Sunday, March 1, 2015

කලින් ලිපිය


* භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තානං, තම්හි තම්හි සත්ත නිකායේ, ජාති, සඤ්ජාති, ඔක්කන්ති, අභිනිබ්බන්ති, බන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ ජාති" (පින්වත් මහණෙනි, ඉපදෙන්නට සිදුවීම යනු කුමක්ද? ඒ ඒ සත්වයින්ගේ, ඒ ඒ සත්ව වර්ගයා තුළ යම් ආකාරයක ඉපදෙන්නට සිදුවීමක් වේද, ඉන්ද්‍රියන් මෝරා බිහිවෙන්නට සිදුවීමක් වේද, ගර්භාෂයක් තුළ ඉපදෙන්නට සිදුවීමක් වේද, ගර්භාෂයකින් තොරව හෝ ඉපදෙන්නට සිදුවීමක් වේද, රූප - වේදනා - සංඥා - සංඛාර - විඥාණ යන පංච උපාදානස්කන්ධයේ පහළවීමක් වේද, ඇස - කණ - නාසය - දිව - කය - සිත යන ආයතනයන් තිබෙන පරිදි උපත ලැබීමක් වේද, පින්වත් මහණෙනි, මේ වනාහී ඉපදෙන්නට සිදුවීම යයි කියනු ලැබේ.) කියලා, 'සත්වයෙක්ගෙ ඉපදීම' නැත්නම් 'උපත' හඳුන්වලා දුන්නා!!! !!! !!!
* ඒ වගේම උන්වහන්සේ, "කතමඤ්ඤාවුසෝ මරණං? යා තේසං තේසං සත්තානං, තම්හා තම්හා සත්ත නිකායේ, චුති, චවනතා, භේදෝ, අන්තරධානං, මච්චු මරණං, කාලකිරියා, ඛන්ධානං භේදෝ, ඛලේබරස්ස නික්ඛේපෝ, ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ, ඉදං වුච්චතිි මරණං" (මොකක් ද ආයුෂ්මතුනි මරණය කියන්නේ? ඒ ඒ සත්වයන්ගේ සත්ව ලෝක වලින්, චුතවීමක් ඇද්ද, චුතවන බවක් ඇද්ද, බිඳීයාමක් ඇද්ද, අතුරුදහන් වීමක් ඇද්ද, මරණයට පත් වීමක් ඇද්ද, කළුරිය කිරීමක් ඇද්ද, පංච උපාදානස්කන්ධයේ බිඳී යාමක් ඇද්ද, මෘත ශරීරය බහා තැබීමක් වේද, ජීවිතය නම් වූ ඉන්ද්‍රිය සිඳී යාමක් ඇද්ද, මරණය කියන්නේ ඒකටයි!!) කියලා, මරණයත් හඳුන්වලා දුන්නා!!! !!! !!!
* ඊළඟට උන්වහන්සේ, "අතීත වූ ද, අනාගත වූද, වර්තමාණ වූද, තමා ගේ යයි සලකන්නා වූ හෝ තමාගෙන් බාහිර ලෙස සලකන්නා වූ, ගොරෝසු වූ හෝ සියුම් වූ, හීන වූ හෝ ප‍්‍රණීත වූ, දුරින් පවතින්නා වූ හෝ ළඟින් පවතින්නා වූ යම්කිසි රූපයක් ඇත්ද, එය රූප ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ!! යම් කිසි වේදනාවක් ඇද්ද, එය වේදනා ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ!! යම් කිසි අරමුණු හඳුනා ගැනීමක් ඇද්ද එය සංඥා ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ!! යම්කිසි සංස්ඛාරයක් ඇද්ද එය සංඛාර ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ!! යම්කිසි විඥාණයක් ඇද්ද එය විඥාණ ස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ!!” කියලා, පංච උපාදානස්කන්ධයත් හඳුන්වලා දුන්නා!!! !!! !!!

