Tuesday, March 3, 2015

කලින් ලිපිය


ආ.. හරි! දැන් එහෙමනම් කට්ටිය චුට්ටක් විදර්ශණා භාවනාව වඩන්න ලෑස්තිවෙන්න!!!

... ... ඌහ්හ්.. අයියෝ!! අම්මෝ!! ද?? නෑ.. නෑ.. බයවෙන්න කළබලවෙන්න දෙයක් නෑ!!! ඒක මහා _න්නබර හැදෙන වැඩක් නෙවෙයි!!! 'විදර්ශණා භාවනාවේ යෙදෙනවා' කියන්නේ, නුවණින් (මොළෙන් කියමු) කල්පණා කර කර, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියන දේ ඒ විදියටම... හරියටම... තේරුම්ගන්න, උත්සාහ කරන එකටයි!!! !!! !!! එහෙමනම් බලමු.


බුදුහාමුදුරුවෝ කිව්වා, 'මේ ඉපදෙන (හැදෙන) සත්වයෝ හැමෝම සංකතයි!!' නැත්නම්, 'සත්වයින් තාවකාලිකයි!! උන් ඉපදිලා.. කාලයක් වෙනස්වීම්වලට ලක්වෙවී ජීවත් වෙලා.. අන්තිමේ නැසී වැනසී යනවා!!' කියල!!! !!! !!!
ඉතිං ඇත්ත නේ?? ඉපදෙනකොට 'බන්ධානං පාතුභාවෝ' වෙලා (පංච උපාදානස්කන්ධයක් බැහැගෙන)... 'ආයතනානං පටිලාභෝ' වෙලා (ආයතන 6ක් ලැබිලා)... උන් ඉපදෙනවා!!! ඊළඟට ටිකෙන් ටික ලොකුමහත් වෙනවා.. මෝරනවා.. නාකිවෙනවා.. ඒ කියන්නෙ වෙනස්වීම් වලට භාජනය වෙවී උන්ගෙ ජීවිත කාලය ගතවෙනවා!!! අන්තිමේ 'ඛන්ධානං භේදෝ' වෙලා (ලැබිච්ච.. ඒ වෙනකම් update වෙවී තිබිච්ච.. පංච උපාදානස්කන්ධය බිඳිල විනාශවෙලා)... 'ඛලේබරස්ස නික්ඛේපෝ' වෙලා (මළසිරුර වළලල දාන්න හරි පුච්චල දාන්න හරි වෙලා)... උන්ව මැරෙනවා!!! ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ වෙනවා!!! එච්චරයි!!! !!! !!! එතනින් ඉවරයි!!! !!! !!! අනික, සත්වයෙක්ගෙ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟක් හතරමහා ධාතු වලටම බිඳිලා (බෙදිලා වෙන්වෙලා) පරිසරයට එකතුවුනායින් පස්සෙ, 'උගේ' කියල කියන්න මොකුත්ම ඉතුරුවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයිම පාරකට පරිසරයෙන් හතරමහා ධාතු එක්කහුවෙලා තව ඇඟක් හැදුණොත්, ඒ අලුත්ම අලුත් වෙනමම ඇඟක් තමයි!!! !!! !!! එතකොට ඒ වෙනින් සත්වයෙක් තමයි!!! !!! !!! එකම සත්වයෙක් ('උඹ'ම) මැරි මැරී... ඉපදි ඉපදී... ඇවිල්ල වත්.. යනව වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං.. ... අඩේ, හැබෑවටම සත්වයො සංකතයි නෙව!!! හා.. නැද්ද??? එතකොට උඹ??? ??? ???

