නමුත් මෙහෙම සංකතයන් වෙච්ච... අලුතෙන්ම ඉපදිලා.. කාලයක් වෙනස්වීම් වලට බඳුන් වෙමින් ජීවත්වෙලා.. අන්තිමේ නැසී වැනසී යන.. තාවකාලික සත්වයන් වෙච්ච... ඔයාල අපි හැමෝගෙම ඉපදීම සිද්ධවෙලා තියෙන්නේ, ඉබේම වත්.. කාගෙවත් බලපෑමක් නිසා වත්.. අහම්බෙන් වත්.. නෙවෙයි!!! !!! !!! අපි හැමෝගෙම ඉපදීම සිද්ධවෙලා තියෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පටිච්චසමුප්පාදය' කියල හඳුන්වල දීපු... නැත්නම්, 'දුක පිණිස හේතු-ඵල වාදය සකස්වීම' එහෙමත් නැත්නම්, 'දුක ඇතිවන ආකාරය' කියල හඳුන්වලා දීපු... සංකීර්ණ ක්‍රියාවලිය නිසයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ආර්ය පර්යේෂණයේ යෙදිලා සොයාගත්තේ ඒ ගැන තමයි!!! !!! !!! උන්වහන්සේ 'ශ්‍රී සද්ධර්මය' හැටියට ලෝකයාට දේශණා කලෙත් ඒ පටිච්චසමුප්පාදයයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ ඔය උදවිය හැමෝටම උපදෙස් දුන්නෙත්, ඒ 'ධර්මය' අවබෝධ කරගන්න!!! 'පටිච්චසමුප්පාදය' අවබෝධ කරගන්න!!! කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නැතුව, සිල් රැක රැක.. පිං කර කර.. කාලෙ කකා.. ඉන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සියලු ලෝක සත්වයන් හට මේ දුක් කරදර.. අවුල් වියවුල්.. සේරම ඇතිවෙලා තියෙන්නේ, උන්ට ඒ පටිච්චසමුප්පාදය අවබෝධ නොවීම නිසයි!!! !!! !!!
ඒත් අවාසනාවට, ඒ පටිච්චසමුප්පාදය සැහෙන ගැඹුරුයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "ගම්භීර තෝ ජායන් පටිච්චසමුප්පාදං. ගම්භීර අවභාසෝ." (පටිච්චසමුප්පාදය ගැඹුරුමයි!!) කියලයි!!! !!! !!! උන්වහන්සේ, "පඤ්ඤාවන්තස්සායං ධම්මෝ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස." (මාගේ ධර්මය ප‍්‍රඥාවන්තයන්ටයි!! ප්‍රඥාවක් නැති එවුන්ට නෙවෙයි!!) කියල කිව්වෙත්, තියුණු ප්‍රඥාවක් තියන කෙනෙක්ම උනොත් මිසක්, ධර්මයට යොමුවෙච්ච.. උනන්දුවෙච්ච.. පළියට ඔය උදවිය කාටවත් ඒ ධර්මය / පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැති නිසයි!!! !!! !!!







No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.