Monday, June 8, 2015

කලින් ලිපිය


ඉතින් දැන් ඔය පින්වත් උදවිය, තම තමන්ගෙ සුපුරුදු ජීවන රටාව පොඩ්ඩක් වෙනස් කරගෙන.. කාලෙ කන තේරුමක් නැති වැඩ වලින් බැහැරවෙලා වෙලාවත් හදාගෙන.. අහල / කියවලා දැනගත්ත 'සත්‍යය' ප්‍රත්‍යක්ෂ කරගන්න... ධර්මය අවබෝධ කරගන්න... නිර්වාණය සාක්ෂාත් කරගන්න... එහෙමත් නැත්නම්, අරහත්වයට පත්වෙන්න... වහ වහා යුහුසුළුව කටයුතු කරනවා ඇති නේද?? ... ... ... ඔය පින්වත් උදවිය ?? ඔය උඹල ?? හූහ්.. හුහ්.. හුහ්.. හූ.. උඹල නම් මේං කියලම try කොරයි, රහත්වෙණ්ඩ!!! !!! !!! ඕනෙ නම් අහිංසක නිහතමානී හොඳ එවුන් 7-8 දෙනෙක් විතර... විශේෂයෙන්ම, "කොච්චර පිරිවර පිරිවරාගෙන හිටියත්.. යාළුවො - නෑදෑයො - හිතමිත්‍රයො වටකරගෙන හිටියත්.. වැඩක් නැහැ නේද?? මං මැරෙන්න ඕනෙ තනියම නේද?? ඊටපස්සෙ මුහුණ දෙන්න වෙන දේවල් වලට මුහුණ දෙන්න වෙන්නෙත් මට තනියම නේද??" කියල වත් කල්පණා කරන්න තරම් මොළයක් තියන එවුන් 7-8 දෙනෙක් විතර... තම තමන්ගෙ උවමණාවෙන්ම වැඩේට බහියි!!! !!! !!! අනික් ඔය ඉන්න තරමක් 'මැරෙණවා!!' 'තමන්ව නැතිවෙනවා!!' කියල කිව්ව ගමන් පුකවල් මූට්ටු වෙන... තියන තරමක් වස්තුව දේපල සේරම වියදම් කරල හරි තව දවසක් දෙකක් වත් පණ ගැටගහගන්න දඟලන... බැරිම නම් දෙයියන්ට කියල / පුද පූජාවල් තියල හොඳ තැනකට යන්න හරි බලාගෙන ඉන්න... උන්දලා මොකෙක්වත්, මළාට ඔය 'සත්‍යය' (ධර්මය) අවබෝධ කරගන්න try කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඒකට ගූ බයයි!!! !!! !!! උන් සත්‍යය අවබෝධ කරගන්න යොමුවුණොත් යොමුවෙන්නේ, "අඩේ!! මැරෙණ / පිරිණිවන්පාන එක නෙවෙයි නේ භයානක!! ආයි ආයි උපදින්න වුණොත්, ඒක නේ අන්තිම භයානක!!" කියලා... නැත්නම්, "බුදු අම්මේ!! ආයි උපදිනවට වඩා පිරිණිවන්පාන එක හොඳයි නෙව!!" කියලා... උන්ටම තේරුණොත්.. සංසාර බය ඇතිවුණොත්.. තමයි!!! !!! !!! බලං හිටහල්ලකෝ.. ඒකත් ලස්සනට සිද්ධවෙයි!!! !!! !!! නිකම් ලාවට ලාවට බයවෙන්න නෙවෙයි, සියලු ලෝක සත්වයන්ට රෙවෙන ගාණට... ලෝකෙම ගූ ගඳ ගහන ගාණට... සිද්ධවෙයි!!! !!! !!! තාම මේ "ඒ භයානක සංසාර අනතුරෙන් ගැළවීමට තියන එකම ක්‍රමය.. එකම EXIT එක.. 'නිවණ'.. මේකයි!!" කියල පෙන්නුවා විතරයි!!! නිවන් 'දක්කන්න' පටන්ගත්තෙ නෑ.

