Tuesday, May 17, 2016

කලින් ලිපිය


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට පින් රැස්කරගන්න, 'දාන' සීල' 'භාවනා' කියලා පින් රැස්වෙන ක්‍රම 3ක් දේශණා කළා!!! !!! !!! ඒ දේශණා කරලා, එයින් පළවෙනි එක 'දානය'... 'දීම' නැත්නම් 'කෙනෙකුට යමක් දීලා එයාව සනසලා / සතුටු කරලා පින් ලබාගැනීම'... හරි ආකාරයෙන් කෙරන්න නම්, ඒ දානය දෙන්න ඕනෙ විදියත් කියල දුන්නා!!! !!! !!! තවත් විදියකට කිව්වොත්, දානයක් සම්පූර්ණ වෙන්න නම් ඒ දානයේ තිබිය යුතු ගුණාංග 5කුත් උන්වහන්සේ කියා දුන්නා!!! !!! !!!

1) සකස්කොට දිය යුතුයි!!! ** කෑමක් නම් පිරිසුදුවට - පිළිවෙලට හදලා කාරිය... ඇඳුමක් නම් ලස්සනට නවලා - ඔතලා - සරසලා කාරිය... ලබන කෙනාට ප්‍රිය උපදවන ආකාරයට දිය යුතුයි!!!
2) ගෞරව සම්ප්‍රයුක්තව දිය යුතුයි!!! ** "ඉඳා!! ගනිං මේක!!" නැත්නම්, "මැරුම් නොකා ගනිං මේක!!" ඒ.. ඒ.. එහෙම නැතුව, බොහොම ගෞරවයෙන් - සැළකිල්ලෙන් පිරිනැමිය යුතුයි!!!
3) තමන්ගෙම අතින් දිය යුතුයි!!! ** මේ තමයි වැදගත්ම කාරණාව!!! !!! !!! දෙන කෙනාගෙයි.. ලබාගන්න කෙනාගෙයි.. ඔලුගෙඩි දෙක පුලුවාන් තරම් කිට්ටු විය යුතුයි!!! !!! !!! නැත්නම්, දෙන්නගෙ භව දෙක පුළුවන් උපරිමයෙන් සමීප වියයුතුයි!!! !!! !!! Target field එක source field එකට maximum expose විය යුතුයි!!! !!! !!!
4) විසි නොකරන / ඉවත නොදමන දෙයක් දිය යුතුයි!!! ** තමන්ට වැඩක් නැති / වැඩක් ගන්නත් බැරි දේවල් දෙන්නෙ නැතුව, හොඳ ප්‍රයෝජනවත් දෙයක් දිය යුතුයි!!! !!! !!!
5) තමන්ටත් මේ ආකාරයෙන්ම ලැබෙන බව දැනගෙන දිය යුතුයි!!! ** "මෙව්ව බොරු වැඩ!! මෙව්ව කොලාට වැඩක් වෙන්නෙ නෑ!!" කියල එච්චර ගණන් නොගෙන (don't care) දාන දෙන්නෙ නැතුව, දුන්නු දේ අනුව ඵල විපාක ලැබෙන බව... return එක sure බව... දැනගෙන, විශ්වාසයෙන් යුතුව දෙන දෙයක් දිය යුතුයි!!! !!! !!!
ඔය කරුණු 5ම ඇවිල්ල technical cases තමයි!!! අපි එව්ව පස්සෙ සවිස්තරව බලමු!!! ඒත් ඇයි ඔහොම, සකස්කරලා දෙන්න.. ගෞරව සම්ප්‍රයුක්තව දෙන්න.. විසි නොකරන දෙයක් දෙන්න.. කිය කියා කියල තියෙන්නෙ??? හොඳට දැනගන්න. දානයක් දීලා.. යම් දෙයක් දීලා.. පින් ලබාගන්න නම්, ඒක දෙන්න ඕනෙ 'පණතියන' කෙනෙකුටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'පණතියන' සත්වයෙකුටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ දෙන එකෙනුත් උපරිම ප්‍රතිඵල ලැබෙන්න නම් දෙන දෙයක් දෙන්නත් ඕන, ලබන කෙනාගේ හිත චුට්ටක්වත් පෑරෙන්නෙ නැතිවෙන විදියට.. උපරිම වශයෙන් සතුටුවෙන / සැනසීමට පත්වෙන විදියට.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒකයි හේතුව!!! !!! !!!


