Monday, July 20, 2015

කලින් ලිපිය


දැන් නම් ඉතිං ඔය උදවිය හුඟදෙනෙක් මේ අහල / කියවල දැනගන්න ලැබිච්ච අපේ ජීවිතවල සත්‍ය කතාව තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න... 'පච්චත්තං වේදිතබ්බෝ' කරගන්න... අවංකවම උත්සාහ කරනව ඇති නේද?? හොඳයි. එහෙමම කරගෙන යන්න. තව ඉස්සරහට යනකොට කොහොමත් ඔය 'තමන්ගෙ කොටස' නොකර මගහරින්න කාටවත් බැරිවෙයි!!! !!! !!! මේ 'ඇත්ත කතාව' දැනගන්න ලැබෙන ලැබෙන හැම කෙනාටම, බුදුහාමුදුරුවෝ කියාපු විදියටම වැඩේ කරගන්න හිතෙයි!!! !!! !!! අනික් වැඩ සේරම පැත්තකින් තියල, ඉස්සෙල්ලම රහත්වෙලා ඉන්න හිතෙයි!!! !!! !!!

හැබැයි දැන් උඹල කවුරුහරි උඹලගෙ උද්ධච්ච කමට / මහන්තත්ත කමට / බක පණ්ඩිත කමට ඒ ටික නොකර හිටියයි කියලත්... 'වැඩේ' සම්පූර්ණ කරගන්න මොකුත්ම නොකළයි.. කිසිම උත්සාහයක් නොගත්තයි.. කියලත්... උඹලගෙ සංසාර කතන්දරේ නම් තව මහ දුරක් ඇදිල යන්නේ නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "කොච්චර ප්‍රමාද උනත් 8වන භවයකට යන්නේ නෑ!!" හරියටම කිව්වොත්, උඹගෙන් තව 7 දෙනෙකුට වඩා හැදෙන්නෙ / ඉපදෙන්නේ නෑ!!! කියලයි!!! !!! !!! අර.. මං කිව්වෙ, 'උඹ breaks පෑගුවේ නැතත් වාහනේ තව මහ දුරක් ඇදිල යන්නේ නෑ!!' කියල. අන්න ඒ case එක. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, උඹල දැන් 'ලිපෙන් බාපු වලං වගෙයි!!' කියලයි!!! !!! !!! දැන් ඉතිං වලං ටික ලිපෙන් බාල ඉවරනේ?? ඉතිං ආයෙ රත්වීමක්... රත්වෙන්න ක්‍රමයක්... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිවෙනවා විතරයි!!! !!! !!! ඇයි දන්නවද හේතුව?? ඇයි බං, දැන් ඔය උඹල දැනගත්තු මේ සංසාරගත සත්ව ජීවිතවල ඇත්ත කතන්දරේ, මින් ඉදිරියට හැදෙන හැම එකෙක්ම උපතින්ම දන්නවා නෙව???

ඇයි මං ඒකත් කළින් කියල දුන්නේ?? අපි යමක් දන්නවයි කියන්නෙ ඒ දෙය සම්බන්ධයෙන් වේලපහින්ම (කලින්) අහල - දැකල - අල්ලල අතපත ගාල - දැනගෙන - ඉගෙනගෙන ලැබිච්ච මතකයක් අපිට තියනවයි කියන එකයි!!! එතකොට සෝවාන් කියන්නෙ "මං සංකතයි!! මං සංසාරෙ ඇවිල්ල නෑ!! සංසාර මතකයක් නම් මට ලැබිල තියනවා!! ඒක මගේ නෙවෙයි!!" කියල අහල / කියවල දැනගත්තු මතකයක් තමන්ට තියනව කියන එකටයි!!! !!! !!! ඉතින්, දැන් උඹලට ඒ ඇත්ත කතාව අහල / කියවලා දැනගෙන (සෝවාන් වෙලා) ඇතිවෙච්ච මතකය ඊළඟට උපදින කෙනාට ලැබුණාම, "මං සංසාරෙ ආව එකෙක් නෙවෙයි!!" කියල එයා උප්පත්තියෙන්ම දන්නවා!