Monday, August 10, 2015

කලින් ලිපිය


හොඳයි! එහෙමනම් දැන් අපි බලමු 'පුනරුප්පත්තිය' ගැන. හැබැයි ඒකෙදි සිද්ධවෙන දේ හරියටම තේරෙන්න නම්, මුලින්ම ඔය උදවියට තම තමන්ගෙ ගැන... තම තමන්ගෙ ඇඟවල් වල සිද්ධවෙන කතන්දරේ ගැන... නිවැරදි වැටහීමක් තිබිය යුතුයි!!! !!! !!! සරළවම කිව්වොත්, ඇත්තටම ඔහෙල ඔය 'මම' / 'මං' කියල රැවටිලා ඉන්නේ මොකකටද?? ඇත්තටම ඔහෙලට ඒ 'මම' / 'මං' හැටියට දැනෙන්නේ මොකක්ද?? කියන එක ගැන, හොඳට දැනගෙන / තේරුම් අරගෙන සිටිය යුතුයි!!! !!! !!! මුලින්ම අපි ඒක හරියට තේරුම් කරගෙන ඉමු.

මෙන්න මේකයි වැඩේ. දැන් මේ ලෝකෙ ඉන්න තරමක් නානාප්‍රකාර සත්තුයි.. උඹල අපියි.. සේරමල ගත්තාම, ඒ හැමෝගෙම බාහිර ලෝකෙට පේන 'මං' කෙනෙක් ඉන්නවා නේ?? නේද?? ඇයි බං උඹටත් ඔය කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල බැලුවාම, 'ආ.. මං' කියල පේන... නාවල - කවල පොවල - scent powder දාල - ඇඳුම් අන්දලා - හැඩ වැඩ කරල තියාගෙන ඉන්න... එකා ඉන්නෙ?? අන්න ඒ 'ඌ' ඇවිල්ලා, පොළවෙ සාරය උරාගෙන හැදිච්ච ශාක කොටසුයි.. ඒ ශාක කොටස්ම ආහාරයට අරං හැදිච්ච වෙනත් සත්වයන්ගෙ මස් - මාලු - කිරි - බිත්තරයි.. කාල කාල හැදිච්ච... ඒ කියන්නෙ, 'හතරමහා ධාතු' වලින් හැදිච්ච... නිකම්ම නිකම් තාවකාලික සත්ව කයක් (ඇඟක් / ශරීරයක්) විතරයි!!! !!! !!! ඒකෙ ලේ - මස් - ඇට - නහර අනං මනං ටික හැරෙන්න, වෙන මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ඒ ඇඟවල් වල මේ අපිට දැනෙන 'මං' ඉන්නවා නේද?? ඇයි ඔය උඹල හැමෝටම 'මං' වෙන්න ඇති.. 'මගේ ආත්මය' වෙන්න ඇති.. කියල හිතෙන එකා ඉන්නෙ?? අන්න ඒ 'ඌ' ඇවිල්ලා, නිකම්ම නිකම් මායාවක්... හැබෑවටම නම් එහෙම එකක් නැති, ඒත් ඉන්නවා / තියනවා වගේ දැනෙන එකක්... illusion එකක්... හරියටම කිව්වොත්, මේ ඇඟේ තියන 'ඇස - කණ - නාසය - දිව - කය - මනස' කියන ආයතන 6ම එකට වැඩකර කර තියනකොට දැනෙන / feel වෙන විදිහ... තමයි!!! !!! !!! අනික, ඒක මේ ඇඟෙන් වෙන්කරල ගන්න පුළුවන් දෙයක් වත්.. ගලවගෙන එහෙමෙහෙ අරං යන්න පුළුවන් දෙයක් වත්.. ඇඟක් නැතුව උනත් තියෙන්න / පවතින්න පුළුවන් දෙයක් වත්.. එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය TV / Computer වැඩකරන කොට පේන පින්තූර වගේ, මේ ඇඟවල් වැඩ කරනකොට ඇතිවන හැඟීමක්... ඇඟ සජීවීව තියනකම් විතරක් පවතින, තාවකාලික 6 ආකාර විඳීමක්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඒ 'දැනෙන ගතිය' (සත්වයන්ගෙ ජීවය / සජීවී බව) ඇතිවෙලා තියෙන්නේ, මේ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟවල් වල සිද්ධවෙවී තියන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය... නැත්නම්, සත්වයෙක්ගෙ 'හිත - විඥාණය ක්‍රියාකාරීත්වය' / 'මානසික ක්‍රියාවලිය' හැටියට හඳුන්වන 'විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය' දෙකේ ක්‍රියාකාරීත්වය... නිසා තමයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ ඒ 'දැනෙන ස්වභාවය' නැත්නම්, 'දැනි දැනී තියන ගතිය' ගැන අපට පැහැදිළි කරල දුන්නේ, "ඒක දැල්වෙන පහණක දැල්ලෙන් ඇතිවෙලා තියන ආලෝකය වගෙයි!!" කියලයි!!! !!! !!! මොකද, ඒ එළිය කියන්නෙ පහණ වත්.. පහණේ දැල්ල වත්.. නෙවෙයි!!! !!! !!! ඒ එළිය ඇවිල්ලා, දැල්වෙන පහණ හන්දා ඇතිවෙලා තියන 'අතුරු ඵලයක්' විතරයි!!! !!! !!! අන්න ඒ විදියටම, මේ අපට දැනෙන 'අපි' කියන්නෙත්, මේ අපට ලැබිල තියන ලේ - මස් වලින් හැදිච්ච සජීවී (වැඩ කර කර තියන) ඇඟවල් හන්දා ඇතිවෙලා තියන 'අතුරු ඵල' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන අමුතු මොකක්වත් නෙවෙයි!!! !!! !!! හරිය??


