හොඳට දැනගන්න!!! "අවිජ්ජා නීවරණානං.. තණ්හා සංයෝජනානං.. සත්තානං සංසාරෝ, අනමතග්ගෝයං භික්ඛවේ. පුබ්බා කෝටි න පඤ්ඤායති" (පින්වත් මහණෙනි, අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු සත්වයන්ගේ මේ සංසාර ගමන, අවසානයක් දකින්න බැරි දෙයක්!! පටන් ගත්තු තැන.. ආරම්භක කෙළවර.. බුදු නෙතට වත් පේන්නෙ නැති දෙයක්!!) කියලා, මේ ඉපදිලා ඉන්න තරමක් මිනිස්සු කවුරුවත් හාංකවිසියක්වත් නොදන්න.. කාටවත් තනියෙන් උත්සාහ කරලා කරලා නම් කවදාවත් හොයල දැනගන්නත් බැරි.. මේ සංසාරගත සත්ව ජීවිතවල පසුබිම් කතාව, ලෝකයාට හෙළිදරව් කලේ... කියා දුන්නේ... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි!!! !!! !!!
හැබැයි,
1) ඔතනදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සිය ආර්ය ශ්‍රාවක සඟ පිරිස ලඟින් තියාගෙන කතාව කියල තියන නිසා 'පින්වත් මහණෙනි' කියලා ආමන්ත්‍රණය කරලා තිබුණට, උන්වහන්සේ ඔය කතාව කිව්වේ සියලු ලෝක වාසී දෙවි - මිනිස් හැමෝටමයි!!! කියන එකයි,
2) උන්වහන්සේ "සංසාර ගමන පටන්ගත්ත තැනක් පේන්නෙත් නෑ!! අවසානයක් දකින්නත් බෑ!! එච්චරට දිගායි!!" කියල කිව්වේ, 'අවිජ්ජා නීවරණානං.. තණ්හා සංයෝජනානං..' සත්වයන්ගෙ විතරයි!!!






හැම සත්වයෙක්ගෙම නෙවෙයි!!!





කියන එකයි, හොඳට මතක තියාගන්න!!! !!! !!!



ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ අවිද්‍යාවෙන් වැහිච්ච.. තණ්හාවෙන් වෙලිච්ච.. සත්වයන්ගේ 'සංසාර ගමන' ගැන පැහැදිලි කලේ, "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ල තියන සංසාර ගමනෙදි, හරක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරුණු වාර ගණනෙදි ගලපු ලේ එකතු කළා නම් හතරමහා සාගරයේ ජලයට වැඩියි!! ඌරො - එළුවො - කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම්කාපු වෙලාවල් වල ගලපු ලේ එකතු කළා නම් ඒත් ඒ වගෙයි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීපු කිරි ප්‍රමාණය බැලුවත් හතරමහා සාගරයේ ජලයට වැඩියි!! අම්ම - තාත්ත - සහෝදරයා - සහෝදරී මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! එක මනුස්සයෙක් කල්පයක් තුල මැරුණු වාර ගණනෙදි ඉතුරුවෙච්ච ඇටකටු දිරන්නෙ නැතුව තිබිලා ගොඩගැහුවා නම් වේපුල්ල පර්වතයට වඩා ලොකුයි!!" කියලයි!!! !!! !!!


හප්පේ!! එච්චරට මහා භයානක බරපතළ කතන්දර තොගයක් ඇහෙනකොට ශ්‍රද්ධාවන්ත කෙනෙකුට නම්... නැත්නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පිළිගන්න විශ්වාස කරන කෙනෙකුට නම්... හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දාලා.. හීතල වෙලා.. වෙව්ලලා.. සුළුදිය පහවෙලා.. වෙන්න තියන දේවල් ඔක්කෝම වෙනවා තමයි!!! !!! !!!















OK කතාවෙන් භාගයක් විතරයි. Waiting for the rest while my mind work.
ReplyDelete