Tuesday, July 12, 2016

කලින් ලිපිය


ගොං බෞද්ධයෝ - ගොං සංඝයෝ හැමතිස්සෙම "බුද්ධං සරණං ගච්චාමි!! ආයි ගච්චාමි!! ආයිත් ගච්චාමි!!" කිය කියා හිටියට, උන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පඩේකට වත් care කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු විදියට වැඩකරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඇයි කියනවා නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට කිව්වේ, උඹල ඔක්කොමල ඇවිල්ල 'කන්දානං පාතුභාවෝ' වෙලා (පංච උපාදානස්කන්ධයක් බැහැගෙන)... 'ආයතනානං පටිලාභෝ' වෙලා (ආයතන 6ක් ලැබිලා)... 'උප්පාදෝ පඥ්ඥායති' විදියට හැදිච්ච (හටගැනීම / හැදිච්ච තැන පේන විදියට හැදිච්ච නැත්නම්, අලුතෙන්ම / අමුතුවෙන්ම හැදිච්ච)... සත්වයන් පිරිසක් තමයි!!! !!! !!! එහෙම අලුතෙන්ම / අමුතුවෙන්ම ඉපදිච්ච උඹලා, "අපි බුදුහාමුදුරුවොන්ට වත් පේන්නෙ නැති තරම් බොහෝම දුර ඈත කාලෙක ඉඳන් සංසාරෙ සැරි සරාගෙන.. සැරි සරාගෙන.. සැරි සරාගෙන.. ඇවිල්ල තියනවා!! අපි මීට කලිනුත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් මේ විදියටම ඉපදිලා ඉඳල තියනවා!! අපි මැරුණයින් පස්සෙත් ආයි මේ විදියටම උපදිනවා!! කවදහරි දවසක නිවන් දකිනකම්ම අපි මේ විදියට සංසාරෙ සැරි සර සරා ඉන්නවා!!" කියල හිතාගෙන ඉන්නේ, උඹල උඹලට ලැබිල තියන පංච උපාදානස්කන්ධ වලට එහෙම්පිටින්ම රැවටිලා තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, මේ ජීවිතයේ ඉපදිච්ච තැනින් අලුතෙන්ම ජීවිත පටන්ගත්තු උඹලා, "අපි මීට කළිනුත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් මේ විදියටම ඉපදිලා ඉඳල තියනවා!! අපි සංසාරෙ සැරි සාරගෙන.. සැරි සරාගෙන.. ඇවිල්ල තියනවා!!" කියලා ගොනාට ඇඳගෙන ඉන්නේ, උඹල උඹලට හම්බවෙලා තියන පංච උපාදානස්කන්ධ වලට එහෙම්පිටින්ම මුළාවෙලා තමයි!!! !!! !!! ඒ මහා රැවටිල්ලට.. ඒ මහා මුළාවට.. කියන්නේ, 'සක්ඛායදිට්ඨිය' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල පුළුවාන් ඉක්මණින් අන්න ඒ සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙයල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'ඔලුව ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් (ඉක්මණින් / වේගයෙන් / immediately) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙයල්ලා!!! ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් (ASAP / as soon as possible) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙයල්ලා!!!' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඒ භාග්‍යවතුන්වහන්සේ කියාපු දේ කාට කාටත් පැහැදිළිවෙන ගාණට තවත් සරල කරලා කිව්වොත්, සංසාරගත සත්වයන් වෙච්ච උඹල - අපි හැමෝගෙම ජීවිත හැදිල තියෙන්නේ, 'පංච උපාදානස්කන්ධ' හැටියට හඳුන්වන 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - කරපු - කියපු - හිතපු දේවල් ගොඩක මතකයක්' බැහැගෙන (ලැබිලා / හම්බවෙලා / පිටපත්වෙලා / copy වෙලා)... 'හතරමහා ධාතු වලින්'.. නැත්නම් 'පොළවෙන් ලබාගෙන ආහාරයට ගත්තු දේවල් වලින්'.. හැදිච්ච, 'ඇස්දෙක - කන්දෙක - නහය - දිව - හම සහ මනස' කියන ආයතන (sensors / devices) 6කුත් ලැබිලා... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, එහෙම පංච උපාදානස්කන්ධයක් බැහැගෙන අපේ ජීවිත හැදිල තියනවයි කියන්නේ, අපි හැමෝටම ලැබිල තියෙන්නෙ, අපිව හැදෙන්න / ඉපදෙන්න කලින් හිටපු කවුරු කවුරු හරි අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - කරපු - කියපු - හිතපු කෙහෙල්මල් තොගයක්... අපිව හැදෙන්නත් කලින් ඉඳල පැවතගෙන ඇවිල්ල තියන, අපිට අදාළ නැති.. අපිට අයිතිත් නැති.. අපේ නොවන.. මතකයන් ගොඩක්... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියටම කිව්වොත් උඹල අපි හැමෝටම හම්බවෙලා තියෙන්නේ, දුර ඈත අතීතයේ ඉඳල පැවතගෙන ඇවිල්ල තියන අපිට කලින් ඉපදිලා ඉඳල තියන අනන්ත අප්‍රමාණ සත්වයෝ පිරිසක් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - කරපු - කියපු - හිතපු දේවල්වල මතකයන් ගොඩක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට, එහෙම හද්ද පරණ අතීත මතකයක් ලැබිල / copy වෙලා අලුතෙන්ම හැදිච්ච උඹලා, 'අපි මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන එවුන්!!! අපි සංසාරෙ සැරි සරාගෙන.. සැරි සරාගෙන.. සැරි සරාගෙන.. ඇවිල්ල තියන එවුන්!!!' කියල අදටත් හිතාගෙන ඉන්නේ, උඹල අන්න ඒ උඹලට උප්පතියෙන් උරුම වෙලා තියන.. ඒත් උඹලට අදාළ නැති.. අතීතයේ ඉපදිලා ඉඳල තියන වෙන වෙන සත්වයන් පිරිසකගෙ මතකයන් තොගයට එහෙම්පිටින්ම රැවටිලා ඉන්න නිසා... නැත්නම්, ඒ මතක හිටල තියෙන්නේ උඹලම අහපු - දැකපු - විඳපු.. උඹලටම වෙච්ච.. උඹලම කරපු - කියපු - හිතපු.. දේවල්ය කියල හිතාගෙන ඉන්න නිසා... එහෙමත් නැත්නම්, උඹල ඒ උඹලට අදාළ නැති අතීත මතකයට එහෙම්පිටින්ම මුළාවෙලා ඉන්න නිසා... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉතින්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උඹල හැමෝටම ඉස්සෙල්ලම කරන්නය කිව්වේ, ඒ උඹලට උප්පත්තියෙන් ලැබිල තියන උඹලට අදාළ නැති 'පංච උපාදානස්කන්ධ' වලට රැවටිලා / සක්ඛායදිට්ඨියට අහුවෙලා 'තමුන් මීට කලිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක්ය'.. 'තමුන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන කෙනෙක්ය'.. කියල හිතාගෙන, උඹල මුළාවෙලා ඉන්න මුළාවෙන් ඉක්මණට මිදියල්ලා!!! !!! !!! තමන් අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් මිසක්, සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන සත්වයෙක් නෙවෙයි කියන එක මුලින්ම දැනගන හිටහල්ලා!!! !!! !!! කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


මොකද, සංසාරගත සත්වයෙකුට සංසාර පැවැත්මෙන් නිදහස් වෙලා නිවන් මාර්ගයට එලෙඹෙන්නට ලැබෙන්නේ... නැත්නම්, සංසාරගත සත්වයෙකුට නිවන් මාර්ගය විවෘත වෙන්නේ... අන්න ඒ විදියට "මං අළුතෙන්ම ඉපදිච්ච සත්වයෙක් මිසක් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් ඇවිල්ල තියන අතීත මතකයේ තියෙන්නේ මංම කරපු - කියපු - හිතපු දේවල් වත්.. මටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියලා, තමන්ටම වැටහුණායින් පස්සේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඒ ඇයි කියනවා නම්, ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්ව විදියට මුලින්ම සක්ඛායදිට්ඨියෙන් නිදහස් නොවී... සංසාර පැවැත්මෙන් තම තමන්ට උරුමවෙලා තියන අතීත මතකයන් තමන්ට අදාළ නැති බව පැහැදිළිවම දැනගෙන, ඒ අතීත මතකයන්ගෙන් එහෙම්පිටින්ම නිදහස් නොවී... තවත් විදියකට කිව්වොත්, සංසාරගත සත්වයන් වෙච්ච උඹල කාට කාටත් අනිවාර්යයෙන්ම මුහුණදෙන්න වෙන 'අපරාපරිය වේදනීය කර්ම' වලින් සදහටම නිදහස් නොවී (නොගැලවී / නොබේරී)... කාටවත් නිවන් යන්න තියා නිවණක් ගැන හිතන්නවත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, සත්වයන්ගේ පැත්තෙන් 'කර්ම' (චේතනා ) වලට හේතුවෙන්නෙත් උන්ගෙ මතකයන්ම තමයි!!! !!! !!! එතනදි, මේ ගතකරන මුළු ජීවිත කාලයම පින් අතේ වැඩම කර කර.. සීලයම ආරක්ෂා කර කර.. කොච්චර යහපත් මතකයන් ගොඩගැහුවත්, අනන්ත අප්‍රමාණ ජීවිතකාලයන් තොගයක් තිස්සේ කෙරිල