ඊළඟට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, එහෙම පණ තියන සත්වයෙකුට යමක් දුන්නම ලැබෙන පින් ප්‍රමාණය තීරණය වෙන විදියත් අපට කියල දුන්නා!!! !!! !!! අර කලින් ලිව්වේ, තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නොත් පින් 1යි!!! මනුස්සයෙකුට කෑම වේලක් දුන්නම පින් 100යි!!! කියල. අන්න ඒ case එක!!! උන්වහන්සේ ඒ පින් ලැබෙන විදිය සවිස්තරවම කියා දුන්නේ 'වේළාම සුත්‍රය' කියන සූත්‍ර දේශණාවෙදි තමයි!!! !!! !!! එතෙන්දි උන්වහන්සේ කල්ප ගණනාවකට කලින් හිටපු වේළාම කියල බ්‍රාහ්මණයෙක් දීපු මහා දානයක් ගැන විස්තර කරලා, ".. හැබැයි එක දිට්ඨි සම්පන්න මනුස්සයෙකුට දානයක් දුන්න නම් ඒ වේළාම බ්‍රාහ්මණයා දීපු මහා දානයට වඩා මහත්ඵලයි!! මහානිසංසයි!! එක සෝවාන් කෙනෙකුට දානයක් දුන්න නම් දිට්ඨි සම්පන්න උදවිය 100 දෙනෙකුට දුන්නටත් වඩා මහත්ඵලයි!! මහානිසංසයි!! එක සකෘදාගාමී කෙනෙකුට දානයක් දුන්න නම් සෝවාන් උදවිය 100 දෙනෙකුට දුන්නට වඩා මහත්ඵලයි!! මහානිසංසයි!! එක අනාගාමී කෙනෙකුට දානයක් දුන්න නම් සකෘදාගාමී උදවිය 100 දෙනෙකුට දුන්නට වඩා මහත්ඵලයි!! මහානිසංසයි!! එක රහත්වෙච්ච කෙනෙකුට දුන්න නම් අනාගාමී උදවිය 100 දෙනෙකුට දුන්නට වඩා මහත්ඵලයි!! මහානිසංසයි!!" කිය කියා, ඒ පින් ලැබෙන ආකාරය හොඳටම පැහැදිළි කරලා දුන්නා!!! !!! !!!


එතකොට, එහෙම මාර්ග ඵල මට්ටම වැඩිවෙන්න වැඩිවෙන්න.. 'නිකම් මිනිහෙක්' අනාගාමී - අරහත් කෙනෙක් බවට පත්වෙන්න පත්වෙන්න.. ඒ අයගෙන් ලැබෙන පින් ප්‍රමාණය වැඩිවෙන්න, ඒ මිනිස්සුන්ගෙ සිද්ධවෙන වෙනස මොකද්ද??? ??? ??? ඒගොල්ලො මහත්වෙන්න හරි කෙට්ටුවෙන්න හරි ගන්නවද??? උස යන්න හරි කොටවෙන්න හරි ගන්නවද??? නැත්නම්, බර වැඩිවෙලා වැඩිවෙලා පොළවෙ ගිලෙන්න හරි සැහැල්ලුවෙලා අහසෙ පාවෙන්න හරි ගන්නවද??? ඒත් නැත්නම් ඒ ගොල්ලො කළු වෙලා කළු වෙලා යනවද??? නැත්නම්, අවර්ණ වෙලා නොපෙනී යනවද??? තව.. ගඳ ගහන්න හරි සුවඳ ගහන්න හරි ගන්නවද??? රත්වෙන්න හරි සීතල වෙන්න හරි ගන්නවද??? නෑ!!! !!! !!! නෑ!!! !!! !!! නෑ!!! !!! !!! එහෙම අලකලංචි මොකක්වත් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිකම්ම නිකම් මිනිහෙකුට පිටින් බලල ඒ කවුරුවත් වෙන්කරල අඳුනගන්න / දැනගන්න පුළුවන්වෙන විදිය වෙනස්කම් නම්, මොකුත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එකම වෙනස සිද්ධවෙන්නෙ ඒ ඒ මාර්ගඵල මට්ටම අනුව ඒ අයගෙ භව වල විශාලත්වයෙයි (size).. ශක්ති ප්‍රමාණයෙයි (strength).. තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, මාර්ගඵල මට්ටම අනුව වෙනස් වෙන්නෙ, සත්වයන්ගෙ මනස කියන ආයතන අස්සේ සිද්ධවෙන 'වින් - නාම' ක්‍රියාකාරීත්වයෙන් ගොඩනැගිච්ච විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර වල ශක්ති ප්‍රමාණයයි.. විශාලත්වයයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මාර්ගඵල ලාභී පුද්ගලයන්ට සිව්පසයෙන් උපස්ථාන කළාම මහා පින් කන්දරාවක් ලැබෙන්න හේතුවෙන්නෙත්, අන්න ඒ එයාලගෙ භව වල ප්‍රමාණයයි.. ඒවයෙ ශක්තියයි.. තමයි!!! !!! !!!

