Wednesday, April 20, 2016

කලින් ලිපිය


ඉතිං මොකද කරන්නෙ?? 'තමන් කාටවත් වදයක් / කරදරයක් නැති කොච්චර හොඳ කෙනෙක් උනත් වැඩක් වෙන්නෙ නෑ!! මොනවා කරලවත් බාහිර බලපෑම් වලින් භවය පරිස්සම් කරගන්න බෑ!! ඒක කොහොමත් ලොකුවෙනවා!!' කියල, "මොනව කරන්නද ඉතින්?? ඔන්න ඔහේ ලොකු වෙච්චාවෙ!!" කියලා, භවය ලොකුවෙන තරමක් ලොකුවෙන්න ඇරලා බලං ඉන්නද??? ??? ??? නැත්නම්, 'මොනවා කලත් බේරෙන්න බෑ!! කොහොමත් සැඩපහරේ ගහගෙන යනවා!!' කියල, "අනේ ඉතිං අපි මක් කරන්නද?? ඔන්න ඔහේ ගහගෙන ගියාවේ!!" කියලා, ගහගෙන යනකම් බලං ඉන්නද??? ??? ???


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් කිව්වේ, "භවය ලොකුවෙනවයි කියල, උඹල ඒක ලොකුවෙන්න ඇරලා බලාගෙන ඉන්න එපා!! උඹල ඒක පොඩි කරගන්න / කුඩා කරගන්න බලපල්ලා!! පුලුවන් හැමවෙලාවෙම චුට්ට චුට්ට හරි භවය කුඩාකර ගනිල්ලා!!" කියලයි!!! !!! !!! කවුරු කවුරුත් අහල - කියවලා තියන විදියට කිව්වොත්, භාග්‍යවතුන්වහන්සේ උඹල හැමෝටම කිව්වේ, "පින් කරපල්ලා!! 'ථෝක ථෝකං ඛණේ ඛණේ' පුළුවන් පුළුවන් හැම වෙලාවේම.. චුට්ට චුට්ට හරි.. පින්ම කරපල්ලා!! 'උදබිංදු නිපාතේන උදකුම්භෝපි පූරතී' වතුර බින්දුව බින්දුව එකතුවුනත් කලය පිරෙනවා වගේ, ටික ටික හරි පින් කරලා, පින් පුරවගන්න.. පින් රැස් කරගන්න.. බලපල්ලා!!" කියලයි!!! !!! !!! මොකද, සසර සැඩපහර භයානකයි කියලා, කාවවත් ඒකෙ ගහගෙන යන්න ඉඩහැරලා බෑ!!! !!! !!! පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත වලට සෙට්වෙලා මේ අවස්ථාව ගිලිහිලා ගියොත්, තව කල්ප කෝටි ප්‍රකෝටි කීයකින් ආයෙ මේ වගේ අවස්ථාවක් ලැබේවිද දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම උනොත් අම්බානට දුක් විඳින්න / විඳවන්න වෙනවා මිසක්, ආයෙ ගැළවීමක් ගැන හිතන්නවත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා උඹ මේ භයානක සංසාර පැවැත්මෙන් නිදහස් වෙනකම්ම... සසර සැඩපහරෙන් එතෙර වෙනකම්ම... ගහගෙන නොගිහින් බේරිලා සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අර.. අර.. අහසේ පියාඹන කුරුල්ලෙක් තටු සල සලා බිමට නොවැටී පියාඹනවා වගේ... propellers නොකඩවා කරකවමින් helicopters - aeroplanes අහසේ පියාසර කරනවා වගේ... ගලන ගඟක ගඟ ගලන අතට ප්‍රතිවිරුද්ධ දිශාවට හබල් ගගා ඔරුවක් පදිනවා වගේ... උඹත් මේ භයානක සංසාර පැවැත්මෙන් නිදහස් වෙනකම්ම, නොකඩවා පින් කරමින් ගහගෙන නොගිහින් බේරිලා ඉන්න උත්සාහ කළයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම පින් රැස්කරගන්න බැරි වුණෝතින්... භවය කුඩාකරගන්න බැරි වුණෝතින්... උඹ 'ගස්!!' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


