Thursday, December 17, 2015

කලින් ලිපිය


හරි! දැන් ඊළඟට වැඩේ තියෙන්නෙ, භවයක් නිසා සත්වයෙක් ඉපදෙද්දි 'සංසාර පැවැත්ම'ය කියල ඒ අලුතෙන්ම ඉපදෙන සත්වයට හද්ද පරණ අතීත මතකයක් හම්බවෙන (copy වෙන) එකට වඩා එතනදි ඇත්තටම වැදගත් වෙන්නෙ, ඒ අලුතෙන් ඉපදෙන සත්වයා මොකෙක්ද, ඒකා බ්‍රහ්මයෙක්ද?? දෙයියෙක්ද?? මනුස්සයෙක්ද?? තිරිසන් සතෙක්ද?? පෙරේතයෙක්ද?? නිරිසතෙක්ද?? කියන එක... ඊළඟට ඌ තිරිසන් සතෙක් නම්, කකුල් කීයෙ එකෙක්ද?? නැට්ටක් තියන එකෙක්ද?? වරල් තියන එකෙක්ද?? පිහාටු තියන එකෙක්ද?? කියන එක... ආයෙ, ඌ මනුස්ස / තිරිසන් මොකෙක් උනත්, ඌ ලස්සන එකෙක්ද?? හද්ද කැත එකෙක්ද?? ගොඩක් කල් ජීවත්වෙන්න ලැබෙන එකෙක්ද?? ඉක්මණට මැරෙන්න වෙන එකෙක්ද?? වදයක් නැතුව ජීවත්වෙන්න ලැබෙන එකෙක්ද?? විඳවන්න ඉපදෙන එකෙක්ද?? කියන එක... ඔක්කොම තීරණය වෙන්නෙත්, අන්න ඒ ඌව උපදින්න හේතුවෙන භවයේ ශක්ති ප්‍රමාණය හා ගතිලක්ෂණ (properties) අනුව තමයි!!! !!! !!!


මෙහෙමයි, දැන් ඔය සත්වයෝ කියන එවුන්ව ගත්තාම, ඉන්නවනේ නානාප්‍රකාර එවුන්?? 'රාග චරිත' නැත්නම් කෑදර කම.. පෙරේත කම.. තණ්හාව.. ඉහවහා ගියපු එවුන් ඉන්නවා!!! 'ද්වේශ චරිත' නැත්නම් කේන්තියෙන් පුපුර පුපුර ඉන්න.. 'හොස්ස ලඟින් මැස්ස යන්න බැරි'.. එවුන් ඉන්නවා!!! 'මෝහ චරිත' නැත්නම් පල් මෝඩයෝ.. බයගුල්ලෝ.. ඉන්නවා!!! ඇයි තව, මෙත්තා - කරුණා - මුදිතා - උපේක්ෂා උපරිමයෙන්ම තියන එවුන් ඉන්නවා!!! ක්‍රෝධ - වෛර - මද මාන - ඊර්ෂ්‍යා උපරිමයෙන්ම තියන එවුන් ඉන්නවා!!! කුපාඩි කම් - බලු කම් - ජඩ කම් උපරිමයෙන්ම තියන එවුන් ඉන්නවා!!! හොඳ සිල්වන්ත - ගුණවන්ත - පින්වන්ත අය ඉන්නවා!!! හැබැයි ඒ මොකාටත් එක විදියට පිහිටලා තියන 'මනස' කියන ආයතන (මොළ) අස්සේ, රාග - ද්වේශ - මෝහ - මෙත්තා - කරුණා - මුදිතා - සිල් - පිං - පව් - කුසල් - අකුසල් - පාරමිතා ඒ.. ඒ.. මොන පුකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එව්ව අස්සෙ තියෙන්නෙ නිකම්ම නිකම් විද්‍යුත් තරංග - විද්‍යුත්චුම්බක තරංග ගොඩක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{දැන් ඔය TV / Video බලන්න. එක එක එවුන් රඟපානවා පේනවා... එක එක තැන් පෙන්නනවා... එක එක දේවල් පෙන්නනවා... එක එක පාට!!! එක එක හැඩ!!! හැබැයි ඒ වුණාට TV / Video ඇතුළෙදි ඒ ඔක්කොම Electrical Signals තමයි!!! !!! !!! ආයෙ ඔය CD / MP3 Players බලන්න. එක එක musical instruments.. එක