Monday, January 26, 2015

කලින් ලිපිය


ඉතිං මොකද කරන්නේ?? බැරිවෙලා වත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අදටත් ජීවමාණව වැඩසිටියා නම්, මෙලහට උඹල එකෙක් 7-8 පාරකටත් වඩා රහත් වෙලා!!! !!! !!! ඒත් මේ වෙනකොට රහත්වෙනවා වෙණුවට, ගොං සංඝලා දිගට හරහට ඇරලා.. ඇරලා.. උඹල හොඳටෝම මඤ්ඤං වෙලා!!! !!! !!! බුදුහාමුදුරුවොත් නෑ, ඇත්ත මොකද්ද?? බොරුව මොකද්ද?? කියල බොලාට කියල දෙන්න!!! එත් හොඳ වෙලාවට, ඔය ඇත්තම ඇත්ත 'සම්පූර්ණ සංසාර කතාව' ටිප්ටොප් එකටම සඳහන් වෙන බුද්ධ දේශණාවක්... ගොං සංඝලා කූරුගාල කූරුගාල කුරුවල් කරල නැති, ආර්ය ශ්‍රාවක මහ රහතන් වහන්සේලා 'මුඛ පරම්පරාවෙන්' (කටපාඩමින්) රැකගැන ඇවිත් අවසානයේ ග්‍රන්ථාරූඪ කරලා අපි වෙනුවෙන් ආරක්ෂා කරල තියාපු, පිරිසුදු / Genuine බුද්ධ දේශණාවක්... සංයුක්ත නිකායේ තියනව. යමල්ල බලන්න!!! ඒ තමයි තිංසමත්ත සූත්‍ර දේශණාව!!! !!! !!!


මං කරගන යන main thread එකේ නම් ඕව ඔක්කොම කියල.. සංසාරෙ පතුරු ගහල.. උවමණාවෙන් බලපු / කියවපු එවුන්ව බලෙන්ම සෝතාපන්න කරල.. දැන් ගොඩාක් කල්!!! මට තේරෙණ විදියට, දැන් 'මහ එකාගෙ' ඉඳල mind to mind contact තියන ගොඩ දෙනෙක් ඔය ඇත්ත කතන්දරේ හරියටම තේරුම් අරගෙනත් ඉවරයි!!! ඒත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ටයි උන්ගෙ ගෝල බාලයන්ටයි අහුවෙලා, නන්නත්තාර වෙලා... නිවන් දකින්න කියල ගිහිං මහා බැදි / කැලෑ අස්සෙ රිංගලා... දැන් ඉතිං කළුවරේ අතපත ගගා මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තියටත් කෙළවිලා ආයෙ අපාගත වෙනකම් චාටර් වෙවී කාලෙ කකා ඉන්න උඹල කවුරුවත්, මේ ජීවිත වල 'ඇත්ත කතාව' තාමත් දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කමක් නෑ. ආයෙ පාරක් බලමු.


ම්ම්.. පොඩි case එකක් තියනව. මේ වැඩේ ඉස්සරහට කෙරීගන යනකොට, කාට කාටත් 'ඇත්ත කතන්දරේ' තමන්ටම තේරෙන්න ගත්තාම, ඒ 'ඇත්ත කතාවට' / 'ලෝක ධර්මතාවයට' එකඟ (in phase) එවුන් ඉබේම ගොඩයනව වගේම ප්‍රතිවිරුද්ධ (out of phase) එවුන් ගොඩ එන්න බැරිවෙන්නම හිරවෙන එකත්.. මකබෑවිලාම යන එකත්.. එකසැරේ සිද්ධවෙනවා!!! !!! !!! ඒ මේ ස්වභාවධර්මයේ කතන්දරේ හැටි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් "මාව මෛත්‍රී ප්‍රතිපදාවෙන් ආශ්‍රය කරන්න!! වෛරී ප්‍රතිපදාවෙන් ආශ්‍රය කරන්න එපා!! " කියල දේශණා කලේ ඒකයි!!! !!! !!! අන්න ඒ නිසා, තමන්ට කරගන්න ඕනෙ මොකද්ද කියල තමන්ම තීරණය කරලා, ඒ අනුව කටයුතු කරන්න!!! ඉල්ලං කන්න එපා!!! මේක සෙල්ලමක් නෙවෙයි!!! !!! !!!


