මෙන්න මේකයි දැන් වැඩේ. ඔය "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාම සීමිත පිරිසක් විතරයි!! ඉතුරු මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!! ආයෙ, "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාම සීමිත පිරිසක් විතරයි!! කියල තියන බරපතල කතන්දර සේරම කිව්වේ, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ මිසක්, මං නෙවෙයි නේ??






ඒ වගේම, ඔය උදවිය නම් ඉගෙනගන්න.. උපාධි ගන්න.. ලොකු ලොකු රැකියාවල් / business කරන්න.. දියුණු වෙන්න.. ගෙවල් දොරවල් හදන්න.. යාන වාහන ගන්න.. රට රවටල සංචාරය කරන්න.. life එක enjoy කරන්න.. අන්තිමට, මැරුණයින් පස්සෙ මීටත් වඩා හොඳ ජීවිතයක් ලබන්න පුලුවාන් තරම් පිණුත් රැස්කරගන්න.. මුළු ජීවිත කාලයම කැපකරලා බෙලි කඩාගෙන දැඟලුවාට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ අපි ලබල තියන මනුස්ස ජීවිත ගැන කිව්වේ, "මේක මේ මහා භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යද්දි, හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක, යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච බොහෝම දුර්ලභ අවස්ථාවක් විතරයි!! පුළුවාන් තරම් ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා, ඒ පැත්තට හැරිල පීනන්න පටන්ගන්න!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ, "මහා භයානක සංසාර පැවැත්මකට අහුවෙලා ඉන්න උඹට, මේ ලැබිච්ච බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතය කියන්නෙ, උඹට වෙන වෙන දේවල් කර කර කාලෙ කකා ඉන්න තියන එකක් නෙවෙයි!! පුලුවාන් ඉක්මනට මේ සංසාර පැවැත්මෙන් මිදියන්!! සසර සැඩපහරෙන් එතෙර වෙයන්!! සංසාරෙන් නිදහස්වෙයන්!!" කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත් ඇත්තටම බැලුවාම, මේ මුළු ලෝකෙම ඉන්න මනුස්සයන්ගෙන් මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ඒ කරන්න / කරගන්න ඕනෙම දේ කරන්නෙ / කරගන්නෙ තියා, කරන්න / කරගන්න හිතලවත් නෑ!!! !!! !!! හුඟ දෙනෙකුට.. මුළු ලෝකෙම මිනිස්සුන්ගෙන් 99.999% කට විතර.. ඔය ඇත්ත කතාව දැනගන්න ලැබුණෙවත් නෑ!!! !!! !!! මැරෙන මැරෙන කෙනා පෙරේතයො - පෙරේතියො.. තිරිසන් සත්තු.. නිරිසත්තු.. වෙවී ඉපදුනේ / උපදින්නෙ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.