මේ.. oscilloscope එකකින් බැලුවොත් පේන විදිය දැක්කනම්, නිකම්ම නිකම් මිනිහෙක්ගෙ මාර්ගඵල මට්ටම වැඩිවෙන්න වැඩිවෙන්න ඒකගෙ භවයේ සිද්ධවෙන වෙනස්වීම කොයිවගේද කියල ඔහෙලට ලස්සනට තේරෙයි. ඔන්න බලාගන්නකො ඒකත් ඇඳල දාන්න. හැබැයි ඉතිං 'භවය' කියන්නෙ මාර්ගඵල මට්ටම මොකක් උනත් කෙනෙක් හිතන දේවල්.. මුහුණදෙන දේවල්.. අනුව ලොකුවට වෙනස්වෙන්න පුළුවන් දෙයක් නිසා, ඒක ඇඳල පෙන්නන්න ලේසිත් නෑ!!! එක්කෙනෙක් ගෙන් මාස 6ක් විතර එකදිගට data අරගෙන average කරලා ගත්තොත්, මෙන්න මේවගේ තියෙයි!!! අනික මේ ඇවිල්ල එහෙම්පිටින්ම technical seen එකක් නිසා, මොකුත්ම නොතේරුණත් අවුළක් නෑ. හොඳේ.



මාර්ගඵල මට්ටම අනුව 'භවයක්' (විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයක්) වෙනස්වන විදිය.