තියන දහජරා වැඩවල අයහපත් මතකයන් අතරේ, එක ජීවිත කාලයක මතකයන්ට ඉඩක් ලැබෙයි කියලා හිතන්නවත් බෑ!!! !!! !!! ඕනෙම සත්වයෙක්ගෙ මතකයක් අරගෙන බැලුවොත් 'පින්' දසමයයි!!! !!! !!! හැබැයි, 'පව්' මහා සාගරය වගෙයි!!! !!! !!! ඒ මහා 'පව් කන්ද' නිසා සංසාරගත සත්වයන්ට වෙන ඇබැද්දිය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දැක්වුයේ, "සක්විති රජ උනත් සක්විති රජකමෙන් පස්සෙ ජීවිතය දිව්‍යලෝකයක ඉපදුණාට, ඊටපස්සෙ ආයෙත් අපායට වැටෙනවා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං 'සක්විති රජ'ටත් එහෙම වෙනවයි කියන්නේ, මේ නිකම්ම නිකම් ගොං මිනිස්සු ඕනෙම එකෙක්, ගිහි / පැවිදි both, පුක විකාගෙන සීලයෙන් සංවර වෙලා හිටියත්... දවස ගානේ 'කටින පිංකං' වලින්ම පිං කොර කොර හිටියත්... කොච්චර 'ලොකු ධර්ම talks' දිදී හිටියත්... මැරිච්ච ගමන් 'බොග දාල flush කළා වගේ' අපාය ලෝක 4න් එකකට ගහගෙන යනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ ඉතින් තව කල්ප කාලාන්තරයක් ගිහින් තවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙන කාලයක් එනකම්ම, නිවන් යනව කෙසේ වෙතත්, උන් ආයෙ මනුස්ස ජීවිතයක් වත් ලබල හමාරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, තාමත් තමන් සංසාරෙ ඇවිල්ල තියනවයි.. මීට කළිනුත් ඉපදිලා ඉඳල තියනවයි.. කියල හිතන එකෙක් "මට ධර්මය අවබෝධවෙලා තියෙන්නෙ!! මම නිවණ අවබෝධ කරගෙන ඉන්නෙ!!" කියල හිතං ඉන්නවා නම්, ඒක 'ලොකු රැවටීමක්'.. 'ලොකු මුළාවක්'.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
සත්‍ය වශයෙන්ම.. ඇත්තටම.. ධර්මය / නිවණ අවබෝධ වෙන්නේ, මුළින්ම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළ විදියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා, (තමන් සංසාරෙ ඇවිල්ල නෑ!! ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!! කියල දැනගෙන) දෙවණුවට, "..එතකොට සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි නම්, තව සංසාරෙ ගියත් යන්නෙ මතකයම විතරයි නෙව?? මට සංසාරෙ යන්න ලැබෙන්නෙ නැහැ නෙව?? මට ඉන්න / පවතින්න ලැබෙන්නෙ මේ ඇඟ කැඩිල බිඳිලා විනාශවෙනකම් විතරයි නෙව?? මේ ඇඟ කැඩිල බිඳිලා යනකොට මාවත් විනාශවෙනව නෙව??" කියලා කල්පණා කරන, ප්‍රඥවන්තයන්ට - ප්‍රඥාවන්තියන්ට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ උදවිය විතරක්, "අඩේ.. ඒ කියන්නෙ මං තාවකාලිකයි නෙව!! මං අනිත්‍යයි නෙව!!" කියලා, තමන්ගෙ ජීවිතයේ යථා ස්වභාවය ('සත්‍යය' / 'ධර්මය' / 'නිවණ') අවබෝධ කරගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ඔලුව ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා ඉන්න!!".. "ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා ඉන්න!!".. නැත්නම්, තමන් අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් මිසක්, සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන සත්වයෙක් නෙවෙයි කියන එක මුලින්ම දැනගන්න!!! !!! !!! කිය කියා තමන්වහන්සේගේ ගොං ශ්‍රාවකයො හැම එකෙකුටම කට කැඩෙනකම් කිව්වේ, නිවණට තිබෙන එකම පිවිසුම් මාර්ගය / entrance එක, ඒකම විතරයි හන්දා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඒත් ඉතින් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'කුණුහරුප බණ' අහල කියවලා වේලපහින්ම මම / මමත්වය නැතිකරගත්ත එවුන්ට නම් ආයෙ මළාට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි, උන් 'මොකාගෙ' සක්ඛායදිට්ඨිය නැතිකරන්නද??? උන් ඉස්සෙල්ලම නැතිකරල දැම්මෙ සක්ඛායදිට්ඨිය නැතිකරල දාන්න ඕනෙ එකාව නෙව??? ???
