Saturday, May 2, 2015

කලින් ලිපිය


හරි! දැන් අපි ආපහු යමු කතන්දරේට.

ඔය උදවිය හුඟදෙනෙක් අහල / කියවලා ඇති නේද 'රතන සුත්‍රයේදී' භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සහාවස්ස දස්සනසම්පදාය.. තයස්සු ධම්මා ජහිතා භවන්ති.. සක්කායදිට්ඨි විචිකිච්ඡිතං ච.. සීලබ්බතං වා පි යදත්ථි කිඤ්චි.. චතූහපායෙහි ච විප්පමුත්තො.. ඡ චා'භිඨානානි අබබ්බො කාතුං.." (දර්ශණ සම්පදාවෙන් යුතු.. සෝවාන් මාර්ග ඥාණය පහල වීමත් සමගම 'සක්ඛාය දිට්ඨිය' 'විචිකිච්චාව' හා 'සීලබ්බත පරාමාස' ප්‍රහාණය වෙච්ච / නැතිවෙච්ච.. උදවිය, හතර අපායෙන් මිදෙනවා!! හැබැයි පාපකර්ම වලින්.. අන්අයගේ, විශේෂයෙන් මාර්ගඵල මට්ටමෙන් උසස් අයගේ, සිත් පීඩාවට පත්කරන දේවල් වලින්.. වැළකිය යුතුයි!!)... තව, "යෙ අරියසච්චානි විභාවයන්ති.. ගම්භීරපඥ්ඥෙණ සුදේසිතානි.. කිඥ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා.. න තෙ භවං අට්ඨමං ආදියන්ති.." (මහා ප්‍රඥාවක් ඇති භාග්‍යවතුන් වහන්සේ මනාකොට දේශණා කරන ලද ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්.. තිතටම 'අවබෝධ කරගත්'.. සෝවාන් පුද්ගලයෙක්, අටවන භවයක උපත ලබන්නේ නෑ!!)... කියලා, පැහැදිළිවම දේශණා කරල තියනවා??? උන්වහන්සේ අන්න ඒ දේශණා කරලා තියෙන්නේ, යම් කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන සක්ඛාය දිට්ඨියෙන් නිදහස් උණාට පස්සේ... සංසාර අනතුරෙන් ගැලවුණාට පස්සේ... 'එයාගෙ සංසාර කතන්දරයේ ඉතුරු හරිය' සිද්ධවෙන විදිය තමයි!!! !!! !!! ඒ උදවිය පවින් වැළකිලා හිටියොත්, ආයෙ කීයටවත් හතර අපායට වැටෙන්නෙ වත්.. 8 වන භවයක (7 පාරකට වඩා) උපදින්නෙ වත්.. නෑලු!!! !!! !!!

ඉතින්, ඔය උදවියට තේරෙණවා නේ, ආයෙ එක එකාගෙ ගොං කතා අහන්න... ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් අවබෝධ කරගෙන නැති කාලකණ්නි ගොං සංඝයන්ගෙ.. TV / Radio / පත්තර වල බයිල ගහන ධර්ම ඔස්තාර්ලගෙ.. Internet එකේ දහම හප හපා ඉන්න බක පණ්ඩිතයන්ගෙ.. කුණුහරුප කතා වලට අවධානය යොමුකරන්න... කිසීම වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ධර්මය අවබෝධ කරගෙන සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙච්ච උදවිය... නැත්නම්, තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතන්දරේ දැනගෙන සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල තියන අතීත මතකයේ තියන දේවල් කිය කිය.. කර කර.. ඒ දේවල් වලට මුහුණ දිදී.. තමන්ම සංසාරෙ ආවයි කියල මුළාවෙලා හිටිය මුළාවෙන් මිදිච්ච පින්වත් උදවිය... ආයෙ හතර අපායට වැටෙන්නේ නෑ!!! ඒ අය තව 7 පාරකට වඩා උපදින්නෙත් නෑ!!! හරියටම කිව්වොත්, එයාලගෙන් තව 7 දෙනෙකුට වඩා හැදෙන්නෙ / ඉපදෙන්නේ නෑ!!! කියන බව, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම දේශණාකරලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? ඒ විතරක් නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ උදවියට 'සෝවාන් / සෝතාපන්න වෙච්ච උදවිය'... 'සෝවාන් මාර්ගඵල ලාභී ආර්ය ශ්‍රාවකයෝ'.. කියලා, 'නම්බු නාමයක්' පවා දීල තියනවා!!! !!! !!! හරිය??


