Sunday, March 8, 2015

කලින් ලිපිය


හොඳයි! දැන් එතකොට, බුදුහාමුදුරුවො කිව්වා "සත්වයෝ සංකතයි!! උන් හැදිල (ඉපදිලා) කාලයක් තිස්සෙ වෙනස්වීම් වලට භාජනය වෙවී ජීවත්වෙලා අන්තිමේ නැසී වැනසී යනවා!! එහෙම්පිටින්ම විනාශවෙලා යනවා!! මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!!" කියල!!! !!! !!! ඔය උදවියත් පැහැදිළිවම දැක්කා / දැනගත්තා, හතරමහා ධාතුවලින් හැදිල පංච උපාදානස්කන්ධයක් බැහැගෙන ඉපදෙන සත්වයෝ, කාලයක් තිස්සෙ වෙනස්වීම් වලට ලක්වෙවී ජීවත්වෙලා අන්තිමේ පංච උපාදානස්කන්ධයත් බිඳිල.. ඇඟත් ආපහු හතරමහා ධාතු වලටම බිඳිල.. එහෙම්පිටින්ම විනාශවෙලා යනවා!!! මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!!! කියල!!! !!! !!! ඒ වගේම, බුදුහාමුදුරුවො කිව්වා "මේ සංසාර පැවැත්මෙදි එක ඇඟකින් තව ඇඟකට මොකෙක්වත් / මොකක්වත් යන්නෙත් නෑ!! එහෙම යන්න මේ ඇඟවල් වල මොකෙක්වත් / මොකක්වත් ඇත්තෙත් නෑ!!" කියල!!! !!! !!! ඔය උදවියත් පැහැදිළිවම දැක්කා / දැනගත්තා, සත්වයෙක් මැරෙණකොට ඒකගෙ ඇඟෙන් මොකෙක්වත් / මොකක්වත් එලියට යන්නෙත් නෑ!!! යන්න දෙයක් ඇත්තෙත් නෑ!!! කියල!!! !!! !!! හරි නේ??


ඒ වුණාට වැඩේ කියන්නෙ, බුදුහාමුදුරුවොම කිව්වනේ "සත්වයෙක් උපදින්නෙත් 'පංච උපාදානස්කන්ධයක්' බැහැගෙනයි!!" කියල??? ඒ කොහොමද ඒ??? ??? මැරෙණ කිසිම සත්වයෙක්ගෙ ඇඟකින් අලුතෙන් හැදෙන ඇඟකට ගිහින් බහින්න කියල කිසිම දෙයක් එලියට යන්නෙ නැතිකොට, පංච උපාදානස්කන්ධයක් කොහෙන් බහින්නද??? ??? ??? මැරෙණ සත්වයෙක්ගෙන් පංච උපාදානස්කන්ධයක් එලියට යන්නෙ නැතුව අලුතෙන් ඉපදෙන එකෙකුට බහින්නෙ කොහොමද??? ??? ???

ඇයි බොල තේරෙන්නෙ නැද්ද?? තියන තැනකින් එන්නෙත් නැත්නම්.. ඒත් ලැබෙන එකත් සිද්ධවෙනවා නම්.. කොපියක් නේ ඒ හම්බවෙන්නෙ!!! !!! !!! නැත්නම්, පංච උපාදානස්කන්ධය copy වෙන... පිටපත් වෙන... එකනේ මෙතනදි මේ සිද්ධවෙන්නෙ!!! !!! !!!


මේ බලහල්ල. චුට්ටක් හිතහංකො, ලෝකෙ කොහේවත් හොයාගන්න නැති දුර්ලභ පොත් මහ හුඟාක් තියන පුස්තකාලයක් තියනව කියල. උඹට එතනට ගිහිල්ල ඕනෙ තරම් පොත් බලන්න පුළුවන්!!! හැබැයි එකක්වත් ගෙනියන්න බෑ!!! !!! !!! එතකොට, උඹ ඒ පොත් බලල බලල එකතුකරගන්න වැදගත් කරුණු කාරණා උඹටම කියල තියාගන්න හදාගන්න නම්, මොකද්ද උඹට කරන්න පුළුවන්?? Photocopy කරගන්න එක විතරයි නේද?? එහෙම කරගත්තාම උඹට ඒ අවශ්‍ය කරුණු කාරණා සේරම හම්බවෙනවා!!! ඒත් මොකද්ද උඹට ඇත්තටම හම්බවෙන්නෙ / ලැබෙන්නෙ?? 'කොපියක්' විතරයි නේද??? හැබැයි Originals, ඒවා තිබිච්ච තැන්වල මයි!!! !!! !!! නේ??