Note: මේ.. ඔය 'ථෝක ථෝකං ඛණේ ඛණේ'... 'උදබිංදු නිපාතේන'... කතන්දර (ගොං) බෞද්ධ / (ගොං) සංඝ හැමෝම දන්නවා තමයි. හැබැයි, බින්දුව බින්දුව හරි දාල පුරවන්න පුළුවන් වෙන්නෙ leak නැති කලයක් / භාජනයක් උණොත් විතරයි!!! Leak වෙන.. leakage එකක් තියන.. කලයක් / භාජනයක් උනොත් ඒක පුරවනව කෙසේ වෙතත් හිඳෙන්න / හිඳිල යන්න නොදී වත් තියාගන්න පුළුවන් වෙන්නෙ, leak වෙනවට වඩා.. leakage එකට වඩා.. වැඩි වේගෙකින් ඒක පුරවන්න පුළුවන් නම් විතරයි!!! එහෙම leak වෙනවට වඩා වේගෙන් පුරවන්න බැරිවුණොත්... leak වෙනවට වඩා වේගෙන් පුරවගන්න ක්‍රමයක් නැති වුනොත්... 'හුටා!!' තමයි!!! !!! !!! කියන එක උන් කවුරුවත් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒක නිකමට වගේ මතක තියාගන්නකො. වැඩිය හිතන්න යන්න එපා!!! !!! !!! ඒ වගේම, සැඩපහරේ ගහගෙන නොගිහින් ඉන්න හබල් ගානවයි කියලා, බැරිවෙලාවත් ගහගෙන යන අතටම හබල් ගෑවොත්?? ඒත් 'හුටා!!'ම තමයි!!! !!! !!! නිකම් හිටියනම් ගහගෙන යනවටත් වඩා වේගෙන් ගහගෙන යනවා!!! !!! !!! කියන බව නම් කාටවත්ම click වෙලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එහෙම 'කතන්දරේ අනාගන්න එවුන්ට' high speed කෙළවගන්න වෙනවා!!! නැත්නම්, හොට පහතට තියල යවපු Rocket එකක් වගේ අපාගත වෙන්න වෙනවා!!! කියන එක, ඉතාමත් හොඳින් මතක තියාගන්නකෝ!!! !!! !!! හරිය??


හැබැයි වැඩේ තියෙන්නෙ, භව කුඩා කරගන්නය / පින් කරන්නය කියල කිව්වට, එහෙම භව කුඩා කරගැනීම / පින් රැස් කරගැනීම ලේසි වැඩක් වත්.. සත්වයන්ට තනි තනියෙන් කරගන්න පුළුවන් දෙයක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සත්වයන්ට පුළුවන් සංස්ඛාර කරන්න... නැත්නම්, චේතනා පහළ කර කර තව තවත් දේවල් හිතන්න - කියන්න - කරන්න... විතරයි!!! !!! !!! හැබැයි උන් එහෙම සංස්ඛාර කරන්න කරන්න වෙන්නේ, උන්ගෙ භව තව තවත් ලොකුවෙන / විශාල වෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{ඔහෙල දන්නවා, සංඛාර පච්චයා විඥාණං!!! සංස්ඛාර කරන්න කරන්න විඥාණය හැදෙනවා!!! නැත්නම්, වැඩිවෙනවා!!! !!! !!! එතකොට විඥාණය = භවය!!! ඒක මං ඔහෙලට කියල / පෙන්නල දීල තියනවා!!! ඒ කියන්නෙ, සංස්ඛාර කරන්න කරන්න භවය ලොකුවෙනවා!!! !!! !!! භවය විශාල වෙනවා!!! !!! !!!} ඒත් මෙතනදි අපිට ඕනෙ කරන්නේ, භවය පොඩි කරගන්න.. කුඩා කරගන්න.. මිසක්, ඒක තියනවටත් වඩා ලොකු කරගන්න නෙවෙයි!!! !!! !!! අන්න ඒ නිසා, සත්වයෝ කියන එවුන්ට උන්ම භවය කුඩාකරගන්න නම් කරන්න පුළුවන් එකම දේ, මොකුත් නොකර නිකම්ම ඉන්න එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකුත්ම නොකර... ඒ කියන්නේ, මොකුත් කරන්න - කියන්න - හිතන්න යන්නේ නැතුව... 'ඇහැ - කණ - නහය - දිව - කය - මනස' කියන ආයතන 6න් දැනෙන ඕනෙම දෙයකදී සතර සතිපට්ඨානය මෙනෙහි කරමින් හිත හික්මවා ගෙන, සමාධිය දියුණු කරන එකම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි එහෙම කෙරුවයි කියලත් භව කුඩා වෙන්නේ නම් බොහෝම හෙමීන්.. හෙමීන්.. හෙමීන්.. හෙමීන්.. තමයි!!! !!! !!! *{ඒකත් මං කලින් කියල දුන්න!!! මේ අපේ ඔලුගෙඩි අස්සෙ ක්‍රියාත්මක වෙවී තියන යාන්ත්‍රණයේ ස්වභාවය, 'fly wheel' එකක ස්වභාවය වගේම තමයි!!! !!! !!! හරියට, එක මොහොතින් කලත්තලා කලත්තලා දාන්න පුළුවන්.. ඒත් settle වෙන්න මහා කාලයක් ගතවෙන.. මඩ වතුර භාජනයක් වගෙයි!!! !!! !!! භවය ඇනිල ඇනිලා ගිහින් ලොකු වෙන්න / විශාල වෙන්න තත්පර කිහිපයකට වඩා ගතවෙන්නේ නෑ!!! !!! !!! හැබැයි එහෙම ඇනිච්ච / ලොකු වෙච්ච භවයක් ආයෙ මාස ගාණකට settle වෙන්නෙ / කුඩා වෙන්නෙත් නෑ!!! !!! !!! } අන්න ඒ නිසා, පින් රැස්වෙනකම් / භවය කුඩා වෙනකම් 'බකං නිලං' ඉඳලා නම් වැඩේ හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉක්මණට භවය කුඩා කරගන්න, වෙන මොකක්හරි ක්‍රමයක්... විකල්පයක්... යොදාගත යුතුමයි!!! !!! !!! ඉතිං මොකද කරන්නේ???