එක ස්වර... එක එක voices ඇහෙනවා!!! හැබැයි CD / MP3 Players වලදි ඒ කොයි සද්දෙත් Electrical Signals (විද්‍යුත් තරංග) තමයි!!! !!! !!! මේ සංසාරගත සත්වයෝ කියන එවුන් මොකාගෙ ඔළුගෙඩි අස්සෙ බැලුවත්, අන්න ඒ විදියම තමයි!!! !!! !!! තියෙන්නෙ Electrical & Electromagnetic waves ගොඩක් විතරයි!!! !!! !!! } එතනදි සංසාරගත සත්වයන්ගෙ විවිධ ගතිගුණ.. විවිධ ස්වභාවයන්.. ඔක්කොටම හේතුවෙලා තියෙන්නේ, ඒ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග ගොඩේ තියන, එක එක සංඛ්‍යාත (various frequencies) වල... එක එක ස්වරූප / රටා (various patterns) වල... එක එක විස්ථාර (various amplitudes) වල... එකකට එකක් වෙනස් විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග කාණ්ඩ (different wave combinations) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා 'භවයක ගතිලක්‍ෂණ' (properties) කියලා ගන්න වෙන්නේ, ඒකෙ තියන එකකට එකක් වෙනස් විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග කාණ්ඩ වල ශක්ති මට්ටම් (individual energy levels of that wave combinations) තමයි!!! !!! !!! සංසාරගත සත්වයන්ගේ විවිධ ස්වභාවයන්.. විවිධ ගතිගුණ.. සියල්ල තීරණය වෙන්නේ, අන්න ඒ එක එක ජාතියේ තරංග කාණ්ඩ වල ශක්ති ප්‍රමාණයන් අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{'ආයුෂ' තීරණය වෙන්න බලපාන තරංග කාණ්ඩයේ ශක්ති ප්‍රමාණය අනුව, හැදෙන්නෙ දීර්ඝායුෂ තියන එකෙක්ද?? මද්‍යස්ථ ආයුෂ තියන එකෙක්ද?? අල්පායුෂ තියන එකෙක්ද?? කියල තීරණය වෙනවා!!! !!! !!! 'ලස්සන' (රූපය) තීරණය වෙන්න බලපාන තරංග කාණ්ඩයේ ශක්ති ප්‍රමාණය අනුව, හැදෙන එකා ඉටි රූපයක් වගේ එකෙක්ද?? දැක්ක ගමන් හොම්බට ඇනගෙන ඇනගෙන ඇනගෙන යන්න හිතෙන එකෙක්ද?? කියලා තීරණය වෙනවා!!! !!! !!! කාය ශක්තිය / මානසික ශක්තිය සඳහා බලපාන කාණ්ඩ වල ශක්තීන් අඩු වැඩි වීම අනුව, 'ගට්ස් තියන එකෙක්' නැත්නම් 'පෙන්දෙක්'.. ආයෙ 'bullet එකක් වගේ එකෙක්' නැත්නම් 'අමුම අමු මැටි මෝලෙක්'.. හැදෙනවා!!! !!! !!! තේරුණයි?? } අන්තිමට, ඒ එක එක කාණ්ඩවල ශක්ති ප්‍රමාණයන් ඔක්කොම එකට එක්කහු උනාම අර කළින් සඳහන් කරපු 'සම්ප්‍රයුක්ත ශක්තිය' හැදෙනවා!!! !!! !!! අන්න ඒ සම්ප්‍රයුක්ත ශක්තිය (භවයේ ප්‍රමාණය / overall size එක) අනුව, හැදෙන සත්වයා මොකෙක්ද?? කොයි මට්ටමේ එකෙක්ද?? කියල තීරණය වෙනවා!!! !!! !!! පැහැදිළිය??