මෙන්න මේ කරුණු ටිකත් පොඩ්ඩක් ඔලුගෙඩි වලට දාගන්න!!! දැන් ඔය "යේ කේචි බුද්ධං සරණං ගතාසේ - න තේ ගමිස්සන්ති අපායං" කිව්වාම, ගොං බෞද්ධයො හිතනව ඇති 'බුද්ධං සරණං ගච්චාමි කිය කිය.. මල් පාන් පූජ කර කර.. ගල් - ගඩොල් - මැටි - සිමෙන්ති - plaster of Paris වලට වඳින උදවිය අපායෙ යන්නෙ නෑ!!' කියල. ඒත් ඇත්තම seen එක, උන් තමයි වැඩියෙන්ම අපාගත වෙන්නෙ!!! !!! !!! මොකද, වන්දනා කොරල කොරලම 'භව' කචල් වෙලා!!! !!! !!! පස්සෙ පෙන්නන්නං වැඩේ සිද්ධවෙන විදියත් එක්කම!!! අනික, සමහර ගොන්නු වඳිනවටත් වඩා වැඳ වැඳ ඉල්ලනව!!! උන් හිතන් ඇත්තෙ බුදුහාමුදුරුවෝ කියන්නෙ වැඳ වැඳ කිව්වාම කියන කියන දේ කරන... ඉල්ලන ඉල්ලන දේ දෙන... අද්භූත දෙයියෙක් මොකෙක්හරි වෙන්න ඇති කියල. තව එවුන් ගෙවල් වල 'මෙම නිවසට බුදු සරණයි!' කියල ගහගෙන ඉන්නව!!! උන් හිතන් ඇත්තෙ බුදුහාමුදුරුවෝ කියන්නෙ ගෙවල් මුරකරන මුරකාරයෙක් මොකෙක්හරි වෙන්න ඇති කියල. තව එවුන් 'මෙම රථයට බුදු සරණයි!' කියල වාහන වලත් ගහගෙන ඉන්නව!!! උන් හිතන් ඇත්තෙ බුදුහාමුදුරුවෝ කියන්නෙ වාහන repair කරන බාසුන්නැහැ කෙනෙක් වෙන්න ඇති කියල. ඇයි, තව call කළත් 'බුදු සරණයි!! බුදු සරණයි!!' කියනව!!! ඒත් ඒ එකෙක්වත් බුදුහාමුදුරුවෝ කරන්නය කියාපු දේ කරන්නෙ නෑ!!! !!! !!! මේ ගොං මිනිස්සුන්ට හොඳටෝම පිස්සු!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියන්නෙ 'ශාස්තෘන් වහන්සේ' නමක්!!! 'සත්ථා දේව මනුස්සානං'!!! සියලු දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වරයා!!! උන්වහන්සේ කලේ දෙවි මිනිස් කාටවත් නොපෙනෙන නොදැනෙන මේ විශ්වයේ සැබෑ තත්වය හොයල දැනගෙන, කාට කාටත් මේ කෙළවරක් නැති දුක් කන්දරාවක් උරුම කරන සංසාර පැවැත්මෙන් ගැලවෙන්න විදිය කියල දීපු එකයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ කියල දුන්නා විතරයි!!! වැඩේ කරන්න / කරගන්න ඕනෙ තම තමන්ම තමයි!!! !!! !!! උන්වහන්සේ පිරිණිවන් පාද්දිත් කිව්වෙ, "මං නැති කාලෙට උඹල මං කියල දීපු ධර්මයම පිළිසරණ කරගෙන උඹලගෙ ගැළවීම හදාගනිල්ලා!!" කියල තමයි!!! !!! !!! ඒ ඇරෙන්න උන්වහන්සේ කොහෙදිවත් 'මං මළාම තොපි මගේ හැඩේට පිළිම හදාගෙන වැඳ වැඳ හිටහල්ලා!!' කියල කිව්වේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිව කාල දැම්මේ, ඔය පිළිම හැදිල්ල - පිළිම වන්දනාව මහා ලොකු කුසලයක්ය කියලා තොපිව ගොනාට අන්දපු... චුති සිත් - ප්‍රතිසන්ධි සිත් - මාර්ඝ සිත් - ඵල සිත් - ජවන සිත් - කෙළෙස් 1500 කතන්දර වගේ තියන තරමක් කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. හද හදා ධර්ම මාර්ගයට ඔබපු... ගෞතම බුද්ධ සාසනය වළඳපු... කාලකන්ණි ගොං සංඝයෝ තමයි!!! !!! !!! උන් 'අවිද්‍යාව' නසා අහිංසක සත්වයන්ව දුකෙන් නිදහස් කරවන්න තියන වැඩපිළිවෙල, අවිද්‍යාව සුරක්ෂිතව ආරක්ෂා කරලා ධර්මය අවබෝධ කරගන්න එන එවුන්ව නසා වනසා දමන වැඩපිළිවෙලක් කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියන වැඩපිළිවෙල, චතුරාර්ය සත්‍යය වන්දනා කරන කෙහෙල්මලක් කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහොම යං.. ඔහොම යං.. ඉස්සරහට යන්න යන්න රිදෙන්නම වදියි!!! !!! !!! ඒකට කරන්න දෙයක් නෑ. 'සංසාර පැවැත්ම' කියන එක ඔය කිසිකෙනෙක් හීනෙන්වත් හිතන්නෙ නැති තරම් අන්තීම භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ කරගෙන යන්නෙ, ඒ සංසාර පැවැත්මේ ඇත්ත භයානක කම ලෝකෙටම හෙළිකරන්න කලින්, අවසන් වතාවටත් ඔය උදවියට මුළාවෙන් මිදිලා 'සත්‍ය' තේරුම්ගන්න හදල දීල ඉන්න... ඔය උදවිය කවුරු උනත් මේ භයානක සංසාර අනතුරින් ගැළවෙන්න නම් අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනෙ කොටස.. වහ වහා කෙරෙන්න ඕනෙ කොටස.. අර, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "හිස ගිනිගත් කෙනෙක් / ආයුධයකින් පහරකාපු කෙනෙක් උනාට කමක් නෑ!! ඉස්සෙල්ලම සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!!" කිය කියා කියාපු කොටස.. දැන්වත් හරියට කෙරෙන්න... කරන්න ඕනෙ හොඳම දේ තමයි!!! !!! !!!