තමන්ට තනියෙන් කරගන්න බැරිනම් ඉතිං, 'විදේශාධාර' තමයි!!! !!! !!!


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං" (මහණෙනි, 'පිණ' කියන්නේ සැපයට කියන තවත් නමකටයි) කියලා, 'පිණ' හඳුන්වලා දුන්නා!!! !!! !!! ඒ හඳුන්වලා දීලා, 'යදිදං චත්තාරි පුරිස යුගානි.. අට්ට පුරිස පුග්ගලා..' ආර්ය ශ්‍රාවක පිරිස පෙන්වලා, "මෙන්න මං පින් කෙතක් හදල තියනවා!! ඕනෙම කෙනෙකුට මේ පින් කෙතට සිව්පසයෙන් උපස්ථාන කරලා, පින් රැස්කරගන්න පුළුවන්!!" කියලා, පින් රැස්කරගන්න ක්‍රමයත් කියලා දුන්නා!!! !!! !!!


... තේරෙණවද දන්නෙ නෑ!!! මෙන්න මේකයි වැඩේ!!!


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ 'සුපටිපන්නෝ.. උජුපටිපන්නෝ..' වෙච්ච ආර්ය ශ්‍රාවක පිරිසට... ඒ කියන්නේ, 'නිවණ පිණිස තියන ඍජු ප්‍රතිපදාවට එළඹිච්ච'.. කාටත් තේරෙණ විදියට කිව්වොත්, 'නිවන් යන්න highway එකට enter වෙච්ච'.. ආර්ය ශ්‍රාවක පිරිසට... උපදෙස් දුන්නේ, තනි තනිවම ආරණ්‍ය ගතෝවා.. ශුන්‍යාගාර ගතෝවා.. රුක්ඛමූල ගතෝවා.. වෙලා, වෙර වීර්ය කරලා කරලා කරලා අප්‍රමාදීව නිවණ අවබෝධ කරගන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුරජාණන්වහන්සේ ඒ අයට උපදෙස් දුන්නේ, ලඟට වැටෙන.. වනාන්තරයෙන් හොයාගන්න පුළුවන්.. ගස්වල ගෙඩි - කොළ - අල - පළතුරු වගේ දේවල් ආහාරයට අරගෙන, ජීවිතය පවත්වගන්න කියලයි!!! !!! !!! ඒ වගේම උන්වහන්සේ ඒ අයට කිව්වේ, අමු සොහොන් වල මළමිනී ඔතල දාල තියන රෙදි අරන් ඒවායින් ශරීරය ආවරණය කරගෙන, සීතලෙන් - මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න කියලයි!!! !!! !!! උන්වහන්සේ ඒ අයට නාන්න කිව්වෙත් මාසයකට දෙපාරක් විතරයි!!! !!! !!! මොකද, භාග්‍යවතුන්වහන්සේ මුල්තැන දුන්නේ 'සත්‍යය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීමට'... 'රහත්වීමට'... මිසක්, ශරීර කූඩු නඩත්තු කිරිල්ලට වත්.. වෙන වෙන කෙහෙල්මල් වලට වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ භාග්‍යවතුන්වහන්සේගේ උපදෙස් ඒ විදියටම පිළිපදිමින් මාර්ගඵල ලබන්න වෙහෙසිච්ච ආර්ය ශ්‍රාවක පිරිස ගතකළේ, බොහෝම දුෂ්කර.. 'යන්තං සන්තං'.. ජීවිත තමයි!!! !!! !!! ඒ උදවිය, හරියට ශරීරය ආවරණය කරගන්න වස්ත්‍ර නැතුව... හරියකට කන්න නැතුව... හරියට අව්වෙන් - වැස්සෙන් - සත්තු සර්පයින් ගෙන් ආරක්ෂා වෙලා ඉන්න තැනක් නැතුව... ලෙඩට - අසනීප වලට බේත් හේත් නැතුව... ගොඩාක් පීඩාවල් වින්දා!!! !!! !!! ගොඩාක් දුක් ඉවසුවා!!! !!! !!! ඒ වුණාට, ඒ උදවියත් මනුස්සයෝ නේ??? ඒ උදවියට තම තමන්ට අවශ්‍ය දේවල් ගන්න සල්ලි බාගෙත් නෑ නේ??? කොහොමද ඒ වගේ අවංක.. අහිංසක.. නිහතමානී.. මනුස්සයෙකුට / මනුස්සයන්ට, සිවුරු පිළිගන්වලා... ආහාර පිළිගන්වලා... වාසස්ථාන හදල දීලා... ලෙඩට දුකට බේත් හේත් දීලා... ඒ අයට සැනසිල්ලේ ජීවිත පවත්වාගෙන යන්න උදව් උපකාර කලොත්??? ??? ??? ඒ උදවියට ලොකු සතුටක් - සැනසීමක් ඇතිවේවි නේද???