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, ඒ ඉපදෙන අය උපතින්ම සෝතාපන්නයි කියලයි!!! !!! !!! අන්න ඒ නිසා, බෞද්ධ පවුලක ඉපදුණයි කියල කාලකණ්නි ගොං සංඝයන්ට / ගොං බෞද්ධයන්ට වත්... වෙන වෙන ආගම් අදහන පවුල්වල ඉපදුණයි කියල ගොං fathers / mothers / brothers / sisters ලට වත්... ගොං පූජකයන්ට / ජූජකයන්ට / පූසාරියන්ට වත්... උන්ව ආයෙ කීයටවත් ගොනාට අන්දන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "පරළොව ජීවිතය වාසනාවන්ත කොරගෙන.. භව ගමන සාර්ථක කොරගෙන.. දෙවි මිනිස් සැප කෙළවර.. බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා පැමිණ වදාළ.. සුගත සංඛ්‍යාත අජරාමර අමාමහ නිවන් සැප... ..." කිය කියා කොච්චර ලණු දුන්නත්, උන් ආයෙ කීයටවත් ඒ ලණු ගිලින්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොටම වඩා, "අනේ අර මට කලින් හිටපු ගොං හරකට / එළදෙනට 'දමිය' අච්චර කියල දීලත්, ඌට මේ කෙහෙල්මල් සංසාර පැවැත්ම නවත්තල දාගන්න බැරි උනා නේ!! ඌ එහෙම කළානම් අද මට මෙහෙම ඉපදිලා විඳවන්න වෙන්නෙ නැහැ නේ!!" කිය කියා, උඹගෙ අම්ම.. නැන්දම්ම.. පුංචි අම්ම.. ලොකු අම්ම... එතකොට උඹගෙ අම්මගෙ අම්ම.. නැන්දම්ම.. පුංචි අම්ම.. ලොකු අම්ම... එතකොට උඹගෙ නැන්දම්මගෙ අම්ම.. නැන්දම්ම.. ... ... පරම්පරාවම මතක් කළොත් මිසක්, උන් ආයෙ කීයටවත් 'උන්ම සංසාරෙ ආවා' කියල නම් රැවටෙන්නෙ / මුළාවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එහෙම මේ හැදිච්ච තාවකාලික ජීවිත ගැන කිසිම මුළාවක් නැතුව ජීවත්වෙන එවුන්, සංසාරෙ යන්න.. ස්වර්ගෙට හරි දෙයිය ගාවට හරි යන්න.. මැරිලත් තව ඉන්න.. හිතාගෙන, පිං රැස් කොරගෙන... බලාපොරොත්තු / ප්‍රාර්ථනා ගොඩගහගෙන... දඟලන්නෙ (ඉල්ලං කන්නෙ / ඇදගෙනම නාන්නෙ ) නැති නිසා, උන්ගෙ සංසාර කතන්දරේ ආයෙ කොහොමටවත් අනෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇහෙන / පේන / දැනෙන / හිතෙන දේවල් වලින් කලබල නොවී තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන ඒ උදවිය, ටිකෙන් ටික හරි 'නිවෙනවා' විතරයි!!! !!! !!! හරිය?? බුදුහාමුදුරුවෝ "උපරිම 7යි!! 8ක් නෑ!!" කියලා පැහැදිළිවම කිව්වේ ඒකයි!!! !!! !!! මට හිතෙන්නෙ, මට සෙට්වෙච්ච උඹලගෙන් නම් තව එකෙක්වත් හැදෙන එකක් නෑ කියල තමයි!!! බැරිවෙලාවත් තව එවුන් හැදුණත්, උපරිම එකෙක් දෙන්නෙක් හැදිල වැඩේ ඉවරවෙයි!!! !!! නිවිල යයි!!! !!! !!! මොකද, උඹල දැන් 'ලිපෙන් බිමටම බාපු' වලං නේ...