එතකොට, මේ හතරමහා ධාතු වලින් හැදිච්ච තාවකාලික සත්වයන්ට.. උඹල අපි හැමෝටම.. කරන්න පුළුවන් එකම දේ, 'සංස්ඛාර' කරන එක... නැත්නම්, හිතලා / චේතනා පහළකරලා තව තවත් නොයෙකුත් දේවල් හිතන - කියන - කරන එකම... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [
Note: උඹල ඔය ජීවත්වෙනවයි කියල කරන දේවල් සේරම... ඉගෙනගන්නවයි / රස්සාවල් කරනවයි / ක්‍රීඩා කරනවයි / පිං කරනවයි / පව් කරනවයි / තව නහුතයකුත් එකක් දේවල් කරනවයි කිය කියා කරන දේවල් සේරම... ඇවිල්ලා, සංස්ඛාර තමයි!!! හැබැයි ඒවයින් මේ සංසාර කතන්දරේට කෙලින්ම බලපාන්නේ, අවිද්‍යාවෙන් මුළාවෙලා ඉඳගෙන ආයි ආයි උපදින්න / හැමදාම ඉන්න / සංසාරෙ යන්න බලාගෙන කරන - කියන - හිතන දේවලුයි... ('උපාදාන' කියමුකො. ) බල පුළුවන්කාර කම / හයිය හත්තිය තියනකම් ලොකු පොරවල් වගේ කොරාට, පස්සෙ මතක්වෙනකොට කරකියා ගන්න දෙයක් නැතුව යන.. ලතවෙන්න / පසුතැවෙන්න / බයවෙන්න සිද්ධවෙන.. හිත හදාගන්න බැරුව යන.. දේවලුයි... ('කරුම' කියමුකො. ) විතරයි!!! !!! !!! අනික් ඔය දෙවරක් තුන්වරක් චක්කර කට පාඩම් කරන ඒවා.. විභාගවලට පාඩම් කරන ඒවා.. වගේ දේවල්, මේ කතන්දරේට එච්චර අදාළ නෑ!!! !!! !!! ] හැබැයි මේ හතරමහා ධාතු වලින් හැදිච්ච සංසාරගත සත්වයෝ එහෙම අවිද්‍යාවෙන් කටයුතු කරන්න.. 'අවිද්‍යා පච්චයා සංස්ඛාරා' කරන්න.. තියාගත්තු ගමන් වෙන්නේ, උන්ගෙ 'සිත - විඥාණය' ක්‍රියාකාරීත්වය නැත්නම් 'විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය' දෙකේ ක්‍රියාකාරීත්වය සීමාවකින් තොරව වැඩිවෙලා, 'සංඛාර පච්චයා විඥාණං' වෙන එක තමයි!!! !!! !!! නැත්නම්, උන්ගේ මනස කියන ආයතන කේන්ද්‍ර කරගෙන 'තඩී විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයක්'.. 'තඩි විඥාණයක්'.. සරලවම කිව්වොත්, 'භවයක්'.. ගොඩනැගෙන එක තමයි!!! !!! !!! මතකයි නේද ටින් එක?? ඔතනදි 'විඥාණය'.. 'භවය'.. 'කර්ම ශක්තිය'.. කියන ඔක්කොගෙන්ම හැඳින්වෙන්නේ, එකම දෙයක් තමයි!!! !!! !!!