මේ.. මං මීට අවුරුදු බරගානකට කලින් දාපු post එකක "මම කියල ගොනාට ඇඳගත්ත එක.. නැත්නම්, මම කියල රැවටිච්ච රැවටිල්ල.. හරියට 'හුඹහකට රිංගපු case එකක්' වගෙයි!!" කියලා, මාර ලස්සන උදාහරණෙකින් ඔය ගැන පැහැදිළි කළා!!! !!! !!! *{ඒ හැම එකකටම කල්‍යාණමිත්‍ර දෙවි පිරිසගෙ support එකත් ලැබුණා!!! !!! !!! } මෙහෙමයි, සංසාරගත සත්වයන්ට සංසාර කතාව එහෙම්පිටින්ම ඇනුණේ උන් 'මම' කියන හුඹස් කටෙන් ඇතුලට රිංගපු නිසයි!!! හැබැයි උඹල හැම එකෙක්වම හැදෙන්න හේතුවෙච්ච සත්ව chain (පෝලිමේ / වැල්) වල මුල්ම එකා හුඹහට රිංගුවේ, බුදුහාමුදුරුවොන්ට වත් පේන්නෙ නැති තරම් බොහෝම දුර ඈත අතීතයේ දවසකයි!!! එදා ඉඳලා හැදුණ තරමක් එවුන් හැදුණේ අන්න ඒ හුඹහ අස්සෙයි!!! ඒ පෝලිමේම එකෙක් හැටියට ඉපදිච්ච උඹත් එහෙමයි!!! ඒ කියන්නේ, සංසාර පැවැත්මට අහුවෙච්ච මුල්ම සත්වයාගේ ඉඳලා ගොඩ ගැහි ගැහී ආව කුණුගොඩ (සංසාර මතකය / අතීත මතකය) මේ වෙනකොට උඹගෙ ඔළුගෙඩිය අස්සටත් ඇවිල්ල ඉවරයි!!! !!! !!! *{ආ.. තව VERY SERIOUS case එකක්!!! සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, 'මොහොතක් මොහොතක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් පවතින කතාව' නැත්නම් 'මොහොතක් මොහොතක් පාසා මැරෙන කුණුහරුප කතාව' හදලා ධර්මය අස්සට එබුවේ, ඔන්න ඔය ගොඩගැහෙන / ගොඩගැහිල තියන (store වෙන / store වෙලා තියන) seen එක ආයෙ මළාට හොයාගන්න / දැනගන්න බැරිවෙන්න වහල දාන්න.. යට ගහල දාන්න.. තමයි!!! !!! !!! ඇයි, ඇතිවෙන නැතිවෙන කුණුහරුප කතාව ගෙඩි පිටින් ගිලපු මොට්ටයන්ට මොට්ටියන්ට ගොඩගැහෙන / ගොඩගැහිල තියන බවක් පේන්නෙ තේරෙන්නෙ නැහැ නෙව??? ඉතිං ඒ මොට්ටයෝ මොට්ටියෝ මේ සංසාරගත සත්ව ජීවිතවල ඇත්ත කතන්දරේ ගැන මෙලෝ මළදානයක් නොදැන ඇතිවෙන නැතිවෙන හැටි බලං හිටියට, අලුතෙන් ඇහෙන - පේන - දැනෙන - හිතෙන දේවල් මතක හිටින එකයි.. මේ වෙනකොටත් මතකයට වැටිල තියන දේවල් ඒ විදියටම පවතින එකයි.. හැම සත්වයෙක්ගෙම මනස කියන ආයතන වල එක විදියටම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! } අන්න ඒ නිසා උඹල ඉස්සෙල්ලම කරන්න ඕනෙ, මේ වෙනකොටත් සංසාර පැවැත්ම කියන එකෙන් 'තඩී අතීත මතකයක්' උඹගෙ ඔලුගෙඩිය අස්සටත් ඇවිල්ල තියන බව පැහැදිළිවම දැනගෙන... ඒකෙ තියෙන්නෙ තමන්ට කලින් ඉපදිලා ඉඳල තියන වෙන වෙන සත්වයන් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - කරපු - කියපු - හිතපු දේවල් ගොඩක් මිසක්, තමන්ම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු දේවල් වත්.. තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. නෙවෙයි!!! කියන බවත් පැහැදිළිවම දැනගෙන... කොයිවෙලේ කොයි විදියට ඒ දේවල් මතක්වුණත් තමන්ට