ආන්න වැඩේ!!! 'පින්' වල පදනම ඒක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
'පිණ' කියන්නෙ 'සැපයට' කියන තවත් නමක්ය කිව්වාම, 'පින් කරනවා' කියන්නේ, 'සැපවත් කරනවා' (දුක් පීඩා වලින් මුදවගන්නවා / අස්වසනවා / සනසනවා) කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතනදි ඇත්තටම වෙන්නේ, තමන්ට තනිවම ධර්මය අවබෝධ කරගෙන භවය නිරුද්ධ කරගන්න හෝ අඩුම ගානේ භවය කුඩා කරගන්න වත් බැරි කෙනෙකුට, තමන්ගෙ භවය කුඩා කරගන්න තමන්ට වඩා භවයේ ප්‍රමාණය කුඩා කරගත් කෙනෙකුගේ... 'මාර්ගඵල ලාභියෙකුගේ'... නැත්නම්, තමන්ට වඩා කුඩා භවයක් තියන කෙනෙකුගේ... 'පින් වැඩි' කෙනෙකුගේ... සහාය (උදව් උපකාර) ලබාගැනීම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතනදි සිද්ධවෙන විද්‍යාත්මක සිදුවීම (technical background එක) ගැනත් පොඩි විස්තරයක් කළොත්,
දුක් වේදනා ඉවසගෙන.. කටු කාගෙන.. 'සත්‍යය' අවබෝධ කරගන්න වීර්ය කරන හෝ වීර්ය කරලා කරලා 'සත්‍යය' අවබෝධ කරගත්ත අයට තියෙන්නේ, ප්‍රමාණයෙන් කුඩා (low in size) ඒත් ගොඩාක් ශක්තිමත් (high in field strength) භව (electromagnetic fields) තමයි!!! !!! !!! ඒ භව ලේසියෙන් ලොකු කරන්න... අනල අනල දාන්න... බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට, ඒ භව ලඟට කිට්ටුවෙන කිට්ටුවෙන size එකෙන් ලොකු.. ඒත් ශක්තියෙන් දුර්වල.. භව ඉබේම ඇකිලිලා ඇකිලිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කිට්ටුවෙන උදවියගෙ භව කුඩා වෙනවා!!! !!! !!! (පොඩි වෙනවා / settle වෙනවා) නැත්නම්, ඒ උදවියට බොහෝසෙයින් පින් රැස්වෙනවා!!! !!! !!! කොහොම කිව්වත් එකයි!!! !!! !!!

ඒ විදියටම, පින් මට්ටමින් වැඩිවෙන්න වැඩිවෙන්නත් භවවල ප්‍රමාණය කුඩා නිසා, කුඩා භවයක් තියන (පින් වැඩි) කෙනෙකුට ලොකු භවයක් තියන (පින් අඩු) කෙනෙක් සිව්පසයෙන් උපස්ථාන කළොත්, ඒ ලොකු භවවලත් කුඩා වීමක්.. පින් අඩු කෙනාට පින් ලැබීමක්.. සිද්ධවෙනවා නම් තමයි!!! !!! !!! හැබැයි, අඩුම ගණනේ දිට්ඨි සම්පන්න කෙනෙක්වත් උණොත් මිසක්... සක්ඛායදිට්ඨියෙන් සම්පූර්ණයෙන්ම නිදහස්වෙන්න බැරිවුණත්, සංසාර පැවැත්මෙන් ලැබිල තියන පංච උපාදානස්කන්ධය (තඩී අතීත මතකය) තමන්ගෙ වෙන්න බෑ කියන එකවත් 'ඉව වැටිච්ච' කෙනෙක් උණොත් මිසක්... පින් මට්ටමින් වැඩිවුණ පළියට සාමාන්‍ය මනුස්සයෙක්ගෙ භවයකින් තව කෙනෙකුගේ භවයකට ලොකු බලපෑමක් ඇතිවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, අඩුම ගණනේ සෝවාන් මාර්ගයේ වත් නැති එවුන්ට... සංසාර පැවැත්මෙන් ලැබිල තියන තඩී අතීත මතකයට (පංච උපාදානස්කන්ධයට) රැවටිලා, තමන් සංසාරෙ ඇවිල්ල තියන - සංසාරෙ යන්නත් පුළුවන් එකෙක්ය කියලා එහෙම්පිටින්ම රැවටිලා ඉන්න.. මුළාවෙන් මුළාවටම පත්වෙලා ඉන්න.. සිවුරු දාගත්ත ගොං මැට්ටන්ට - මැට්ටියන්ට... සිව්පසයෙන් සළකලා නම්, මහ හුඟක් පින් ලබන්න කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ වගේම, එහෙම තනියම දුක් විඳගෙන.. කටු කාගෙන.. වීර්ය කරලා කරලා මාර්ගඵල ලබපු කෙනෙකුට එයාටම විශේෂයෙන් සිව්පසයෙන් උපස්ථාන කළොත් නම් එහෙම, ලේසි වෙන්නෙත් නෑ!!! !!! එතකොට ඒ මාර්ගඵල ලාභියාට තමන්ට උපකාර කල කෙනා ගැනත් විශේෂයෙන් ඇතිවන ආදරය - කරුණාව - දයාව - මයිත්‍රීය - අනුකම්පාව සියල්ල මිශ්‍රිත 'ස්තූති පූර්වක' හැඟීම නිසා, ඒ උපකාර කල කෙනාගෙ භවය 'දඬු අඬුවකට අල්ලලා චප්ප කලා වගේ' අම්බානට කුඩා වෙනවා!!! !!! !!! නැත්නම්, ඒ කෙනාට අම්බානට පින් ලැබෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??