ඉතිං.. දැන් ඔහෙලට හොඳටම පැහැදිළියි නේ, පින් ලැබීමක් සිද්ධවෙනවා නම් සිද්ධවෙන්නේ, පණ තියන සත්වයෙකුගේ දුක් පීඩා නැතිකරලා ඒකව / එයාව සනසනකොට.. අස්වසනකොට.. ප්‍රමාණයෙන් කුඩාවෙන ඒ සත්වයාගෙ / කෙනාගෙ භවයෙන් ඇතිවන තමන්ගෙ භවය කුඩාකරන්න හේතුවෙන බලපෑම නිසයි!!! !!! !!! එතකොට, මාර්ගඵල මට්ටමත් එක්ක කෙනෙක්ගෙන් ලැබෙන පින් ප්‍රමාණය වැඩිවෙන්නේ, ස්වාභාවිකවම කුඩා වෙලා.. ශක්තිමත් වෙලා.. තියන ඒ අයගෙ භව වලින්, සාමාන්‍ය සත්වයන්ගේ භව වලින් තමන්ගෙ හවය කුඩාකරන්න ඇතිකරන බලපෑමට වඩා ගොඩාක් විශාල බලපෑමක් ඇතිකරන නිසයි!!! !!! !!! කියන එක නේද??? අන්න ඒක තේරුණා නම් දැන්වත් දැනගන්න, තමන් නොයෙකුත් නොයෙකුත් දේවල් දීලා... පූජා කොරලා... වැඳලා... පින් බලාගෙන කරන දේවල් වලින් තමන්ට ඇත්තටම පිණක් ලැබෙන්න නම්, ඒ වැඳුම් පිදුම් ලබලා සතුටුවෙන්න.. තමන්ට 'පින් දෙන්න'.. පුළුවන් කෙනෙකුට, දෙන දෙයක් දියයුතුයි!!! !!! !!! හරිය??? ??? මාර්ගඵල නැතත් කමක් නෑ, අඩුම ගානෙ සිව්පසයෙන් සැළකුම් ලබලා සතුටුවෙන්න පුළුවන් 'පණ තියන සත්වයෙකුට' වත්.. 'භවයක්' නැත්නම් 'වින් - නාම ක්‍රියාකාරීත්වයක්' තියන කෙනෙකුට වත්.. දෙන දෙයක් දියයුතුයි!!! !!! !!! උඹල පින් බලාගෙන කරන දේ 'ඇත්ත පින් කමක්' වෙන්නේ එහෙම උනෝතින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඊළඟට, භාග්‍යවතුන්වහන්සේ සීලයත් පින් රැස්කරගන්න පුළුවන් ක්‍රමයක් හැටියට දැක්වුවා!!! එකත් හරි!!! ඇයි දන්නවද?? සල්ලි / මුදල් උනත් රැස්කරගන්න.. එකතුකරගන්න.. ඕනෙ නම්, හම්බකරනවා වගේම නාස්තිය වළක්වගෙන වියදමත් අඩුකර ගත යුතුයි නේ??? පිණුත් එහෙමම තමයි!!! !!! !!! උඹ පැත්තකින් පින් එකතුවෙන / රැස්වෙන.. නැත්නම් භවය කුඩාවෙන.. දේවල් කරන අතරේ, අනික් පැත්තෙන් පින් වලට කෙළවෙන.. භවය ලොකුවෙන / ඇනෙන.. දේවල් කළොත්, උඹට පින් දසමයක්වත් රැස්කරගන්න / එකතුකරගන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! උඹ පව් කළොත්... උඹ සිත - කය - වචනය කියන 3න් වෙන වෙන සත්වයන්ට හිංසා / පීඩා වෙන දේවල් කළොත්... උන්ගෙ භව වල බලපෑමෙන් උඹට කොහොමත් කෙළවෙනවා!!! !!! !!! උඹගෙ පින් ඔක්කොම නැති නාස්තිවෙලා යනවා!!! !!! !!! ඒ වගේම උඹ ඉඳුරන් සංවර කරගත්තේ නැත්නම්, ඒවායින් ඇතුලට වැටෙන වැටෙන අලුත් කුණු නිසාත් උඹගෙ භවය පොඩ්ඩ පොඩ්ඩ හරි විශාල