ඊළඟට බුදුහාමුදුරුවෝ, "මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි එක ඇඟකින් තවත් ඇඟකට.. නැත්නම්, එක භවයකින් තවත් භවයකට.. මොකවත්ම යන්නේ නෑ!! ලොකුවට පේන්න තිබුණට, එහෙම ඇඟකින් ඇඟකට / භවයකින් භවයකට යන්න මේ ඇඟවල් වල මොකක්වත් ඇත්තෙත් නෑ!!" කියලත් කිව්වා!!! !!! !!!
අඩේ.. ඒකත් ඇත්ත නේ?? හතරමහා ධාතු එකතුවෙලා හැදෙන ඇඟකට පංච උපාදානස්කන්ධයක් බැහැගෙන ඉපදිච්ච ඕනෙම සත්වයෙකුට තියෙන්නෙ, හතරමහා ධාතුයි.. පංච උපාදානස්කන්ධෙයි.. විතරයි නෙව??? වෙන මොකෙක්වත්.. මොකක්වත්.. නැහැ නෙව??? අනික, අපි ඔය 'පංච උපාදානස්කන්ධය' කියන්නෙ මොකද්ද කියල නොදැන හිටිය කාලෙ.. 'ඒක මහා සාර භාර දෙයක් වෙන්න ඇති!!' 'ඒක හරි ලොකු දෙයක් වෙන්න ඇති!!' කියල හිතාගෙන හිටිය කාලෙ.. "ආවා!!"... "ගියා!!"... "යනවා!!"... කිය කියා 'ගොං කතා' අහන්න / කියවන්න ලැබුණාම එහෙම්පිටින් මඤ්ඤං උනාට, දැන් අපි දන්නවා නේ ඒ 'පංචුපාදානස්කන්ධය' කියන මහා බරපතල වචනයෙන් අඳුන්වලා තියෙන්නෙ, සත්වයෙක් (අපි ඕනෙම කෙනෙක්) අතීතයෙදි අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - හිතපු - කියපු - කරපු - දැනගත්තු දේවලුයි... දැන් නැත්නම් වර්තමානයේ අහන - දකින - විඳින - හඳුනගන්න - හිතන - කියන - කරන - දැනගන්න දේවලුයි... අනාගතයෙදි අහන්න - දකින්න - විඳින්න - හඳුනගන්න - හිතන්න - කියන්න - කරන්න - දැනගන්න ඉඩ තියන දේවලුයි... තමයි!!! කියන බව!!! !!! !!! ඒකෙනුත් අනාගතයෙදි වෙන්න තියන දේවල් මොකුත් තාම වෙලා නැති නිසා ඒ දේවල් ගැන බලල වැඩක් නෑ!!! !!! !!! මේ දැන්.. වර්තමාණයේ.. සිද්ධවෙන දේත් අපිට වැදගත් වෙන්නෙ අපේ මේ ඇඟවල් සජීවීව තිබුණොත් (ක්‍රියාකාරීව තිබුණොත් / අපි පණපිටින් හිටියොත්) විතරයි!!! !!! !!! අනික් ඔය අතීතයෙදි වෙච්ච.. තත්පර දසමයකින් හරි අතීතයට ගියපු.. හැම දෙයක්ම දැන් තියෙන්නෙ මේ ඇඟ ක්‍රියාකාරීව / සජීවීව තියනකම් විතරක් රැඳිල තියන 'තාවකාලික මතකයක්' හැටියට තමයි!!! !!! !!! (Computer වල RAMs වගේ. ) ඒ මතකයත් මේ ඇඟ සජීවීව තියනකම් තිබිල ඇඟත් එක්කම විනාශවෙනව මිසක් මේ ඇඟෙන් තව ඇඟකට යන්නෙ / මාරුවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {'මතකය' කියන්නෙ පොතක සටහන් කරගත්තු දේවල් ටිකක්.. පොතක ඇඳගත්තු පින්තූර ටිකක්.. කියල හිතන්නකො. එව්ව පොත තියනකම් තිබිල පොතත් එක්කම විනාශ වෙනවා මිසක්, පොතකින් පොතකට යන්නෙ.. පොතකින් පොතකට මාරුවෙන්නෙ.. නැහැ නෙව??? } ... අඩ්ඩේ.. ඒ කියන්නෙ මේ ඇඟකින් තව ඇඟකට / භවයකින් භවයකට යන්න මොකක්වත් නැහැ නෙව!!! නේද??? ??? ??? අන්න ඒකම තමයි බුදුහාමුදුරුවොත් කිව්වෙ, "මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි එක ඇඟකින් තවත් ඇඟකට.. නැත්නම්, එක භවයකින් තවත් භවයකට.. මොකුත් යන්නේ නෑ!!" කියල!!! !!! !!! හරිය??