හැබැයි, බුදුහාමුදුරුවෝ "ඔය මං හදාපු (යදිදං චත්තාරි පුරිස යුගානි.. අට්ට පුරිස පුග්ගලා..) 'පින් කෙතට' සිව්පසයෙන් උපස්ථාන කරලා ඕනෙම කෙනෙකුට පින් රැස්කරගන පුළුවන්!!" කියල කිව්වා මිසක්, 'පින් රැස්කරගන්න පුළුවන් පින් කෙතට සිව්පසයෙන් උපස්ථාන කරලා විතරයි!!' කියල එකක් නම් කොහෙදිවත් කියලා නෑ!!! !!! !!! ඒ වෙණුවට, "සතෙකුට කෑම වේලක් දුන්නොත් පින් 1ක් හම්බවෙනවා!! මනුස්සයෙකුට කෑම වේලක් දුන්නොත් පින් 100ක් හම්බවෙනවා!!" කියල නම් උන්වහන්සේ දේශණා කරලා තියනවා!!! !!! !!! *{මේ.. 'කොටු පනින්න ආස' රජෙක්ගෙ පොඩි කතන්දරයක් අපේ හාමුදුරුවෝ තෝරලා දීපු දේශණාවක තිබුණා!!! ඒකෙදි ගමේ හිටපු ජෝඩුවක් දැකපු රජා, ඒ ගෑණිගෙ ලස්සනට වශී වෙලා මිනිහව කම්බස් කරල ගෑණිව පාවිච්චියට ගන්න හිතනවා. හිතල, "තෝ ගිහිං හෙට හවස්වෙන්න කලින් මට නවනීත මැටියි.. අනෝතත්ත විලේ වතුරයි.. අරගෙන වර!! නැත්නම් තෝව කම්බස් කරනවා!!" කියල, කරන්න බැරි task එකක් දීලා මිනිහව ගමෙන් යවනවා. ඉතිං ඒ මිනිහ බත් මුලකුත් බැඳගෙන කාරිය, අර කියපු බඩු හොයාගන එන්න යනවා. බඩු හම්බවෙන්නේ නෑ!!! ඇවිදල ඇවිදලා බඩගිනි වෙච්ච මිනිහා කෑම එක ලිහාගෙන කන්න ලෑස්ති වෙනවා. ඒ ළඟපාත තිබිච්ච දොළ පාරක හිටපු මාළු වගයක් දැකලා, උන්ට කන්නත් බත් ටිකක් දානවා!!! එතකොටම එතනට ආව මනුස්සයෙකුටත් ඒ කෑම එකෙන්ම කොටසක් කන්න දෙනවා!!! ඊට පස්සෙ ඒ මිනිහා, "භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නේ, 'සතෙකුට කන්න දුන්නම පින් 1ක් ලැබෙනවා!! මනුස්සයෙකුට කන්න දුන්නම පින් 100ක් ලැබෙනවා!! ' කියලයි!! අන්න ඒ විදියට දැන් මං මේ කරගත්ත පින් වල බලෙන් මට මේ උගුලෙන් ගැලවෙන්න ලැබේවා!!" ද මොකද්ද හිතනවා. මට ඒ ටික හරියට මතක නෑ. බැලුවම ඒ මනුස්ස වේශයෙන් ඇවිල්ල තියෙන්නෙ 'Mr. සක්‍ර' තමයි!!! එයා ඇවිල්ල තිබුණෙත් 'බඩු' අරගෙනයි. ඉතින් අර මනුස්සයගෙ වැඩේ කෙරෙනවා. ඒවා මෙතනට වැඩක් නෑ!!! කොහොම හරි, මං අර 'සතෙකුට කෑම වේලක් දුන්නම පින් 1ක් ලැබෙනවා!!! මනුස්සයෙකුට කෑම වේලක් දුන්නම පින් 100ක් ලැබෙනවා!!!' කියන බව දැනගත්තේ නම් අන්න ඒ කතාවෙන් තමයි!!! !!! !!! } ඉතින් ඒ නිසා, උඹල ඕනෙම කෙනෙකුට.. ඕනෙම වෙලාවක.. ඕනෙම තිරිසන් සත්වයෙකුට කන්න බොන්න දීලා පින් 1ක් ගානෙත්... ඕනෑම මනුස්සයෙකුට කන්න - අඳින්න දීලා පින් 100ක් ගානෙත්... මේ දැන් උනත් රැස්කරගන්න පුළුවන්!!! !!! !!! හරිය??