හැබැයි ඔතනදි වැඩේ කියන්නෙ, ජීවත්ව ඉඳල මැරෙන සත්වයාගේ භවයේ ප්‍රමාණය හා ගතිලක්‍ෂණ අනුව, අලුතෙන් හැදෙන සත්ව කය මොකක්ද?? ඒක කොයි වගේ එකක්ද?? ඒ සත්වයාගේ මානසික ස්වභාවය මොනවගේද?? කියන දේවල් ඔක්කොම තීරණය වෙලා (All Predefined !) අලුත් සත්වයාව හැදුණට, ඒ 'පරණ භවය' එහෙම්මම නැතිවෙලා / නිරුද්ධවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පරණ සත්වයාට අදාළ කතන්දර සේරම එතනින් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට වෙන්නෙ ඒ අලුතෙන් හැදිච්ච (ඉපදිච්ච) සත්වයා චේතනා පහල කර කර කටයුතු කරන්න තියාගත්ත ගමන්.. සංස්ඛාර කරන්න පටන්ගත්ත ගමන්.. ඒ ඇඟේ වෙන 'අලුත් භවයක්' අමුතුවෙන්ම ගොඩනැගෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? ඒ නැතුව, මේ එකම භවයක් දිගට දිගට පැවතගෙන යන කතාවකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි???


එතැනදී සිද්ධවෙන දේ හරියටම පැහැදිළි කලොත්, ඇත්තටම නම් භවයකින් අලුත් සත්වයෙක් හැදෙනකොට සිද්ධවෙන්නේ, හැදෙන ඇඟ මොකක්ද?? ඒක කොයිවගේ එකක්ද?? කියන කාරණාවලට ගැළපෙන විදියට තේරිච්ච / select වෙච්ච, අර කලින් කියපු, සක්වළේ තියන සත්වයන් ජීවත්වන ලෝක 31න් එකක එවෙලෙ හැදිච්ච කළලයක / කයක සකස්වෙච්ච මනස කියන ආයතනයේ, මැරෙන සත්වයාගේ මනස කේන්ද්‍ර කරගෙන ගොඩනැගිල තියන තරමක් විද්‍යුත්චුම්බක තරංග ඔක්කොටම අනුරූපව, විද්‍යුත් තරංග ප්‍රේරණය (induce) වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියට අර 'Negative එකක' චායාරූපයක් සටහන්වෙනවා වගේම case එකක්!!! !!! !!! එතකොට, එතනදි ඒ ප්‍රේරණය (induce) වෙන තරමක් විද්‍යුත් තරංග සේරම ප්‍රේරණය වෙන්නෙත්, භවයේ (electromagnetic field එකේ) එක එක ශක්ති මට්ටම් වලට ගොඩනැගිල තියන තරංග කාණ්ඩවල ශක්ති ප්‍රමාණයන්ට අනුව, එක එක ශක්ති මට්ටම් වලින්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ඕරම්භාගීය සංයෝජන' හා 'උද්ධම්භාගීය සංයෝජන' හැටියට දැක්වුයේ... නැත්නම්, සත්වයෙක්ගෙ මානසික ස්වභාවය තීරණය කරන්න හේතුවෙන හිතේ හැංගිලා / යටපත්වෙලා තියන සාධක හැටියට දැක්වුයේ... අන්න ඒ එක එක ශක්ති ප්‍රමාණ වලට ප්‍රේරණය (induce) වෙච්ච විද්‍යුත් තරංග කාණ්ඩ තමයි!!! !!! !!! *{හොඳට මතක තියාගන්න, 'ඕරම්භාගීය සංයෝජන' 'උද්ධම්භාගීය සංයෝජන' කියන්නෙත් 'නම්' (names) ටිකක් විතරයි!!! !!! !!! ඇත්ත කතාවෙදි ඒ ඔක්කොමත් ඇවිල්ලා, එක එක ජාතියේ විද්‍යුත් තරංග තමයි!!! !!! !!! } ඉතින් මොකද්ද වෙන්නේ, ඒ වෙනස් වෙනස් ප්‍රමාණ වලින් පිහිටලා තියන 'තරංග කාණ්ඩ' නැත්නම් 'මානසික ස්වභාවයන්' නිසා, ඒ කළලයෙන් / කයෙන් හැදිච්ච සත්වයා චේතනා පහල කර කර කටයුතු කරන්න තියාගත්තු ගමන්... නැත්නම්, ඒකා 'හිතන්න' තියාගත්තු ගමන්... අර ශක්ති ප්‍රමාණයෙන් වැඩි වැඩියෙන් තියන තරංග කාණ්ඩ (wave combinations with higher strengths) වැඩි වැඩියෙන් වර්ධනය (amplify / boost) වෙනවා!!! !!! !!! *{1 තුන් පාරක් repeat (දෙගුණ) උනොත්, 1x2=2 → 2x2=4 → 4x2=8යි. 