Friday, March 13, 2015

කලින් ලිපිය


ඉතිං.. තේරුණාද වැඩේ?? මේ ඉපදිච්ච සත්වයන්ට (ඔයාල අපි හැමෝටම) 'ජාති - ජරා - ව්‍යාධි - මරණ - පියේහි විප්පයෝගෝ දුක්ඛෝ - අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ - යංකිච්චන් න ලබති තම්පි දුක්ඛං - සංඛිත්තේන ඔක්කෝම දුක්ඛං' කිය කියා තියන මහා දුක් කන්දරාවක් උරුම කරපු / කරන... ඉපදිච්ච තැන ඉඳලාම අපිට කිසි තේරුමක් නැති මහා අබල් බබල් case ගොඩකට මැදිවෙන්න සිදුකරපු / සිදුකරන... මේ භයානක සංසාර කතන්දරේදී, බලාගෙන යනකොට 'සංසාර පැවැත්ම'ය කියලා සිද්ධවෙලා තියෙන්නෙ / සිද්ධවෙන්නෙ, පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බැරි තරම් දිග 'දාර අතීත මතකයක්' මේ වෙනකම්ම පැවතගෙන ඇවිල්ල තියන එකයි... මෙතනින් එහාටත් පවතින්න ඉඩ ලැබුණොත්, ඒක දිගින් දිගටම යාවත්කාල වෙවී.. යාවත්කාල වෙවී.. (update වෙවී) තවත් ඉස්සරහට යන එකයි... විතරයි!!! !!! !!! ඒ ඇරෙන්න සත්වයො මොකෙක්වත් (උඹල අපි කවුරුවත්) සංසාරේ ඇවිල්ල වත්.. සංසාරෙ යන්නෙවත්.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


නිකම් හිතන්නකො, මේ සංසාර ගත සත්වයෝ කියන්නෙ එක එක ජාති වල.. එක එක වර්ග වල.. audio setups / audio equipments මොන මොනවා හරිය කියලා. ඔය තියෙන්නෙ, Sony / National / Sanyo / Hitachi කිය කියා නොයෙකුත් නොයෙකුත් වර්ග වලින්, record players.. cassette players.. walkmans.. audio HiFi systems.. CD / DVD players.. MP3 players.. home theater systems.. කිය කියා නහුතයකුත් එකක් දේවල්. දැන් ඉතිං ඔව්ව ගැන නොදන්න කෙනෙක් නැහැ නොවැ?? ඉතිං, කොහොමද අපේ 'ජෝතිපාල' අංකල්ගෙ ගල් යුගයේ සින්දුවක් ඔය වගේ නානාප්‍රකාර sets පෝලිමක play කරනකොට?? මුළින් vinyl තැටියකට record කරගන record player එකේ දානවා.. ඊළඟට vinyl තැටියෙන් cassette piece එකකට ගහගෙන, cassette player එකේ දානවා.. ඊළඟට ඒ cassette piece එකම walkman එකටත් දානවා.. ආයෙ HiFi system එකෙත් දානවා.. ඊළඟට cassette එකෙන් CD එකකට ගහගෙන, CD / DVD player එකේ දානවා.. ඊළඟට CD එකෙන් Flash Drive / Memory Card මොහොකට හරි copy කරගෙන , MP3 player එකේ දානවා... ආයෙ Flash Drive / Memory Card එකෙන් DVD එකකට copy කරගෙන home theater system එකේ දානවා.. හරිද?? තේරුණාද??? එතකොට, කවුරුහරි මෝඩයෙක් ඔය සින්දුව play වෙවී තියන setup එකකට , "ආ.. අන්න ජෝතිපාල මහත්තයා!!" කිව්වොත් හරිද??? ??? ??? නැත්නම්, "ජෝතිපාල මහත්තයා ඒකෙන් මේකට.. මේකෙන් අරකට.. අරකෙන් තව එහෙකට.. යනවා!!" කියල හිතුවොත් හරිද??? ??? ??? එහෙමත් නැත්නම්, "ඒ එකකින් එකකට යන්නෙ ජෝතිපාල මහත්තයා මයි!!" කිව්වොත් හරිද??? ??? ??? 'නෑ!!' නේද??