සේරටම වඩා, මේ වෙනකොට මෙහෙම බලහත්කාරයෙන් හරි සෝවාන් / සෝතාපන්න තත්වයෙනුත් උඩට උස්සලා තියපු උඹලට වත්.. උඹලගෙන් ඊළඟට හැදෙන එවුන්ට වත්.. දැන් මේ මුළු විශ්වයේම ඉන්න තරමක් අනික් සංසාරගත සත්වයන් සේරටම මුහුණදෙන්න වෙලා තියන මහා භයානක සංසාර අනතුර... 'පෙර කරපු කර්ම' නැත්නම්, 'පුරාණ කරුම' කතන්දරේ... අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සෝවාන් වෙච්ච තැන ඉඳල අරහත්වයට පත්වෙනකම් හැදෙන සත්ව ජීවිත අපාය ලෝක 4ට නොවැටී බේරෙන්නේ / safe guard වෙන්නේ, අන්න ඒකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
[අඩේ.. ආයෙත් 'පොඩි case එකක්' නේ!!! මේකයි. දැන් ඔය දහම බදාගත්ත.. දහම හප හපා ඉන්න.. ගොං හරක්, "රහත් උනත් කරුම පලදෙනවා!! බුදුන්ටත් පුරුවේ කරුම වලින් ගැලවෙන්න බැරි උනා!! මුගලන්ටත් කන්න උනා!!" ගගා, wholesale එකේ පයිත්තියන් දොඩවනවා නේද?? මං ලඟදි FB එකෙත් 'බුදුන්වහන්සේට විපාක දුන් කරුම 7-8 ද.. 10-12ද.. මොකද්ද කියල කුණුහරුපයක්' publish වෙලා තිබුණ ලාවට දැක්ක!!! අන්න ඒ ගොං කතා හදපු / කියපු / ලියපු / ප්‍රසිද්ධ කරපු හැම එකෙක්ම මැරිච්ච ගමන්, එකෙක් නෑර අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකටත් හේතුව, උන් බැරි මගුල් කොරන්න ගිහින්.. නොදන්න කෙහෙල්මල් කියවන්න ගිහින්.. ධර්මය අධර්මය කිරීම සහ අහිංසක දෙවි / මිනිසුන් මුළාවේ දැමීම තමයි!!! !!! !!! දැන් උන් try කරලා.. try කරලා.. උන්ගෙ ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින් උන් කරගත්තු damages උන්ම recover කර නොගත්තොත්... "අනේ අපි ඒ ගොං කතා කිව්වෙ මොන මළ හත්ඉලව්වක්වත් දැනගෙන නෙවෙයි!! සෝවාන් වෙච්ච තැන ඉඳල කාටවත් 'පුරාණ කරුම' කතාවක් නෑ!! රහත්වෙච්ච අයට කර්ම කතාවක් ඇත්තෙම නෑ!! අපි ඒ ගොං කතා හැදුවේ / කිව්වේ / ප්‍රසිද්ධ කලේ අපේම ගොං කමටයි!!" නැත්නම් "අපි ඒ ගොං කතා වලට රැවටුනේ අපිත් ඒ ගැන දැනගෙන හිටියේ නැති නිසයි!! ඔහෙල නම් රැවටෙන්න එපා!! ඒවා ඇත්ත කතන්දර නෙවෙයි!!" කිය කියා, පාරක් පාරක් ගානෙ.. ගෙයක් ගෙයක් ගානෙ.. ගිහින් ප්‍රසිද්ධියේ කියලා, උන් කරපු විනාශය උන්ම නිවැරදි නොකළොත්... 'ණය ගෙවල ඉවර නොකලොත්'... SORRYම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ]