9 තුන් පාරක් repeat උනොත්, 9x2=18 → 18x2=36 → 36x2=72යි. 25 තුන් පාරක් repeat උනොත්, 25x2=50 → 50x2=100 → 100x2=200යි. මුළින් තියන ප්‍රමාණය ලොකු වෙන්න වෙන්න අවසානයට හැදෙන ප්‍රමාණයත් වැඩියි!!! තේරෙණවා නේ?? } ඒ කියන්නෙ, වැඩිපුරම තියන 'සංයෝජන' පැත්තට ඒ සත්වයාගේ මානසික ස්වභාවය ඉබේම බරවෙනවා!!! !!! !!! අන්න එතකොට ඒ අලුතෙන් හැදිච්ච එකාගෙ මානසිකත්වයත් නිකම්ම අර කලින් එකාගෙ වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට තේරෙන්න කියනවා නම්, අලුතෙන් හැදිච්ච එකත් ඌට කලින් හිටපු එකා වගේම, නිදිමතයෙක්.. කම්මැලියෙක්.. පිස්සෙක්.. කුණු පෙරේතයෙක්.. ගිනිපුක් කාරයෙක්.. නැත්නම්, බකපණ්ඩිතයෙක්.. පල් මෝඩයෙක්.. මොකෙක් හරි වෙනවා!!! !!! !!!


හැබැයි එහෙම උනාට, ඒ අලුත් සත්වයා ඉපදුණාට පස්සෙ ආශ්‍රයට වැටෙන / කිට්ටුවෙන එවුන්ගෙ ස්වභාවය අනුව... ඒ අලුත් සත්වයා චේතනා පහළ කර කර හිතන්න / කියන්න / කරන්න යොමුවෙන දේවල් අනුව... (ඌ කරන 'සංස්ඛාර' නැත්නම්, ඌ රැස්කරන 'කර්ම' වලට අනුව) උන් උපදිනකොටම හැදිච්ච භවය නිරන්තරයෙන් වෙනස් වෙනවා!!! !!! !!! හරියටම කියනවා නම්, භවය හැමතිස්සෙම යාවත්කාල (update) වෙනවා!!! !!! !!! 'දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක' වලට ගොදුරු වෙනවයි කියමුකෝ!!! !!! !!! එතකොට, ඒ භවය වෙනස් වෙන්න.. වෙනස් වෙන්න.. ආයෙම ඒ සත්වයත් කායික හා මානසික වශයෙන් භවයට අනුරූපව හැඩගැහෙනවා!!! !!! !!! *{'ආයුෂ' තීරණය වෙන්න බලපාන තරංග කාණ්ඩයේ ශක්ති ප්‍රමාණය අඩු වැඩි වෙනකොට, සත්වයාගෙ ආයුෂ අඩු වැඩි වෙනවා!!! ලස්සන (රූපය) තීරණය වෙන්න බලපාන තරංග කාණ්ඩයේ ශක්ති ප්‍රමාණය අඩු වැඩි වෙනකොට, සත්වයා ලස්සන වෙනවා!!! කැත වෙනවා!!! කාය ශක්තිය / මානසික ශක්තිය සඳහා බලපාන කාණ්ඩ වල ශක්තීන් අඩු වැඩි වෙනකොට 'ගට්ස්' තියන එකා පෙන්දෙක් වෙනවා!!! නැත්නම්, පෙන්දට 'ගට්ස්' එනවා!!! ආයෙ 'bullet එක' වගේ හිටපු එකා එහෙම්පිටින්ම මෝල් වෙනවා!!! නැත්නම්, මෝලා 'bullet එක වගේ' වැඩකරන්න ගන්නවා!!! Steering Wheel එක කරකවනකොට වාහනේ හැරවෙනවා වගේම case එකක්!!! හරිය?? } අර.. අර.. 'හොරු රැළක් ගාවටයි තාපස කෙනෙක් ගාවටයි වැටිච්ච ගිරා පැටව්‍ දෙන්න'ගෙ case එක... එතකොට 'මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා' කතන්දර... ආයෙ 'අසේවනාච බාලානං - පණ්ඩිතානන්ච සේවනා' කතන්දර... ඔක්කොගෙන්ම කියවෙන්නේ, අන්න ඒ ගැන තමයි!!! !!! !!!