වෙනවා!!! !!! !!! උඹගෙ භවය ඇනෙනවා.. නැත්නම්, උඹ රැස්කරගන්න පින් වැය වෙනවා... කියමු!!! !!! !!! අන්න ඒ නිසා, පින් රැස්කරගන්න නම් උඹ අනිවාර්යයෙන්ම සීලයෙන් සංවර විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අපි මේ පින් රැස්කරන case එක, හත් අට පොළකින් හිල්වෙච්ච ලොකු මැටි භාජනයකට වතුර එකතුකරනවා වගේ වැඩක්ය කියල හිතමු. අන්න එතනදි උඹ 'පන්සිල්' රකිනවා කියන්නේ, ලොකු ලොකු leak වෙන තැන් අත් වලින් වහගෙන ඉන්නවා වගෙයි!!! !!! !!! 'අටසිල්' රකිනකොට හරියට අත් දෙකට අමතරව කකුල් දෙකත් පාවිච්චි කරලා, තව හිල් ටිකක් වහගෙන ඉන්නවා වගෙයි!!! !!! !!! 'දස සිල්' රකිනකොට අත් දෙකයි.. කකුල් දෙකයි.. කඳයි බඩයි.. ඔක්කොම පාවිච්චි කරලා, පුළුවන් පුළුවන් හිල් ඔක්කොම වහගෙන ඉන්නවා වගෙයි!!! !!! !!! හැබැයි ඒ වහගෙන ඉඳිල්ලෙන්.. උඹගෙ සීලයෙන්.. වෙන්නේ, leak වෙන එක අඩුවීමක්... පින් වැයවෙන / නැති නාස්තිවෙන එක අඩුවීමක්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පින් දසමයක් වත් අලුතෙන් / අමුතුවෙන් එකතුවෙන්නේ.. රැස්වෙන්නේ.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{ඔන්න ඔය හන්දම, අඩුම ගානේ දිට්ඨිසම්පන්න වත් නැති 'පුක විකාගෙන සීලයෙන් සංවර වෙලා ඉන්න මහෝත්තමයෙකුට' සිව්පසයෙන් සැළකුවත්, උඹලට හම්බවෙන්නෙ පින් 100.000015ක් විතර තමයි!!! !!! !!! } ඒ වෙණුවට, භාජනයේ බිත්ති වලින් වාෂ්ප වෙනවා වගේ.. භාජනයේ කටෙන් වාෂ්ප වෙනවා වගේ.. උඹට සම්බන්ධ හරි නැතුව හරි උඹ ලඟින් ඉන්න සත්වයන්ගේ භව වල බලපෑම නිසාත්... බොහෝ දුරින් හිටියත් උඹට සම්බන්ධ සත්වයන්ගේ භව වල බලපෑම නිසාත්... උඹට ඉරිසියා කරන / ද්වේශ කරන එවුන්ගෙ භව වල බලපෑම නිසාත්... උඹගෙ භවය කොහොමත් ටික ටික හරි ඇනෙනවා!!! !!! !!! නැත්නම්, කාලයත් එක්කම උඹගෙ පින් කොහොමත් ටික ටික අඩුවෙනවා!!! !!! !!! අන්න ඒ නිසා, සීලයෙන් සංවර වෙච්ච එවුන්ගෙයි.. කිසිම සීලයක් නැති එවුන්ගෙයි.. අතරේ වෙනසකට තියෙන්නේ, සිල් රකින එවුන් සිල් රකින්නේ නැති එවුන්ට වඩා ටිකක් හෙමින් හෙමින් අපාගත වෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, සීලයක් නැති පව්කරන එවුන් 'rocket වගේ' අපාගත වෙද්දී, දසසිල් - අටසිල් - පන්සිල් රකින එවුන් ඉබි ගමනින් අපාගත වෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