හොඳයි! දැන් එතකොට, මං මේ කතාව / blog එක පටන්ගත්තෙම, උඹලට ආයි කීයටවත් තේරුණේ නැහැයි කියන්න බැරිවෙන්නම... නොතේරී තියෙන්න විදියක් නැතිවෙන්නම... මේ අපේ ජීවිතවල ඇත්ත කතාව අංශුවෙන් අංශුවට දිගහැරල පෙන්නලා / කියල දීලා, සත්වයො හැමෝම සංකතයි!!! අනිත්‍යයි / තාවකාලිකයි!!! උන් කවුරුවත් සංසාරේ ඇවිල්ල තියන එවුන් වත්.. සංසාරෙ යන්න පුළුවන් එවුන් වත්.. නෙවෙයි!!! !!! !!! 'සංසාර පැවැත්ම' කියලා සිද්ධවෙලා තියෙන්නේ, relay race එකකදි වගේ, ඒ හැදිච්ච සංකත සත්වයෝ වැලක් / සත්වයෝ පෝලිමක් හරහා copy වෙවී.. copy වෙවී.. තඩී අතීත මතයක් පැවතගෙන ඇවිල්ල තියන එක විතරයි!!! කියන බව, බුද්ධ දේශණා වලින්ම කරුණු දක්වමින් පැහැදිලි කරලයි!!! !!! !!! නේ??? නේද??? ???

ඉතින් එතකොට,
යම් කෙනෙක් බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා... කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් ශ්‍රී සද්ධර්මය අහන්න / කියවන්න ලැබිලා, "බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති" නැත්නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් - දැඩි විශ්වාසයක් ඇතිවෙලා.. "ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති" උන්වහන්සේ දේශණාකොට වදාළ සංදිට්ඨික වූ අකාලික වූ ශ්‍රී සද්ධර්මය කෙරෙහිත් නොසෙල්වෙන විශ්වාසයක් - දැඩි පැහැදීමක් ඇතිවෙලා.. "සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති" ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස්වෙලා පිරිණිවන්පෑව ආර්යශ්‍රාවක මහ රහතුන්වහන්සේලා කෙරෙහිත් නොසෙල්වෙන පැහැදීමක් - දැඩි විශ්වාසයක් ඇතිවෙලා.. 'ශ්‍රද්ධානුසාරී' කෙනෙක් බවට පත්වෙලා... ඊළඟට, තමනුත් ඒ ධර්මයේ හැසිරිලා සසර දුකින් නිදහස්වෙන්න ඕනෙය කියල හිතලා, "ආර්යකාන්ත සීලයෙන් සංවර වෙලා" පංච කාම සම්පත්තියෙන් ඈත්වෙලා, සිත - කය - වචනය කියන තුන් දොරින්ම සංවර වෙලා... 'ධර්මයට පැමිණිලා' නැත්නම් 'ධර්මය' අසා දැනගෙන සෘතවත් වෙලා, ඒ ඇසු ධර්මය අවබෝධ කරගන්නම උත්සාහ කරන කෙනෙක්.. 'ධම්මානුසාරී' කෙනෙක්.. බවටත් පත්වෙලා... ඊට පස්සෙ 'සමතය වඩලා' නැත්නම්, 'සමත භාවනාව' ප්‍රගුණ කරලා (සමත භාවනාවේ යෙදිලා) සමාධිය දියුණු කරගෙන... ඊටත් පස්සෙ, 'ධර්මය යෝනිසෝ මනසිකාර කරලා කරලා'.. නැත්නම් 'ධර්මය නුවණින් මෙනෙහිකරලා කරලා'.. කරලාම ප්‍රඥාවත් දියුණු කරගෙන... අන්තිමටම, ඒ ප්‍රඥාවෙන් 'විදසුන් වඩලා' / 'විදර්ශණා වඩලා'.. නැත්නම් 'විදර්ශණා භාවනාවේ' යෙදිලා.. (නුවණින් කල්පණා කර කර බලලා) පච්චත්තං වේදිතබ්බෝ කරගන්න ගියාම... තම තමන් තනි තනියෙන් උත්සාහකරලා අවබෝධ කරගන්න (තේරුම්ගන්න / දැනගන්න ) ගියාම... 'දර්ශණ සම්පදාව' නැත්නම් 'දිට්ඨිසම්පන්න බව' නැති නිසා DEFINITELY අවබෝධ කරගන්න බැරිවෙන්න / වැඩේ අසාර්ථක වෙන්න නියමිතව තිබිච්ච... ...