හැබැයි ඉතිං මේ සංසාර කතන්දරේදි ජීවත්ව සිටින සත්වයෝ මොකෙක් උනත් මැරෙනකොට බැරිවෙලාවත් එහෙම විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක් (භවයක් / විඥාණයක්) ගොඩනැගිල තිබුණොත්, ඒ පාර ඒ විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයෙන් තව අලුතෙන් හැදෙන සත්ව ඇඟක (කලලයක) විද්‍යුතය ප්‍රේරණය වෙලා / electricity induce වෙලා, ඒ ඇඟෙත් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් අමුතුවෙන් පටන්ගැනෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ලෝකස්වාභාවයක්... ස්වභාවධර්මයෙන් වෙන වැඩක්... නැත්නම්, තවත් එක් ස්වභාවික සිදුවීමක්... විතරයි!!! !!! !!! පටිච්චසමුප්පාදයෙදි 'විඥාණ පච්චයා නාමරූපං'.. 'භව පච්චයා ජාති'.. දෙකෙන්ම කියවෙන්නෙත් අන්න ඒ ගැන තමයි!!! !!! !!! ඒ කියන්නේ, භවයක් තිබුණොත් තවත් උපතක්... තවත් 'හිත - විඥාණය ක්‍රියාවලියක්' / 'මානසික ක්‍රියාවලියක්'... නැත්නම්, තවත් මේ වගේම මායාවක් / illusion එකක්... ඇතිවෙනවම තමයි!!! !!! !!! තේරුණා නේ?? ඉතිං, හොඳට දැනගනිල්ලා, 'පුනරුප්පත්තිය' කියල කියන්නේ, ඔන්න ඔය සිද්ධවෙන කතන්දරේට තමයි!!! !!! !!!


එතකොට, දැන් උඹල හොඳාකාරවම දන්නවා නේ, එහෙම උපතක් සිද්ධවෙනවත් එක්කම "ඛන්ධානං පාතුභාවෝ" කියාපු විදියට, ජීවත්ව ඉන්න සත්වයගෙ මතකයේ තියන කුණුකන්දල් සේරම අලුතෙන් හැදෙන සත්වයාගේ මතකයට අච්චුගැහුවා වගේ පිටපත් වෙනවයි / copy වෙනවයි කියන බවත්?? නේද??? ඉතිං, බැරිවෙලාවත් උඹටත් උඹගෙ ජීවිතය අවසන් වෙන්න කලින් අරහත්වයට පත්වෙලා භවය නිරුද්ධ කරගන්න බැරිවෙලා... මේ දැන් උඹගේ මතකයේ තියන සේරමත් ඒ විදියටම copy වෙලා... වෙන ඇඟක් හැදිල වැඩකරන්න ගත්තොත්, මොකක් වෙයිද??? ??? ??? යකෝ, එතකොට ඒ ඇඟ හැදිච්ච තැන / පරිසරය අනුව විඳින්න වෙන දේවල් සේරම, තොට මේ දැන් දැනෙන විදියටම දැනෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට තේරෙන්න කියනවා නම්, ඒ හැදෙන ඇඟ පෙරේත ජාතියේ එකක් උණොත් තෝ පෙරේතයෙක්-තියෙක් උනා වගේ වෙනවා!!! !!! !!! ගැරඬි එකක් උණොත් තෝ ගැරඬියෙක් උනා වගේ වෙනවා!!! !!! !!! ඒ ඇඟ අපායෙ හැදුණොත් තෝව අපායට ඇදගෙන ගියා වගේ වෙනවා!!! !!! !!! ඒ ඇඟේ බෙල්ල මිරිකුවොත්, තොගේ බෙල්ල මිරිකුවා වගේ වෙනවා!!! !!! !!! ඒ ඇඟේ පුකෙන් රෙවෙනකොට, තොට රෙවෙනවා වගේ වෙනවා!!! !!! !!! බේරෙන්න / ගැලවෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව එකෙක් හරි හැදෙන්න දුන්නොත්, උඹ ඉවරායි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, මේ ලැබිච්ච බොහෝම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවෙදි තොපිලගෙ එකම අරමුණ... එකම පරමාර්ථය... වෙන්න ඕනේ, මේ හැදෙන හැදිල්ල මෙතැනින්ම ඉවරයක් කරගැනීම / පිරිණිවන් පෑම.. මිසක්, තව තව එව්ව හැදෙන්න ඉඩ හරින එක / සංසාරෙ යාම.. නෙවෙයි!!! !!! !!! උඹලට අර බාහිය දාරුචීරියට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු කතන්දරේ මතකයි නම්, "බාහිය, ඔබ යමක් දැක්කොත් දැකීම් මාත්‍රයකට සීමා කරන්න!! ඔබ යමක් ඇහුවොත් ඇසීම් මාත්‍රයකට සීමා කරන්න!! ඔබ යම් රසක්.. පහසක්.. ගඳක් - සුවඳක්.. වින්දොත් ඒකත් විඳීම් මාත්‍රයකට සීමාකරන්න!! ඔබ යමක් හිතුවොත්.. ප්‍රර්ථනා කලොත්.. ඒකත් එතැනින්ම නවත්තන්න!! කිසිම දෙයක් ගැන දිගින් දිගට හිතන්න යන්න... මොකුත් කියන්න / කරන්න යන්න... එපා!! බාහිය, ඔබ එහෙම නම් හික්මෙන්නෙ, එතන සකස්වෙච්ච / හැදිච්ච යමක් නෑ!! යමක් හැදුණේ නැත්නම් ඔබ එතන නෑ!! ඔබ වෙන තැනකත් නෑ!! ඔබ ඒ අතරවාරයෙත් නෑ!! ඔබ නිදහස්!!" (භාහිය, 'යම' හැදෙන්න නම් ඉඩ දෙන්න එපා!! 'යම' හැදුණොත් ඔබ එතන!! ඔබ ගසේ ගස්!! ) කියලා පැහැදිළිවම කිව්වෙත්, ඒකම තමයි!!! !!! !!!


ඒ වුණාට ඉතිං මනුස්ස ජීවිත ලබල හැදෙන / ඉපදෙන සත්වයන්ට, උන් ඉපදිලා බලනකොට, උන් ඉපදුණේ ඔහොම පුනරුප්පත්ති කතන්දරයක් හන්දය... උන් මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවය... සංසාරෙ ඇවිල්ල තියනවය... කියල එකක් නම් කොහොමට වත් දැනෙන්නෙ / තේරෙන්නේ නෑ!!! !!! !!! බොලා කාට click උනේ / මතක්වුනේ නැතත්, මේ සිද්ධවෙලා තියෙන්නෙත් බොලාගෙ පුනරුප්පත්තියක් නෙව??? ලොහ්.. ලොහ්.. ඉතිං, එහෙමෙයි කියල දැන් තොපිට මතක්වෙනවද, තොපි මීට කලින් හිටිය දිහාවල්.. කරපු / කියපු දේවල්.. තොපි කවුද.. කින්ද මන්ද.. මොකක්වත්??? අර මං කලින් වතාවකුත් ඇහුවේ??? අඩුම ගණනේ, එහෙම මොකක්වත් වෙලාද කියලවත් තොපිට තේරෙන්නේ නැහැ නේද??? බැරිවෙලා වත් එහෙම තේරුණා නම්, ඔය ලෝකෙ වැඩිහරියක්ම ඉන්න ක්‍රිස්තියානි එවුන් "පියාණනි වඩිනු මැනවි!!" (වැඩල, අපිව දෙකට නවා 'කමා කල' මැනවි!!  ) කිය කියා පිස්සු කෙලින්න වත්... මුස්ලිම් එවුන් "අල්ලා හුල්ලා හුල්ලල්ලා" කිය කියා පිස්සු කෙලින්න වත්... අර අනික් මොක්කුද එවුන් 'පකක්' බදාගෙන දඟලන්න වත්... විදිහකුත් නැහැ නෙව??? ලොහ්.. ලොහ්.. ලොහ්.. නේද??? ??? ??? ඒක තමයි. බොහෝම කලාතුරකින්, කලින් වතාවෙ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා කාටවත් වදයක් / වාතයක් / තුවාලයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත්වෙච්ච අහිංසක මනුස්සයෙක්, හදිසි අනතුරක්.. බෝවන රෝගයක්.. වගේ බාහිර බලපෑමකින් ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින් අතරමගදි මැරුණොත්, අන්න එතකොට නම් තව මනුස්ස පැටියෙක් ඉපදිලා 'පරණ කතන්දර' (පෙර ආත්මය!! පුඃ.. ) කියවන්න ඉඩ තිබුණත්, සාමාන්‍ය