Monday, December 1, 2014

කලින් ලිපිය


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, මේ අපි හැමෝම... මේ ඉපදිලා ඉන්න තරමක් මනුස්ස - තිරිසන් වගේ ඇහැට පේන සත්වයන් වගේම, පියවි ඇහැට නොපෙනෙන, දෙවි - බ්‍රහ්ම - යක්ෂ - භූත - පෙරේත - නිරිසත් ආදී සත්වයන් හැමෝම... 'සංකතයන්' කියලයි!!! !!! !!! 'සංකතයක්' කියන්නෙ, උප්පාදෝ පඥ්ඥායතී - වයෝ පඥ්ඥායතී - ටිතස්ස අඤ්ඤතත්තං පඥ්ඥායතී කියන ලක්ෂණ තුනෙන් යුතු... ඒ කියන්නේ, 'හටගැනීම' නැත්නම් පටන්ගැන්ම - නැසී වැනසී යාම නැත්නම් 'අවසානය' - පවතින කාලය අතරතුරේ වෙනස්වෙවී තිබීම කියන අවස්ථා 3 දකින්න පුළුවන් කම තියන... හැදිච්ච (සකස්වෙච්ච), තාවකාලික (temporary) දේවල් වලටයි!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, එහෙම සංකතයක් වෙච්ච ඔබේත් පටන්ගැන්ම සිදුවුණේ, ඔබ මව්කුසේ පිළිසිඳගත්ත තැනදී තමයි!!! !!! !!! එතකොට, ඔබව පටන්ගත්තෙ එතනින්ය කියන්නේ, ඔබ ඊට පෙර සිට පැවතගෙන එන කෙනෙක්... සංසාරයේ සැරිසරාගෙන.. සැරිසරාගෙන.. ආව කෙනෙක්... නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, ඒ පටන්ගත්ත අවස්ථාවේ ඉඳලා මේ වෙනකම්ම නොයෙකුත් නොයෙකුත් වෙනස්වීම් වලට භාජනය වෙමින් ඉන්න ඔබ, යම් දවසක මරණයට පත්වෙනවා කියන්නේ, ඒ ඔබේ නැසී වැනසී යාම.. නැත්නම්, ඔබේ අවසානය.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම අවසන් වීමට නියමිත ඔබ, මරණින් මතු නැවතත් සංසාරයේ සැරිසරනවා කිව්වොත්, ඒක මහා අමූළික බොරුවක්... පට්ටපල් බේගලයක්... මහා ගොං කතාවක්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබෑවටම සිද්ධවෙන දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔබ අප සියලු දෙනාටම පැවසුවේ, ඔන්න ඔය කියාපු ඇත්ත කතන්දරය... මේ අපේ ජීවිත වල 'සත්‍ය ස්වභාවය'... අපි කාගෙත් ජීවිත 'තාවකාලිකයි' නැත්නම් 'අනිත්‍යයි' කියන බව... තේරුම්ගන්න කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හැබැයි කවුරු උනත් ඔය 'ඇත්ත කතන්දරය'... 'සංසාරගත සත්වයෝ වෙච්ච මේ අපි හැමෝගෙම ජීවිත තාවකාලිකයි.. අනිත්‍යයි.. කියන බව'... තේරුම්ගන්න නම්, එයා මුලින්ම.. ඉස්සෙල්ලාම.. "මේ හැදිච්ච (ඉපදිච්ච) සත්වයො සේරම තාවකාලිකයි!! හැමදාම ඉන්න පුළුවන් ස්ථිර / සදාකාලික / නිත්‍ය එවුන් නෙවෙයි!! ඒ කියන්නෙ, මේ සත්වයො කවුරුවත් මීට කලින් ඉඳලා සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල වත්.. මේ ජීවිතයෙන් පස්සෙ ආයෙ සංසාරෙ සැරිසරන්න යන්නෙ වත්.. නෑ!!" කියන බව, පිළිගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන්ම හාහාපුරා කියලා ඔය ඇත්ත කතාව අහල දැනගන්න ලැබිච්ච පින්වන්ත උදවිය, ඒ ඇත්ත කතාව පිළිඅරං.. හරියටම තේරුම් අරං.. සංසාර පැවැත්මෙන් නිදහස් උනා!!! !!! !!! එයාල පිරිණිවන් පෑවා!!! !!! !!! හැබැයි සංසාර දුකෙන් නිදහස් වෙන්න.. නිවන් සැප ලබන්න.. කියල ඇවිත් ගොං සංඝලාගෙ ගොං කතා අහල / කියවලා මුළාවෙන් මුළාවට පත්වෙච්ච.. එහෙම්පිටින්ම නන්නත්තාර වෙච්ච.. ඔයාලට, දැන් ඒ ඇත්ත පිළිගන්න එක අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඉතිං මේ භයානක සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න වෙන විකල්ප මොකවත් නැති නිසා, අන්තිමේදි ඔය උදවිය හැමෝටම දැන් ඔය කරගෙන යන කුණුහරුප වැඩපිළිවෙල එහෙම්පිටින්ම නවත්තලා, 'සත්‍යයට' එන්න.. 'සත්‍යය' පිළිගන්න.. සිද්ධවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හරිය අපි පස්සෙ බලමුකෝ..


කොහොමහරි අන්තිමේදි, "මේ අපි හැමෝම තාවකාලිකයි!! අපි හැමදාම ඉන්න පුළුවන් එවුන් නෙවෙයි!! අපි කවුරුවත්, මීට කලින් ඉඳලා සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආව.. මේ ජීවිතයෙන් පස්සෙ ආයෙත් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන යන්න පුළුවන්.. ස්ථිර / සදාකාලික / නිත්‍ය එවුන් නෙවෙයි!!" කියන 'ඇත්ත කතන්දරය'.. මේ 'සංසාරගත සත්ව ජීවිත වල සත්‍ය ස්වභාවය'.. ඔබටත් වැටහුණු දවසට, අපි 'ස්ථිර' / 'සදාකාලික' / 'නිත්‍ය' එවුන් නෙවෙයි කියන්නෙ, අපි 'අනිත්‍යයි'!! අපි අනිත්‍යයි.. නැත්නම්, අපිට කවද හරි දවසක නැත්තටම නැතිවෙන්න වෙනවමයි.. කියන්නෙ, 'දුකයි'!! නමුත් ඒකට කරන්න දේකුත් නෑ!! ඒක මේ අපේ හැදිච්ච ජීවිත වල ස්වභාවය (හැටි) මිසක්, අපිට ඕනෙ ඕනෙ විදියට වෙනස් කරගන්න පුළුවන්.. අපි කැමති කැමති විදියට පවත්වාගෙන යන්න පුළුවන්.. දෙයක් නෙවෙයි!! ඒ කියන්නෙ, 'අනාත්මයි'!!" කියන 'ත්‍රිලක්‍ෂණයත්' ඔබටම වැටහෙයි!!! !!! !!! හරිය??



1 comment:

  1. ඔබ මේ කරන සේවයට ගොඩක් ස්තූතියි. 🌹

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.