ආ.. මෙන්න මේ ටිකත් දැනගෙනම ඉඳහල්ලකෝ. නැත්නම් අන්තිමට දැනටමත් ඔය අහල / කියවල දැනගත්තු ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න (නිවණ දකින්න) සෙට්වෙලා ඉන්න කස්ටියයි... ඉදිරියෙදි සෙට්වෙන්න ඉන්න කස්ටියයි... දෙගොල්ලොත්, නිවණ දකින්න කියල try කලාට ඒ වැඩේ හරියට සම්පූර්ණ කරගන්නෙ නැතුව එක එක්කෙනා එක එක ලබ්බවල් දැකල ඥං පචං වෙලා, ''ආ.. හරි!! මං දැක්ක!! මට අවබෝධ උනා!!" කියල හිතාගත්තොත්?? මෙච්චර කරල දීලත් අන්තිමට වැඩේ අනාගත්තොත්??? කවුරු මොනව දැකල මොනවා හිතාගෙන ඉන්නවද කියල දැනගන්න විදියකුත් නෑ නේ??

මෙන්න මේකයි වැඩේ!!! මේ සංසාර කතන්දරේදි එක එක්කෙනා 'නිවණ' එක එක විදියට දැකල... එක එක විදියට තේරුම් අරගෙන... "දැන් හරි ඇති!!" කියල හිතාගෙන හිටියට වැඩේ හරියන්නෙ නෑ!!! !!! !!! මේකෙදි කවුරු කොහොම හිතාගෙන හිටියත් සංසාර කතන්දරේ ඉවරයක් වෙන්න නම්, අන්තිමට කාට කාටත් "යං කිංචි සමුදය දම්මං - සබ්බත්තං නිරෝධ දම්මං ති!!" (හැදිච්ච දේවල් නම් ඉතිං ඒ සේරම නැසී වැනසී යනවා නේ!!) කියන බව, තම තමන්ටම පසක් විය යුතුයි!!! !!! !!! කොටින්ම, 'තමන්' අනිත්‍යයි බව තමන්ටම ප්‍රත්‍යක්ෂ විය යුතුයි!!! !!! !!! තව එකම එක සත්වයෙක්වත් ඉපදිලා දුකට පත්නොවී සංසාර කතන්දරය අහවර වෙන්නේ, අන්න එතකොට තමයි!!! !!! !!! හරිය?? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සබ්බේ සංඛාරා අනිච්චාතී - යදා පඥ්ඥාය පස්සතී - අත නිබ්බින්දති දුක්ඛේ - ඒස මග්ගෝ විසුද්ධියා!!" {සියලු 'සංස්ඛාර ධර්මයන්' (ඒ කියන්නෙත් හැදිච්ච / සකස්වෙච්ච දේවල්ම තමයි) අනිත්‍යයි!! නිත්‍ය නෑ!! ස්ථිර නෑ!! හැමදාම තියෙන්නෙ නෑ!! විනාශවෙලා යනවා!! කියන බව ප්‍රඥාවෙන් දැක්කොත්, (අවබෝධ කරගත්තොත් / වටහා ගත්තොත් / තේරුම්ගත්තොත්) දුකින් නිදහස්වෙන්න ලැබෙනවා!! ඒක තමයි නිවණට මග!!} කියලා, පැහැදිළිවම දේශණා කළේ ඒකයි!!! !!! !!! මොකද, මේ සංසාරගත සත්ව ජීවිත වල කතාව තනිකරම ස්වභාවධර්මයේ කතන්දරයක් නිසා, අවිද්‍යාවෙන් පටන්ගත්ත සංසාර පැවැත්මක අවසානයත් අවිද්‍යාව දුරුවීමෙන් ස්වභාවිකවම සිද්ධවිය යුතුයි!!! !!! !!! ඒක කාටවත් ඕනෙ ඕනෙ විදියට කරන්න / කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි!!! !!! !!! අනාත්මයි!!! !!! !!!


