Thursday, January 22, 2015

කලින් ලිපිය


මේක නේ වැඩේ. පින්වත් ඔයාල අපි කවුරුවත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන්ම ධර්මය අහල දැනගන්න තරම් අවස්ථාවක් ලැබිච්ච 'පින්වත්තු' නෙවෙයි නේ?? එතෙන්දි තමුන්ල හුඟදෙනෙකුට 'ධර්මය' කියල වැඩිහරියක්ම අහන්න - කියවන්න - දැනගන්න ලැබුණේ / ලැබිල තියෙන්නේ, තමන්වත් ධර්මය අවබෝධ කරගන නැති... තමන් 'චතුරාර්ය සත්‍යය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගෙන' නැති... ඒ කියන්නෙ, රහත්වෙලා නැති... පිස්සු හුටල්ලන්ගෙ ගොං කතා තොගයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් 'ධර්මය' / 'පටිච්චසමුප්පාදය' කියන්නෙ, අහපු කියවපු සැණින් ඕනෙම 'ඔටුවෙකුට' හරියටම තේරෙණ කතන්දරයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම "පඤ්ඤාවන්තස්සායං ධම්මෝ - නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස" (මාගේ ධර්මය ප‍්‍රඥාවන්තයන් සඳහා පමණයි!!) කියල පැහැදිලිවම කියාපු ඒ ඇත්ත කතන්දරය හරියටම.. තිතටම.. ටක්කෙටම.. තේරුම්ගන්න පුළුවන්, ධර්මය තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙකුට... රහත්වෙච්ච කෙනෙකුට... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමුන් 'පාර' දැනගෙන එපාය තව එකෙකුට 'පාර' කියන්න??? ඉතින්, 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' අබමල් රේණුවක් තරම්වත් තේරිලා නැති ඒ කලින් හිටපු ගොං සංඝලා මුළු ලෝකෙ පුරාම පතුරුවල තියෙන්නේ, උන්ට තේරිච්ච තරමට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර ගමන' ගැන කියාපු සම්පූර්ණ කතාවෙන් බාගයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, දැන් ඔය උදවිය වගේම මුළු ලෝකෙම ඉන්න තරමක් ලොකු ලොකු උන්දලා කවුරු කවුරුත් 'මහා ලොකුවට' දන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර ගමන' ගැන.. හරියටම කිව්වොත්, 'සංසාර පැවැත්ම' ගැන.. කියල තියන සම්පූර්ණ කතාවෙන් බාගයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට දැනගන්න!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර පැවැත්ම ගැන දේශණා කරල තියෙන්නේ 'ඔය ටික' විතරක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


Special Note: මුළු ලෝකෙම එවුන් ගොං සංඝලාගෙ පස්සෙ ගිහිං මඤ්ඤං වෙලා ඉන්දැද්දී මං විතරක් මෙහෙම වෙනස් උනේ, මට උපතින්ම ලැබිල තිබුණු hard-coded ශ්‍රද්ධාවයි {කවුරු මොනව කිව්වත් care කරන්නෙ නෑ!!! බලන්නෙ / පිළිගන්නෙ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මොකද්ද කියල තියෙන්නේ?? බුද්ධ දේශණාවෙ කොහොමද සඳහන් වෙන්නේ?? කියල විතරයි!!! !!! !!!}... මට හම්බවෙලා තියන 'මීටරෙයි'... පිරිසුදු බුද්ධ දේශණාවල් සොයාගෙන තේරෙන්න කියල දීපු රත්තරං 'අපේ හාමුදුරුවොයි'... පස්සෙන් හිටිය / ඉන්න පෙනෙන නොපෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිසයි... නිසා තමයි!!! !!! !!! මේක මේ අහම්බෙන් සිද්ධවෙච්ච කෙහෙල්මලක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම කිව්වා, "යේ කේචි බුද්ධං සරණං ගතාසේ - න තේ ගමිස්සන්ති අපායං" කියල!!! !!! !!! ඒ කිව්වෙ, කවුරු උනත් උන්වහන්සේගෙන්ම ධර්මය අහල දැනගන්න ආවොත්, ආයෙ කීයටවත් වැඩේ අනාගන්නෙ නෑ!!! Sure එකටම ගොඩ යනවා!!! කියන එකයි!!! !!! !!! මොකද, උන්වහන්සේට පුළුවන් තමන් වහන්සේගේ සුවිශේෂී හැකියාවන්, පරචිත්ත විජානන ඥාණය.. ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණය.. ආසවක්ඛය ඥාණය.. වගේ හැකියාවල් උපයෝගී කරගෙන, ධර්මය අහන්න එන කෙනාගෙ අවබෝධ කරගැනීමේ හැකියාව බලලා, එයාට ටක්කෙටම හරියන්න... ටිප්ටොප් එකටම තේරෙන්න... ඇත්ත කතන්දරේ කියල දෙන්න!!! !!! !!! එතකොට ඒ කෙනා (මොළේ කඳුලක් හරි තියන එකෙක් නම් ) එතනම අරහත්වයට පත්වෙනවා!!! එක්කෝ අනාගාමී වත් වෙනවා!!! අඩුම ගණනේ සෝතාපන්න වත් වෙනවා!!! උන් ආයෙ කොහොමටවත් අපාය ලෝක 4ට සෙට්වෙන ගාණට නම් වැඩේ අනාගන්නේ නෑ!!! ඒකයි!!! !!! !!! ඒත් අද??? ??? ??? ඇත්තම කියනවා නම්, අවුරුදු බර ගාණක් තිස්සේ ධර්මය අධර්මය කර කර අධර්මය ධර්මය හැටියට දෙසාපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් නිසා, මුළු ලෝකෙම හිටපු අහිංසක බෞද්ධ මිනිස්සු මහා හුඟ දෙනෙක්, මේ වෙනකොටත්, ඒ අයට ලැබිච්ච අතිශයින් දුර්ලභ වාසනාවන්ත 'ක්ෂණ සම්පත්ති' නැති නාස්ති කරගෙන... ගෞතම බුද්ධ සාසනයත් මගහැරගෙන... ආයෙ හතර අපායටම සෙට්වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය උදවිය කවුරුවත් දන්නෙ නැති උනාට, පූජාවල් තිය තිය... වන්දනාවල් කර කර... පිංකං කරව කරව... 'පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන.. භව ගමන සාර්ථක කරගෙන.. දෙවි මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සැපත් ලබන්න එන්නැයි' කිය කියා, දැන් ඉන්න ගොං සංඝලා ඔහෙලව දක්කං යන්නෙත්, අතීතයේ උන්දලාට කරපු විදියටම ඔහෙලටත් හතර අපාය පෙන්නන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මේක පටන්ගනිද්දිම 'සංසාරෙ යන්න බලාගෙන ඔහෙල ඔය දැන් කරගෙන යන වැඩපිළිවෙල එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!' කිව්වෙ ඒකයි!!!



1 comment:

  1. මේ මහා මුලාව කවදා කෝම පටන් ගත්තත් අපි කාටත් ජීව්තේ වැරදුනා.. තතාගත දහම වලලලා නිගන්ට දහමකින් අපිව සනසල.... ඒ වරද කවදා කොහෙන් පටන් ගත්ත් ඔබවැන් කල්‍යණමිත්‍රයින් නිසා සියලු ⁣පිං ඇත් ලෝ වැසියන් සසර දුකින් එතෙර වෙත්වා

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.