මේ.. හැබැයි, බල්ලෙකුට කෑම වේලක් දීලා ඌට 'පසඟ පිහිටුවා වැන්දහම' පින් 1ක් ලැබෙනවා!!! පූසෙකුට කෑම වේලක් දීලා පූසට වඳින 'ගාථාව කියලා වැන්දහම' පින් 1ක් ලැබෙනවා!!! මිනිහෙකුට කෑම වේලක් දීලා 'දොහොත්මුදුන් දී වැන්දහම' පින් 100ක් ලැබෙනවා!!! හිඟන්නෙක් නාවලා පිරිසුදු කරලා.. අලුත් ඇඳුම් අන්දලා.. කන්න බොන්නත් දීලා.. 'පෙරලි පෙරලී වැන්දහම' පින් 200ක් 300ක් ලැබෙනවා!!! ඒ.. ඒ.. එහෙම කුණුහරුප කතා නම් බුදුහාමුදුරුවෝ කොහෙදිවත් කියලා නෑ!!! !!! !!! උන්වහන්සේ කියල තියෙන්නේ "සතෙකුට දුන්නහම පින් 1යි!! මනුස්සයෙකුට දුන්නහම පින් 100යි!!" කියල විතරයි!!! !!! !!! මොකද, පින් කරන්න.. පින් ලබාගන්න.. වැඳිල්ලක් / වන්දනා කිරිල්ලක් කොහෙත්ම අවශ්‍ය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පිණක් ලැබෙන්න.. පිණක් රැස්වෙන්න.. සම්පූර්ණ විය යුතු මූළික අවශ්‍යතාවය, උඹ පින් බලාගෙන කරන ක්‍රියාව, මාර්ගඵල - පින් මොනවා නැතත් කමක් නෑ, 'පණ තියන' සත්වයෙක්ගේ දුක් පීඩා නැතිකර ඒ සත්වයාව සනසාලන... අස්වසාලන... දෙයක් විය යුතු එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ඇනිච්ච / ලොකුවෙච්ච භවයක් අංශු මාත්‍ර වශයෙන් හරි settle කරන්න / කුඩා කරන්න හේතුවෙන දෙයක් වියයුතු එක විතරයි!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!! *{ඔය 'ජන ගී' (ගාථා ) කිය කියා වන්දනා කොරන කුණුහරුප වැඩ හද හදා ඔබලා, 'ගෞතම බුද්ධ සාසනය' (භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිහිටවාලු 'චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වැඩ පිළිවෙල') එහෙම්පිටින්ම 'වන්දනාවක්'... 'වැඳ වැඳ.. වන්දනා කොර කොර.. පූජ කොර කොර.. ඉන්න තියන උළව්වක්'... කළේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උන්ගෙ 'පරමාර්ථය' ඉටුකර ගැනීම සඳහායි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන තව පස්සෙ දැනගන්න ලැබෙයි!!! !!! !!!} හරිය??