මෙන්න මේ ටිකත් දැනගන ඉන්නකො. ඔය vinyl records වල 'සින්දුවේ දත්ත (data) ටික' සටහන් වෙන්නෙ / වෙලා තියෙන්නෙ, ඒකෙ කාණුවක (groove) තියන රැලි / කඩතොළු රටාවක් විදියට. ඒ කාණුව දිගේ යන ඉඳිකටුවක් (needle) කම්පනය වෙන එකෙන් තමයි record players වලදි 'සින්දුව' හදාගන්නෙ!!! ඊළඟට cassettes වල ඒ දත්ත (data) තියෙන්නෙ ඒ cassette පටියේ සටහන් වෙච්ච / වෙන විද්‍යුත්චුම්බක රටාවක් විදියට. ඒ විද්‍යුත්චුම්බක රටාවට අනුව ප්‍රේරණය වන විද්‍යුත් තරංග උපකාරයෙන් තමයි cassette players වලදි 'සින්දුව' හදාගන්නෙ!!! ඊළඟට CD / DVD වල ඒ data තියෙන්නෙ, සරළවම කිව්වොත් CD එකේ හදපු 'හිල් රටාවක්' (pits & lands) හැටියට. ඒ රටාවට අනුව පරාවර්තනය වෙන laser කිරණක් එක්ක පොඩි සෙල්ලමක් දාල තමයි CD / DVD players වලදි 'සින්දුව' හදාගන්නෙ!!! එතකොට, බැලූ බැල්මටම ඔයාලට තේරෙණවා නේ, මේ එකම දෙයක්ම... එකක්ම... තැටි - cassette - CD එකකින් එකට යනවා / ගමන්කරනවා නෙවෙයි බව?? නේද??? අනික, ඒ එක එක මාධ්‍යවල එක එක විදි වලට ගබඩාවෙලා තියෙන්නෙත්, එකම විදිය සද්දයක්.. එකම 'සින්දුවක්'.. හදන්න හේතුවෙන, දත්ත (data) ටිකක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, ඒ data ටික අදාළ setup එකකට දාලා වැඩකෙරෙව්වොත් මිසක්, ඒවයින් 'සින්දුව' අහන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නේ??? ඇයි තව, 'සින්දුව' ඇහි ඇහී තිබ්බ set එක කැඩුණත්.. කැඩිච්ච set එකකට දැම්මත්.. තැටි - cassette - CD තිබුණට කාටවත් 'සින්දුව' අහන්නත් බෑ!!! !!! !!! මොකද, 'වැඩකෑල්ල' / 'සින්දුව හදන කතන්දරේ' එහෙම්පිටින්ම තියෙන්නෙ, setup එකේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ... ... ඒ වගේම තමයි, ඔය තැටි - cassette - CD / DVD මොනව හරි මාධ්‍යයක් නැතුව, සින්දුවේ දත්ත / data ටික විතරක් ගබඩා කරලා තියාගන්න... ගබඩා කරල අරං තියන්න... එහෙම මොකොවත් කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොහොම තියන්නද?? කොහේ තියන්නද?? නේද???


දැන් එහෙනම් ඔය උදවිය චුට්ටක් බලන්නකෝ, ඔය record players කියන්නෙ 'තිරිසන්' කියන සත්ව කොට්ඨාශයේ සත්වයන්... cassette players කියන්නෙ 'පෙරේත' කියන සත්ව කොට්ඨාශයේ සත්වයන්... walkmans - HiFi systems - CD / DVD players කියන්නෙ, වත් පොහොසත් කම් අතින් / හැඩ රුවින් / ආයුශයෙන් / ප්‍රඥාවෙන් එක එක මට්ටම් වල ඉන්න 'මනුස්ස' කියන සත්ව කොට්ඨාශයේ සත්වයන්... MP3 players කියන්නෙ 'දෙවි' කියන සත්ව කොට්ඨාශයේ සත්වයන්... home theater systems කියන්නෙ 'බ්‍රහ්ම' කියන සත්ව කොට්ඨාශයේ සත්වයන්... කියල අරගෙන, එතකොට කොහොමද වෙන්න ඕනේ කියලා???


