Sunday, December 14, 2014

කලින් ලිපිය


ඉතින් පින්වත් මිනිසුනි, දැන්වත් හොඳට හිතට ගන්න!!! ඔය උදවියට මෙච්චර කාලෙකට අහන්න දැනගන්න නොලැබුණාට... නොතේරුණාට... අපි මේ ලබල තියෙන්නේ, 'ආතල් ගන්න'.. ඒ කියන්නෙ, විනෝද වෙවී සැප විඳ විඳ ඉන්න.. පුළුවන් අවස්ථාවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කට්ටියකට නම් 'full ආතල් එකේ' ඉන්නත් ලැබිල තියනවා නම් තමයි!!! ඒත් ඒ 'ආතල්' ඔක්කොම තාවකාලිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එහෙම කකා බිබී විනෝදෙන් ජීවිත ගත කර කර හිටිය විශාඛා සිටු දියණිය ප්‍රධාන ඇගේ 500ක් යෙහෙලියන් පිරිවරගෙන්, "කෝ නු හාසෝ කිමානන්දෝ - නිච්චං පජ්ජලිතේ සති - අන්ධකාරේන ඕනද්ධා - පදීපං න ගවෙස්සථ" (මෙච්චර අනතුරක / danger එකක ඉඳගෙනත් මොකද්ද මේ ආතල් එක?? මේකෙන් ගැලවෙන්න බලන්නේ නැද්ද??) කියල ඇහුවෙත් ඒකයි!!! !!! !!!


ඒ ඇවිල්ල බුද්ධ කාලෙ හිටපු luxury පවුලක කෙල්ලෙකුයි ඒකිගේ ගැන්සියෙ එවුනුයි හොඳ පදමට බීල කාරිය බණ අහන්න ඇවිල්ල හිටිය අවස්ථාවක වෙච්ච සිදුවීමක්. හැබැයි ඉතිං ඒ කතාව අහන / කියවන මෝඩ ගොං බෞද්ධයන්ට නම් හිතෙනවා ඇත්තෙ, "එහෙම කියන්න ඇත්තෙ ඒ ගොල්ලො බොන නිසා වෙන්ට ඇති!! අපි නම් ඔය දහජරාව කටේවත් තියන්නෙ නැති පන්සිල් රකින හොඳ මිනිස්සු!! ඒ නිසා අපිට එහෙම අනතුරක් නැතුව ඇති!!" කියලයි!!! !!! !!! හැබැයි, වැරදිලා වත් එහෙම හිතුණොත්, ඒ අදහස එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තම කියනවා නම්, මෙතනදි බොනවද නැද්ද?? මස් කනවද නැද්ද?? පන්සිල් රකිනවද නැද්ද?? නැත්නම්, බෞද්ධද නැද්ද?? කියලවත් කිසිම වෙනසක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැමෝම ඉන්නෙ එකම අනතුරේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


අන්න ඒ නිසා, වෙන මොක නැතත් මුලින්ම ඔයාලා, මුළු ලෝකෙම ඉන්න මහා ගොං සංඝලා එකට එක්කහු වෙලා.. එක සැරේ.. එක හඬින්.. "මෙළොව ජීවිතය සැපවත් කරගෙන... පරළොව ජීවිතත් වාසනාවන්ත කරගෙන... භව ගමන සාර්ථක කරගෙන... ... ..." ගගා කියපු / කියන පිස්සු මරගාත අහලා, "සංසාරෙ කියන්නෙ දිගට දිගට යන්න තියන එකක් වෙන්න ඇති!! නිවන් දකින්න තියෙන්නෙ එහෙම සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ගිහිල්ල වෙන්න ඇති!!" කියලා, මුළාවෙච්ච මුළාවෙන් වත් මිදිල ඉන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මින් පස්සෙවත් ඔයාල ඒ විදිය සංසාරෙ යන්න.. සංසාර පැවැත්මේ තවදුරටත් රැඳිල ඉන්න.. අනුබල දෙන ගොං කතා වලට, රැවටෙන්නේ නැතුව ඉන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මේ 'ඇත්ත සංසාර පැවැත්ම' එච්චරට භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක සිද්ධවෙන්නෙ ඔය උදවියට ඕනේ ඕනේ හැටියට වත්... ඔය උදවිය හිතං ඉන්න විදියට වත්... ඔය උදවිය අහල / කියවලා තියන 'පිං කලාම සුගතියෙ යනවා!! පව් කළොත් අපායෙ යනවා!! කිය කියා 'මොන්ටිසෝරි බණ' වල සඳහන් වෙන විදියට වත්... නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!" කියලා පැහැදිළි කලේ, සාමාන්‍යයෙන් ඒ පැවැත්ම සිද්ධවෙන ආකාරය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඔක්කොටම වඩා, ඔබට මේ භයානක සංසාර පැවැත්මෙන් මිදෙන්න නම්, අවශ්‍ය දේ කරගෙන තමන්ගෙ ගැලවීම හදාගන්න... 'ඇත්ත කතාව' තේරුම් අරං සසර සැඩපහරේ ගසාගෙන නොයා බේරෙන්න... කලයුතු දේ කරගන්න තියෙන්නේ, මේ ජීවිත කාලය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "අප්පමිදං භක්ඛවේ මනුස්සානං ආයු!!" (මහණෙනි, මනුස්සයාගේ ආයුෂ හරි චුට්ටයි!!) කියල කිව්වේ ඒකයි!!! !!! !!! මේ ජීවිත කාලය ගෙවිල ඉවරවෙන්න කලින් ඔබට ඔබේ ගැලවීම හදාගන්න බැරිවුණොත්, ඔබට 'ගහගෙන යන්න' සිද්ධවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව.. මේ ක්‍ෂණ සම්පත්තිය.. මඟහැරුණොත්, ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කිය කියා පැහැදිළිවම කියල තියෙන්නේ, අන්න ඒ හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.