ඒ වගේම උන්වහන්සේ,
* 'මේ ඉපදෙන (හැදෙන) සත්වයෝ හැමෝම සංකතයි!!' නැත්නම්, 'සත්වයින් ඉපදිලා.. කාලයක් වෙනස්වීම්වලට ලක්වෙවී ජීවත් වෙලා.. අන්තිමේ නැසී වැනසී යනවා!!' කියන බවත්...
* 'මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි, එක ඇඟකින් තවත් ඇඟකට.. නැත්නම්, එක භවයකින් තවත් භවයකට.. මොකවත්ම යන්නේ නෑ!!' කියලත්...
* 'එහෙම ඇඟකින් ඇඟකට / භවයකින් භවයකට යන්න, ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් වල මොකවත් ඇත්තෙත් නෑ!!' කියලත්...
පැහැදිලිවම කියලා දුන්නා!!! !!! !!!
* හැබැයි, එහෙම කියපු භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "විඥාණය එක ඇඟක් අතහරින්නේ තව ඇඟක් අල්ලාගෙනයි!!" කියලා, ටිකක් upset කතාවකුත් කිව්වා!!! !!! !!!


ම්ම්.. අපි ඉස්සෙල්ලම ඔය 'උපත'.. 'විපත'.. 'පංච එක'.. 'පංචූපාදානස්කන්ධය' කියන එව්වා, අපිට හොඳටම තේරෙණ ගාණට සුළු කරගෙන / පැහැදිළි කරගෙන ඉමුකෝ.


මුලින්ම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'උපත' නැත්නම් 'සත්වයෙක්ගෙ ඉපදීම' කියල හඳුන්වල දුන් සිදුවීම සරළව පැහැදිළි කලොත්, ඒ කියල තියෙන්නේ, බ්‍රහ්ම - දෙවි - මනුස්ස - යක්ෂ - භූත - පෙරේත - තිරිසන් - නිරිසත් කිය කියා තියන ඕනෙම සත්ව කොට්ඨාශයක සත්වයන් අතරේ, අණ්ඩජ - ජලාබුජ - සංසේදජ - ඕපපාතික කියන සත්වයන් උපදින ක්‍රම 4න් එකකට, හතරමහා ධාතු එක්කහුවෙලා ආයතන 6ක් ('ඇඟක්' නැත්නම් 'සත්ව කයක්') හැදෙන එකයි... ඒ ඇඟට පංච උපාදානස්කන්ධයක් පහළවෙන (බැහැගන්න / හම්බවෙන / ලැබෙන) එකයි... ගැන තමයි!!! !!! !!! මොකද, සත්වයෙක් උපදිනවා කියල වෙන්නෙ එච්චරයි!!! !!! !!!