තව උදාහරණයක් බලමු. දැන් උඹගෙ ඉස්කෝලෙ / පන්තියෙ / campus එකේ මොකේ හරි යාලුවෙක්, දවස ගානෙ කරන කරන පාඩම් වැඩ සේරම, පිළිවෙලට.. ලස්සනට.. notes හදාගන්නවා කියල හිතමු. ඒත් උඹ එහෙම notes හදාගන්නෙ නෑ!!! විභාගෙ ලංවෙලා කරපු පාඩම් ආයෙ බලාගන්න විදියක් නැතිවෙනකොට, උඹට යාලුවගෙ notes මතක්වෙනවා!!! ඒත් කොච්චර ඕනෙ උනයි කියලත් උඹට ගිහිං ඒ ටික ඉල්ලං එන්න බෑ!!! !!! !!! යාලුවටත් විභාගෙට පාඩම් කරන්න තියනවා!!! එතනදිත් උඹට ඒ notes උවමණා නම් කරන්න පුළුවන් එකම දේ, යාලුවගෙ notes ටික ඉල්ලං photocopy කරගන්න එක විතරයි!!! !!! !!! නේද??? අන්න ඒකම තමයි මෙතනදිත් වෙන seen එක!!! !!! !!! මේ එක සත්වයෙක්ගෙන් 'පංච උපාදානස්කන්ධයක්' කියල මොකක්හරි දෙයක්.. 'කෑල්ලක්' කියමු.. කුට්ටිය පිටින් තව සත්වයෙකුට යන්නෙ / ගමන් කරන්නෙ නෑ!!! !!! !!! ඒ පංච උපාදානස්කන්ධය හැටියට සළකන දේවල් ටික විතරක් අනික් සත්වයාට copy වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පිටපත් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි කොපිය ගහගත්තු පංච උපාදානස්කන්ධය / original එක, කළින් සත්වයා ළඟමයි!!! !!! !!! ඒක ඌත් එක්කම විනාශවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

තව modern උදාහරණයකුත් බලමු. දැන් ඔය කාගෙ හරි කොම්පීටරේක තියන සින්දුවක් / පිංතූරයක් / film එකක් / game එකක් මොකක් හරි 'මටත් දෙන්නකො' කියල ඉල්ලුවාම, තමුන්ට ඒ කොම්පීටරේ පිටින්ම හම්බවෙන්නෙ නැහැ නෙව?? හම්බවෙන්නෙ ඒ computer එකෙන් copy කරගන්න data ටිකක් විතරයි නෙව?? ඒ data ටික ගෙනත් තමුන්ගෙ computer එකට දාගත්තම, තමුන්ගෙ computer එකෙත් අර සින්දුවම.. අර පිංතූරෙම.. අර film එකම.. එහෙමත් නැත්නම්, අර game එකම.. ඒ විදියටම දුවනවා!!! !!! !!! වැඩකරනවා!!! !!! !!! ඒත් ඒ data ටික copy කරගත්ත computer එක එකක්!!! තමන්ගෙ computer එක වෙනින් එකක්!!! තමන් තව කෙනෙකුට copy කරල දුන්නොත්, එතකොට ඒ තව වෙනින් computer එකක්!!! නේ??? මෙතන මේ සංසාර කතාවෙදි, data ටික = පංච උපාදානස්කන්ධය!!! !!! !!! නැත්නම්, අර.. බුදුහාමුදුරුවෝ "සත්වයෙක් 'අතීතයෙදි අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - හිතපු - කියපු - කරපු - දැනගත්තු' දේවලුයි... 'වර්තමානයේ අහන - දකින - විඳින - හඳුනගන්න - හිතන - කියන - කරන - දැනගන්න' දේවලුයි... 'අනාගතයෙදි අහන්න - දකින්න - විඳින්න - හඳුනගන්න - හිතන්න - කියන්න - කරන්න - දැනගන්න ඉඩ තියන' දේවලුයි... ඔක්කොම" කියලා, හඳුන්වල දීපු 'මොකද්ද එක'!!! !!! !!! ඒක තමයි දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියෙන්නේ!!! ඒ වගේම, තව ඉස්සරහටත් පවතින්න ලැබුණොත් පවතින්නේ!!! !!! !!! එතකොට, අර.. සින්දු - පිංතූර - films copy කරනවා / කරගන්නවා වගේම, 'එක ඇඟකින් තව ඇඟකට copy වීමෙන්' තමයි ඒ පංච උපාදානස්කන්ධයෙත් දිගින් දිගට පැවැත්ම සිද්ධවෙලා තියෙන්නෙ / සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි, තමුන්ට 'කොපිය' හම්බවුනේ වෙන සත්වයෙක්ගෙන්!!! තමුන් තවත් සත්වයෙක්!!! ඉදිරියෙදි තමුන්ගෙන් copy වෙලා තව එකෙක් හැදුණොත්, ඒ තව වෙනින් සත්වයෙක්!!! එකෙක්ම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය???