තව විදියකට කිව්වොත්, මුලින්ම අංක 1ට (No: 01) 'සීලෙ' හදාගෙන, ඊළඟට සීලයෙන් සමාධියට, අංක 1න් අංක 2ට (No: 01 to No: 02) ගිහිල්ලා... [මේ.. අංක මාරු උනොත් 'හුටා' තමයි!!! වැඩේ upset වෙන්න පුළුවන්!!! 'ණි - ව - න්' වෙණුවට 'ව - න් - ණි' යැවෙන්න පුළුවන්!!! ] ඊටත් පස්සෙ සමාධියෙන් ප්‍රඥාව දියුණු කරගෙන, නැත්නම් අංක 2න් අංක 3ට (No: 02 to No: 03) ගිහිල්ලා... අන්තිමට ඒ ප්‍රඥාවෙන් කල්පණා කරලා කරලා පච්චත්තං වේදිතබ්බෝ කොරගන්න උනාම... නුවණින් / මොළෙන් කල්පණා කරලා කරලා තනි තනියෙන් අවබෝධ කරගන්න (දැනගන්න / තේරුම්ගන්න) උනාම... ඒත් 'දර්ශණ සම්පදාව' නැත්නම් 'දිට්ඨිසම්පන්න බව' නැති නිසා DEFINITELY අවබෝධ කරගන්න බැරිවෙන්න / වැඩේ අසාර්ථක වෙන්න නියමිතව තිබිච්ච... ...
තවත් හොඳට තේරෙන්න සුද්ද සිංහලෙන්ම කිව්වොත්, මාර වටයක් ගහලා.. මාර try එකක් දීලා.. මහා වෙහෙසක් දරලා.. අන්තිමට කොහොමත් 'පුක ඉරාගෙන කල්පණාකරලා' කල්පණාකරලාම තම තමන්ට තනි තනියෙන් අවබෝධ කරගන්න (දැනගන්න / තේරුම්ගන්න) උනාම, 'ධර්මය අවබෝධ කරගැනීමට අවශ්‍ය ප්‍රඥාව'.. 'දර්ශණ සම්පදාව' නැත්නම්, 'දිට්ඨිසම්පන්න බව'.. නැති නිසා කාටවත් හරියට තේරුම්ගන්න බැරිවෙච්ච / කාටවත් හරියට තේරුම්ගන්න බැරිවෙන්න නියමිතව තිබිච්ච... ...
ඔය 'සත්‍ය' කතාව... 'ධර්මය' නැත්නම්, මේ 'අපේ ජීවිත වල ඇත්ත කතාව'... දැන් 'වෙන පිරිසක්' හන්දා [බොලාට පේන්න ඉන්නෙ මං විතරයි උනාට, මේක පිටිපස්සෙ පෙනෙන / නොපෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිස අම්බානකුත් ඉන්නවා!!! !!! !!! ] කිසිම මහන්සියක් නැතුව... සත පහකවත් වියදමක් යන්නෙත් නැතුව... නිකම් පුටුවක් උඩට වෙලා සැපට වාඩිවෙලා ඉඳගෙන කියවලා 'ටක්කෙටම' දැනගන්න ලැබුණාම, මොකක් වෙයිද??? ???


