Friday, January 16, 2015

කලින් ලිපිය


මෙහෙමයි. දැන් මේ ලෝකෙ ඉන්න තරමක් (ගොං) බෞද්ධ / (ගොං) සංඝ පිරිවර, දාන මාන දිදී.. වන්දනා මාන කර කර.. පුද පූජාවල් තිය තිය.. පිං රැස් කර කර.. සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන 'යන්න' සැදී පැහැදී සිටිද්දි, මං මෙහෙම පැත්තකින් ඉඳගෙන "සත්වයො සංකතයි!! උන්ට සංසාරෙ යන්න බෑ!!" ගගා කිව්වට වැඩක් වෙන්නෙ නැහැ නෙව?? 'සත්වයන්ට' සංසාරෙ යන්න බැරිවුණාට, 'ඔය උදවිය' ඇවිල්ලා, සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන.. තව තවත් සැරිසරන්න යන්න පුළුවන්කමත් තියන.. මහා අමුතු සත්තු ජාතියක් නෙව??? ඉතින්, එහෙමනම් ඔය සංසාරෙ ඇවිල්ල තියන උදවිය පොඩ්ඩක් කියන්නකො බලන්න, ඔය උදවිය ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන වාගෙන වාගෙන වාගෙන වාගෙන ආව සංසාර ගමනෙදි, මීට කලින් ගතකරපු ජීවිත 25හේ විස්තර??? මහ ගොඩාක් ඕනෙ නෑ. 'මේ ආත්මෙ' ඔයාල උපදින්න කලින් හිටිය 'ආත්ම' නැත්නම් 'භව' 25හේ, ඔයගොල්ලො කවුරු හැටියටද ඉපදිලා හිටියේ?? කොහෙද ඉපදිලා හිටියේ?? මනුස්සයෙක් හැටියට ඉපදිලා හිටියානම්, අම්ම කවුද?? තාත්ත කවුද?? ඕගොල්ලෝ ඒ ඒ ආත්ම වල මොනවද කලේ?? කියන විස්තර ටිකක් කියන්නකෝ, අනික් අයටත් දැනගන්නත් එක්කලා??? ???


මේ.. "එහෙම කියන්න බෑ!!" "දැන් මතක නෑ!!" "මතක්කරගන්න බෑ!!" වගේ 'වැල් බයිල' නම් හරියන්නෙ නෑ!!! !!! !!! මොකද, ඔය උදවිය හිතාගෙන ඉන්න විදියට ඔයාලම මීට කළින් ඉපදිලා ඉඳල තියනවා නම්.. ඔයාලම සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියනවා නම්.. ආයෙ කතා දෙකක් නෑ, තමුන් නිවාඩුවකට.. එහෙම නැත්නම් ඉගෙනගන්න.. ඒත් නැත්නම් රස්සාවකට.. වෙන රටකට / වෙන පළාතකට ගිහින් ඉඳල ආව එකකදි වගේ, එහෙදි තමන් අහපු දැකපු දේවල්.. එහෙදි තමන්ට වෙච්ච දේවල්.. එහෙදි තමන් කරපු කියපු දේවල්.. සේරම කියන්නත් පුළුවන් වෙන්න ඕනෙ!!! !!! !!! ඇයි, ඕනෙම කෙනෙක් තමන්ම කරපු කියපු හිතපු දේවල්.. තමන්ටම වෙච්ච දේවල්.. හොඳටම දන්නවා නේ?? චුට්ටක් කල්පණා කරපුගමන්, තමුන් වෙන කොහේ හරි ගිහින් හිටිය එකක් මතක්වෙනවා වගේ... වෙන රටකට ගිහින් හිටිය එකක් මතක්වෙනවා වගේ... වෙන වෙන දේවල් කරකර හිටිය ඒවා මතක්වෙනවා වගේ... සේරම මතක්වෙන්න ගන්නවා!!! !!! !!! කිසි බයක් සැකක් නැතුව අරෙහෙමයි.. මෙහෙමයි.. කිය කියා ඔක්කොම විස්තර කියන්නත් පුළුවන් වෙනවා!!! !!! !!! ඉතින්, කවුරු උනත් තමන්ම සංසාරෙ ආව නම්.. තමන් එහෙම ආපු බව හොඳටම දන්නවා නම්.. ජීවිත 25ක් ගැන නෙවෙයි, 250ක් ගැන උනත් කියන්න පුළුවන් වෙන්න ඕනෙ!!! !!! !!! හරිය?? හොඳයි. එහෙනම් කියන්නකො බලන්න, දැන් ඔයාල සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන එද්දි වෙච්ච දේවල්.. කරපු කියපු දේවල්.. ගැනත්. පුලුවන්ද??? ??? ???


Sure එකටම බෑ!!! !!! !!! ඔය උදවිය කාටවත් එහෙම "මං මේ ජීවිතේට කලින් අහවල් අහවල් දිහාවෙ ඉපදිලා හිටියා!! අහවල් අහවල් එවුන් හැටියට ඉපදිලා හිටියා!! අහවල් අහවල් දේවල් කිව්වා කළා!!" කියන මොකුත්ම කියන්න බෑ!!! !!! !!! කියන්න නෙවෙයි, ඇත්තම කියනවා නම්, ඔය උදවිය කවුරුවත් මීට කලින් තමන් එහෙම ඉපදිලා ඉඳල තියනවද කියලවත් දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි උපදියිද කියල දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය උදවිය විතරක් නෙවෙයි, ඔය ඉන්න තරමක් මහා ලොකු ලොකු (ගොං) සංඝලා.. ලොකූ (ගොං) උපාසක උපාසිකාලා.. 'බුද්ද සාසනේ' කරේ තියාගන ඉන්න උන්දලා.. ඔක්කොමලා එහෙම තමයි!!! !!! !!! බොහෝම කලාතුරකින් හැදෙන කෙනෙක් දෙන්නෙක් පොඩි කාලෙදි "මං මීට කලින් අහරෙ ඉපදිලා හිටියා!! අපි හිටියෙ අන්න අර ගෙදර!! මේ මගේ අම්ම තාත්ත!! මේ මගේ නෝන මහත්තය!! මං එව්ව මෙව්ව වෙලා මළා!!" කිය කියා, අතීත කතා 'පුනරුප්පත්තිය' කියවන ඒවා අහල දැකල තියනවා හැරෙන්න, කවුරුවත් තමන් මීට කලින් ඉපදිලා ඉඳල තියනවද?? මැරුණයින් පස්සෙ ආයෙ උපදියිද?? මොකුත් දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හැබැයි, ප්‍රශ්ණේ ඒක නෙවෙයි!!! !!! !!! තමුන්ලා.. විශේෂයෙන්ම (ගොං) බෞද්ධ එවුන්.. 'අපි මීට කලින් ඉඳල සංසාරෙ ඇවිල්ල තියනවා!! මැරුණම අපි ආයෙ සංසාරෙ යනවා!!' කියල, කොහොමද තමන්වත් දන්නෙ නැති 'සංසාර කතන්දරයක්' ගැන කතාකරන්න පටන් ගත්තේ??? ??? ??? තමන් සංසාරෙ ආවද නැද්ද කියලවත් නොදන්න මේ (ගොං) බෞද්ධ උන්දලා / (ගොං) සංඝලා, කොහොමද මෙහෙම සංසාර කතාවක් ගැන දැනගත්තේ??? ??? ???



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.