◄ කලින් ලිපිය
ඉතින්, මේ උත්සාහයෙන් නියම ප්‍රයෝජනය ගත්ත... මේ ලිපි පෙළ උවමණාවෙන් අවධානයෙන් බලාගෙන ආව... (බුද්ධිමත්) බෞද්ධ උදවියට දැන් තේරෙණවා ඇති නේද, මෙච්චර කාලයක් තිස්සේ ඔය උදවිය 'ධර්මය' කිය කියා තියන එක එක්කෙනාගෙ කතන්දර වලින් අහල කියවලා දැනගත්ත, සිල් රැක රැක.. පින් කර කර.. වන්දනාවල් කර කර.. පූජාවල් තිය තිය.. මෙළොව පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන.. භව ගමන සාර්ථක කරගෙන.. දෙවි මිනිස් සැප කෙළවරේදි නිවන් සැපත් ලැබේවායි කියල පතාගෙන.. යන්නයි කියල තිබිච්ච ගමනෙයි... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මේ ඔබට ලැබිල තියන දුර්ලභ මනුස්ස ජීවිතයේ ආයුකාලය ගෙවිල ඉවරවෙන්න කලින් වහ වහා කරගන්නය කියපු නිවණ අවබෝධ කරගැනිල්ලෙයි... දෙකේ වෙනස?? 'අහසට පොළව වගේ' එකකට එකක් වෙනස්, එහෙම්පිටින්ම ප්‍රතිවිරුද්ධ කතන්දර දෙකක් නේද??? හොඳට තේරුම් ගන්න!!! ඔය සංසාරෙ යන්න තියන 'කැලේ පාර' ඇත්තටම හදල තිබුණේ, ඔබ මේ භයානක සංසාර පැවැත්මෙන් නිදහස්වීම වළක්වන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


ඇයි මං ඔය ඉන්න තරමක්, සංසාර පැවැත්ම වර්ණනා කරන... සංසාර පැවැත්ම අනුමත කරන... ඔය උදවියට මේ භයානක සංසාර පැවැත්මේ අනතුර එහෙම්පිටින්ම වහලා, තව තවත් ඒකෙම යන්නයි කියන... සිවුරු කාරයන්ට, 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ' 

ගගා පලු පැළෙන්න දෙසුවේ / දෙසන්නේ?? කියන එක ගැන චුට්ටක් හිතුවා නම්, ඔය උදවියට වේලපහින්ම වැඩේ තේරෙන්නත් තිබුණ!!! !!! !!! අවුළක් නෑ. දැන් මේ වෙනකොට හරි ඔය උදවියට, මේ සංසාර අනතුරේ භයානක කම ගැන... ඒ අනතුරෙන් ගැලවෙන්න ලැබිච්ච මේ බොහෝම දුර්ලභ අවස්ථාවේ වටිණාකම ගැන... නිවැරදි වැටහීමක් ඇතිවෙලා තියනවා නම්, ඒ හොඳටම ඇති!!! ඒ වගේම බලන්න, අදටත් මේ 'සංකත' (තාවකාලික / අනිත්‍ය) සංසාරගත සත්ව ජීවිත වලයි.. ඒ තාවකාලික සත්ව ජීවිත හැදෙන්න හේතුවෙලා තියන සංසාර පැවැත්මෙයි (පටිච්චසමුප්පාදයෙයි).. අතරේ සම්බන්ධය නොදන්න ඔබ, තාමත් ඉන්නේ කොච්චර නොදැණුවත් කමකින්ද??? කොච්චර අවිද්‍යාවකින්ද??? කියන බව!!! !!! !!! අන්න ඒ 'නොදැණුවත්කම'.. නැත්නම් 'අවිද්‍යාව'.. තමයි මේ සේරටම මුල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහොම ඉන්නකො තව ටික දවසක්.

ඇත්තම කියනවා නම්, අර කලින් සඳහන් කරපු මං කරගෙන යන threads - blogs වලින් ඔය 'ඇත්ත සංසාර අනතුර'.. ඒකෙ 'භයානක කම'.. මුළු ලෝකෙම එවුන්ට දිගහැරල පෙන්නලා / expose කරලා, '_වෙන්නම දෙන්න'.. 
නැත්නම් 'දුවන්නම දෙන්න'.. 
හිතාගෙන හිටියා මිසක්, මෙහෙම blog එකක් කරන්න මට කිසිම අදහසක් තිබුණේ නෑ!!! !!! !!! 
ඒත් පස්සෙ මෙහෙම උනා!!!
Governorsලගෙ වැඩක් තමයි!!!
ඒ විස්තර threads වල කියල ඇති. කොහොමහරි, මේ blog එකෙන් සෑහෙන ලොකු දෙයක් වෙයි කියල මටත් හිතෙනවා!!! !!! !!! 

ඒ වගේම, මේ blog එක හන්ද තව අලුත් පිරිසක් අතරටත් 'කතාව' ගියානම්.. අලුතෙන් තව කිහිපදෙනෙක් හරි මගේ threads - blogs බලන්න සෙට්වුනා නම්.. මටත් සන්තෝසයි!!! 