ම්ම්.. අපි පොඩ්ඩක් මේ ඇඟවල් අස්සෙ ඇත්තටම සිද්ධවෙන කතන්දරෙන්ම බලමුකෝ. මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවට එහෙම්පිටින්ම පදනම් වෙලා තියෙන්නෙ, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා විසින් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' (විඥාණය උපකාරයෙන් නාමාරූප වල පැවැත්ම - නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්ම) හැටියට හඳුන්වල දීල තියන, ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියක් තමයි!!! !!! !!! එතෙන්දි වෙන්නෙ, මේ සංසාරගත සත්වයන්ගෙ 'මනස' කියන ආයතන වල තියන සජීවී සෛල වලින් හැදිච්ච සංකීර්ණ පරිපථ වල {complex electrical circuits made of nerve cells (neurons)} විද්‍යුතය ගමන්කරන කතන්දරයකුයි.. විද්‍යුතය ගැලීමක් සිද්ධවෙනකොට ඊට අනුරූපව විද්‍යුත්චුම්බක ශක්තියකුත් ගොඩනැගෙන ස්වභාවික සංසිද්ධියයි.. ඒ ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ශක්තියම නැවතත් විද්‍යුතය ගැලීම ප්‍රතිපෝෂණය කරන්න / feed back වෙන්න හේතුවෙන එකයි.. ඔක්කොම එකතුවෙලා සිද්ධවෙන, තඩි technical කතන්දරයක් තමයි!!! !!! !!! ඒකෙදි මේ ඉන්න තරමක් සත්වයො ඕනෙම එකෙක්ගෙ.. උඹල අපි කාගෙත්.. 'සිත' 'විඥාණය' දෙක හැටියට ක්‍රියාත්මක වෙවී තියෙන්නෙ, ඒ විද්‍යුත් ශක්තියයි.. විද්‍යුත්චුම්බක ශක්තියයි.. දෙක තමයි!!! !!! !!! ඒ වගේම, සත්වයෙක් උපදිනකොටම ඒ සත්වයාගෙ මනසේ ආරම්භ වෙන / පටන්ගන්න ඔහොම විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වයක් ආයෙ නතරවෙන්නේ, ඒ සත්වයා මරණයට පත්වුණාම තමයි!!! !!! !!! හරිය??

එතකොට, මේ සංසාර කතාවෙ තියන 'එක සත්වයෙක් මැරෙනකොට තවත් සත්වයෙක් උපදින' කතන්දරය.. 'පුනරුප්පත්තිය' කියන කතන්දරය.. සිද්ධවෙන්නේ, තමන්ගෙම ජීවිතය ගැන ඇත්ත කතන්දරය නොදන්න සත්වයෙක්, බයවෙලා... කලබල වෙලා... ලතවෙවී... බලාපොරොත්තු ගොඩගහගෙන... ප්‍රාර්ථනා කර කර... මරණයට පත්වෙනකොට.. නැත්නම්, 'පත්තුවෙලා' මැරෙනකොට.. 'එකසිය ගාණට' නගින... සීමාවක් නැතුව වැඩිවෙන... ඒකගෙ 'සිත - විඥාණය' ක්‍රියාකාරීත්වයෙන් ගොඩනැගෙන අධික විද්‍යුත්චුම්බක ශක්තිය 'භවය' හන්දා, වෙන කොහේ හරි තැනක අලුතෙන්ම හැදෙන තවත් ගැළපෙන සත්ව ඇඟක විද්‍යුතය ප්‍රේරණය වෙලා / induce වෙලා, ඒ ඇඟේ අමුතුවෙන්ම 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' සංසිද්ධියක් පටන්ගන්න එකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ, තා එකෙකුට 'පණ' එනවා!!! නැත්නම්, තා එකෙක් ඉපදෙනවා!!! කියන එකයි!!! !!! !!! හරිය??