කිසිම අවුළක් නොවෙන විදියට, හොඳටම.. බොක්කෙන්ම.. දැණුවත්වෙලා ඉන්න එක තමයි!!! !!! !!! නැත්නම්, මං කියපු උදාහරණයේ හැටියට නම්, උඹ ඉස්සෙල්ලම හුඹහෙන් එලියට ඇවිල්ල ඉන්න එක තමයි!!! !!! !!! බුදුහාමුදුරුවොත් බොලාට 'ඉස්සෙල්ලම සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා හිටපිය!!' කිව්වේ ඒකයි!!! !!! !!! අන්න එහෙම 'හුඹහෙන් එලියට ආව එකෙක්ට' ආයෙ 'හුඹස් කට' වහ වහ ඉන්න ඕනෙ වෙන්නේ නෑ!!! !!! !!! ඇයි, වැඩේ දැනගෙන හුඹහෙන් එලියට ආව එකෙක් ආයෙ ඒක අස්සට රිංගන්න යන්නේ නැහැ නෙව?? ඒ කියන්නෙ, සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙච්ච කෙනෙකුට ආයෙ මම / මමත්වය නැති කොරන්න කොහෙත්ම අවශ්‍ය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම හරි විදියට වැඩ කටයුතු කරපු.. භාග්‍යවතුන්වහන්සේ කියාපු විදියට මුලින්ම සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙච්ච.. හරියටම කිව්වොත්, ඉස්සෙල්ලම 'තමන් සංසාරෙ ආව - සංසාරෙ යන එකෙක් නෙවෙයි!!' කියන එක සහසුද්දෙන්ම දැනගත්තු.. එවුන්ගේ සංසාර ප්‍රශ්ණයෙන් වැඩි හරියක්, ඒ වෙනකොටත් විසඳිලා ඉවරයි!!! !!! !!! උන් උන්ව තාවකාලිකයි (temporary).. අනිත්‍යයි.. බව කොහොමත් තේරුම් ගන්නවා!!! !!! !!! එතනින් උන්ගෙ සංසාර කතන්දරය අහවර වෙනවා!!! !!! !!!
අනික් සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ලණු කාලා ඇත්ත දැනගන්නෙත් නැතුව වේලපහින්ම මම / මමත්වය නැතිකරගත්ත එවුන්, හුඹහ අස්සෙම ඉඳගෙන හුඹස්කට වහගත්ත / වස්සවගත්ත එවුන් වගේ වෙනවා!!! !!! !!! උන් හුඹහ අස්සෙම හිරවෙනවා මිසක් උන්ට ආයෙ මළාට හුඹහෙන් එලියට එන්න වෙන්නේ නෑ!!! !!! !!! හුඹස්කට වැහුණට පස්සෙ කොහෙ එලියට එන්නද?? ඉතින් උන් ඒක අස්සෙම හිරවෙනවා!!! !!! !!! ඒ කියන්නෙ, උන්ට සංසාර කතන්දරෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, එහෙම සංසාර කතන්දරේ අනාගත්ත (හුඹහෙ හිරවෙච්ච) එවුන් මැරෙන්න වැටුණහම... ඒ කියන්නෙ, උන්ට තමන්ට ඕනෙ ඕනෙ විදියට චේතනා පහළ කර කර කටයුතු කරන්න / මනස පාළනය කරගෙන ඉන්න පුළුවන් හැකියාව (දැක්කොත් දැක්ක විතරයි ඇහුණොත් ඇහුණ විතරයි විදියට හිත පාළනය කරගෙන ඉන්න / මේ මොහොතට විතරක් අවධාණය යොමුකරගෙන ඉන්න තියන හැකියාව ) ගිලිහිලා ගිහින් මනස ඉබේම ක්‍රියාත්මක වෙන / ඉබේම හිතෙන - මතක්වෙන තත්වෙට වැටුණහම... තව විදියකට කිව්වොත් 'මනෝසංචේතනා' විතරක් තියන / 'ආශ්‍රව' ක්‍රියාත්මක වෙන, භාග්‍යවතුන්වහන්සේ මහා කම්මවිභංග ඥාණයෙන් දැකලා කියාපු අවස්ථාව ආවාම... (The final stage where an operation like 'free running' / 'self running' or 'self oscillating' happens inside the brain without