ඊළඟට, උන්වහන්සේ 'මරණය' කියල හඳුන්වලා දුන්නේ, ඒ එක එක සත්ව කොට්ඨාශ වලට ගැළපෙන විදියට, 'චුතවීම'.. 'චුතවෙන බව'.. 'මරණයට පත්වීම'.. නැත්නම්, 'කළුරිය කිරීම'.. කිය කියා එක එක නම්වලින් හඳුන්වලා තිබුණට, ඒ ඕනෙම සත්ව කොට්ඨාශයක සත්වයන්ට එකම විදියට සිද්ධවෙන, 'ඛන්ධානං භේදෝ'.. ඒ කියන්නෙ, ඉපදෙනකොටම හම්බවෙලා, මැරෙනකම්ම තව තවත් දේවල් එකතුවෙවී (update වෙවී) තිබිච්ච පංච උපාදානස්කන්ධය බිඳී යාමත්... ඊළඟට, 'අන්තරධානං' හෝ 'ඛලේබරස්ස නික්ඛේපෝ' විදියට, හතරමහා ධාතුවලින් හැදිච්ච ඇඟ බිඳී යාමත්... කියන සිදුවීම් දෙක තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, මරණය කියන්නේ, සත්වයෙක් ඉපදෙනකොටම හතරමහා ධාතු එක්කහුවෙලා ඒකාට හැදිච්ච ඇඟයි.. ඒකාට උපතින්ම හම්බවෙලා එතන ඉඳල update වෙවී තිබිච්ච පංච උපාදානස්කන්ධයි.. දෙකම, සිඳිලා බිඳිලා විනාශවෙලා යාම තමයි!!! !!! !!! එහෙම විනාශ වෙනකොට ඒ දෙකේ ක්‍රියාකාරීත්වයෙන් පැවතිච්ච සත්වයාගේ ජීවිතයත් නැසී වැනසී යනවා!!! !!! !!! ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ (ජීවිතය නම් වූ ඉන්ද්‍රිය සිඳී යාම) කියල කිව්වේ ඒකටයි!!! !!! !!! ඇත්තටම, සත්වයෙක් මැරෙනව කියල සිද්ධවෙන්නෙ එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔතනදි ඔය එක එක සත්ව කොට්ඨාශ අතරේ මරණයෙදි තියන ප්‍රධාන වෙනස්කම, බ්‍රහ්ම - දෙවි - පෙරේත හා නිරිසත් කියන ඕපපාතිකව උපදින සත්ව කාණ්ඩවල සත්වයන්ට මේ අපිට වගේ හොඳට ඇහැට කණට පේන ඕලාරික ඇඟවල් නෑ!!! ඝන / තද ඇඟවල් කියමු. එව්ව නෑ!!! ඒ අයට තියෙන්නෙ සාමාන්‍ය මනුස්ස ඇස්වලට පේන්නෙවත් නැති තරම් බොහෝම සියුම් ඇඟවල් තමයි!!! ඒ සත්ව කාණ්ඩවල සත්වයන් ඉපදෙනකොට, පරිසරයේ දුම් / වාෂ්ප ස්වභාවයෙන් තියන හතරමහා ධාතු එකතුවෙලා 'පුඃ ගාණකොට' (instantly / in a flash) සියුම් ශරීරයක් / ඇඟක් හැදෙනවා!!! උන් මැරෙණකොටම 'පුඃ ගාල' ඒ ඇඟ බිඳිල වෙන්වෙලා ආයෙ පරිසරයට එකතුවෙනවා!!! එච්චරයි!!! !!! !!! එතකොට, සත්වයා මළාට පේන්න ඇඟක් ඉතුරුවෙන්නෙ නෑ නේ?? ඉතිං, සත්වයා 'අතුරුදහන් වෙනවා'.. 'චුත වෙනවා'.. කියල කියනවා!!! !!! !!! එතකොට, මේ මනුස්ස අපි - තිරිසන් සත්තු කියන සත්වයන් මැරුණාම, උන්ගෙ ඇඟවල් බිඳිල ගිහින් ආයෙ පරිසරයට එකතුවෙන්න ටික කාලයක් ගතවෙනව නේ?? අන්න ඒ නිසා, විශේෂයෙන්ම මනුස්ස කියන කාණ්ඩයේ සත්තු මළාම, වටේ පිටේ ඉන්න එවුන්ට ඇවිල්ල හතරමහා ධාතු බදාගෙන අඬ අඬා ඉන්න... ඉන්නකං බල්ලෙකුට තරම්වත් සලකපු නැති එකාට රාජකීය සැලකිලි දක්වලා ලෝකෙට පේන්න රඟපාන්න... ගොං සංඝයන්ට ඇවිල්ලා පයිත්තියන් කියවන්න... ඒ ඇඟවල් ඉතුරුවෙනවා. ලොහ්.. ලොහ්.. ලොහ්.. ඉතිං, ඒ විදියට බොඩිය ඉතුරුවෙද්දී මළාම, කළුරිය කළා.. මරණයට පත්වුනා.. (මළා / ස්වර්ගස්ථ උනා / 'කාලක්' ක්‍රියාකළා ) කියල එහෙම කියනවා!!! හැබැයි ඒ විදියට මළාම වෙන්නෙත්, 'ඛන්ධානං භේදෝ'.. උපදිනකොටම හම්බවෙලා එතන ඉඳල update වෙවී තිබිච්ච පංච උපාදානස්කන්ධය බිඳී යාමත්... 'ඛලේබරස්ස නික්ඛේපෝ'.. හතරමහා ධාතුවලින් හැදිච්ච ඇඟ බිඳී යාමත්... කියන සිදුවීම් දෙක විතරයි!!! !!! !!! හරි සරලයි.


ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පංච උපාදානස්කන්ධය' හැටියට හඳුන්වල දීපු දේ ගත්තාම, එතනදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'රූප' කියල කියන්නේ, හතරමහා ධාතුත්.. හතරමහා ධාතුවලින් හැදුන දේවලුත්.. ඒ හතරමහා ධාතුවලින් හැදිච්ච දේවල් වලින් ඇතිවන අනික් සියලුම දේවලුත්.. ඔක්කෝටම තමයි!!! !!! !!! උන්වහන්සේ ඒක, "රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති වුච්චති" (ඒ ඔක්කොගෙම තියන නැසී වැනසී යන ස්වභාවය නිසා ඒවාට 'රූප' කියල කියනවා!!) කියලා, පැහැදිළි කරලා දුන්නා!!! !!! !!! ඉතින්, බුදුරජාණන්වහන්සේගේ definition එක අනුව... බුදුරජාණන්වහන්සේ කියන විදියට... අම්ම කියන්නෙ රූපයක්!!! තාත්ත කියන්නෙත් රූපයක්!!! බල්ලෙක් කිව්වත් රූපයක්!!! පූසෙක් කිව්වත් රූපයක්!!! අඹ ගෙඩියක් කිව්වත් රූපයක්!!! දෙහි ගෙඩියක් කිව්වත් රූපයක්!!! මේසයක්.. පුටුවක්.. බල්බ් එකක්.. ගෙයක්.. වාහනයක්.. ගහක්.. ගිණි ගොඩක්.. මොකක් උනත් රූපයක් තමයි!!! !!! !!! හරිය?? ඒ විතරක් නෙවෙයි. ඒ දේවල් නිසා ඇතිවන පේන දේවල්, ආලෝකය සහ හැඩය... ඇහෙන දේවල්, සද්දය... දැනෙන දේවල්, රස - ගඳ සුවඳ - පහස... ඔක්කොම, 'රූප' තමයි!!! !!! !!! ඒ කියන්නේ, පහණකින් ඇතිවන එළිය.. බෙරේකින් ඇතිවන සද්දය.. සීනි වලින් ඇතිවන රස.. බෙට්ටක ගඳ.. කොස්කට්ටක කටු කටු ඇනෙන ගතිය.. ඔක්කොම 'රූප' තමයි!!! !!! !!! හරිය?? ඊළඟට, බුදුරජාණන්වහන්සේ 'වේදනා' කියල හඳුන්වන්නේ, ඇහෙන් දකින... කණෙන් අහන... නහයෙන් - දිවෙන් - ඇඟෙන් (හමෙන්) - මනසින් දැනගන්න... සියලු විඳීම් වලට තමයි!!! !!! !!! ඒ කියන්නෙ, අපිට දැනෙන ඕනෙම ආලෝකයක් - සද්දයක් - රසයක් - ගඳ සුවඳක් - පහසක් ඇවිල්ලා, වේදනාවක්.. නැත්නම් විඳින දෙයක්.. තමයි!!! !!! !!! හරිය?? ඊළඟට, ඒ විඳින විඳින දේවල් අපි හඳුනගන්නවා නේ?? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංඥා' කියල කිව්වේ, අන්න ඒ අපි හඳුනගන්න දේවල් වලට තමයි!!! !!! !!! ඒ කියන්නෙ, 'මගේ අම්ම'.. 'මගේ තාත්ත'.. 'අහවලාගෙ සින්දුවක්'.. 'දෙහි සුවඳක්'.. 'අඹ රසක්'.. 'කොස් කට්ටක්'.. කිය කිය අපි හඳුනගන්න ඔක්කොම ඇවිල්ලා, 'සංඥා' තමයි!!! !!! !!! එතකොට, උන්වහන්සේ 'සංස්ඛාර' කියල කිවවේ, අපි හිතන... හිත හිතා කියන - කරන... දේවල් ඔක්කොටම තමයි!!! !!! !!! අන්තිමට, උන්වහන්සේ 'විඥාණ' කියල හඳුන්වල දුන්නේ, අපි දැනගන්න දේවල් හැමදෙයක්ම තමයි!!! දැන් ඔය අපි කවුරු කවුරුත් පොඩි කාලෙ ඉඳල දැනගත්ත දේවල් තියෙන්නෙ?? කඩි-කූඹි වගේ සත්තු අල්ලන්න ගියොත් කනවා.. ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා.. 5වරක් 5 විසිපහයි.. කියල එහෙම දැනගත්තේ?? අන්න එහෙම දැනගන්න දේවල් සේරම හඳුන්වන්නෙ 'විඥාණ' කියලයි!!! !!! !!! හරිය??