හැබැයි එතෙන්දි සත්වයෙක් මැරෙන්න වැටුණාම නානාප්‍රකාර මළවිකාර හිත හිතා.. පත පතා.. මැරෙන එක, උගේ ගොං කම හන්දා... නැත්නම් උගේ නොදැනුවත්කම හන්දා... ඒත් නැත්නම් උගේ අවිද්‍යාව හන්දා... සිද්ධවෙන / කෙරෙන එකක්!!! !!! !!! එතකොට, මේ සත්ව ඇඟවල් හැදිල තියන විදිය අනුව, සත්වයෙක් එහෙම හිතන්න තියාගත්ත ගමන් විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයක් (භවයක්) ගොඩනැගෙන එකයි.. එහෙම විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයක් ගොඩනැගුනොත් ඒකෙන් තව කොහේ හරි අලුතෙන් හැදෙන ගැළපෙන සත්ව ඇඟක විද්‍යුතය ප්‍රේරණය වෙන එකයි.. ස්වභාවධර්මයෙන් සිද්ධවෙන දෙයක්!!! !!! !!! ලෝක ස්වභාවයක්!!! නැත්නම්, ලෝක ධර්මතාවයක්!!! ඒත් ඒ දෙකම නොකඩවා සිද්ධවෙනකොට?? ... ... ... මෙන්න බොලේ 'සත්වයෝ සංසාරෙ යනවා'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කට්ටිය දැකල තියනවා නේ ඔය නවීන තාක්සනෙන් හදල තියන නානාප්‍රකාර බලුප් වැල්?? ඔය ලස්සනට නිවී නිවී.. පත්තු වෙවී.. ගලාගෙන ගලාගෙන යන්නෙ?? අන්න ඒ වගේම seen එකක්!!! !!! !!! Bulbs ගැලවි ගැලවී වැල දිගේ යන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් කොහොමද, ළඟ ළඟ තියන ඒවා පිළිවෙලින් නිවෙන පත්තුවෙන කොට??? ආයෙ නෑ, 'යනව'ම තමයි!!! !!! !!! නේද?? මේ සංසාර කතන්දරෙත් ඒ විදියයි!!! 'වැඩසටහන' දිගින් දිගට සිද්ධවෙනතාක් කල් 'නැවතුමක් නෑ!!' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කතාකරලා වැඩක් නෑ. 'බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ඇදගෙන යනවා!!' වගෙයි!!! !!! !!! [ඔතනදි සිද්ධවෙන දේ පස්සෙ එහෙම්පිටින් කියල දෙන්නම්. දැන් ඕව ඔක්කොම ලිව්වොත් ඔහෙලට පැටලේවි.] හැබැයි, මෙතනදි අපට සංසාර පැවැත්ම නවත්තන්නයි කියල ස්වභාවධර්මයේ දේවල් මොකුත් වෙනස් කරන්න බෑ!!! !!! !!! කරන්න පුළුවන් එකම දේ, සත්වයන්ගේ (තොපිලගෙ) ගොං කම නැතිකිරීම විතරයි!!! !!! !!! මේ කරන්නෙත් ඒකම තමයි!!!


හරි! ඊළඟට, දැන් ඔය තමන්ගෙ ජීවිතයෙ ඇත්ත තත්වය ගැන නොදන්න.. මේ සංසාරගත සත්ව ජීවිත වල ඇත්ත කතන්දරය නොදන්න.. සත්වයෙක්, කලබලවෙලා... බයවෙලා... (පත්තුවෙලා ) මැරෙන්න වැටිච්ච ගමන් වෙන්නේ, ඒකගෙ හිත අවිද්‍යාසහගත කල්පණාවල් වල.. මෝඩ කල්පණාවල් වල.. නැත්නම්, 'උපාදාන'වල.. හිරවෙන එක තමයි!!! !!! !!! "මං අච්චර මෙච්චර දාන මාන දීල තියනවා!! මට ඒ පිං වළින් ගොඩාක් හොඳ තැනක උපදින්න ලැබෙයි!!" "මං එව්ව මෙව්වා පූජ කොරල තියනවා!! මට අර.. අරව, අහවල් එව්වා හම්බවෙයි!!" ['කාම උපාදාන' නැත්නම් දීපුවට හම්බවෙයි කියල හිත හිත ඉන්න එක] "මං කරපු කියපු දේවල් ඔක්කොම කලේ අහවලාගෙ කැමැත්තට නේ!! එයා එව්ව බලාගනී නේ!! මට මොකුත් upset එකක් වෙන එකක් නෑ නේ!!" "මං සත්තු මැරුවත් නැතත් උං කොහොමත් මැරෙනවා නේ!! මං කලේ උං මැරෙන එක