any regulation. It is an unpredictable operation which happens totally out of your control) ඇතුලෙ තියන කුණුගොඩවල් (මතකයන් / පුරාණ කර්ම) ඇවිස්සිලා, උන්ට නිකම්ම 'බබා හම්බවෙනවා'!!! !!! !!! සාසනභක්ෂක කාලකණ්නින්ට අහුවෙලා full නන්නත්තාර වෙලා ඉන්න එවුන් ඔය මොකක්වත් දන්නේ නෑ!!! !!! !!! උන් 'නිවන් ගිහින් වගේ ඉඳලා' ආයෙත් උපදිනවා!!! !!! !!! හුඟාක් වෙලාවට අපායටම විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර උඩ පැන්නත් ආයෙත් සංසාරෙටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙන් ගැලවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


එතකොට මේ ලෝකෙ ඉන්න තරමක් 'ධර්මය නැට්ටෙන් අල්ලගත්ත ගොං සංඝයන්ගේ දෂ්ඨනයට ලක්වෙච්ච' එවුනුත්... ඒ කිව්වේ, 'ගොං සංඝයො දෂ්ඨ කරපු' නැත්නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු "උඹල කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!! සංසාරෙ ඇවිල්ල තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒ පංච උපාදානස්කන්ධය උඹගේ නෙවෙයි!!" කියන ඇත්ත කතන්දරය වෙණුවට, ධර්ම කතන්දරය එහෙම්පිටින්ම අනාගත්ත ගොං සංඝයන්ගෙන්, "උඹල සංසාරෙ සැරි සරාගෙන සැරි සරාගෙන ඇවිල්ල තියන එවුන්!! බොලාට නිවන් යන්න තියෙන්නේ, සිල් රැක රැක.. පින් කොර කොර.. තව කල්ප හැටහුටහමාරක් සංසාරෙ ගොහිල්ලම තමයි!!" කියල අමු කුණුහරුප කතාවක් අහගත්ත එවුනුත්... දැන් මළාට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ / අටු හදන්න කියල දීපු එවුන්ගේ (අටු ආචාර්යලා ) ගොං කතා - කුණුහරුප / අමු තිත්ත කුණුහරුප කතා අහල කියවලා හොඳටම මඤ්ඤං වෙලා ඉන්න ඒ උන්දලාට දැන් මේ 'ඇත්ත කතන්දරය' කියල තේරුම්කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර කිව්වත් උන් පිළිගන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ උන්දලාටත් මැරෙන්න වැටිච්ච ගමන් 'බබා හම්බවෙනවා'!!! !!! !!! ඊළඟට ඉතින් උනුත් පෙරේතයෝ / පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මොකෙක්වත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!! මොකෙක්වත් ගොඩයන්නේ නෑ!!" කියලා කල්තියාම කිව්වේ ඒකයි!!! !!! !!!


මෙන්න මේ ටික හොඳට මතක තියාගනිල්ලකෝ. අවුරුදු ගණනාවක් දඟලලා පරිස්සම් කරගෙන හිටියත් එක මොහොතින් එහෙම්පිටින්ම කලත්තලා දාන්න පුළුවන්.. කැලැත්තිලා යන්න පුළුවන්.. මඩ වතුර භාජනයක් වගේ වෙච්ච 'භවය' කියන එක පදනම් කරගෙන සිද්ධවෙන, කාටවත් ඕනෙ ඕනෙ විදියට කරගන්න / කරවගන්නත් බැරි මේ සංසාර කතන්දරේ, දිගින් දිගට ඇදි ඇදී යන්න හේතුවෙන... නතරකරගන්න බැරිවෙන... ඇනෙන / වණවෙන... හේතු කාරණා 3ක්ම තියනවා!!! !!! !!!