** මේ.. උඹල දන්නෙ නැති උනාට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" (ආසන්න වශයෙන් '0'ක විතර පිරිසක් තමයි!!) "අනික් මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" (මොකෙක්වත් අවබෝධ කරගන්නේ / දැනගන්නේ / තේරුම්ගන්නේ නෑ!!) කියලයි!!! !!! !!! හොඳද??? අනික, උඹල ගොං සංඝයන්ට අහුවෙලා නන්නත්තාර වෙලා වැඳ වැඳ.. පුද පුද.. සංසාරෙ යන්න බලාගෙන හිටිය... දෙයිය හම්බවෙන්න යන්න හිටිය... සුවර්ගෙට යන්න බලාගෙන හිටිය... 'judgement day' එක එනකම් 'වලට වෙලා ඉන්න' හිතාගෙන හිටිය... මොළේ නැති මෝඩ / මොට්ටමෝල් ගොං තකතීරුවො රැළක් මිසක්, ධර්මය අවබෝධ කරගන්න try කරපු එවුනුත් නෙවෙයි නෙව??? ??? ඒකයි.

** ම්ම්.. ආ, මෙන්න මේ කරුණු ටිකත් දැනගෙනම හිටහල්ලකෝ. ඔතනදි ඔය 'යෝනිසෝ මනසිකාර කරනවා' / 'නුවණින් මෙනෙහි කරනවා' කියන්නේ, කල්පණා කර කර බලලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දීපු ටික ඒ විදියටම / හරියටම තේරුම්ගන්න එකටයි!!! එතකොට, 'විදර්ශණා වඩනවා' / 'විදර්ශණා භාවනාවේ යෙදෙනවා' / 'නුවණින් කල්පණා කර කර බලනවා' කියන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට කියල / පෙන්නලා දෙන්න බැරිවෙච්ච දේවල්, "ඒක එහෙම උනා නම් මේක මෙහෙම වෙන්න ඕනෙ!!".. "එව්ව එහෙමනම් මෙව්වා මෙහෙම ඇති!!".. කිය කියා 'ධර්මාණුකුලව කල්පණා කර කර බලලා' / 'නුවණින් විමසලා' (ගවේෂණය / explore කර කර බලලා), තමන්ම හරියට අල්ලගන්න (දැනගන්න / තේරුම්ගන්න / අවබෝධ කරගන්න) එකට තමයි!!! !!! !!! ඊළඟට, 'දර්ශණ සම්පදාව' නැත්නම් 'දිට්ඨිසම්පන්න බව' කියන්නේ, ධර්මය අහන්න / කියවන්න ලැබිලා 'සංසාර කතාව' ගැන දැනගන්න ලැබිච්ච ගමන්, "මං සංකතයක් නම්.. මං අළුතෙන්ම හැදිච්ච කෙනෙක් නම්.. මං හැදෙන්නත් කලින් ඉඳල ආව පංච උපාදානස්කන්ධයක් කියන්නෙ, ඒක මගේ එකක් වෙන්න බැහැ නෙව??"... ආයෙ, "මං ඉපදෙන්නත් කලින් අහපු - දැකපු - විඳපුව කිසි දෙයක් මංම අහපු - දැකපු - විඳපු දේවල් නෙවෙයි නෙව??"... කියලා, සිද්ධවෙලා තියන දේ ගැන 'ඉව වැටෙන' එකට තමයි!!! !!! !!! අන්න එහෙම ඉව වැටෙන එවුන් තමයි පස්සෙ කාලෙක පංච උපාදානස්කන්ධය තමන්ගෙ නෙවෙයි බව තේරුම් අරගෙන, ඒක අතහැරලා දාන්නෙ!!! !!! !!! නැත්නම්, සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්නෙ!!! !!! !!! ඒ වගේම, මේ ධර්ම කතන්දරයේදී භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල / පෙන්නලා දීල තියන ප්‍රමාණය පොඩ්ඩක් වෙච්ච තැන්වලදී, කෙනෙකුට තමන්ම කල්පණා කරලා අල්ලගන්න සිද්ධවෙන ප්‍රමාණය වැඩියි!!! උන්වහන්සේ සවිස්තරව සේරම කියල / පෙන්නලා