හරි! එතකොට ඒ පුරාණ කරුම උඹළට අදාළ නැත්තෙ ඇයි කියලත් දැන් උඹල දන්නව නේ?? ඇයි, මතක නැද්ද අර භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දවසක් හාමුදුරුවරු පිරිසක් එක්ක මහා කඳු පරුවතයක් ලඟින් වැඩිය වෙලාවක, චුටි ගල්කැට 7ක් ගෙනත් පේලියට තියන්න කියලා.. ඒ ගල්කැට 7ද අර මහා කඳු පරුවතයද වඩා ලොකු?? කියල අහලා.. කියපු කතාව?? අර කිව්වේ, "යමෙක් සෝතාපන්න උනා කියන්නෙ, එයා අන්න අර මහා පරුවතය තරමේ දුක් කන්දරාවක් ඉවරකල කෙනෙක්!! එයාට තව විඳින්න තියෙන්නෙ ඔන්න ඔය චූටි ගල්කැට 7 තරමේ සුළු දුක් ප්‍රමාණයක් විතරයි!!" කියල. මොකද, ඒ මහා පරුවතයක් තරම් දුක්.. සංසාර මතකයේ තියන දේවල්.. නැත්නම් 'පුරාණ කරුම'.. ඔක්කොම ඇවිල්ලා, උඹලට කළින් ඉපදිලා හිටපු වෙන වෙන උන්දලා කරපු / කියපු / හිතපු කෙහෙල්මල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කිසි එකක් උඹලට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මොකකටවත් උඹල පළිත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ඒවට වගකියන්න.. කරගහන්න.. ඕනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකයි. ඒ ඕනෙම දෙයක්.. ඕනෙම වෙලාවක.. විශේෂයෙන් උඹගෙ ජීවිතයට තර්ජනයක් එල්ලවෙච්ච වෙලාවට.. (ඔන්න මැරෙයි මෙන්න මැරෙයි කියල හිතිච්ච.. නැත්නම්, දැන්නම් මැරෙන්න වෙනවම තමයි!! කියල දැනිච්ච / තේරිච්ච.. වෙලාවල) උඹලට නිකම් film එකක් වගේ මැවිල පේන්න.. මතක්වෙවී මතක්වෙවී එන්න.. පටන්ගනී. හැබැයි උඹ ඒවා පඩේකට වත් ගණන් ගන්න එපා!!! !!! !!! උඹ නිකම් 'දුවන්නෙ නැති' (කවුරුවත් බලන්න එන්නෙ නැති) film එකක් බලන්න සල්ලි දීල එක්කරන් ගිය එකෙක් වගේ... නැත්නම්, බත් පැකට් එකක් / පිටි පැකට් එකක් / සල්ලි ටිකක් මොන මොනවා හරි දීලා, දේශපාලන රැස්වීමකට ඇදගෙන ගියපු එකේ වගේ... නිකම්ම නිකම් හිටහන්!!! !!! !!! උපේක්ෂාවෙන් හිටහන්!!! !!! !!! ඒ කියන්නෙ, ඒ හිතෙන / මතක්වෙන කිසිම දේකට අවධාණය යොමු නොකර, 'ඇහුනෙ නෑ!! දැක්කෙ නෑ!!' වගේ ගණන් නොගෙන හිටහන්!!! !!! !!! Don't care හිටහන්!!! !!! !!! කිසිදේකට බයවෙන්න... කලබල වෙන්න... පසුතැවෙන්න... මොකුත් එපා!!! !!! !!! එතකොට ඒ 'පුරාණ කරුම' නැත්නම් 'සංසාර මතකයන්' හන්දා උඹට මොකුත්ම වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි, උඹලට ඒ 'පූරුවෙ කරුම' නිසා හතර අපායට වැටෙන්න වෙන එකෙන් ස්ථිරවම / sure එකටම බේරෙන්න නම්, උඹල මෙන්න මේ 'අවශ්‍යතාවය' තිතටම සම්පූර්ණ කරගෙන සිටිය යුතුයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ 'අවශ්‍යතාවය' ගැන කියල තියෙන්නේ, 'ධර්මය හැඹිලියක් වගේ තියාගන්න!!'ද මොකද්ද කියලයි!!!
[අපේ හාමුදුරුවො දවසක් radio එකේ බුද්ධ දේශණාවක් තෝරල දෙන අතරෙදි ඔය කතාව කිව්ව. ඒත් මට ඒක හරියට අහගන්න ලැබුනෙ නෑ. හැබැයි ලාවට ලාවට හරි ඇහිච්ච ටිකෙන් මං වැඩේ අල්ලගත්ත. ] බුදුරජාණන්වහන්සේ එතනදි ඒ කියල තියෙන්නේ, 'ධර්මය' නැත්නම් 'සත්‍යය' නිතරම අතේ තියන දෙයක්.. නිතරම ළඟ තියන දෙයක්.. නිතර භාවිතාවෙන දෙයක්.. කරගන්නය කියන එක