Sunday, February 1, 2015

කලින් ලිපිය


මේ කියන 'තිංසමත්ත සුත්‍ර දේශණාව' කියන්නේ, වනගතව භාවනාණුයෝගීව වැඩ වාසය කරලා 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' නැත්නම් 'පෙර විසූ කඳ පිළිවෙල දකින්න පුළුවන් නුවණ' කියල හඳුන්වන, කලින් ගතකරපු ජීවිත වල මතකයන් සිහිකරන්න පුළුවන් හැකියාව බොහොම හොඳට දියුණු කරගෙන හිටිය.. හැබැයි රහත්වෙලා / අරහත්වයට පත්වෙලා හිටියෙ නැති.. හාමුදුරුවරු 30 නමක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව බැහැදකින්න ඇවිත් උන්වහන්සේට වන්දනා කරලා එහෙම ලඟින් වාඩිවෙච්ච වෙලාවක, ඒ 30 නමගෙ හැකියාව දැකපු බුදුහාමුදුරුවෝ "මුං 30දෙනා මෙතනම රහත්වෙන්න වැඩක් දෙන්න ඕනෙ!!" කියලා... ශ්ෂ්.. නෑ!!! නෑ!!! "මේ 30නම මේ ඉඳගෙන ඉන්න ආසනවලම අරහත්වයට පත්වෙන විදියට ධර්මය දේශණා කරන්න ඕනෙ!!" කියලා... එයාලට මේ සංසාරගත සත්ව ජීවිත වල ඇත්ත කතන්දරය කියල දෙන්න කරපු බුද්ධ දේශණාවක් තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එතනදි පාවිච්චි කරල තියෙන්නෙත්, 'මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ල තියන සංසාර ගමනෙදි හරක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පාර කාලා මැරිල තියන වාර ගණන අනන්තයි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ල තියන සංසාර ගමනෙදි එළුවො හැටියට ඉපදිලා බෙලිකැපුම් පාර කාලා මැරිල තියන වාර ගණන අනන්තයි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ල තියන සංසාර ගමනෙදි ඌරො හැටියට ඉපදිලා බෙලිකැපුම් පාර කාලා මැරිල තියන වාර ගණන අනන්තයි!!' කිය කියා තියන, මේ සංසාරගත සත්ව ජීවිත වලට පසුබිම් වෙලා තියන සත්‍යය කතාවම තමයි!!!


දැන් ඔය 'අපි එක්කෙනෙක් ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ල තියන සංසාර ගමනෙදි, හරක් හැටියට ඉපදිලා මැරුම්කන්න සිද්ධවෙච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! ඌරො හැටියට ඉපදිලා මැරුම්කන්න සිද්ධවෙච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! එළුවො හැටියට ඉපදිලා මැරුම්කන්න සිද්ධවෙච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම්කන්න සිද්ධවෙච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් ඒත් එහෙමයි!!' එතකොට.. 'අපි එක්කෙනෙක් මනුස්සයෙක් හැටියටම ඉපදිලා, අම්මගෙන් බීපු කිරි ප්‍රමාණය හතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තාත්තගෙන් බීපු කිරි ප්‍රමාණය.. අඃ නෑ. තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකළා නම් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකළා නම් ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! සහෝදරයා - සහෝදරී මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකළා නම් ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!' තව.. 'එක මනුස්සයෙක් කල්පයක් තුල මැරිච්ච වාර ගණනෙදි ඉතුරුවෙච්ච ඇටකටු දිරන්නෙ නැතුව තිබිල එකතු කළොත් වේපුල්ල පර්වතයට වඩා ලොකුයි!!' කිය කියා තියන මේ සංසාරගත සත්ව ජීවිතවල ඇත්ත කතාව අපි දන්නෙ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපිට කියල දීපු නිසා නෙව??? හැබැයි, සාමාන්‍ය මිනිස්සුන්ට ඔය ඇත්ත කතන්දරය තම තමන්ටම දැනගන්න / බලාගන්න විදියක් නැති නිසා, සාමාන්‍ය මනුස්සයන්ට බුදුහාමුදුරුවෝම ඒ ඇත්ත කතාව කියල දීල තිබුණට, තම තමන්ටම ඒ ගැන බලාගන්න අවශ්‍ය හැකියාව තිබිච්ච.. 'පුබ්බේ එක' තිබිච්ච.. අර 'තිංසමත්ත එකේ' හාමුදුරුවරුන්ට නම් බුදුහාමුදුරුවෝ උන්වහන්සේම ඔය කතාව කියන්න ගිහිල්ලත් නෑ!!! ඒ වෙණුවට උන්වහන්සේ කරල තියෙන්නේ, ඒ හාමුදුරුවරුන්ට තම තමන්ටම seen එක බලාගන්න එයාලව direct කරල තියන එක.. මෙහෙයවල තියන එක.. විතරයි!!! !!! !!!