කොහොමත් ඉස්සරහට යනකොට කාටවත් 'කැලේ පාරවල් වල' නම් යන්න වෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

'හරි පාරට' එන්නම වෙයි!!! !!! !!!
◄ කලින් ලිපිය
ඇත්තම කියනවා නම්, ඔය උදවිය තාම සංසාර අනතුරෙන් බේරෙන්න / නිවන් දකින්න කියලා කළුවරේ අතපත ගගා ඉන්න බෞද්ධ උදවිය උනාට... එහෙම නැත්නම්, අදටත් මේ සංසාර කතන්දර ගැන / සංසාර අනතුර ගැන හාංකවිසියක් (මොකුත්ම) නොදන්නා අන්‍යාගමික උදවිය උනාට... මං මේ වෙනකොටත් අර කලින් සඳහන් කරපු threads - blogs වලින්,
* මේ සංසාරගත සත්ව ජීවිත වල කතාව එහෙම්පිටින්ම වගේ දිගහැරලා පෙන්නලා...
* බුද්ධ දේශණා වලින්ම කරුණු අරං 'සංසාර පැවැත්ම' කියල සිද්ධවෙලා තියන / සිද්ධවෙන 'කතන්දරයත්' එළිදරව් කරලා...
* උවමණාවෙන් / අවධානයෙන් බලපු හැම කෙනෙක්ම 'සංසාර අනතුරෙන්' නැත්නම් 'පෙර කරපු කර්ම වලින්' එහෙම්පිටින්ම නිදහස්වෙන තැනටත් කටයුතු කරලා...
* චුට්ටක් උනන්දුවෙන.. කැපවෙන.. උත්සාහ කරන.. උදවියට නම් මහ කාලයක් නොගොහින් අරහත්වයටම පත්වෙන්නත් පාර පෙන්නලා...
සේරම publish කරලා ඉවරයි!!! !!! !!! හැබැයි ඒව 'කිඹුල බනිස්' වගේ නැගල යන්නෙ නෑ!!! !!! !!! 
මට පේන්න තියෙන්නෙ, එච්චර කරලත් මිනිස්සුන්ට ඇත්ත දැනගන්න ලැබිලා / ලැබෙන්නේ නෑ!!! බලන කියවන අය මේ ගැන publish කරන්නෙත් නෑ!!! එක එක්කෙනා එක එක දේවල් කරනවා, බෞද්ධයෝ 'සංසාරෙ යන්න' පිං කොරනවා... අන්‍යාගමික උදවිය, දෙයියන්නාන්සෙට කිව්වම ඔක්කොම හරියයි.. දෙයියන්නාන්සෙ ඔක්කොම බලාගයි.. කියල හිතාගෙන අම්බානට පිස්සු කෙළිනවා... ගොඩ දෙනෙක් තමන් වැටිල ඉන්න අනතුර ගැන මොකුත්ම නොදැන, කකා බිබී life එක enjoy කර කර ඉන්නවා... මිසක්, කවුරුවත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඉස්සෙල්ලම කරන්නය කියපු දේ කරගන වත්.. කරගන්න හිතල වත්.. නෑ!!! කියන බව විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
හැබැයි මම මගේ කොටස.. 'ඇත්ත' එළිදරව් කිරීම.. එහෙම්පිටින්ම කරනවා!!! !!! !!! ඊළඟට තියෙන්නෙ, ඇයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර පැවැත්ම මෙච්චරට භයානකයි කිව්වේ?? ඇයි උන්වහන්සේ "පැවිදි කෙනෙක් නම් අනිවාර්යයෙන් රහත් වෙන්න!! ගිහි කෙනෙක් නම් අඩුම ගණනේ අනාගාමී වත් වෙන්න!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කිය කියා කිව්වේ?? කියන බව පෙන්වන්න තමයි!!! !!! !!! අන්න එතකොට ඔය උදවිය කාට කාටත් 'තමන්ගෙ' ඉරණම මොකද්ද කියල තේරෙයි!!! !!! !!! හැබැයි, කවුරු පිළිගන්නවද නැද්ද?? විශ්වාස කරනවද නැද්ද?? කියන එක නම් මට වැඩක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