ඒ.. ඒ.. ඒ වුණාට මහා සංඝලා කියනවා නේ, "ගන්ධබ්භයා කියල එකෙක් ඉන්නවා!! ('Astral Body' පුඃ!! ) ඌ ඇඟකින් ඇඟකට යනවා!!" එහෙම කිය කිය??? ??? ??? මං මේ ළඟදිත් දැක්ක නේ මහා සංඝ කෙනෙක් 'ගන්ධබ්භයාගේ අහවල් එකේ දිග' ගැන කරපු දේශණාවක් FB එකේ group එකක publish කරල තිබුණ!!! ඔය දාල තිබුණේ, 'ගන්ධබ්භයාගේ මුල් දින 7' ද මොකද්ද කියලා!!! ගණන්ගන්න එපා මෙයාල!!! ඒ බොරු!!! !!! !!! ඒ ඔය මහා සංඝලා උන්ගෙ ගොං කමට කියන / කියල තියන ගොං කතා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකනේ මං ඕකුන්ට 'ගොං සංඝයෝ' කියල ප්‍රසිද්ධියෙම කියන්නෙ. හොඳට මතක තියාගන්න. ගන්ධබ්භයෝ කියල ජාතියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඔය ගන්ධබ්භයගෙ රෙද්ද ගලවලා පෙන්නනවා කියල බොහෝම කාලෙකට කලින්ම කිව්ව. {ඒත් මට තාම රෙද්දක් ඇඳගත්ත ගන්ධබ්භයෙක් අහුවුණේ නෑ. } පොඩ්ඩක් ඉන්න. ඉස්සරහට ඒ ඔක්කොම දැනගන්න ලැබෙයි.