අනික, උඹ ඔය වෙන වෙන සත්වයන්ව සනසා - නලවා පින් ලබාගන්න කලින්, මෙන්න මේ ගැනත් හොඳට.. පැහැදිළිව.. දැනගෙන සිටිය යුතුයි!!! !!! !!! උඹ පින් ලබාගන්න හිතාගෙන කරන ක්‍රියාව සත්වයෙක්ගෙ / සත්වයන්ගෙ දුක් පීඩා නැතිකරලා උන්ට සැනසීම.. සංසිඳීම.. ඇතිකරන දෙයක් වෙණුවට, උන්ට ආතල් දීලා... උන්ව පිනවලා... කුපිත කරන දෙයක් උණොත්, අන්න එතකොට වෙන්නෙත් උඹට කෙළවෙන එකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සත්වයන්ගෙ භව අවම ප්‍රමාණයට / කුඩාවටම තියෙන්නේ, උන් දුකත් නැතුව.. සැපත් නැතුව.. මධ්‍යස්ථව ඉන්නකොට / පූර්ණ උපේක්ෂාවෙන් ඉන්නකොට (මධ්‍යම ප්‍රතිපදාවෙදි / මැදුම් පිළිවෙතේදි ) විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියට 'U' අකුරෙ හරි මැදදි වගෙයි!!! !!! !!! 'දුක් කලත්' upset !!! 'පිනවන්න' / 'ආතල් දෙන්න' ගියත් upset !!! භව ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් උඹල දන්නවා නේ, උඹ කරන දෙයක් නිසා වෙන එකෙක්ගෙ / එවුන්ගෙ භව පුංචි උණොත්, උඹට පින්!!! !!! !!! ලොකු උණොත්, උඹට පව්!!! !!! !!! *{දවසක් බුදුහාමුදුරුවෝ හම්බවෙන්න සංගීත කාරයෝ දෙන්නෙක් ආවලු!!! ඇවිත් උන්වහන්සේට නමස්කාර කරලා කාරිය පැත්තකින් වාඩි උනාලු!!! ඊළඟට එයින් එකෙක් "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි මෙහෙම මෙහෙම සංගීතෙන් මිනිසුන්ට ආතල් දීලා ජීවත්වෙන දෙන්නෙක්!! අපි මැරුණයින් පස්සෙ කොහේ උපදියිද??" කියලා ඇහුවලු!!! බුදුහාමුදුරුවෝ "අපි වෙන දෙයක් ගැන කතාකරමු!!" කිව්වලු!!! !!! !!! මූ ආයෙමත් සැරයක් "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි මෙහෙම මෙහෙම සංගීතෙන් මිනිසුන්ට ආතල් දීලා ජීවත්වෙන දෙන්නෙක්!! අපි මැරුණයින් පස්සෙ කොහේ උපදියිද??" කියලා ඇහුවලු!!! !!! !!! බුදුහාමුදුරුවෝ ආයෙමත් පාරක් "ඔව්ව ඕනෙ නෑ!! ඔව්ව ඕනෙ නෑ!! අපි වෙන දෙයක් ගැන කතාකරමු!!" කිව්වලු!!! !!! !!! මූ ආයෙමත් පාරක් "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි මෙහෙම මෙහෙම සංගීතෙන් මිනිසුන්ට ආතල් දීලා ජීවත්වෙන දෙන්නෙක්!! අපි මැරුණයින් පස්සෙ කොහේ උපදියිද??" කියලා ඇහුවලු!!! !!! !!! අන්න ඒ පාර නම් බුදුහාමුදුරුවොන්ට මල... ... නෑ!!! නෑ!!! ඒ පාර බුදුහාමුදුරුවෝ, "මං දැන් ඔහෙලට දෙපාරක්ම කිව්ව!! අහන්නෙ නෑ නේ?? එහෙනම් අහගන්නවා. තමුන්ල මැරුණ ගමන් අපායෙ උපදිනවා!!" කිව්වලු!!! !!! !!! මේ.. මටත් කරන්න දෙයක් නෑ හොඳේ. බුදුවරු කට කහනවට මොකුත් කියන්නෙ නෑ නේ?? ඒ කියල තියෙන්නෙ හැබෑවටම සිද්ධවෙන දේ තමා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! } අන්න ඒ නිසා, (පිං කොරගන්න හරි නැතුව හරි) වෙන එවුන්ට ආතල් දෙන්න.. උන්ව පිනවන්න.. ගිහිල්ලා, උඹලත් ඉල්ලං කන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උඹල අර සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'රූප දාන.. සද්ද දාන.. ගඳ දාන.. රස දාන.. පොට්ඨබ්බ දාන..' කතන්දරේ අහල ඇති නේද??? *{ඇයි ඔය තියෙන්නෙ, සංඝට පොට්ඨබ්බ දානයක් ඕනෙ උනාම "උපාසකම්මේ ඉරිලා!! අතේ මහල හරියන්නෙ නෑ!! මැෂිමත් අරං පන්සලට එන්ඩ!!" කියල පණිවිඩයක් යවනවා. ඉතිං, සංඝට පොට්ඨබ්බ දානයක් දීලා සංසාරෙ යන්න පින් ටිකක් ගන්ඩ, උපාසකම්ම මැෂිමත් අරං පන්සලට යනවා!!! } උන් ඒ 'කුණුහරුප දාන' හඳුන්වල දීල තියෙන්නෙත්, උන්ගෙ 'පරමාර්ථය' ඉටුකරගන්නයි... තොපිව ගොනාට අන්දලා උන්ට ආතල් ගන්න / ආතල් එකේ ඉන්න හදාගන්නයි... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හරි! දැන් අවසාන වශයෙන් ඔය උදවිය මේ 'භව' ගැන දැනගත යුතු ඊළඟ වැදගත්.. බරපතළ.. කාරණාව ගැනත් දැනගෙන ඉමු.
ඔහෙල දන්නවා නේ, සත්වයෙක් ගත්තාම ඒකගෙන් භවයක් ගොඩනැගෙන්න හේතුවෙන්නෙත්... උන් එකම දේවල් නැවත නැවතත් හිතන්න හිතන්න / මෙනෙහි කරන්න මෙනෙහි කරන්න, ඒ ගොඩනැගිච්ච භව තව තවත් විශාලවෙන්න හේතුවෙන්නෙත්... මේ ඇඟවල් වල තියන මනස කියන ආයතන අස්සේ සිද්ධවෙන, 'විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත් - නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්' කියන ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියයි!!! !!! !!! ඒ ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියේ... නැත්නම් 'විද්‍යුත් ශක්තියයි - විද්‍යුත්චුම්බක ශක්තියයි දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින ක්‍රියාවලියේ'... ස්වභාවය, නැවත නැවතත් සිද්ධවෙන්න සිද්ධවෙන්න / repeat වෙන්න වෙන්න ක්‍රියාකාරීත්වය එන්න එන්නම බලවත් වෙලා, මහා ශක්තියක් ගොඩනැගෙන එක තමයි!!! !!! !!! කියන බව?? නේද??? හැබැයි අපි මෙච්චර කල් කතාකලේ, තනි තනි සත්වයන් ගත්තාම උන්ගෙ මනස කියන ආයතනවල ඒ ක්‍රියාකාරීත්වය සිද්ධවෙන විදියයි... උන්ව බාහිර සත්වයන්ගේ බලපෑම් වලටත් මැදිවුණාට පස්සේ, ඇතිවෙන තත්වය ගැනයි... විතරයි!!! !!! !!! ඒ වුණාට, ලඟින් / කිට්ටුවෙන් යන.. නැත්නම් ගැළපීමෙන් වැඩි.. භව තියන සත්වයෝ දෙන්නෙක් හෝ ඊට වඩා වැඩි පිරිසක් එකතැන (close proximity) ඉන්න අවස්ථාවල ඔය 'වින් - නාම ක්‍රියාකාරීත්වයක්' සිද්ධවෙනකොට, එතන සිද්ධවෙන තව 'ලොකු කතන්දරයක්' තියනවා!!! !!! !!! එතකොට එක සත්වයෙක්ගෙ මනසේ ක්‍රියාකාරීත්වය 'අනික් සත්වයාගේ මනසේ' හෝ 'අනික් සත්වයන්ගෙ මනසවල් වල' ක්‍රියාකාරීත්වයත් එක්ක විද්‍යුත්චුම්බක ශක්තියෙන් සම්බන්ධ වෙලා, (magnetically cross connect වෙලා / magnetically couple වෙලා) 'ඇනෙන එක' double - triple - quadruple - quintuple - apple - pimple වෙනවා!!! !!! !!! හරියට 'න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයක් පත්තුකලා වගේ' වෙලා, එකක් චුට්ටක් ගැස්සිච්ච ගමන් භව සේරම wholesale එකේ ඇනීගන.. ඇනීගන.. ඇනීගන.. ඇනීගන.. යන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙන් මේක.. මේකෙන් අරක.. අරකෙන් ඒක.. ඒකෙන් ආයි මේක.. මේකෙන් අනික.. අනිකෙන් ඊළඟ එක.. විදියට ඇනි ඇනී ගිහිල්ලා, වැඩේ එහෙම්පිටින්ම දෙල් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තනි එකෙක් උනානම් දවස් ගණනකදී.. සුමාන ගණනකදී.. ලොකුවෙන්න තිබිච්ච තරමට, විනාඩි ගණනකදී.. පැය ගණනකදී.. භවය ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