මොකද, 'ස්වභාවධර්මය' නැත්නම් 'ලෝක ධර්මතාවය' කියන්නෙ, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයාට හෙළිදරව් කරන විදියටම හැමදාම ක්‍රියාත්මක වෙන දෙයක් මිසක්, කවදාවත් වෙනස් වෙන දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ එළිදරව් කරන ඇත්ත කතන්දරය හොඳට හිතට අරගෙන... කෙරෙන්න ඕනෙ දේ ඒ විදියටම කරගෙන... ඔබම ඔබේ ගැළවීම හදාගත්තොත් මිසක්, ඔබට ගැළවීමට වෙනත් මගක් වත්... ඔබව ගලවගන්න පුළුවන් වෙනත් කෙනෙක් වත්... මේ විශ්වයේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "අත්තදීපා භික්ඛවේ, විහරථ අත්ත සරණා. අනඤ්ඤ සරණා." (තමන්ට තමාවම දුපතක් කරගන්න. තමන්ම තමාට පිළිසරණ වෙන්න. වෙන සරණක් නෑ!!) "ධම්මදීපා භික්ඛවේ, විහරථ ධම්මසරණා. අනඤ්ඤ සරණා." (ධර්මය තමාට දූපතක් කරගන්න. ධර්මයම පිළිසරණ කරගන්න. වෙන සරණක් නෑ!!) කියලයි!!! !!! !!!
◄ කලින් ලිපිය
වැඩේ අන්තීම භයානකයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වෙත්, "සත්වයෝ ඉන්නෙ සතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියලයි!!! !!! !!! ඒ කියන්නෙ, "කොච්චර කිව්වත් කලත් වැඩක් වෙන්නෙ නෑ!! ලේසියෙන් කවුරුවත් මේ පැවැත්මෙන් මිදෙන්නෙ නෑ!! කවුරුත් නවතින්නෙ ආයෙ අපාය ලෝක 4න් එකකට සෙට්වෙලාම තමයි!!" කියන එකයි!!! !!! !!! 
ඒත් ඔබ මං මේ කියන දේවල් තේරුම්ගන්න තරම්වත් හැකියාවක් තියන... මාව පිළිගන්න... මට වෛර නොකරන... අහිංසක නිහතමානී කෙනෙක් නම්, දැන් ඔබ චුට්ටක්වත් කණගාටු වෙන්න.. බයවෙන්න.. එපා!!! !!! !!! පෙනෙන නොපෙනෙන ලෝකවල අතීත - වර්තමාන මහ විසාල කල්‍යාණමිත්‍ර පිරිසකගේ උපකාරයෙන්.. උත්සාහයෙන්.. දැනට අවුරුදු ගණනාවක් තිස්සෙ කෙරීගන ආව මේ කාර්යයේදී / ව්‍යායාමයේදී, දැන් අපි මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ඉපදිච්ච / ඉපදෙන හෑම අහිංසක නිහතමානී මනුස්සයෙක්ම මේ මහා භයානක සංසාර අනතුරෙන් ගලවගන්න... ඒ හැමෝටම මේ ජීවිතයෙන්ම ඒ භයානක සංසාර පැවැත්මෙන් මිදෙන්න හදල දෙන්න... අවශ්‍ය හැම දෙයක්ම කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


කොටින්ම කිව්වොත්, ලේසියෙන් කාටවත් අවබෝධ කරගන්න බැරිවෙලා තිබුණු අර මහා ගැඹුරු පටිච්චසමුප්පාදය, අපි දැන් ඕනෑම පොඩි ළමයෙකුට පවා තේරුම්ගන්න පුළුවන් වෙන විදියට, සුළු කරලා.. සරල කරලා.. තේරුම්කරල දෙන්න හදාගෙන ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


නැත්නම්, ඒ 'මහා ගැඹුරු' පටිච්ච්සමුප්පාදය ගොඩ කරලා.. ගොඩ කරලා.. දැන් ඒකෙ 'ගැඹුර' මිලි මීටර් 1½ කට විතර බස්සලා (අඩු කරලා) ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ටිකක් වැඩිපුරත් කිව්වොත්,
මං මේ වෙනකොටත්, "මට / අපට විරුද්ධ වෙන.. මට / අපට වෛර කරන.. ගිහි - පැවිදි - අන්‍යාගමික පල් මෝඩයෝ ටික දෙනෙක්ව හැරෙන්න, අනෙක් ලෝකෙ ඉන්න තරමක් මොළේ කඳුලක් හරි තියන අහිංසක.. නිහතමානී.. කිසිම මනුස්සයෙක්ව, ආයෙ නම් මේ ගෞතම බුද්ධරාජ්‍යය පවතින තුරාවට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාරෝඝං මහබ්භයං' කියාපු 'මහා භයානක සසර සැඩපහරේ' ගහගෙන යන්න හරින්නේ නෑ!!" කියල, ප්‍රසිද්ධියේම ප්‍රතිඥා දීලත් ඉවරයි!!! !!! !!! 
දන්නෙ නැති අය
http://mamainnekoheda.blogspot.com
http://dpk19700416.blogspot.com
http://dpk19700416.wordpress.com
කියන addresses වලට ගිහින් බලන්නකෝ.
තව http://www.sl-unlimited.com එකේ dpk19700416 ID එකෙන් කරපු threads වගයකුත් ඇති. ඒත් SLU එකේ ගොං adminsල වේලපහින්ම මාව ban කල නිසා, ඒකෙ තියෙන්නෙ මං මුල්ම කාලෙ කරපු posts විතරයි. අනික, ඔය උදවිය කවුරුවත් මාත් එක්ක තරහවෙන්න එපා!!! මාව හදල / හැදිල තියෙන්නෙ, 'ඇත්ත' කියල දීල ඔය හැමෝමව බේරන්න මිසක්, බොරු සුරංගනා කතා වලින් ඔය උදවියව නලවන්න සනසන්න.. තාවකාලික ආතල් දෙන්න.. එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 