නැහැ නෙව??? ඒ සේරමල පිරිණිවන් පෑවා නෙව??? ඉතිං, එහොම 'නැති කෙනෙක්' / 'නැති උදවිය' වෙනුවෙන් රූප හදාගෙන - ඇඳගෙන වඳිනවා කියන්නේ, මහා මැටිමෝල් වැඩක්... මොට්ට වැඩක්... ගොං තකතීරු වැඩක්... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, එහෙම මැටි මෝල් වැඩකරන එවුන්ට... මොට්ට වැඩ කරන එවුන්ට... නැත්නම්, මිත්‍යාදෘෂ්ඨිකයන්ට... උපත් දෙකයි!!! එක්කෝ නිරය!!! නැත්නම් තිරිසන් යෝනිය!!! කියලයි!!! !!! !!!
මොකද, කිසිම පිණක් නොලැබෙන.. පින් කියල හිතාගත්තු.. කුණුහරුප වැඩ කියන්නේ, තනිකරම සංස්ඛාර තොගයක් විතරයි!!! !!! !!! එතකොට, සංස්ඛාර කරන්න කරන්න වෙන්නේ විඥාණය / භවය තව තවත් ලොකුවෙන එකයි!!! !!! !!! අන්න ඒ නිසා, තොපේ ඔය 'කුණුහරුප පූජා'.. 'කුණුහරුප වන්දනා'.. වලින් වෙන එකම සෙතේ, එව්ව කොරන්න කොරන්න තොපිලගෙ භව තව තවත් ලොකුවෙන / වණවෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, එහෙම එහෙම්පිටින්ම වණ කරගත්ත... එහෙම්පිටින්ම චොර කරගත්ත... භව වල අවසාන ප්‍රතිඵලේ, තොපිව මැරිච්ච ගමන් අපාගතවෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බැරිවෙලා වත් භවය එහෙම්පිටින්ම චොර නොවී තිබිල යන්තම් හරි අපායට නොවැටී බේරුණොත්, ඊළඟට තිරිසන් ජීවිතයකට set වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ "මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම්, තිරිසන් යෝනිය!!" කියලා, කෙළින්ම කිව්වේ ඒකයි!!! !!! !!!

Note: මිත්‍යාදෘෂ්ඨික = සම්‍යක්දෘෂ්ඨික නැති උදවිය!!! !!! !!! 'සත්‍ය' නැත්නම්, 'චතුරාර්ය සත්‍ය' නොදන්න උදවිය!!! !!! !!!
1) දුක - සේරම දුක්වලට මුල මේ හැදිල තියන තාවකාලික ඇඟවල් තමයි!!!
2) දුකට හේතුව - මේ ඇඟවල් හැදුණේ භවය නිසයි!!! !!! !!!
3) දුක නැතිකිරීම - මේ ඇඟවල් හැදෙන එක නවත්තන්න පුළුවන් භවය නිරුද්ධකර දැමීමෙන් විතරයි!!!
4) දුක නැතිකිරීමේ මාර්ගය - භවය නැතිකරන්න පුළුවන් සක්ඛායදිට්ඨියෙන් / මුළාවෙන් මිදිලා, 'සියලු සංස්ඛාර වලින් වැළකිලා සිත සමාධිගත කරගැනීමෙන්' නැත්නම්, 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන්' තමයි!!! කියන බව නොදන්නා උදවිය!!! !!! !!!
අන්න ඒ නිසා, සංසාර දුකින් නිදහස් වෙන්න සම්මා සති.. සම්මා සමාධි.. දියුණු කරගන භවය නිරුද්ධ කරගන්නවා වෙණුවට, වැඳ වැඳ පූජ කොර කොර සංසාරෙ යන්න බලාගෙන ඉන්න ඕනෙම ගොං සංඝයෙක් / ගොං බෞද්ධයෙක් ඇවිල්ලා, තනිකරම මිත්‍යාදෘෂ්ඨිකයෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හොඳට දැනගනිල්ලා!!! මතක තියාගනිල්ලා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "උඹල මං නැති කාලෙට මගේ හැඩේට පිළිම හදාගෙන... රූප ඇඳගෙන... වැඳ වැඳ හිටහල්ලා!! ඒවාට පූජා තියහල්ලා!!" කියලා, කොහේදි වත්.. කොයිම දේශණාවකදි වත්.. කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ උඹල හැමෝටම කිව්වේ, උඹල මං නැති කාලෙට මං කියල දීපු ධර්මයම උපකාර කරගෙන, උඹලගෙ ගැළවීම උඹලම හදාගනිල්ලා!!! "අත්ත දීපා භික්ඛවේ විහරථ.. අත්ත සරණා!! අනඥ්ඥ සරණා!! ධම්ම දීපා භික්ඛවේ විහරථ.. ධම්ම සරණා!! අනඥ්ඥ සරණා!!" {(සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) තමන්වම තමන්ට දූපතක් කරගන්න.. තමන්වම තමන්ගේ පිළිසරණය කරගන්න!! වෙන පිළිසරණ හොයන්න එපා!! (සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) ධර්මය තමන්ට දූපතක් කරගන්න.. ධර්මයේ කියවෙන විදියට කටයුතු කරලා, ගහගෙන නොගිහින් බේරෙන්න!! වෙන බේරෙන්න ක්‍රම හොයන්න එපා!!} කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔය 'පිළිම වන්දනා' - 'පිළිම පූජා' කියන අමු තිත්තකුණුහරුප වැඩපිළිවෙලවල් තොපිට හඳුන්වලා දුන්නේ, පිළිම හැදිල්ල.. පිළිම වන්දනාව.. මහා ලොකු පිං කමක්ය කියාපු... 'අටමහ කුසල්' හදාපු... සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උන්ගෙ අරමුණ ඉටුකරගන්න... නැත්නම්, තොපිව සංසාරෙන් නිදහස්වෙන එක එහෙම්පිටින්ම වළක්වලා, තොපි අනිවාර්යයෙන් අපාගත වෙන තැනට වැඩ set කරන්න... උවමණාවට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගනින්!! බැරිනම් (කුණුහරුප වැඩ නොකර) නිදාගනින්!! නිදාගත්තොත් අපායෙ යැවෙන්නේ නෑ!!" කියලා කල්තියාම කියල තියෙන්නේ, ඔන්න ඔය හන්දම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ධර්මය අවබෝධ කරගෙන.. කෙරෙන්න ඕනෙ දේ තේරුම් අරගන.. එහෙම්පිටින්ම silence වෙලා (පූර්ණ උපේක්ෂාවට පත්වෙලා) භවය නිරුද්ධ කරගන්න බැරි ඕනෙම මෝඩ මිනිහෙකුට / ගෑණියෙකුට, තියනවටත් වඩා භවය වණ කරගන්නෙ නැතුව තියාගන්න තමන්ට කරන්න පුළුවන් හොඳම දේ, නිදාගන්න එක තමයි!!! !!! !!!