ඊළඟට, මේ සිදුවීමේ තියන වැදගත්ම point එක.. වැදගත්ම කාරණාව.. පංච උපාදානස්කන්ධයක් බැහැගෙන සත්වයා හැදෙනවා / ඉපදෙනවා කිව්වම, සත්වයා හැදිල / ඉපදිලා බලනකොට ඒ ලැබිච්ච ඔක්කොම අතීතයට අයිති දේවල් බවට පත්වෙලා... අතීතයට ගිහිං... 'past tense' වෙලා... ඉවරයි!!! !!! !!! නේ??? එතකොට, එහෙම අතීතයට ගියපු.. අතීතයට අයිති වෙච්ච.. past tense එකෙන් තියන.. පංච උපාදානස්කන්ධයක් කිව්වාම එතන තියෙන්නේ, සත්වයෙක් 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහල කර කර, කරපු - කියපු - හිතපු හා දැනගත්තු දේවල් ටිකක්'... නැත්නම්, 'අතීත මතකයක්'... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නේ???


ඉතිං ඒ කියන්නෙ, මොකද්ද මේ 'සංසාර පැවැත්ම' කියලා සිද්ධවෙලා තියෙන්නෙ??? ??? ??? මෙතන මේ 'සංසාර පැවැත්ම' කියලා සිද්ධවෙලා තියෙන්නේ, මීට කලින් ජීවත්වෙච්ච සංකත සත්වයෝ පෝලිමක්... නැත්නම්, තාවකාලික සත්වයෝ වැලක්... හරහා, පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරිතරම් දිග අතීත මතකයක්, copy වෙවී.. copy වෙවී.. copy වෙවී.. copy වෙවී.. (පිටපත් වෙවී) පැවතගෙන ඇවිල්ල තියන කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියටම කියනවා නම්, මේ 'සංසාර කතන්දරේ' අර.. කස්ටියක් සෙට්වෙලා පොල්ලක් අතින් අතට pass කර කර දුවන relay එකක් වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරෙ ඇවිල්ල තියෙන්නේ, 'පොල්ල' නැත්නම් 'පංච උපාදානස්කන්ධය' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ පොල්ලත් එනගමන් ටිකෙන් ටික ලොකුවෙවී ඇවිල්ල නැත්නම් ඒ පංච උපාදානස්කන්ධයත් තව තව දේවල් අලුතෙන් එකතුවෙවී update වෙවී ඇවිල්ල මිසක්, සත්වයෝ... උඹල අපි කවුරුවත්... සංසාරෙ ඇවිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


හොඳට මතක තියාගන්න!!! !!! !!! 'සංසාර පැවැත්ම' කියන එකේදි වෙන්නේ, එක සත්වයෙක් මැරිල විනාශවෙන්න කලින් ඒකගෙ තියන පංච උපාදානස්කන්ධය.. නැත්නම්, ඒ වෙනකොට ඒ සත්වයාගේ මතකයේ තියන කුණුකන්දල් සේරම.. copy වෙලා / පිටපත්වෙලා, තවත් ඇඟක් අලුතෙන්ම හැදෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් කොපිය හම්බවෙන 'පංච එක' ඒක තිබිච්ච ඇඟේමයි!!! !!! !!! ඒක ඒ ඇඟත් එක්කම විනාශවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි!!! !!! !!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.