ම්ම්.. ලොකු අවුළක් නේද??? අපි 'සංකත' නම්... අපි අම්මගෙ කුසේ පිළිසිඳ ගත්ත තැනින් අලුතෙන්ම පටන්ගත්තු, නොයෙකුත් නොයෙකුත් වෙනස්වීම් වලට භාජනය වෙවී කාලයක් ජීවත්වෙලා, අන්තිමට නැසී වැනසිලා අවසන් වෙන තාවකාලික සත්වයන් නම්... ඒ වගේම, අපි සංසාරෙ ඇවිල්ල වත් යන්නෙ වත් නැත්නම්... අපි ධර්මය (පටිච්චසමුප්පාදය) අවබෝධ කරගන්නේ මොන එහෙකටද?? නේද?? මොකද්ද අපිට ධර්මය (පටිච්චසමුප්පාදය) අවබෝධ කරගැනීමෙන් ඇති පලේ?? අනික, සත්වයො සංකතයි නම්... උන් ආයෙ ඉපදෙන්නෙත් නැත්නම්... කොහොමද, "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා නැවත මනුස්ස ජීවිතයක් වත් ලබල උපදින්නේ මුළු මහපොළවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාම සීමිත පිරිසක් විතරයි!!" කියල කියන්නේ??







No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.