අන්තිමට, භාග්‍යවතුන්වහන්සේ භාවනාවත් පින් රැස්කරගන්න පුළුවන් ක්‍රමයක් හැටියට දැක්වුවා!!! ඇත්තටම, ඒ 'භාවනා කතන්දරේ' නම් හෙණ serious case එකක් තමයි!!! !!! !!! එව්වයින් උඹට උඩින් යන්න.. වතුරෙ කිමිදෙනවා වගේ මහ පොළවේ කිමිදෙන්න.. එකා 100ක් 200ක් වගේ පේන්න ඉන්න.. වගේ හැකියාවන් හැටහුටහමාරක් හදාගන්න පුළුවන්!!! ඔය ඉන්න විදියටම කල්පයක් ජීවත්වෙන්න හදාගන්නත් පුළුවන්!!! මේ ජීවිතය අවසානයේ කෙළින්ම නිවන් යන්න / පිරිණිවන් පාන්න හදාගන්නත් පුළුවන්!!! නැත්නම් එක දිගට කල්ප ගාණක් බ්‍රහ්ම / දිව්‍ය ජීවිත ලබ ලබා උපදින්න හදාගන්නත් පුළුවන්!!! *{ඒයි.. මං මේ ටික ලියන්නෙ, කොච්චර කිව්වත් 'ඇත්ත' නොතේරිච්ච.. තාමත් සංසාරෙ යන්න බලාගෙන ඉන්න.. ගොං මොට්ටයො / මොට්ටියො සෙට් එකට කියන බව තොට අමතක වුණාද??? } ඒත් නැත්නම්, ධර්මය අවබෝධකරගන්න බලන්නෙ නැතුව පුක විකාගෙන සීලයෙන් සංවර වෙලා ඉන්න එවුන් වගේ හෙමින් හෙමින් අපාගතවෙන්න හදාගන්නත් පුළුවන්!!! එහෙමත් නැත්නම්, හොඳට කැසුව නම්... 'කසන භාවනාවල්' කොලානම්... ('කසින'.. 'කසින'.. 'කසින භාවනා' නැත්නම් 'කුණුහරුප භාවනා' ) මෙළොව වශයෙන් පිස්සු හදාගෙන පරළොව වශයෙන් rocket වගේ අපාගත වෙන්න හදාගන්නත් පුළුවන්!!! අන්න ඒ නිසා ඇත්තටම, භාවනාවෙන් නම් උඹට පින් රැස්කරගන්න විතරක් නෙවෙයි, තව ගොඩක් දේවල් කරගන්න වගේම අන්තිමට කෙළවගන්නත් පුළුවන්!!! !!! !!! හරිය??