එතනදි මේ සංසාරගත සත්ව කොට්ඨාශ අතරේ අර දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියන 'දාර සංසාර මතකය' ඇවිල්ල තියෙන්නෙත්... තව ඉස්සරහට යනවනම් යන්නෙත්... records / cassettes / CDs වලදි වගේම, එකකින් එකකට copy වෙවීම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයන්ගෙ කතන්දරේදි තියන එකම වෙනස, මේ ඇඟවල් අස්සෙ ඔය 'සංසාර මතකය' කියන දත්ත / data ටික ගබඩාවෙලා තියෙන්නෙ, records / cassettes / CD වෙණුවට 'සජීවී සෛල වලින් හැදිච්ච සංවෘත්ත පරිපථයක' ගමන්කරමින් තියන විද්‍යුත් ශක්තියකුයි.. ඒ විද්‍යුත් ශක්තියට අනුරූපව ගොඩනැගිච්ච විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයකුයි.. දෙකක්, එකිනෙකේ උපකාරයෙන් ක්‍රියාත්මක වෙමින් තියන 'සුවිශේෂී යාන්ත්‍රණයක' (special mechanism එකක) වෙච්ච එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ක්‍රියාකාරිත්වයෙදි ගුවන්විදුලි / රූපවාහිනී / ජංගම දුරකථන වල සිද්ධවෙන විදියටම 'අධි සංඛ්‍යාත විද්‍යුත්චුම්බක තරංග' (high frequency electromagnetic radiation) උපකාරයෙන් එක සත්වයෙක්ගෙ ළඟ තියන මතකය කුට්ටිය පිටින්ම අවකාශය පුරා පැතිරෙන හන්දා, ඇඟකින් ඇඟකට මතකය copy වෙන්න අමුතුවෙන් records / cassettes / CDs මොකක්වත් උවමණා වෙන්නෙ නැතුව මිසක්ක, මේ සත්ව ජීවිතවල කතාවෙ වෙන අමුතු.. අද්භූත.. ආශ්චර්ය.. අපබ්‍රංශ.. හිතාගන්නවත් බැරි case කිසිම දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, පටන්ගත්ත තැනක් හොයාගන්න වත් නැති අතීත මතකයක්.. දාර සංසාර මතකයක්.. copy වෙවී copy වෙවී ඇවිල්ලයි කියල, මේ එකම සත්වයෙක්... එකෙක්ම... සංසාරෙ සැරිසරාගෙන සරාගෙන සරාගෙන සරාගෙන ඇවිල්ලද??? ??? ??? නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටිය කාලෙ ඔය කැසට් බැසට්.. අර ප්ලේයර් මේ ප්ලේයර්.. මොකක්වත් තිබුණේ නෑ!!! විද්‍යුත් - විද්‍යුත්චුම්බක කතන්දර කියල දෙන්න කවුරුවත් ඒ දේවල් ගැන දැනගෙන හිටියෙත් නෑ!!! ඒත් බුදුරජාණන්වහන්සේ දැක්කා, "මේකනේ මෙතන සිද්ධවෙන seen එක!!" කියල!!! !!! !!! උන්වහන්සේ මුළු කතන්දරේම අල්ලගත්ත!!! !!! !!! ඒත් ඒක ඒ ලෙසටම තව කෙනෙකුට කියල / තෝරලා දෙන්න විදියක් තිබුණේ නෑ!!! !!! !!! ඒත්, පුළු පුළුවන් විදියට කොහොමහරි කතන්දරේ කියල දෙන්නත් ඕනෙ නිසා, නොයෙකුත් නොයෙකුත් 'නම්' පාවිච්චි කර කර.. කවුරුත් දන්න සරල උදාහරණත් යොදාගෙන.. බුදුරජාණන්වහන්සේ පුළුවන් උපරිමයෙන්ම කතන්දරේ පැහැදිළි කරලා දුන්න!!! !!! !!! එතනදි උන්වහන්සේට මේ දිගින් දිගට copy වෙවී යන සංසාර මතකය (data ටික) රැඳිල තියන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රය (electromagnetic field) හඳුන්වල දෙන්නත් 'මොකක් හරි නමක්' පාවිච්චි කරන්න උනා!!! ඉතින් උන්වහන්සේ, ඒ විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රය මේ සත්ව ජීවිත වලට බලපාන විදිය සළකලා, "දැනගන්නවා!! කියන අර්ථයෙන් මම මේක 'විඥාණය ' කියල නම් කරනවා!! " කියල, 'විඥාණය' කියන නමින් ඒක හඳුන්වලා දුන්න!!! !!! !!! හැබැයි උන්වහන්සේ පැහැදිළිවම දැනගෙන හිටියා, කස්ටිය කතන්දරේ හරියට අල්ලගන්නවා කෙසේ වෙතත්, අනිවාර්යයෙන් වැඩේ නම් එහෙම්පිටින් අනාගනී කියල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා උන්වහන්සේ, "මේ ධර්මය (පටිච්චසමුප්පාදය) මාර ගැඹුරුයි!! මේක තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට විතරයි!! ධර්මය අවබෝධ කරගන්නේ, මුළු මහපොළවේම පස් වලින් නියපොත්තකට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සීමිත පිරිසක් විතරයි!! " කියලත්, කල්තියාම කිව්ව!!! !!! !!!