* එතකොට, ඔය 'රූප' 'වේදනා' 'සංඥා' 'සංස්ඛාර' 'විඥාණ' කියන ජාති ඔක්කොම, මට අයිති / මගේ දේවල්.. මගේ නොවෙන / බාහිර දේවල්... hard / ලොකු නැත්නම් 'තද බල' දේවල්.. soft / සියුම් නැත්නම් 'හීනියට' තියන දේවල්... ශෝක් දේවල්.. අජූත දේවල්... ලඟින් නැත්නම් කිට්ටුවෙන් තියන දේවල්.. දුරින් නැත්නම් ඈතින් තියන දේවල්... කිය කියා, එක එක ස්වභාවයන් වලින් තියනවා නෙව??
* ඊළඟට, ඒ 'රූප' 'වේදනා' 'සංඥා' 'සංස්ඛාර' 'විඥාණ' කියන ජාති ඔක්කොම, අතීතයේ තිබිච්ච / අතීතයෙදි වෙච්ච.. දැන් තියන / දැන් වෙන.. අනාගතයෙදි තියෙන්න පුළුවන් / අනාගතයෙදි වෙන්න පුළුවන්.. කිය කියා, එක එක කාලයන්ට වෙන්කරලත් ගන්න පුළුවන් නෙව??
ඉතිං, අන්න ඒ ඕනෙම ස්වභාවයකින් තියන.. ඕනෙම කාලයකට අයිති.. ඕනේ පුකක්... ඊඊක් මං කිව්වෙ, ඕනෙම 'රූපයක්'... ඕනෙම 'වේදනාවක්'... ඕනෙම 'සංඥාවක්'... ඕනෙම 'සංස්ඛාරයක්'... හෝ ඕනෙම 'විඥාණයක්'... ගත්තාම, 'කුට්ටිය පිටින්' ඒ ඔක්කොටම (for that 'whole thing') භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, 'පංච උපාදාන ස්කන්ධය'.. නැත්නම් 'පංචඋපාදානස්කන්ධය' (පංචුපාදානස්කන්ධය).. කියලා!!! !!! !!! හරිය??

ඉතිං එතකොට, සරළවම කිව්වොත් මේ 'පංච උපාදානස්කන්ධය' කියන මහා භයානක.. අන්තිම දරුණු.. බරපතල.. වචනයකින් හඳුන්වලා තියෙන්නේ, සත්වයෙක් 'අතීතයෙදි අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - හිතපු - කියපු - කරපු - දැනගත්තු' දේවලුයි... 'වර්තමානයේ අහන - දකින - විඳින - හඳුනගන්න - හිතන - කියන - කරන - දැනගන්න' දේවලුයි... 'අනාගතයෙදි අහන්න - දකින්න - විඳින්න - හඳුනගන්න - හිතන්න - කියන්න - කරන්න - දැනගන්න ඉඩ තියන' දේවලුයි... ඔක්කොම ටික තමයි!!! !!! !!! වෙන මොකක් වත් නෙවෙයි!!! !!! !!! පැහැදිළියි නේ??



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.