මනුස්සයන්ට නම් එහෙම කළින් වෙච්ච මොකක්වත් දැනෙන්නෙ / තේරෙන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වෙත්, මනුස්ස ජීවිත ලබල ඉපදෙන අයට සංසාර මතකයක් සිහිවෙනවා හරිම අඩුයි කියලයි!!! !!! !!! අන්න ඒ නිසා, මනුස්ස ජීවිත ලබල ඉපදෙන සත්වයන්ට සංසාර කතාවක් ගැන.. සංසාර පැවැත්මක් ගැන.. දැනගන්නවා නම් දැනගන්න වෙන්නේ, ඒ ගැන තියන කතන්දර අහල / කියවලා... නැත්නම්, අතීත මතකයන් (පුනරුප්පත්ති) ගැන කියන එවුන්ව දැකලා... නැත්නම් අනිවාර්යයෙන්ම, තමන්ටම තමන්ට ලැබිල තියන අතීත මතකයන් සිහිවෙලා... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඉතිං, හොඳට දැනගනිල්ලා, තෝ මැරෙනකොට ආයි මනුස්ස ජාතියේ සත්වයෙක්ම හැදුණොත්, සංසාරෙ ආව බවක්.. කලිනුත් ඉපදිලා හිටිය බවක්.. ඌට දැනෙන්නෙ / තේරෙන්නේ නෑ වගේම, 'උඹම පිං රැස් කොරගෙන පෙරුම්පුරාගෙන ඇවිත් ආපහු ඉපදුණා!! වගේ' උඹට දැනෙන / තේරෙණ උලව්වකුත්, මේ සංසාර කතන්දරේදී කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩිම උනොත්, දැන් තෝ බෞද්ධ පවුලක ඉපදිලා 'ගච්චාමි.. ගච්චාමි..' කිය කියා ඉන්න එකෙක් උනාට ඊළඟට හැදෙන එකා මුස්ලිම් පවුලකට සෙට්වුනොත්, ඌ බුද්ධර්ට බැන බැන 'අල්ලා හුල්ලා හුල්ලල්ලා' ගාන්න තියාගනී!!! !!! !!! නැත්නම්, දැන් තෝ කතෝලික පවුලකට සෙට්වෙලා "දේව මෑණියනි.. දෙව් පියාණෙනි.. ආමේන්.. ආමේන්.." ගගා ඉන්න එකෙක් උනාට ඊළඟට හැදෙන එකා හින්දු පවුලකට සෙට්වුනොත්, ඌ "මෑණි / පියා එපා!! පක හොඳා!!" කියල පක බදාගනී!!! !!! !!! එහෙමත් නැත්නම්, දැන් තෝ 'අල්ලා අල්ලා' ගගා ඉන්න එකෙක් උනාට ඊළඟට හැදෙන එකා බෞද්ධ පවුලක ඉපදුණොත්, ඌ අල්ලව පැත්තකින් තියල 'ගච්චාමි.. ගච්චාමි..' කියන්න පටන් ගනී!!! !!! !!! එච්චර තමයි!!! !!! !!! හැබැයි උඹ දැන් මේ දැනගත්ත 'සත්‍යය' මැරෙනකම්ම ආරක්ෂා කරගෙන හිටියොත්... 'සංසාර පැවැත්මෙන් හැදෙන සත්වයන් සංකත / තාවකාලික එවුන් මිසක්, උන් සංසාරෙ සැරිසරන එවුන් නෙවෙයි!! සංසාර පැවැත්ම කියලා සිද්ධවෙන්නේ, හද්ද පරණ අතීත මතකයක් දිගින් දිගට පැවතගෙන ඇවිත් තියන.. ලැබුණොත් ඉදිරියටත් පවතින.. සිදුවීමක් තමයි!! ඒ තියන හද්ද පරණ මතකයන් කිසිම එකක් මට සම්බන්ධ.. මට අදාළ.. දේවල් නෙවෙයි!!' කියන බව හොඳට හිතේ තියාගෙන හිටියොත්... උඹට ඒක ප්‍රත්‍යක්ෂ (confirm) කරගෙන සංසාර කතන්දරේ මෙතනින්ම ඉවරයක් කරගන්න බැරි උනත්, ඊළඟට හැදෙන එවුන්ට සංසාරෙ ගැන තියන කුණුහරුප කතන්දර අහන්න / කියවන්න ලබෙනකොටම ඒ මතකයන් අලුත්වෙලා (memory recall වෙලා) "ඇත්ත කතන්දරේ මේක නේ!!" කියල උන් දැනගන්න නිසා, උන්වත් මුළානොවී බේරිලා 'නිවණ' අවබෝධ කරගනී!!! !!! !!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.