තමයි!!! !!! !!! හරියටම කිව්වොත්, 'ධර්මය' / 'සත්‍ය' නැත්නම්, මේ අපේ ජීවිතවල ඇත්ත කතාව 'අපි කවුරුවත් සංසාරෙ ඇවිල්ල නෑ!! හැබැයි සංසාර මතකයක් නම් ඇවිල්ල තියනවා!! ඒක අපේ එකක් නෙවෙයි!!' කියන ඇත්ත කතන්දරය, කිසිම චකිතයක් (සැකයක් / විචිකිච්චාවක්) නැතුව පිළිඅරගෙන, නිතර නිතර මෙනෙහි කර කර.. නිතර නිතර සිහිපත් කර කර.. හොඳට හිතේ තියාගන ඉන්න!!! කියන එකයි!!! !!! !!! මොකද, කාලකණ්නි ගොං සංඝයෝ හතරවටින්ම ඉඳගෙන අධර්මය වපුරද්දී, ගොං බෞද්ධයොත් දිගට හරහට අසත්‍යය පතුරුවද්දී, උඹගෙ හිතේ.. හරියටම කිව්වොත් උඹගෙ මතකයේ.. (memory bank එකේ ) 'සත්‍ය' යටපත් වෙලා 'අසත්‍ය' ඉස්මතු වෙන එක වළක්වන්න නම්... 'සත්‍ය' යටපත්වෙන්න (අමතක වෙන්න) නොදී තියාගන්න නම්... උඹ මේ අපේ ජීවිත වල ඇත්ත කතාව, තමුන් සංකත (තාවකාලික / අනිත්‍ය) සත්වයෙක් මිසක්, සංසාරෙ ආව.. සංසාරෙ යන්න පුළුවන්.. එකෙක් නෙවෙයි!!! !!! !!! ඒ කියන්නෙ උඹ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙ ආයෙත් උපදින්නත් පුළුවන්කම තියන.. එකෙක් නෙවෙයි!!! !!! !!! හැබැයි සංසාර පැවැත්ම නිසා තමන් උපදිනකොටම ලැබිච්ච තඩි අතීත මතකයක් නම් තමුන්ගෙ ඔලුගෙඩිය අස්සට වැටිල තියනවා!!! !!! !!! ඒත් ඒ අතීත මතකයේ තියන කිසිම දෙයක් තමන්ම කරපු කියපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! !!! !!! තමුන් ඒ දේවල් කිසි එකකට වගකියන්න වත්.. කලබල වෙන්න / බයවෙන්න / පසුතැවෙන්න වත්.. අවශ්‍ය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන එක, නිතර නිතර සිහිපත් කර කර / refresh කර කර ආරක්ෂා කරගන සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සංසාරගත සත්වයෙක් සතර අපායෙන් බේරෙන එක ස්ථිර වෙන්නේ, ඒකගෙ සත්‍යාවබෝධයේ තරම... ඒ කියන්නෙ ඔය ඇත්ත කතන්දරය ඒකගෙ හිතට කාවැදිල තියන ප්‍රමාණය... සරලවම කිව්වොත්, දැනගත්ත 'සත්‍ය' පිළිබඳව ඒකට තියන මතකයේ බලවත්කම... අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි ඉතිං, සත්වයො කියන එවුන්ට තියෙන්නෙ හිතල බලල කටයුතු කරන්න හැකියාවකුයි... මතකයකුයි.. විතරයි නෙව?? ඒ මතකයේ වැඩිහරියක් තියෙන්නෙ පුහු මනස්ගාත / මිත්‍යා විශ්වාස / ගොං කතා වෙච්ච කොට... ඒ කියන්නෙ සත්වයා අවිද්‍යාවෙන් / චතුරාර්ය සත්‍ය පිලිබඳ අනවබෝධයෙන් ඉන්න කොට... ඌ පිස්සු කෙළලා කෙළලා සංසාර කතන්දරේ අනාගන්නවා!!! !!! !!! උන්ගෙ පුහු මනස්ගාත / මිත්‍යා විශ්වාස යටපත් කරගෙන ඇත්තම ඇත්ත කතන්දරය ගැන තියන අවබෝධය වැඩිවුනාම... ඒ කියන්නෙ, අවිද්‍යාව දුරුවුණාම / චතුරාර්ය සත්‍ය අවබෝධ උනාම... උන් පිස්සු කෙළින්නේ නෑ!!! !!! !!! එතකොට සංසාර කතන්දරේ අහවර වෙනවා!!! !!! !!! හරි සරළයි.