එතකොට, උඹලත් දැන් ඔය බුදුහාමුදුරුවෝ කියාපු ක්‍රම කෙසේ වෙතත්, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ / වර්තමාණ ගොං සංඝයෝ හදල දීල / කියල දීල තියන විදියට, නානාප්‍රකාර 'පිං කං' මහා තොගයක් කොරනවා නෙව??? උඹල බුදුන් වඳිනවා!!! තෙරුවන් වඳිනවා!!! චෛත්‍ය වඳිනවා!!! 'බෝධි වෘක්ෂයන්ට' නැත්නම්, බෝ ගස් වලට වඳිනවා!!! ග්‍රහයන්ටත් වඳිනවා!!! !!! !!! බුද්ධ පූජාවල් තියනවා!!! බෝධි පූජාවල් තියනවා!!! ග්‍රහ පූජාවල් තියනවා!!! ඥාණ පූජාවලුත් තියනවා!!! !!! !!! ඒ අස්සෙ පිරිතුත් සජ්ජායනා කොරනවා!!! !!! !!! නොකරන දෙයක් නැහැ නෙව??? අන්න එව්වයින් ලැබෙන ආනිසංස මේං මේ විදියයි!!! !!! !!!


ආ.. ඊට කලින් තව වැදගත් දෙයක් තියනව. දැන් මේ මාර seen එක කියන්නෙ, ගොං බෞද්ධයො / ගොං සංඝයො හැමෝම හිතාගෙන ඉන්නෙ, 'නිවණ' කියල පරම සැප තියන.. අජරාමර (ජරා මරණ නැති) සදාකාලික සැප තියන.. අමරණීය (මැරෙන්නෙ නැති) තැනක් ඇති!!! මීට කලින් වැඩසිටිය සියලු බුදුරජාණන්වහන්සේලා... පසේ බුදුවරු... මහ රහතුන් හා රහත් මෙහෙණින් වහන්සේලා... ඔක්කොම, එහෙට වැඩලා.. දැනුත් එහෙට වෙලා.. full ආතල් එකේ ඇති!!! කියල තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, ගොං බෞද්ධයො / ගොං සංඝයො ඔක්කොම හිතාගෙන ඉන්නෙ, නිවන් දැක්ක අය හැමෝම නිවන් ගිහිං, දැන් එහෙට.. 'නිවන් පුරේට'.. නැත්නම් 'නිවන් ගියපු අය ඉන්න දිහාවට'.. වෙලා, ආයෙ ඉපදෙන්නෙ නැතුව full ආතල් එකේ ඉන්නවා ඇති!!! Full චූන් එකේ ඉන්නවා ඇති!!! කියල එහෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ.. ඒ.. වුණාට, ඇත්තටම නම් එහෙම නෑ!!! !!! !!! ඒ උදවිය පිරිණිවන් පෑවා නේ??? පිරිණිවන් පෑවා.. නිවුනා.. කියන්නෙ ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම්පිටින්ම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඒ උදවිය කොහේවත්.. කොයිම ස්වරූපයකින් වත්.. කොයිම ආකාරයකින් වත්.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ අපේ ජීවිත වල සකස්වීම දැක්වුයේ බීජයකින් පැළයක් පැළවෙනවා වගේම දෙයක් කියලයි!!! !!! !!! ඉතිං, පැළවුනේ නැත්නම් පැළයක් නැහැ වගේම, පැළයක් ගැන කතාකරන්න දෙයකුත් නැහැ තමයි!!! !!! !!! අන්න ඒ විදියටම, මේ දැන් 'උඹ' ඉන්නෙ උඹව හැදිච්ච (ඉපදිච්ච) නිසයි!!! !!! !!! හැදිල තිබුණේ නැත්නම් දැන් 'උඹ' නැහැ වගේම, උඹ ගැන කතාකරන්න දෙයකුත් නැහැ තමයි!!! !!! !!! එතකොට, රහත්වෙච්ච / නිවන් දැක්ක අය පිරිණිවන් පානවා කියන්නෙ, ඒ උදවියගෙන් ආයෙ සත්වයන් හැදීමක් (ඉපදීමක්) නැති නිසයි!!! !!! !!! ඉතින් ඒ කලින් පිරිණිවන් පෑව බුදු / පසේ බුදු / මහරහත් උදවියගෙනුත් ආයෙ කවුරුවත්ම හැදුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පිරිණිවන් පෑව තැනින් ඒ අයගෙ සංසාර කතන්දරය ඉවරවුණා මිසක්, තණ්හංකර.. මේධංකර.. සරණංකර.. දීපංකර.. .. කකුසඳ.. කෝණාගමන.. කාශ්‍යප.. ගෞතම.. බුදුවරුන් කවුරුවත්, මේ විශ්වයේ කොහේවත්... කොයිම ස්වරූපයකින් වත්... අංශුමාත්‍ර වශයෙන් වත්... දැන් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට අර උඹලගෙ මහලොකු 'සීවලී' ?? අර අර 'ලාභීන් අතර අග්‍ර' එක්කෙනා??? අර අර "එයාගෙ ලැබීමෙන් අපිටත් ලැබේවා!!" කිය කියා උඹල ඉල්ලන එක්කෙනා??? ඒ.. එයත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොටින්ම, මීට කලින් නිවන් දැක්ක / පිරිණිවන් පෑව උදවිය කවුරුවත්, මේ විශ්වයේ කොහේවත්... කොයිම ස්වරූපයකින් වත්... කොයිම ආකාරයකින් වත්... දැන් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට දැනගන්න, සත්වයන්ගේ අවිද්‍යාව නිසා නවත්තගන්න බැරුව දිගින් දිගට සිද්ධවෙච්ච මේ සංසාර පැවැත්මේ අවසානය, අවිද්‍යා නිරෝධා.. සංඛාර නිරෝධා.. තණ්හා නිරෝධා.. විඥාණ නිරෝධා.. නාමරූප නිරෝධා.. ඵස්ස නිරෝධා.. සලායතන නිරෝධා.. ජාති නිරෝධා.. භව නිරෝධා.. වේදනා නිරෝධා.. උපාදාන නිරෝධා.. හැටියට, සේරම නිරුද්ධ වෙලා... නැතිවෙලා... නැතිභංග වෙලා... ගිහිං, අන්තිමට ('හතරමහා ධාතු' හැරෙන්න) මොකුත්ම නැතුව යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හරි! ඉතීන්.. දැන් උඹල ගොං බෞද්ධයන්ගෙ / ගොං සංඝයන්ගෙ ප්‍රධාන විනෝදාංශය බුද්ධ පූජා තියන එකයි.. බුදුන් වඳින එකයි.. නෙව??? හැබැයි දැන් 'බුද්ධ' / 'බුදුන්' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පිරිණිවන් පෑව නෙව??? ??? ??? ඉතීන්, තොපි මෙච්චර අනාදිමත් කාලයක් තිස්සෙ දමාගෙන වැඳල තියෙන්නේ / වඳින්නේ... පූජාවල් තියල තියෙන්නේ / තියන්නේ... 'පිළිම' වලට.. නැත්නම්, ගල් - ගඩොල් - මැටි - සිමෙන්ති - PoP ගොඩවල් වලට.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව කට්ටියක් ගල් - ගඩොල් - මැටි - සිමෙන්ති - PoP වලට අමතරව, කඩදහි - කාඩ්බෝඩ් - රෙදි කෑලි වලටත් (බුද්ධ රූප ) පූජා තියනවා!!! වඳිනවා!!! අන්න ඒ බොලාගෙ 'මහා පූජා' වලින්... 'මහා වන්දනා' වලින්... බොලාට පිං ලැබෙන්නේ මෙන්න මෙහෙමයි!!! !!! !!!