තව වැදගත්ම වැදගත් දෙයක්!!! ඔය 'අට මහ කුසල්' හඳුන්වල දීපු ගොනාගෙ ගොං කතා අහල / කියවල රැවටිලා, දහම් පොත් පත් අච්චුගහල පිං කොරගන්න ගියපු උන්දලා... ඉස්සෙල්ල තමන් රහත්වෙලා ඉන්නෙ නැතුව ධර්මප්‍රචාරයට බැහැපු උන්දලා... විශේෂයෙන්ම 'කුණුහරුප ධර්මය' නැත්නම් 'අධර්මය' වපුරන්න දායක වෙච්ච උන්දලා... වහ කෑවයි කියල හිතාගනිල්ල!!! බුද්ධ සාසනයක් කියන්නෙ එක එකාට ඕනෙ ඕනෙ හැටියට පිස්සු කෙලින්න තියන තැනක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන හෝ නොදැන ධර්මය අධර්මය කළා නම්.. අධර්මය වපුරන්න දායක උනා නම්.. ඒකෙ ප්‍රති විපාක / results වලින් බේරෙන්න අන්තීම අමාරුයි!!! !!! !!!


හ්ම්ම්.. දැන් ඇති. දැන් යමු සූත්‍ර දේශණාව බලන්න.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.