1) සත්වයන් උන්ගෙ ජීවිතවල ඇත්ත කතන්දරය නොදන්න කමටම, මැරෙන්න වැටුණාම කලබලවෙලා.. බයවෙලා.. දඟලන්න ගන්න එකෙන් භවය හැදීම / භවය අසීමාන්තිකව වර්ධනය වීම නිසා සංසාර කතාව ඇනෙනවා!!! !!! !!! ඒක සත්වයන්ගෙ නොදැණුවත් කමට ඉබේම සිද්ධවෙන දෙයක් නිසා, 'ඇත්ත කතාව' නොදැන හිටියොත් අනිවාර්යයෙන් ඇනෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
2) සත්වයන් උන්ට ජීවත්වෙන තාක් අහන්න - දකින්න - කියවන්න වෙන / වෙච්ච ගොං කතා - ගොං වැඩ වලින් පිස්සු හැදිලා දඟලන දැඟලිල්ල (පිං කොර කොර සංසාරෙ යන්න හදන.. දෙයිය ගාවට - ස්වර්ගෙට යන්න හදන.. 'ලොක්ක' ඇවිල්ල judgement එක දෙනකම් වලට වෙලා ඉන්න හදන.. ඔයා මගේ වෙලා මං ඔයාගෙ වෙලා උපදින්න හදන.. පිස්සු මරගාත ඔක්කොම නිසා) භවය හැදීම / භවය අසීමාන්තිකව වර්ධනය වීම හේතුවෙනුත් සංසාර කතාව ඇනෙනවා!!! !!! !!! නැත්නම්, තමන් ඉල්ලගෙන කන / තමන්ම අනාගන්න එකෙනුත් සංසාර කතාව ඇනෙනවා!!! !!! !!!
3) සල්ලි / බලය / හයිය හත්තිය තියනවයි කියලා අනික් සත්වයන්ට හිංසා - පීඩා වෙන බලු වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ කළොත්.. ඒ කියන්නෙ 'පව්' කළොත්.. තමන්ට මොනව කරලවත් නතර කරගන්න බැරි විදියට බාහිර බලපෑම් වලින් භවය අසීමාන්තිකව වර්ධනය වෙලා, සංසාර කතාව කොහොමත් වණ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
සංසාර පැවැත්ම නතර වෙන්න නම්.. නිවන් යන්න නම්.. ඔන්න ඔය හේතු කාරණා 3ම නැති විය යුතුයි!!! !!! !!! All cleared විය යුතුයි!!! !!! !!! *{3 Input OR Gate එකකදි වගෙයි!!! Output එක 0 වෙන්න, Inputs ඔක්කොම 0 විය යුතුයි!!! } ඉතීන්, මේ සංසාර කතාවෙදි කෙනෙක් තමන් වැඩේ අනාගන්නෙ නැතුව හිටියයි කියලා... දැක්කොත් දැක්ක වගේ ඉඳල / මේ මොහොතෙ ජීවිත්වෙලා / සිල් රැකලා භවය පරිස්සම් කරගත්තයි කියලා... අනික් හේතු කාරණා 2 නැතිවෙලා නැත්නම්, (cleared නැත්නම් / ඉතුරුවෙලා තිබුණොත්) ගොඩ යනව බොරු තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** බාහිය දාරුචීරිය නම් එහෙම ඉඳලා නිවන් ගියා තමයි!!! !!! !!! ඒ විතරක් නෙවෙයි, කෙනෙක් දස අකුසල් වලින් එකක් හරි කලොත් sure shot / අනිවාර්යයෙන් 'කායස්ස බේධා පරම්මරණා අපායදුග්ගතිං වීනීපාතන් නිරයං උප්පජ්ජති' (මැරිච්ච ගමන් හතර අපායෙන් එකක් වන 'අපාය දුර්ගතිය' කියන නිරයේ උපදිනවා) උනාට, මිනී දාස්ගානක් මරාපු අංගුලිමාලත් නිවන් ගියා!!! !!! !!! හැබැයි රැවටෙන්න එපා!!! !!! !!! ඒ ඒගොල්ලන්ගේ පින්වන්ත කමකට.. ප්‍රඥාවන්ත කමකට.. ලොකු කමකට.. එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම වුණේ, එතකොට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමාණව වැඩසිටිය නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි තවම කවුරුවත් ඔය දේවල් දන්නේ නෑ!!! !!! !!! මං ඔය ඔක්කොම එකින් එකට කියල දෙනවා!!! !!! !!! හැබැයි කවද කියන්න ලැබෙයිද දන්නේ නෑ. එතකම් හොඳට මතක තියාගන්න, දැන් ඉන්න කාටවත් ජීවමාණ බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණයක් නෑ!!! !!! !!! අන්න ඒ නිසා, මේ කාලෙ නම් 'මේ මොහොතෙ ඉඳලා'.. 