කිව්ව වගේම මෙන්න බොලේ මේ ගොංග සංඝ හාල්පාරුවෝ, හරියට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නෙවෙයි ධර්මය අවබෝධ කරගත්තෙ, උනුයි ධර්මය අවබෝධ කරගත්තෙ වගේ, 'විඥාණෙ අරෙහෙ යනවා.. මෙහෙ යනවා..' 'ඒකට ඇඟක් ඕනෙත් නෑ!! උපදින්න ඕනෙ උනාම ඇඟකට බහිනවා!! නැත්නම් ඔහේ රස්තියාදු ගගහ ඉන්නවා!!' ගගා, ලෝකෙ නැති පයිත්තියං කියවන්න තියාගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවුණාට ඒ 'විඥාණය' කියන electromagnetic field එක මේ ඇඟවල් සජීවීව තියනකම්... හරියටම කිව්වොත්, මේ සත්ව ශරීර ඇතුලෙ වැඩ කර කර තියන 'යාන්ත්‍රණය' (mechanism) ආබාධයක් නැතුව වැඩකරනකම්... විතරක් ගොඩනැගිල තියන එකක් මිසක්, ඇඟක් නැතුව තියෙන්න පුළුවන් එකක් වත්.. ඇඟෙන් බැහැල ගිහිං එහෙ මෙහෙ හක්කලං කරන්න පුළුවන් එකක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඉතිං, හොඳට මතක තියාගනිල්ලා, අන්‍යාගමික / ආගමක් දහමක් නැති අහිංසක මිනිස්සු නන්නත්තාර වෙලා ඉන්නේ, උන්ට මේ අපේ ජීවිත වල 'ඇත්ත කතාව' දැනගන්නට නොලැබුණු හින්දයි!!! (ගොං) බෞද්ධ උඹල අද එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා ඉන්නේ, සාසනේට රිංගන් සාසනය කාපු.. 'සත්‍ය' අසත්‍යය කරපු.. 'ධර්මය' අධර්මය කරපු.. සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ, "සාසනය විනාශ කරන්නේ සාසනයට රිංගගන්නා එවුන්ම මිසක්, පිටස්තර එවුන් වත්.. බාහිර බලවේග වත්.. නෙවෙයි!!" කියලා, පැහැදිළිවම කිව්වේ ඒකයි!!! !!! !!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.