ටිකක් ඉක්මන් කරපු එක විතර නේ!! ඒකෙ upset එකක් නෑ නේ!!" ['දිට්ඨි උපාදාන' නැත්නම් ඇත්ත නොදන්න කමට මනස්ගාත හිත හිත ඉන්න එක] "මං හතර පෝයටම සිල් ගත්ත කෙනෙක්!! මං අනිවාර්යයෙන්ම දිව්‍යලෝකේ යයි!!" ['සීලබ්බත උපාදාන' නැත්නම් ගොං වැඩ කර කර ඉඳපුවට හොඳ සැළකිලි ලැබෙයි කියල හිත හිත ඉන්න එක] "මං එලවලුයි බතුයි විතරක් කාපු කෙනෙක්!! මං අරක්කු කටේවත් තියල නැති කෙනෙක්!! මං කුණුහරුප දන්නෙවත් නැති කෙනෙක්!! මං උදේ හවා 'සීවලී එක'.. 'සං සං එක'.. අහපු කෙනෙක්!! මං නරක තැනක උපදින එකක් නෑ!! මං සුගතියෙම යයි!!" ['අත්තවාද උපාදාන' නැත්නම් තමන් විශේෂ කෙනෙක් / සිල්වතෙක් / සුදනෙක් නිසා සැළකිලි ලැබෙයි කියල හිත හිත ඉන එක] වගේ ලෝකෙ නැති මළවිකාර, wholesale එකේ (ඉවරයක් නැතුව / කෙළවරක් නැතුව) හිතෙන්න ගන්නවා!!! !!! !!! මැරෙන්න වැටිච්ච එකාම හිතනවා නෙවෙයි!!! !!! !!! ඒ වෙලාවට එහෙම්පිටින්ම පත්තුවෙලා.. නස්පුක් වෙලා.. මොකුත් හිතාගන්න බැරුව යනවා මිසක්, තමන්ට ඕනෙ ඕනෙ විදියට හිත හිතා ඉන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ජීවත්ව සිටිනාතාක් කල් ගොං කතා අහල / කියවලා... ගොං විදියටම කල්පණා කරලා... ඇතිවෙච්ච පුරුද්ද අනුව, ඉබේම 'high speed' හිතෙන්න ගන්නවා!!! නැත්නම් 'මනෝසංචේතනා' ඇතිවෙනවා!!! විතරයි!!! !!! !!! ඒ මැරෙන එවුන්ගෙන් තව එවුන් හැදෙන්න තරම් මහා ශක්තියක් ගොඩනැගෙන්නේ.. 'භවයක්' හැදෙන්නේ.. අන්න ඒකෙනුයි!!! !!! !!! 'උපාදාන පච්චයා භවෝ' නේ!!! [එකම දේම නැවත නැවතත් හිතනවා / හිතෙනවා.. හිතෙන් repeat වෙනවා.. loop වෙනවා.. නැත්නම්, යම් දෙයක 'හිත බැහැගන්නවා'.. කියන්නේ, මේ ඇඟවල් අස්සෙ සිද්ධවෙන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වය (electrical - electromagnetical operation එක) එක එකසිය ගාණට නැගලා, අම්බානක ශක්තියක් ගොඩනැගෙනවාම / build-up වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ] හැබැයි ඒ ඔක්කොම වෙන්නේ, මැරෙන්න වැටිච්ච ගොනා... ගොං බූරුවා... 'තමන්ට' සංසාරෙ යන්න.. ආයෙ ආයෙ උපදින්න.. බෑ!!! 'තමන්ගෙ' කතන්දර සේරම තියෙන්නේ මේ ජීවිතයට ලැබිල තියන ආයුෂ ගෙවිල ඉවරවෙනකම් විතරයි!!! 'තමන්' තාවකාළිකයි!!! කියලා නොදන්න නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌ 'තමන්' තාවකාළිකයි!!! 'තමන්ට' සංසාරෙ යන්න.. ආයෙ ආයෙ උපදින්න.. බෑ!!! 'තමන්ගෙ' කතන්දර සේරම තියෙන්නේ, මේ ජීවිතයට ලැබිල තියන ආයුෂ ගෙවිල ඉවරවෙනකම් විතරයි!!! කියල සහසුද්දෙන්ම දැනගෙන හිටියා නම්, කීයටවත් එහෙම ගොං කල්පණාවල් ඇතිවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට භවයක් හැදෙන්නෙත් නෑ!!! !!! !!! තව උපතක් සිද්ධවෙන්න විදියකුත් නෑ!!! !!! !!! සංසාර පැවැත්ම එතනින්ම ඉවරයි!!! !!! !!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.