'දැක්කොත් දැක්ක විතරයි ලෙසට ඉඳලා'.. විතරක් නිවන් යන්න අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ කාලෙ 'දැක්කොත් දැක්ක විතරයි' ලෙසට හිටියා.. මේ මොහොතෙ හිටියා.. කියල නෑ, නිවැරදි ආකාරයටම 'සත්‍යය' අවබෝධ කරගන්නේ නැතුව... ඒ කියන්නෙ, තමන් සංසාරෙ ඇවිල්ලා නෑ!!! ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි!!! ඒක තමන්ගෙ නෙවෙයි!!! තමන් තාවකාලිකයි!!! තමන් අනිත්‍යයි!!! තමන්ට ඉන්න / පවතින්න ලැබෙන්නේ මේ ජීවිතයේ ආයුශ ගෙවිල ඉවරවෙනකම් විතරයි!!! කියන බව ප්‍රත්‍යක්ෂ කර නොගෙන... (නිවන් නොදැක / රහත් නොවී) උද්දක රාමපුත්ත / ආළාර කාළාම උන්දලා වගේ ලොකු ලොකු ධ්‍යාන ලබාගෙන හිටියත්, මැරිච්ච ගමන් ආයෙ උපදිනවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොහෝවිට හතර අපායෙන් එකකම විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගැළවීමට නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, ඔය හේතු කාරණා 3න් සාමාන්‍යයෙන් කෙනෙක් පිස්සු කෙළලා / සීලබ්බත පරාමාස වල යෙදිලා තමන්ම අනාගන්න අනාගැනිල්ලට වඩා, නොදැණුවත් කම / මුළාව නිසා අතීත මතකයන් සිහිවෙලා ඒවාට රැවටෙන රැවටිල්ලෙන් ඇනෙන ඇනිල්ල වැඩියි!!! !!! !!! ඊළඟට, පාප කර්ම හන්දා.. නැත්නම්, හිංසාවට පීඩාවට පත්වෙච්ච වෙන වෙන සත්වයන්ගේ භව වලින් ඇතිවන බලපෑම හන්දා.. ඇනෙන ඇනිල්ල ඊටත් වඩා වැඩියි!!! !!! !!! අනික, සත්වයෙක් මැරෙන්න වැටෙන අවස්ථාව වෙනකොට තියන භවයේ ප්‍රමාණය... නැත්නම්, එකා චේතනා පහල කර කර කටයුතු කරලා හෝ සමාධිය දියුණුකරලා හෝ හදාගෙන තියන තත්වය අනුව... බාහිර සත්වයන්ගෙන් තියන බලපෑම අනුව... හා, ඒකා ඇත්ත සංසාර කතන්දරේ ගැන තියන දැණුවත් කම අනුව... මොන කාරණාවක් මුලික කරගෙන වැඩේ ඇනිල ඇනිලා යයිද කියන එකත් කල්තියා කියන්න බෑ!!! !!! !!! අන්න ඒ නිසා කාගෙ උනත් 'අවසානය' (ඊළඟට මොකක් වෙයිද?? මොකකට සෙට්වෙයිද?? කියන එක) අනාවැකි කියන්න පුළුවන් case එකකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පව් කර කර ඉඳල දිව්‍යලෝක වල උපදිනවා... පින් කර කර ඉඳල අපාගත වෙනවා... එක විකාරයයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සියලු පව් / අකුසල් වලින් වැළකෙන්න!! ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!" කිය කියා හැම කෙනෙක්ටම උපදෙස් දුන්නේ, අන්තිමට මොකක් උනත් සත්වයාට උපරිම ආරක්ෂාවක් සලසගන්න පුළුවන් වෙන්නේ, ඒ විදියට කටයුතු කෙරුවොත් විතරක් නිසා තමයි!!! !!! !!! අන්න ඒ නිසා, බොට නිවන් යන්න ඕනෙ නම්, තෝ අනිවාර්යයෙන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු විදියටම කටයුතු කළයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හරි! ඊළඟට, දැන් මේ වර්තමානයේ ඉන්න 'අවබෝධ කරගත්තු' / 'අවබෝධ වෙලා ඉන්න' හුඟ දෙනෙක් සත්‍ය ශ්‍රී සද්ධර්මය / බුද්ධ දේශණා දන්නෙ නැති නිසාත්... සත්‍ය ශ්‍රී සද්ධර්මයට වඩා බොහෝ වේගයෙන් 'අධර්මය' (එක එකාගෙ ගොං කතා) සමාජය පුරා පැතිර යන නිසාත්... අපි ආයෙමත් පාරකට මුළු සංසාර කතන්දරේම නැවත මතක්කරගෙන ඉමු.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.