හැබැයි ඔතනදි 'Hardware side එක' කායික පැත්ත නම් එහෙමට වෙනස් වීමක් සිද්ධවෙන්නේ නෑ!!! අතක් පයක් නැතුව හැදුණොත්.. ඇස් පේන්නෙම නැතුව / කන් ඇහෙන්නෙම නැතුව ඉපදුණොත්.. එව්ව නම් හරියන්නේ නෑ!!! ඒත් ක්‍රියාකාරීත්වය දුර්වල අවයව හරියට වැඩකරන තත්වයට පත්වෙන.. හොඳට වැඩකරන ඒවා අක්‍රිය වෙන... වගේ දේවල් නම්, ඕනෙහැටිය සිද්ධවෙනවා!!! !!! !!! ඒවුණාට 'Software side එක' මානසික පැත්ත නම් එහෙම්පිටින්ම වෙනස් වෙනවා!!! !!! !!! හිතල බලල කටයුතු කරන්න හැකියාව උපරිමයෙන්ම තියන මනුස්සයන්ගේ නම්, ඇඟෙන් මනුස්ස උනාට මානසික මට්ටමින් (භවයෙන්) දෙවි / බ්‍රහ්ම මට්ටම් වල සත්වයන්ගේ ගාණටම... නැත්නම්, ඇඟෙන් මනුස්ස උනාට මානසික මට්ටමින් පෙරේත / තිරිසන් / නිරිසත් ගානටම... වෙනස් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අහල ඇතිනේ බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කිව්වා, "න ජච්චා වසලෝ හෝති - න ජච්චා හෝති බ්‍රාහ්මණෝ.. කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ.." (කෙනෙක් බ්‍රාහ්මණයෙක් හරි වසලයෙක් හරි වෙන්නෙ උපතින් නෙවෙයි!! ඒකා හිතන / කියන / කරන දේවල් වලිනුයි!!) කියලා?? එතකොට, භවය එහෙම වෙනස් වෙනකොට, සත්වයන්ට උන්ට දැනෙන / තේරෙන / හිතෙන විදිය පවා එහෙම්පිටින්ම වෙනස් වෙනවා!!! !!! !!! උන් හිතන විදිය.. උන් ක්‍රියාකරන විදිය.. සේරමත්, එහෙම්පිටින් වෙනස් වෙනවා!!! !!! !!! ඇඟෙන් මනුස්ස උනාට භවය දෙවි ගාණටම නිවිච්ච / තැන්පත්වෙච්ච එවුන්, දෙවි - දේවතාවෝ වගේ හොඳම හොඳ high quality මිනිස්සු වෙනවා!!! !!! !!! උන්ට හරි දේ හරි විදියටම පේනවා මිසක් වැරදියට පේන්නේ නෑ!!! !!! !!! *{'යෝනිසෝ මනසිකාරය' තියනවා... 'කුසල් - අකුසල්' හරියට වැටහෙනවා... 'ඍජු දෘෂ්ඨියක්' තියනවා... කිය කිය කියන්නෙ අන්න ඒකට තමයි!!! !!! !!! } ඒ නිසා උන් කලයුතු දේ හරියටම කරනවා මිසක් කිසිදෙයක් අනාගන්නෙත් නෑ!!! !!! !!! හැබැයි ඇඟෙන් මනුස්ස උනාට භව පෙරේත / තිරිසන් / නිරිසත් ගානටම චොර වෙච්ච.. වර්චස් වෙච්ච.. එවුන්, තිරිසන් වැඩ / බලු වැඩ / කුපාඩි වැඩම කරන කාලකණ්නි අපතයෝ වෙනවා මිසක්, උන්ගෙන් උන්ටවත් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! උන්ට හරි දේ පේන්නෙත් වැරදියට.. උන්ට මොනවා කිව්වත් ගන්නෙත් හරහට (වැරදියට).. නිසා, උන් වෙනුවෙන් යමක් කරන එක ලේසිත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{'අයෝනිසෝ මනසිකාරයෙන්' ඉන්න එවුන්.. කුසල් - අකුසල් (තම තමන්ට ඕනෙ ඕනෙ විදියට නෙවෙයි, ලෝක ධර්මතාවයට අනුව හොඳ දේ / හරි දේ = 'කුසල්'!!! නරක දේ / වැරදි දේ = 'අකුසල්'!!!) නොතේරෙන එවුන්.. කියන්නෙ උන්දලාට තමයි!!! !!! !!! හොඳට දැනගනින්, තෝත් එහෙම එකෙක් නම්, තෝත් මේ 'හරි කතාව' වැරදියට පේන / පෙනිච්ච... මේ 'ඇත්ත කතාව' බොරුවක් හැටියට පේන / පෙනිච්ච... මට - අපේ හාමුදුරුවොන්ට 'ඇරපු'... එකෙක් නම්, තෝ මේ වෙනකොටත් වැඩේ එහෙම්පිටින්ම කාගෙන.. සංසාරෙ ගූ කරගෙන.. තියන කාලකන්ණියෙක් තමයි!!! !!! !!! } ඉතින් අන්තිමට, මේ දැන් ජීවත්ව ඉන්න එවුන් (උඹලව) මළාම ඊළඟට හැදෙන්නෙ මොක්කුද?? කියල තීරණය වෙන්නෙත්, උන්ව (උඹලව) මැරෙන වෙලාව වෙනකම් update වෙවී තියන භවයේ, ඒ වෙනකොට තියන ශක්ති මට්ටම (energy status at that particular time) අනුව තමයි!!! !!! !!!