ඉතිං, ඔන්න දැන් ඒ දේශණාවෙදි බුදුහාමුදුරුවෝ කියනවා "මහණෙනි, සිහිකරන්න ඔබගේ අතීත ජීවිත ගැන!!" කියලා!!! ඒ පාර ඉතිං අර හාමුදුරුවරු තම තමන්ගේ අතීත ජීවිත ගැන සිහිකරන්න පටන්ගන්නවා!!! බුදුහාමුදුරුවෝ කියනවා "මහණෙනි, බලන්න ඔබලා හරක් හැටියට ඉපදිලා මැරුම්කාල තියන වාර ගණන දිහා!!" කියල. ඉතිං අර හාමුදුරුවරුත් සිහිකරගෙන සිහිකරගෙන යනවා. එහෙම සෑහෙන වෙලාවක් තිස්සෙ ඒ හාමුදුරුවරු තම තමන්ගෙ ජීවිත ගැන සිහිකරගෙන සිහිකරගෙන යනකොට... කියමු 'භාවනාවේ යෙදෙනකොට' කියල... ඔන්න බුදුහාමුදුරුවෝ අහනවා, "මහණෙනි, බලන්න ඒ ගලපු ලේ ප්‍රමාණය ද, හතර මහා සාගරයේ ජලය ද, වඩා වැඩි??" කියලා!!! ඔන්න ඉතින් අර හාමුදුරුවරු හැමෝම එක විදියටම උත්තර දෙනවා, "අනේ භාග්‍යවතුන් වහන්ස, ඒ ගලපු ලේ ප්‍රමාණයත් එක්ක බැලුවාම හතර මහා සාගරයේ ජලය පොඩ්ඩයි නෙව!!" කියල!!! බුදුහාමුදුරුවෝ ආයෙ කියනවා "මහණෙනි, බලන්න ඔබලා එළුවො හැටියට ඉපදිලා මැරුම්කාල තියන වාර ගණන දිහා!!" කියල. අර හාමුදුරුවරුත් භාවනාවට වැටෙනවා!!! ටික වෙලාවකින් බුදුහාමුදුරුවෝ අහනවා "මහණෙනි, බලන්න ඒ ගලපු ලේ ප්‍රමාණය ද, හතර මහා සාගරයේ ජලය ද, වඩා වැඩි??" කියලා!!! ඒ පාරත් අර හාමුදුරුවරු හැමෝම එක විදියටම උත්තර දෙනවා "අනේ භාග්‍යවතුන් වහන්ස, ඒ ගලපු ලේ ප්‍රමාණයත් එක්ක බැලුවාම හතර මහා සාගරයේ ජලය පොඩ්ඩයි නෙව!!" කියල!!! ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා "මහණෙනි, බලන්න ඔබලා ඌරො හැටියට ඉපදිලා මැරුම්කාල තියන වාර ගණන දිහා!!" කියල. ඉතිං අර හාමුදුරුවරුත් සිහිකරගෙන සිහිකරගෙන යනවා. බුදුහාමුදුරුවෝ අහනවා, "මහණෙනි, බලන්න ඒ ගලපු ලේ ප්‍රමාණය ද, හතර මහා සාගරයේ ජලය ද, වඩා වැඩි??" කියලා!!! අර හාමුදුරුවරු ඔක්කොම ආයෙමත් කියනවා "අනේ භාග්‍යවතුන් වහන්ස, කලින් වගේම නෙව!! ඒ ගලපු ලේ ප්‍රමාණයත් එක්ක බැලුවාම හතර මහා සාගරයේ ජලය පොඩ්ඩයි නෙව!!" කියල!!! ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා "මහණෙනි, බලන්න ඔබලා කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම්කාල තියන වාර ගණන දිහා!!" කියල. ඉතිං අර හාමුදුරුවරුත් සිහිකරගෙන සිහිකරගෙන යනවා. ටිකකින් බුදුහාමුදුරුවෝ අහනවා "මහණෙනි, බලන්න ඒ ගලපු ලේ ප්‍රමාණය ද, හතර මහා සාගරයේ ජලය ද, වඩා වැඩි??" කියලා!!! අර හාමුදුරුවරු කලින් වගේම "අනේ භාග්‍යවතුන් වහන්ස, ලේ ප්‍රමාණය වැඩියි!! හතර මහා සාගරයේ ජලය පොඩ්ඩයි!!" කියල කියනවා!!! ඉතිං ඔය විදියට සෑහෙන වෙලාවක් තිස්සෙ ඔය 'ප්‍රශ්ණ - උත්තර වැඩසටහන' කෙරීගන ගිහින් තියනවා!!!