දැන් ඔය 'ගල් - ගඩොල් - මැටි - සිමෙන්ති - PoP - කඩදහි - කාඩ්බෝඩ් - රෙදි කෑලි'.. නැත්නම්, 'පිළිම / රූප'.. සතුටු කොරාණ්ඩ බැහැ නෙව??? පිළිම / රූප වලට පණ නැහැ නෙව??? නැත්නම්, පිළිම / රූප වල 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ නෙව??? අන්න ඒ නිසා,

* උඹ බුදු bust එකකට.. නැත්නම්, බුදු කෑල්ලකට.. (ඔලුව කෑල්ල නැත්නම් උඩු කය විතරක් තියන පිළිම / රූප ) නිකං 'සාදු' කියල වැන්දම, උඹට පින් '0'ක් හම්බවෙනවා!!! !!! !!!
* උඹ අඟල් 3-4ක් උස ඉඳි පිළිමෙකට මලක් පහණක් තියල දොහොත්මුදුන් දී වැන්දහම, ඒත් උඹට පින් '0'ක් හම්බවෙනවා!!! !!! !!!
* උඹ අඩියක් විතර උස ඉඳි පිළිමෙකට මල් - පහන් - හඳුන් කූරු - දැහැත් - බෙහෙත් - ගිලන්පස තියලා හතරගාතෙ දාල වැන්දොත්, ඒත් උඹට පින් '0'ක් හම්බවෙනවා!!! !!! !!!
* උඹ අඩි 5-6ක් උස ඉඳි පිළිමෙකට මල් - පහන් - හඳුන් කූරු - දැහැත් - බෙහෙත් - ගිලන්පස - සිවුරු - පිරිකර තියලා පසඟ පිහිටුවා වැන්දොත්, එතකොටත් උඹට පින් '0'ක් හම්බවෙනවා!!! !!! !!!
* ඇයි, උඹ අඩි 15-20ක් විතර උස ඉඳි පිළිමෙකට මල් - පහන් - හඳුන් කූරු - දැහැත් - බෙහෙත් - ගිලන්පස - සිවුරු - පිරිකර - හාල් - පොල් - තුනපහ සේරම තියලා පසඟ පිහිටුවා පුක උඩ තියා වැන්දම, ඒත් පින් '0'ක් හම්බවෙනවා!!! !!! !!!
* අඩි 50ක් විතර දිග සැතපෙන පිළිමෙකට මල් - පහන් - හඳුන් කූරු - දැහැත් - බෙහෙත් - ගිලන්පස - සිවුරු - පිරිකර - හාල් - පොල් - තුනපහ සේරම තියලා පෙරලි පෙරලී වැන්දමත්, පින් '0'ක් හම්බවෙනවා!!! !!! !!!
* තව, අඩි 60ක් විතර උස හිටි පිළිමෙකට මල් - පහන් - හඳුන් කූරු - දැහැත් - බෙහෙත් - ගිලන්පස - සිවුරු - පිරිකර - හාල් - පොල් - තුනපහ සේරම තියලා වරුවක් විතර බිම ලැගගෙන වැන්දමත්, පින් '0'ක් හම්බවෙනවා!!! !!! !!!
හරිය???

Note: පිණ / පින් = බාහිර සත්වයෙක්ගෙ භවයකින් හරි.. බාහිර සත්වයන්ගෙ භව වලින් හරි.. ඇතිවන, තමන්ගෙ භවය කුඩාකරන්න හේතුවෙන බලපෑම!!! !!! !!!


** මේ.. මෙව්ව ලියද්දි නොකියම බැරි case එකකුත් තියනවා!!! !!! !!! දන්නවද?? මීට අවුරුදු 3-4කට කලින් දවසක් කැලණිය පැත්තෙ ඉන්න කථිකාචාර්ය පට්ටමක් තියන ගොං සංඝයෙක්, TV එකෙන්, "අපි මේ මැටි වලට වඳිනවා!! ගල් වලට වඳිනවා!! කිය කියා කියනවා!! අපි මේ වඳින්නෙ මැටිවලට වත්.. ගල්වලට වත්.. වෙන මොහොකකට වත්.. නෙවෙයි!! අපි මේ වඳින්නෙ බුදුන් වහන්සේට!!" කිය කියා, මහා 'පට්ට ගොං කතාවක්' කිව්වා!!! !!! !!! බැලින්නම් ඒකා ඇවිල්ලා බුදුන් කියල හිතාගෙන මැටි වලට.. ගල් වලට.. වඳින මැටිහරකෙක්!!! !!! !!! නැත්නම්, බුදුන්වහන්සේවයි.. ගල් - මැටි - සිමෙන්ති වගේ දේවලුයි.. වෙන්කරලා අඳුනගන්න වත් බැරිතරම් ගොනෙක්!!! !!! !!! ඒත් නැත්නම්, බුදුන්වහන්සේ කියන්නෙත් ඌ වගේම මැටිගොඩක් වෙන්ටැති කියල හිතන් ඉන්න එකෙක්!!! !!! !!! මේ.. එහෙම ගොං පොරවල් ගොං talks දුන්නයි කියලා, උඹල රැවටෙන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සිවුරු දාගෙන හිටියට.. පට්ටම් ගොඩාක් තිබුණට.. පඩේකටවත් ගණන්ගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මාතෘකාව ගොන්නුන්ට තියන එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉස්සෙල්ල මේ ඇත්ත කතන්දරේ හරියට දැනගන්න!!! !!! !!! ඇත්තටම වෙන්නේ මොකක්ද?? කොහොමද?? කියලා තේරුම් ගන්න!!! !!! !!! ඊට පස්සෙ උඹලව රවට්ටන්න.. ගොනාට අන්දන්න.. මොකෙකුටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.