ඒයි, උඹල මැරෙන වෙලාව වෙනකොට උඹලගෙ භව කොහොමට තියෙයිද?? කියල, උඹලට දැම්ම කියන්න පුලුවන්ද??? ??? ??? කාලකණ්නි ගොං සංඝයෝ නම් whole sale එකේ කියනවා!!! !!! !!! ඇයි ඔය කියන්නෙ, "අරව දුන්නහම මෙව්ව හම්බවෙනවා.. දිව්‍ය සැප සම්පත් ලැබෙනවා.. 'සුකති ගාමී' වෙනවා!! මෙව්ව මෙව්ව කොළාම පරළොව වාසනාවන්ත වෙනවා!!" ගගා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් කිව්වේ, "පිං කර කර ඉඳලත් අපාගත වෙනවා!! පව් කර කර ඉඳල දිව්‍යලෝකෙත් යනවා!! ඒක මෙහෙමයි මෙහෙමයි කියල එක පාරටම කියන්න බැරි, හරිම සංකීර්ණ.. අහඹු.. (random) සිදුවීමක්!! *{මහා කම්ම විභංගය} ඇත්තටම නම් සිද්ධවෙන්නේ, ජීවමාණ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන එකයි... (upward level shift) ජීවමාණ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන එකයි... (downward level shift) තමයි!!" ඒ නිසා උඹල පිං කොරයි.. සිල් රැක්කයි.. කියල වැඩක් වෙන එකක් නෑ. දැන් ජීවමාණ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නෑ. ඉතිං "මැරෙන මැරෙන කෙනා නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපදිනවා!! (මැරෙන මැරෙන එකා නිරිසත්තු / තිරිසන් සත්තු / පෙරේතයෝ-තියෝ වෙනවා!!) නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ, '0'ක් විතර තමයි!!" කියලයි!!! !!! !!! ඔහොම යං.. ඔහොම යං.. කෝ, අර 'කළමණා' ලෑස්තිද?? ... ... ...


තව එකක්. දැන් ඔය ගොං බෞද්ධයෝ / ගොං සංඝයෝ කියනවා නේද, "අපි මැරුනම ගෙනියන්නෙ අපි කරපු හොඳ නරක (පිං පව්) විතරයි!!" එහෙම කියල?? ඒ.. ඒ.. ඒ වුණාට, එහෙම වත් ගෙනියන්න මොකක්වත් මෙව්වයි නැහැ නේ??? ඇයි, තියෙන්නෙ විද්‍යුත් තරංග - විද්‍යුත්චුම්බක තරංග ගොඩක් විතරයි නේ??? ??? එව්ව කොහෙවත් 'ගෙනියන්න' බෑ නේ??? ??? ??? ඉතිං.. හොඳට මතක තියාගනිල්ලා, ඔය "කරපු හොඳ නරක ගෙනියනව"යි කියන එකත්, ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් තේරිලා නැති මහා ගොං සංඝයෝ / මහා ගොං බෞද්ධයෝ, උන්ගෙ ගොං කමට කියන 'මහා ගොං කතාවක්' විතරයි!!! !!! !!! හැබෑවටම නම්, පිං 'රැස් කොරයි' කියල බොලාට ගෙනියන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.