දීල තියන දේවල් වලදි නම්, තමුන්ට කල්පණා කරලා අල්ලගන්න වෙන ප්‍රමාණය හරිම අඩුයි!!! !!! ඒ වගේම, ඒ බුද්ධ දේශණාවල්ම අරගෙන මෙහෙම අංශුවෙන් අංශුවට දිගහැරලා 'ඇත්ත seen එක රෙද්ද ගලවලාම' පෙන්නුවාම, ආයෙ කාටවත් අමුතුවෙන් විදර්ශණා කොරන්න... කල්පණා කොර කොර බලන්න... කිසිම දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! අන්න ඒ නිසා, උඹ කොච්චර මෝඩ පොරක් / මොට්ටියෙක් උනත් මං මේ දාන දේවල් කියවලා තේරුම්ගන්න තරමට වත් උඹට මොළේ තිබුණා නම්, දැන් උඹ 'ගොඩම' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හරි! දැන් එතකොට, සාමාන්‍ය තත්වය යටතේ නම් කවුරුවත් / මොකෙක්වත් අල්ලගන්නෙ නැති.. දැනගන්නෙ / තේරුම්ගන්නෙ නැති.. මේ 'ඇත්තම ඇත්ත කතන්දරය' කිසිම දෙයක් නොකර නිකම්ම ඉඳලත් 'කිරිගහට මෝල්ගහෙන් ඇන්න වගේ' ටිප්ටොප් එකටම දැනගන්න ලැබිච්ච උඹලට, ඊළඟට මොකක් වෙයිද??? ??? ??? වෙන මොකුත් වෙන්නෙ නැහැ බොල!!! තොපිට 'ධර්මය' අවබෝධ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඇයි දැන් උඹල මෙච්චර කාලෙකට හාංකවිසියක් වත් දැනගෙන නොහිටපු.. උපන්තේකට අහලවත් නොතිබිච්ච.. භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ දේශණා කළ 'සත්‍ය ශ්‍රී සද්ධර්මය'... නැත්නම්, 'මේ සංසාරගත සත්ව ජීවිත වල ඇත්ත කතන්දරය'... උඹල දැන් හරියටම දැනගත්තෙ නැද්ද??? ??? 'උඹ' සංකත සත්වයෙක්!!! 'උඹ' අලුතෙන්ම හැදිච්ච.. කාලයක් වෙනස්වීම් වලට බඳුන්වෙවී ජීවත්වෙලා, අවසානයේ නැසී වැනසී යන.. තාවකාලික / අනිත්‍ය සත්වයෙක්!!! 'උඹ' මීට කලින් ඉපදිලා ඉඳල තියන... සංසාරෙ ආව... කෙනෙක් නෙවෙයි!!! ඒ වගේම 'උඹට' ආයි උපදින්න... සංසාරෙ යන්න... හම්බවෙන්නෙත් නෑ!!! සංසාර පැවැත්ම කියල සිද්ධවෙලා තියෙන්නෙ 'උඹට' තඩී අතීත මතකයක් ලැබිල තියන එක විතරයි!!! ඒ මතකයේ තියන කෙහෙල්මල් කිසිම එකක් 'උඹම' කරපු / කියපු / හිතපු දේවල් වත්.. 'උඹටම' සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! හැම අවුළකටම හේතුවුනේ, ඒ මතකයේ තියන දේවල් කිය කිය කර කර.. ඒ මතකයේ තියන සිදුවීම් වලට මුහුණ දිදී.. 'උඹම' සංසාරෙ ආවයි කියල 'උඹ' රැවටිලා හිටපු රැවටිල්ල / මුළාවෙලා හිටපු මුළාව තමයි!!! කියන 'සත්‍ය කතන්දරේ'... 