කොහොමට තියෙන්න ඇත්ද?? නේද??? අර හාමුදුරුවරු පිරිස 'නිල්වෙලා'.. දාඩියෙන් පෙඟිලා.. තොළකට වේලිලා.. වෙව්ල වෙව්ල ඉන්න ඇති නේද?? ඇයි අප්පේ, "අපි මෙච්චර පරිප්පුවක් කාල තියනවා නේද??" කියල හිතෙනකොට, full upset නෙව??? ??? ආන්න එතකොට තමයි බුදුහාමුදුරුවෝ "ඔබලාට ඔය තරම් මහා විශාල දුක් කන්දරාවක් විඳින්න උනේ ඇයි කියල ඔබලා දන්නවද??" කියලා, ඒ හාමුදුරුවරුන්ගෙන් එතනදි අහපු වැදගත්ම වැදගත්ම ප්‍රශ්ණය අහන්නෙ!!! !!! !!! හැබැයි ඒ ප්‍රශ්නෙට අර හාමුදුරුවො 30 නමම නිස්සද්දයි!!! ඇයි?? දන්නෙ නැහැ නෙව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආන්න ඊටපස්සේ, "ඔබලාට ඔය තරම් මහා දුක් කන්දරාවක් විඳින්න උනේ, ඔබලා ඔය පංච උපාදානස්කන්ධය ඔබේයැයි ගත් නිසයි!!" කියලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර කතාවේ වැදගත්ම කොටස... අර, ගොං බෞද්ධ උඹල මොකෙක්වත් අහලවත් නැති මේ සංසාර කතාවෙ 'ඉතුරු බාගේ '... ඒ හාමුදුරුවරුන්ට කියල දෙනවා!!! !!! !!! මෙන්න බොලේ ඒක අහපු ගමන් ඒ හාමුදුරුවරු 30දෙනා එතනම අරහත්වයට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඇයි දන්නවද?? ඒ 30දෙනාම ඇවිල්ල මං වගේ බුද්ධිමත් උදවිය!!! හුප්.. බොලා වගේ ගොං පොරවල් නෙවෙයි!!! හූ.. හූ..
ඇත්තම කියනවා නම්, ඒකමත් නෙවෙයි හේතුව. බොලා බණ ඇහුවේ / බොලාට බණ අහන්න උනේ, උන්දලාවත් රහත්වෙලා නැති අමුම අමු ගොං සංඝයන්ගෙන් නෙව!!! !!! !!! උං පයිත්තියං කියවලා මිසක් උඹලට ඇත්ත කතාව කියල දීල නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියල දෙන්න උං දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් මෙලහට බොලාටත් ඔය ඇත්ත කතන්දරේ තේරිලා!!! !!! !!! උඹල මෙලහටත් රහත්වෙලා!!! !!! !!! අවුළක් නෑ, දැන් ඉස්සරහට එන්නෙ ආයෙමත් 'රහතුන් වහන්සේලාගේ යුගයක්'.. නැත්නම් 'රහත්වෙච්ච එවුන්ගේ යුගයක්'.. තමයි!!! !!! !!! බය නැතුව හිටහල්ල. උඹලටත් රහත්වෙන්න ලැබෙයි.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.