ඇත්තම කියනවා නම්, ඔය උදවිය තාම සංසාර අනතුරෙන් බේරෙන්න / නිවන් දකින්න කියලා කළුවරේ අතපත ගගා ඉන්න බෞද්ධ උදවිය උනාට... එහෙම නැත්නම්, අදටත් මේ සංසාර කතන්දර ගැන / සංසාර අනතුර ගැන හාංකවිසියක් (මොකුත්ම) නොදන්නා අන්‍යාගමික උදවිය උනාට... මං මේ වෙනකොටත් අර කලින් සඳහන් කරපු threads - blogs වලින්,
* මේ සංසාරගත සත්ව ජීවිත වල කතාව එහෙම්පිටින්ම වගේ දිගහැරලා පෙන්නලා...
* බුද්ධ දේශණා වලින්ම කරුණු අරං 'සංසාර පැවැත්ම' කියල සිද්ධවෙලා තියන / සිද්ධවෙන 'කතන්දරයත්' එළිදරව් කරලා...
* උවමණාවෙන් / අවධානයෙන් බලපු හැම කෙනෙක්ම 'සංසාර අනතුරෙන්' නැත්නම් 'පෙර කරපු කර්ම වලින්' එහෙම්පිටින්ම නිදහස්වෙන තැනටත් කටයුතු කරලා...
* චුට්ටක් උනන්දුවෙන.. කැපවෙන.. උත්සාහ කරන.. උදවියට නම් මහ කාලයක් නොගොහින් අරහත්වයටම පත්වෙන්නත් පාර පෙන්නලා...
සේරම publish කරලා ඉවරයි!!! !!! !!! හැබැයි ඒව 'කිඹුල බනිස්' වගේ නැගල යන්නෙ නෑ!!! !!! !!!




හැබැයි මම මගේ කොටස.. 'ඇත්ත' එළිදරව් කිරීම.. එහෙම්පිටින්ම කරනවා!!! !!! !!! ඊළඟට තියෙන්නෙ, ඇයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර පැවැත්ම මෙච්චරට භයානකයි කිව්වේ?? ඇයි උන්වහන්සේ "පැවිදි කෙනෙක් නම් අනිවාර්යයෙන් රහත් වෙන්න!! ගිහි කෙනෙක් නම් අඩුම ගණනේ අනාගාමී වත් වෙන්න!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කිය කියා කිව්වේ?? කියන බව පෙන්වන්න තමයි!!! !!! !!! අන්න එතකොට ඔය උදවිය කාට කාටත් 'තමන්ගෙ' ඉරණම මොකද්ද කියල තේරෙයි!!! !!! !!! හැබැයි, කවුරු පිළිගන්නවද නැද්ද?? විශ්වාස කරනවද නැද්ද?? කියන එක නම් මට වැඩක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.