Monday, January 12, 2015

කලින් ලිපිය


හොඳයි, එහෙමනම් අපි බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම කරන්නයි කියපු දේ ඉස්සෙල්ලම කරමු. උන්වහන්සේ බුද්ධිමත් ඔබ සියලු දෙනාටම කිව්වේ, "ඔලුව ගිනි අරගෙන උනත් කමක් නෑ. ඒක නිවාගන්න එක පැත්තකින් තියලා, ඊට කලින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!! " "ආයුධයකින් පහර කාලා, ඒ තුවාලෙන් 'හෝ ගාල ලේ ගලනවා' උනත් කමක් නෑ. ඒකට බෙහෙත් දාගන්න එක පැත්තකින් තියලා, ඊට කලින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!! " කියලයි!!! !!! !!!


ම්ම්.. එක පාරටම නොතේරුණාට අවුළක් නෑ!!! ඇත්තටම නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ කරන්නය කියල තියෙන්නෙත්, මේ සංසාරගත සත්ව ජීවිත වල ඇත්ත කතන්දරය, 'සංසාරගත සත්වයෝ වෙච්ච මේ අපි හැමෝගෙම ජීවිත තාවකාලිකයි!! අනිත්‍යයි!!' කියන බව තේරුම් ගැනිල්ලේ... එහෙම නැත්නම්, 'සත්වයො කියන එවුන් සංකතයි!! උන් සංසාරෙ ඇවිල්ල වත්.. සංසාරෙ යන්නෙ වත්.. නෑ!! අපිට මේ ඇහෙන - පේන - දැනෙන - හිතෙන දේවල් සේරම තාවකාලිකයි!! ඒ ඔක්කොම තියෙන්නෙ අපි මැරෙනකම් විතරයි!! අපි මැරුණාම ඒ ඔක්කොම ඉවරයි!!' කියන බව තේරුම්ගන්න එකේ... මූළික පියවර.. මේ ලැබිච්ච බොහෝම දුර්ලභ වාසනාවන්ත මනුස්ස ජීවිතයේ ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින්, ඔබ අනිවාර්යයෙන්ම කරගත යුතු කොටස.. වත්, පුලුවාන් තරම් ඉක්මනට සම්පූර්ණ කරගන්න කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හැබැයි, 'ධර්මය' (බණ) කිය කියා whole sale එකේ තියන එක එක්කෙනාගෙ 'කතන්දර' තොග පිටින් අහල / කියවලා, මේ වෙනකොටත් ධර්ම මාතෘකාව හොඳටම අනාගෙන.. නාගෙන.. එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා, පිං කොර කොර සංසාරෙ යන්න බලාගෙන ඉන්න මෝඩ බෞද්ධ උන්දලාට (ගොං බෞද්ධයන්ට ) මේ හැදිච්ච (ඉපදිච්ච) සත්වයො සේරම තාවකාලිකයි!!! හැමදාම ඉන්න පුළුවන් නිත්‍ය (ස්ථිර / සදාකාලික) එවුන් නෙවෙයි!!! කියන බව තේරුම් කරල දෙන්න... තව විදියකට කිව්වොත්, මේ සත්වයො කවුරුවත් මීට කලින් ඉඳලා සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන එවුන් වත්.. මේ ජීවිතයෙන් පස්සෙ ආයෙ සංසාරෙ සැරිසරන්න යන්න පුළුවන් එවුන් වත්.. නෙවෙයි!!! කියන බව තේරුම් කරල දෙන්න... දැන් අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙහෙම පැල් බැඳගෙන threads - blogs වල ලිව්ව කියල නෙවෙයි, මං threads - blogs දිගේ ළඟට ඇවිල්ල බෙරිහන් දීල කිව්වත් වැඩක්වෙන එකක් නෑ!!! !!! !!! ගොං බෞද්ධ උන්දලා පිළිගන්න එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගොං බණ / ගොං කතා අහල කියවලා හොඳටෝම නන්නත්තාර වෙලා ඉන්න ඒ උන්දලා මේ වෙනකොට, මීට කලින් ඉඳලා සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන.. මැරුණයින් පස්සෙ ආයෙත් සැරිසරන්න යන.. 'චුට්ටක් වෙනස් ' සත්තු ජාතියක් බවට පරිවර්තනය වෙලා ඉවරයි!!! !!! !!! පූහ්.. පුඃ.. පුඃ.. පුහ්හ්.. ඇයි අහල නැද්ද?? උන් ඔය "බුදුහාමුදුරුවො අපිත් දැකින්නැති බණත් අහන්නැති ඒ කාලේ.." ... "ජාති ජාතිත් සංසාරේ.. පාරමී දම් පුරමු අපි දෙන්නා.." ... "මා පෙර සසරේ පැතූ පැතුම්.. මා පෙර සසරේ සිතූ සිතුම්.." ... "පියාණෙනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ.." ... "නිම් හිම් සෙව්වා මා සසරේ.." ... "මේ අයුරින් අපි සංසාරේ.." කිය කියා කියන්නෙ??? ලොහ්.. ලොහ්.. ලොහ්..


අවුළක් නෑ. ඒත් ඉතින් මං මේ blog එක පටන්ගනිද්දිම කිව්වනේ, කවුරු උනත් මේ මහා භයානක සංසාර අනතුරින් බේරීමට නම්... මේ දුක්ඛිත සංසාර පැවැත්මෙන් නිදහස් වීමට නම්... පිං කොර කොර.. සිල් රැක රැක.. නිවන් පත පත.. ඉඳල හරියන්නෙ නෑ!!! ඒකට 'තමන්' තාවකාලික / අනිත්‍ය කෙනෙක්.. 'තමන්' තාවකාලික / අනිත්‍ය සත්වයෙක්.. බව හොඳටම තේරුම් ගත යුතුයි!!! හැබැයි ඒ බව තෙරුම් ගන්නත්, මුළින්ම.. ඉස්සෙල්ලාම.. තමන් මීට කලින් ඉඳලා සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන කෙනෙක් වත්.. මේ ජීවිතයෙන් පස්සෙ ආයෙ සංසාරෙ සැරිසරන්න යන්න පුළුවන් කෙනෙක්වත්.. නෙවෙයි!!! කියන බව පිළිඅරගෙන සිටිය යුතුයි!!! !!! !!! කියන බව?? නේද??? ඉතින්, ඔය උදවිය මෙච්චර කාලයක් තිස්සෙ දාන මාන දිදී.. වන්දනා කර කර.. පූජාවල් තිය තිය.. පිං කර කර.. සිල් රැක රැක.. පාරමිතා පුර පුර.. පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන.. භව ගමන සාර්ථක කරගෙන.. තව කල්ප හැටහුටහමාරක් විතර සංසාරෙ සැරිසරලා සරලා.. අන්තිමේ නිවන් සැප ලබන්න හිතාගෙන හිටිය (ගොං) බෞද්ධයෝ උනාට කරන්න දෙයක් නෑ. දැන් ඔය උදවිය හැමෝම, තමුන්ලා සංසාරෙ ඇවිල්ල තියන එවුන් වත්.. සංසාරෙ යන්න පුළුවන් එවුන් වත්.. නෙවෙයි!!! කියන බව අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ම්ම්.. ටිකක් අමාරුයි නේ?? කමක් නෑ, අපි පොඩි වැඩක් කරමු.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.