හරි! දැන් අන්තිමට අර බුදුහාමුදුරුවෝ කියාපු upset කතාව!!! අර.. "විඥාණය එක ඇඟක් අතහරින්නේ තව ඇඟක් අල්ලාගෙනයි!!" කියපු එක!!! !!! !!!
ම්ම්.. දැන් ඔය කතාව මං කියන්නත් කලින් ඉඳලම අහල / කියවල තියන ඔය උදවිය හිතාගෙන ඉන්නෙ, "මූ මේ 'යන්නෙ නෑ!! යන්නෙ නෑ!! ' ගගා කොච්චර බෙරිහන් දුන්නත් වැඩක් නැහැ නේ!!! විඥාණය එක ඇඟක් අල්ලගන අනික් ඇඟ අතහරිනව කියල බුදුහාමුදුරුවොම කියල තියනව නේ!!! මූ මේ කොහෙද යන පිස්සෙක් නේ!!! " කියල නෙව?? නේද?? මම නම් ඔය කතාවට upset කතාවක්ය කියල කිව්වෙ, බුදුහාමුදුරුවෝ ඔතනදි ඔය කියල තියෙන්නෙ බොලා හිතාගෙන ඉන්න 'යන කතාව' නෙවෙයි නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හූ.. හූ.. ඔය කතාවෙන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අදහස් කරල තියන දේ හරියටම කියනවා නම්, ඒ මෙන්න මේකයි!!!
ඔය උදවිය හැමෝම දන්නවා නේද, කෝච්චි?? අර පෙට්ටි ගොඩාක් තියන.. රෝද ගොඩාක් තියන.. එව්වා!!! අන්න ඒ කෝච්චිවල, පෙට්ටියකින් පෙට්ටියකට මාරුවෙන්න.. නැත්නම් පෙට්ටියක ඉඳල තව පෙට්ටියකට යන්න.. ඒ පෙට්ටිවල මැද්දෙන් පාරක් වගේ හදල තියනව!!! {දන්නෙ නැති / දැකල නැති කට්ටිය කෝච්චියකට පැනල බලාගන්න. } හැබැයි සමහරක් කෝච්චිවල එහෙම පෙට්ටියෙන් පෙට්ටියට මාරුවෙන්න පාරක් නෑ. තනි තනි පෙට්ටි තමයි තියෙන්නෙ. නැග්ගොත් නැග්ග එකේම තමයි!!! ඒත් ඒ කෝච්චි වලදිත් සමහරු පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙනවා!!! !!! !!! කොහොමද දන්නවද මාරුවෙන්නෙ?? යන කෝච්චියේ පෙට්ටියක කෙළවරේ තියන දොර ලඟට ඇවිල්ලා.. එක කකුලක් ඒ පෙට්ටියේ තියාගෙන, එක අතකින් ඒ දොර ළඟ අල්ලගන්න තියන පොල්ලෙ එල්ලිලා.. දිග ඇදිලා.. අනික් කකුල අනික් පෙට්ටියේ තියලා, අනික් අතින් ඒ දොර ළඟ අල්ලගන්න තියන පොල්ලෙ එල්ලිලා.. ඊළඟට shape එකේ ඒ පෙට්ටියට මාරුවෙනවා!!! හරිය?? දැන් වැඩේ තියෙන්නෙ, කොහොමද මොකක්හරි වාසනාවකට බැරිවෙලා වත් අත් දෙකම අතහැරුනොත්??? නැත්නම්, පෙට්ටි දෙකම අතහැරුනොත්??? ??? වෙන මොකුත් වෙන්නෙ නෑ. 'පොර' ඤොකොස් වෙනවා!!! !!! !!! ඉවරයි!!! !!! !!! විඥාණයත් අන්න එහෙමයි!!! !!! !!! ඒකටත් මේ එක ඇඟක් බිඳිල විනශවෙන්න කලින් 'අල්ලගන්න' (function වෙන්න / වැඩකරන්න ගන්න) තව ඇඟක් ඕනෙ වෙනවා!!! !!! !!! බැරිවෙලා වත් එහෙම 'අල්ලගන්න' ඇඟක් සෙට්වුනේ නැත්නම්, විඥාණයත් ඤොකොස් වෙනවා!!! !!! !!! විනාශ වෙනවා!!! !!! !!! මොකද, 'විඥාණය' කියන එකට ඇඟක් නැතුව ඉන්න / පවතින්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට තේරුණයි??? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් "විඥාණය එක ඇඟක් අතහරින්නේ තව ඇඟක් අල්ලාගෙනයි!!" කියල අදහස් කලේ, 'විඥාණයක් තියෙන්න නම්.. පවතින්න නම්.. ඇඟක් තිබිය යුතුමයි!! ඇඟක් නැතිවෙච්ච ගමන් විඥාණයත් විනාශවෙලා යනවා!!' කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැක්කයි?? ඒ කතාව upset නෑ!!! Upset, උඹල ඒක තේරුම්ගත්ත විදිය තමයි!!! !!! !!!