ඒත් ඉතිං උඹලට මෙච්චර සවිස්තරව 'ඇත්ත කතාව' කියල / පෙන්නල දීලත්... බොලා කොච්චර පල් මෝඩයෝ / මෝඩියෝ උනත් උඹල හැම එකෙක්ම 'සසර සැඩපහරේ ගහගෙන යන්න නොදී බේරගන්න' / 'සංසාර අණතුරෙන් බේරගන්න' උවමණාවට, උඹල කවුරුවත් ආයේ මළාට සංසාර මතකයට රැවටෙන්නෙ / මුළාවෙන්නෙ නැතිවෙන්න අපිට කරන්න පුළුවන් හැමදේම කරලත්... උඹල ආයි කීයටවත් හතර අපායට වැටෙන එකක් නෑ කියල ගැරන්ටියක් (guarantee) දෙන්න නම් අපිට හරි අමාරුයි!!! මොකද,
ඒකට උඹල ඔය සංසාර මතකයට / පංච උපාදානස්කන්ධයට රැවටිච්ච එකෙන්.. සක්ඛායදිට්ඨියෙන්.. නිදහස් වීමට අමතරව,
'ඒ මුළාවෙච්ච එක.. සක්ඛායදිට්ඨියට අහුවෙච්ච එක.. තමයි මේ සංසාර කතන්දරේට / සංසාර පැවැත්මට එකම හේතුව!!! වෙන කිසිම දෙයක් නෙවෙයි!!!' කියන එක ගැන උඹට තියන සැක සාංකා සේරම එහෙම්පිටින්ම දුරුවෙලා ඒ ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇතිවීමත්,
උඹල ඔය ධර්මයේ නාමයෙන් කරන සියළුම ආකාරයේ කුණුහරුප වැඩ වලින්.. වන්දනාවල් / පූජාවල් / සජ්ජායනා කිරිලි / මහා සීල වියාපාර වගේ 'ගොං සංඝයන්ගේ මහා පිංකම්' නැත්නම් 'ධර්මාණුකූලව මහා ගොංකම්' සියල්ලෙන්ම.. වැළකීමත්, අන්‍යාගමික උදවිය ආගම්වල නාමයෙන් කරන පුද පූජා.. යාඥා.. කන්නලව්.. සියල්ලෙන්ම වැළකීමත්,
අනිවාර්යයෙන්ම සිද්ධවිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ, 'සක්ඛායදිට්ඨිය'ට අමතරව 'විචිකිච්චා' සහ 'සීලබ්බත පරාමාස' කියන දෙකත් නැතිවිය යුතුයි!!! !!! !!!
[හොඳට මතක තියාගනිල්ලා. මෙතනදි 'විචිකිච්චාව' කියන්නේ, මේ මුළු සංසාර කතන්දරේටම හේතුව සක්ඛායදිට්ඨියද?? වෙන දෙයක් නෙවෙයිද?? කියල බොලාට තියන සැකය මිසක්, සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කියල තියන 'බුද්ධාදී අට තැන්හි ලබ්බ' එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ] නැත්නම් ඉතිං උඹ කොච්චර 'ඇත්ත' දැනගෙන හිටියත්, උඹට අපාගතවෙන එකෙන් බේරෙන්න නම් අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ම්ම්... දැන් ඉතිං 'සත්වයෝ සංකතයි!! උන් සංසාරෙ ඇවිල්ල වත්.. යන්නෙවත්.. නෑ!!' කිය කියා, 'සැඩපහරේ ගහගෙන යනවා!! Sure එකටම අපාගත වෙනවා!! පෙරේතයෝ-තියෝ / තිරිසන් සත්තු වෙලා උපදිනවා!!' කිය කියා කියනකොට, ඒකත් මහ කුණුහරුප කතාවක්.. අපබ්‍රංශයක්.. නැත්නම්, මහ හතරබීරි කතාවක්.. නෙව?? නේද??? හැබයි ඒ ඔහෙලා ඔය 'පුනරුප්පත්තිය' කියන seen එක ගැන හරි හැටි නොදන්න නිසයි!!! !!! !!! මං කිව්වනේ ඒ පුනරුප්පත්තිය ගැනත් පස්සෙ එහෙම්පිටින්ම කියල දෙනවයි කියල. එහෙමනම් අපි දැන් ඒ 'පුනරුප්පත්තිය' ගැන දැනගෙන ඉමු. ලාවට ලාවට එහෙම නෙවෙයි, මීට පස්සෙ ආයි ඒ ගැන අමුතුවෙන් හොයන්න / දැනගන්න කිසි දෙයක් ඉතුරු නොවෙන්න... ආයි නම් මොකෙකුටවත් 'ගොං කතා කියල' උඹලව අන්දන්න / මුළාකරන්න බැරිවෙන්න... ඒ ගැනත් පරතෙරටම දැනගෙන ඉමු!!! හැබැයි ඉතිං මං ඒ ටිකත් ලියාගෙන ආයේ ටික දවසකින්.. ටික දවසකින් කියන්නෙ තව මාස 3-4කින් විතර.. [
නෑ නෑ එච්චරකල් යන එකක් නෑ. ] ආපහු එනකම් ඉන්න වෙනවා. හරිය.


1 comment:

Note: Only a member of this blog may post a comment.