Thursday, November 27, 2014

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කොට වදාළේ,හේතු - ඵල ධර්මතාවයක්... හේතු - ඵල දහමක්... එහෙමත් නැත්නම් 'හේතු' නිසා 'ඵල' හටගන්නා ස්වභාවයක්... ගැන මිසක්, ඔය උදවියම / ඔයාලම සංසාරෙ ආව.. ඔය උදවියම / ඔයාලම සංසාරෙ යන.. කතන්දරයක් නෙවෙයි!!! !!! !!! අහල ඇති නේ, සාරිපුත්ත හාමුදුරුවෝ උපතිස්ස කියන ගිහි තරුණයා හැටියට ඉඳපු කාලේ, අස්සජී මහ රහතන් වහන්සේගෙන් "භාග්‍යවතුන් වහන්සේ දේශණා කරන්නේ මොකද්ද?" කියල අහපුවාම, 'යේ ධම්මා හේතුප්පභවා' (හේතුන් නිසා හටගන්නා යමක් ඇද්ද) 'තේසං හේතු තථාගතෝ ආහ' (තථාගතයන් වහන්සේ එ්වයේ හේතු වදාළා.) 'තේසං ච යෝ නිරෝධෝ' (එ් හේතුන්ගේ යම් නිරෝධයක් වේද, එ්කත් වදාළා.) 'එ්වං වාදී මහා සමණෝ' (මහා ශ‍්‍රමණයන් වහන්සේ මෙවැනි දර්ශනයක් ඇති කෙනෙක්.) කියලා, අස්සජි මහ රහතන් වහන්සේ "භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාරන්නේ මෙන්න මේ ගැනයි!!" කියන එක, බොහෝම සරලව.. බොහෝම පැහැදිළිව.. කියාපු විදිය?? ඉතින් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කරලා තියෙන්නේ 'තමන්' සංසාරෙ යන කතාවක් නෙවෙයි බව එච්චරට පැහැදිළිව පේන්න තියෙද්දිත්, ඔය උදවිය / ඔයාල එක එක්කෙනාගේ කතන්දර අහල / කියවලා "මට සංසාරෙ සැරිසර සර ඉන්න පුළුවන් ඇති!!" කියල රැවටිලා, මෙළොව ජීවිතය සැපවත් කරගෙන... පරළොව ජීවිතත් වාසනාවන්ත කරගෙන... භව ගමන සාර්ථක කරගෙන... දෙවි - මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැපයත් ලබන්න හිතාගෙන... දාන මාන දිදී.. පුද පූජාවල් තිය තියා.. වන්දනාවල් කර කර.. සංසාරෙ යන්න බලාගෙන දැන් ඔය කරගෙන යන වැඩපිළිවෙල, එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!