ඒ වගේම, ඔය කතාවෙදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'විඥාණය' කියල අදහස් කරලා තියෙන්නෙත් අර කලින් තෝරලා දුන්නු 'පංච උපාදානස්කන්ධය' ගැනම තමයි!!! !!! !!! මොකද දන්නවද?? මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි උන්වහන්සේ ඔය 'පංච උපාදානස්කන්ධය'.. 'සිත'.. 'විඥාණය'.. 'භවය'.. 'කර්ම ශක්තිය'.. කියන නම් ඔක්කොම පාවිච්චි කර කර විස්තර කරල තියෙන්නේ, මේ සත්ව ඇඟවල් ඇතුලේ සිද්ධවෙන පොඩි 'කතන්දරයක්' ගැනයි!!! !!! !!! ඒ තමයි 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියන කතන්දරය!!! !!! !!! ඒක ඇවිල්ලා මේ සත්ව ශරීර ඇතුලේ හතරමහා ධාතු වලින් හැදිච්ච සංවෘත පරිපථයක (closed circuit එකක) ගමන් කරන විද්‍යුත් ශක්තියකුයි (electricity).. ඒ විද්‍යුත් ශක්තියට අනුරූපව ගොඩනැගිච්ච අවකාශය පුරා පැතිරෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයකුයි (electromagnetic field).. අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වෙවී තියන කතන්දරයක්!!! !!! !!! බුදුරජාණන්වහන්සේ 'නළ කලාපී සුත්‍ර දේශණාවෙදි' පැහැදිළි කලේ ඒ ගැන තමයි!!! !!! !!! {මේ වෙනකොටත් මං කරන threads වල ඕව ඔක්කොම ලියල publish කරල ඉවරයි. මෙන්න මේ blog එකේ මුල ඉඳල තියන links වලින් බලන්න. } එතනදි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සිත' කියල හැඳින්වුයේ ඒ විද්‍යුත් ශක්තියත්.. 'විඥාණය' කියල හැඳින්වුයේ ඒ විද්‍යුත්චුම්බක ශක්තියත්.. දෙක තමයි!!! !!! !!! එතකොට ඒ ස්වරූප දෙකෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතින්නේ, අර 'පංච උපාදානස්කන්ධය' හැටියට හඳුන්වලා දීපු, සත්වයෙක් 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - හිතපු - කියපු - කරපු - දැනගත්තු' කෙහෙල්මල් ටික තමයි!!! !!! !!! අන්තිමට උන්වහන්සේ 'භවය' නැත්නම් 'කර්ම ශක්තිය' කියල හඳුන්වල දුන්නේ, ඒ මුළු ක්‍රියාකාරීත්වයෙන් ගොඩනැගෙන ශක්ති ප්‍රමාණය තමයි!!! !!! !!! හරිය?? නිකම් හිතන්නකො 'රවුං ටින් එකක්' වගේ දෙයක් ගැන. {හිස් එකක් නෙවෙයි. } ඒකෙ වටේ ටික 'පංච උපාදානස්කන්ධය'.. උඩ පැත්ත 'හිත'.. යට පැත්ත 'විඥාණය'.. ටින් එකේ size එක 'කර්ම ශක්තිය'.. ටින් එකේ බර 'භවය'.. කියල නම් කලොත් කොහොමද?? 'නම්' වලින් බැලුවොත් 5ක් තියනවා!!! ඒත් තියෙන්නෙ එකම එක දෙයක්.. ටින් එකක්.. විතරයි!!! නේද?? මේ සත්වයන්ගේ කතන්දරේදිත් එහෙමම තමයි!!! !!! !!! 'හිත' 'විඥාණය' 'කර්ම' කිය කියා නම් ගොඩාක් තියනවා!!! ඒත් හතරමහා ධාතුන්ගෙන් හැදිල පංච උපාදානස්කන්ධයක් බැහැගෙන ඉපදිච්ච මේ ඕනෙම සත්වයෙකුට තියෙන්නේ, හතරමහා ධාතුයි.. පංච උපාදානස්කන්ධෙයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඔතනදි 'විඥාණය' කියල කිව්වට, ඒත් 'පන්චුපාදානස්කන්ධයම' තමයි!!! !!! !!! හරිය??

එතකොට, මොකද්ද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ 'විඥාණය එක ඇඟක් අතහරින්නේ තව ඇඟක් අල්ලාගෙනයි' කියන එකෙන් අදහස් කරලා තියන හරි කතාව?? ... ...
මෙහෙමයි, පංච උපාදානස්කන්ධය කියන්නෙත් ස්ථිර / සදාකාලික දෙයක් නෙවෙයි!!! ඒකට දිගින් දිගට පවතින්න නම් එක ඇඟක් නැතිවෙනකොට තව ඇඟක් ඕනෙ වෙනවා!!! බැරිවෙලා වත් එක ඇඟක් විනාශ වෙනකොට අල්ලගන්න තව ඇඟක් හැදුණේ නැත්නම්, පංච උපාදානස්කන්ධයත් විනාශවෙලා යනවා!!! !!! !!! එතකොට මොකුත්ම ඉතුරුවෙන්නෙත් නෑ!!! !!! !!! ආයි හැදෙන්න ක්‍රමයකුත් නෑ!!! !!! !!! සංසාර කතාව එහෙම්මම අහවර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.