'ඇත්තටම සිද්ධවෙලා තියන දේ'... දැන් උඹල හරියටම දැනගත්තෙ / තේරුම්ගත්තෙ නැද්ද??? ??? ??? දැනගත්තා!!! නැත්නම්, හොඳටම තේරුම්ගත්තා!!! නේද??? අන්න ඒක තමයි!!! !!! !!! ඒ කියන්නෙ දැන් උඹලට 'ධර්මය' අවබෝධ වෙලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, ඒ විදියට 'සත්‍ය ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්ත'.. නැත්නම්, 'උඹලගෙම ජීවිත වල ඇත්ත කතාව ගැන හරියටම දැනගත්ත'.. උඹලව, දැන් භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ හඳුන්වපු විදියටම හඳුන්වලා දුන්නොත්, දැන් උඹල කවුද??? ??? ??? බොලේ!!! ඕං තොපි 'සෝවාන් වෙච්ච එවුන්' නැත්නම්, 'සෝතාපන්න වෙච්ච එවුන්' වෙලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


*** හොඳට මතක තියාගනිල්ලා, මෙයින් මතුවට සිවුරු දාගෙන හරි.. සිවුරු නැතුව හරි.. දහම බදාගෙන / දහම හප හපා ඉන්න මොන ගොං පකයෙක්.. මොන ගොං පකිච්චියෙක්.. මොනවා කිව්වත්, උඹට දැන් ඒ කාලකන්ණින්ගෙ ගොං කතා වලින් කිසීම වැඩක් නෑ!!! !!! !!! උඹ දැන්, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ දේශණා කළ විදියටම.. සත්‍ය ශ්‍රී සද්ධර්මයට අනුකූලවම.. 'ධර්මය' / 'සත්‍යය' අවබෝධ කරගත්තු... සියලුම සංසාරගත සත්වයන් ගොදුරුවෙලා ඉන්න මහා භයානක සංසාර අනතුරින් සදහටම බේරිච්ච (ගැලවිච්ච / නිදහස් වෙච්ච)... 'හා හා පුරා කියලා' ගෞතම බුද්ධ සාසනයට ඇතුළත් වෙච්ච... 'සෝවාන් මාර්ගඵල ලාභී' ආර්ය ශ්‍රාවකයෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියටම කිව්වොත්, සංසාරගත සත්වයන්ට බොහෝම කළාතුරකින් ලැබෙන අතිශයින් දුර්ලභ.. වාසනාවන්ත.. 'ක්‍ෂණ සම්පත්තියක්' ලබලා ඉපදිලත්, ඒක මගහැරිලා ආයෙ හතර අපායටම ඇදන් වැටෙන්න ඔන්න මෙන්න හිටපු... ඒත් පෙනෙන / නොපෙනෙන ලෝකවල ලොකු පින්වත් කල්‍යාණමිත්‍ර පිරිසක් මැදිහත්වෙලා ඒ අනතුර වළක්වලා සසර සැඩපහරෙන් බේරගෙන 'ගොඩට' ගෙනත් ඇරලවපු... අහිමි වෙන්න ඔන්න මෙන්න තිබ්බ 'දුර්ලභ වාසනාව' ආයෙ මොකෙකුටවත් උදුරගන්න බැරිවෙන විදියට.. මොකෙකුටවත් නැති නාස්තිකරලා කාබාසිනියා කරලා දාන්න බැරිවෙන විදියට.. සුරක්ෂිත කරගන්න අවස්ථාවක් ලබාපු... වාසනාවන්ත පින්වත් මනුෂ්‍යයෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [රේරුකානේ / බලංගොඩ සෙට් එකේ කාලකණ්නි උඹලගේ අතීත ඥාති හිතෛශීන්ට ලැබිච්ච ක්‍ෂණ සම්පත්ති සේරම කාබාසිනියා කරලා, ඒ අහිංසකයන්ව අපාගත කළා!!! !!! !!! ] දැන් උඹලව 'ධර්මය' මෙලෝ මල හත්ඉලව්වක් තේරිලා නැති... ගෞතම බුද්ධ සාසනයට වත් අයිති නැති... මේ ලෝකෙ ඉන්න තරමක් සංසාරෙ යන්න / යවන්න හදන කාලකණ්නි ගොං සංඝයෝ සේරටම වඩා ලෝකෙට වටිනවා!!! !!! !!! දැන් ඉතින් උඹලත් උඹලගෙ ලඟින් ඉන්න එවුන්ට 'මේ ඇත්ත කතන්දරේ' දැනගන්න සලස්වලා, උන්වත් මේ චාටර් සංසාර කතන්දරෙන් බේරගනිල්ලා!!! !!! !!! 'බුද්ධ සාසනය'.. නැත්නම්, 'සසර දුකින් නිදහස්වෙන වැඩපිළිවෙල'.. තනිකරම රඳා පවතින්නේ, ඒ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.