අන්න ඒ නැති ලෙඩක් දාගන්න එකෙන් සිය ශ්‍රාවක පිරිස බේරෙගන්න උවමණා නිසා, භාග්‍යවතුන්වහන්සේ උන්ට තනි තනිවම ඉන්න උපදෙස් දුන්නා!!! !!! !!! උන්වහන්සේ ඒ 'තනිකම'.. 'ආර්ය හුදකලාව'.. හරියට අගය කළා!!! !!! !!! ඒත් ඉතිං ආරණ්‍ය ගතෝවා - රුක්ඛමූල ගතෝවා - ශුන්‍යාගාර ගතෝවා නෙවෙයි නම්, ඒ ගැන කතාකරන එකත් විහිළුවක් විතරයි!!! !!! !!! ඇත්තම කියනවා නම්, පිරිසත් එක්ක / පිරිසක් මැද්දෙ ඉන්න උඹල හැමෝටම ඉන්න වෙලා තියෙන්නේ, භව උකසට තියලා... භව අඳේට දීලා... නැත්නම් භව බද්දට දීලා... ඉන්න එවුන් වගේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම ඉඳන් බාහිර බලපෑම් වලින් භව පරිස්සම් කරගන්න විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! කල්තියාම භවය නිරුද්ධ කරල දාලා, (රහත්වෙලා) තමන් සංසාර කතන්දරෙන් එහෙම්පිටින්ම අයින්වෙලා නොහිටියොත්... භවය නිරුද්ධ කරගන්නම බැරි උනත් කමක් නෑ, ඊළඟ ජීවිතය ප්‍රණීත ධාතුවෙන් පහතට නොවැටෙන ගාණට හදාගන (අනාගාමී වෙලා) වත් නොහිටියොත්... කොහොමත් 'ගස්!!' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යම පල්ලො ඇවිත් 'යං..' කිව්වොත්, අපායටම යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ආයි මතක්කරගනිල්ලා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ, "සංසාර පැවැත්ම හරිම භයානකයි!! මම ඇසිපිය හෙළන මොහොතකට වත් සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! පැවිදි කෙනෙක් නම් අනිවාර්යයෙන් රහත්වෙන්න!! ගිහිකෙනෙක් නම් අඩුම ගානේ අනාගාමී වත් වෙන්න!! සෝවාන් වත් නැත්නම්, (තමුන් සංසාරෙ ආව - යන කෙනෙක්ය කියල තියන මුළාවෙන් මිදිලා, තමුන් තාවකාලිකව හැදිච්ච සත්වයෙක්ය කියන බව වත් තේරුම්ගත්තේ නැති මොට්ටයෙක් / මොට්ටියෙක් නම්) මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියලයි!!! !!! !!!


ඉතිං?? බොලා ඔහොම අනතුරක් බොලාට තියනවයි කියල දන්නෙත් නෑ නේ??? කිව්වට පිළිගන්නෙත් නෑ නේ??? ??? ඒ මදිවට බොලා බුදුහාමුදුරුවෝ කියාපු විදිය කෙසේ වෙතත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කියල දීල තියන විදියට නානාප්‍රකාර 'මහා පිං කං' කොර කොර, දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලබන්න තව තව සංසාරෙ යන්නත් හිතාගෙන ඉන්නවා නේ??? ??? ??? අපි බොලාට ඒ 'මහා පිං කං' වලින් ලැබෙන ආනිසංස ගැන ඊළඟට බලමු.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.